සෘජු පරිභෝජනයට මෙන්ම, සත්ව ආහාර සහ බියර් වැනි අනෙකුත් කර්මාන්ත සඳහාද යෙදවුම් ලෙස සහල් ලබාදීම අත්‍යවශ්‍ය බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී.ලාල් කාන්ත පැවසීය.
ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (22වැනිදා) රැස්වූ අවස්ථාවේදී කෘෂිකර්ම ඇමැතිවරයා මේ බව කියා සිටියේය. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ ඇතුළුව අදාළ කමිටුවේ සාමාජිකයන් මෙලෙස රැස්වූයේ පළමු වරටය.
සෘජු පරිභෝජනයට මෙන්ම, සත්ව ආහාර වැනි අනෙකුත් කර්මාන්ත සඳහාද යෙදවුම් ලෙස සහල් ලබාදීම අත්‍යවශ්‍ය බවද ඇමැතිවරයා මෙහිදී පැවසීය.