මම නිකන් ස්මරියකත් සමරිය කිව්වෙ. පැය හතරක් පහක් රවුන් ගැහුවා.බෑග් එකකුත් අරගන. හොටෙල් එකෙන් අහු උන බාර් වලින් බෝතල් පැක් කරගන ගියෙ

යනගමන් බිබී ගියා.

පොලිසිය ලෙඩ දැම්මෙ නෑ. බොන්න තහනම් නෑනෙ.

පොලිස් ආතල් එකක් කියන්නං ලාවට කොටන්න කම්මැලි

. නයිට් ඩියුටි වැටිච්ච නාකි පොලිස් කාරයෙක් සෙට් උනා ගුවන් පාලමක් ගාවදි

ඌ අල්ලගත්ත. ඌ අහනවා මල්ලි කියල කතා කළේ. සිංහලෙන් මල්ලි කිව්වෙ. ඌට මීටර් අපි ලංකාවෙ කියලත්. මල්ලිලා බිබී කොහෙද යන්නෙ කියල. අපි ඉතින් කිව්වා ෆන් එකට ඇවිදින්නෙ ආව නිසා කියල. ඌ කියපි මල්ලිල තනියම ෆන් ගන්නව. අපි වේලෙනව කියල ෂොට් එකක් දෙන්නලු. මන් කිව්වා ඇයි සර් ෂොට් එකක්, ගහමුකෝ බෝතලයක් කියල දුන්න කින්ග්ෆිෂර් බෝතලයක්ම. ගැහුවා ඌත් එක්ක අපි දෙන්න පැය කාලක්බාගයක් වගේ.

මල්ලි කියන විතරයි ඌ සිංහලෙන් කිව්වෙ හරිය

දන්න දෙමළෙන් ගොඩ දාගත්ත මම. දෙමළ දන්න නිසා ඌට හෙන බොක්ක අපි සිංහල උනාට. ඔය ටිකට අපි මුළු දෙමල්ලු ජාතියටම ආදරේ කරන ටෝක් දුන්නෙ.

උගෙ ෆෝන් නම්බර් එකයි ගෙදර ඇඩ්රස් එකයිත් දුන්න. ආයෙ එහෙ ආවම එන්නලු

කේස් එකක් උනොත් කෝල් එකක් දෙන්නලු සප් එක දෙන්නන්ලු

අපි එක්ක සෙට් වෙලා ඉන්නන අස්සෙන් බයික් කාරයෙක්ගෙන් මූ රුපියල් 50ක් කැඩුවා

මෙහෙ ගානෙන් නං රුපියල් 120ක් වගේ
අපි වැඩේ ඉවර කරලා ආයෙ වටේ යාම ආරම්භ කළා

මම CSK ටීයක් එකක් එහෙම අරන් ඒකත් ඇඳගෙන කැ*යා වගේ ගියෙ
ඉතුරු කොටස් පසුවට