බියොන්සේ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    Beyonce00-1.jpg

    BEYONCE.jpg

    ඈතම සිව් වැනි ගීත ඇල්බමය නම් කර ඇත්තේ ඉලක්කමකිනි. මේ ඉලක්කම ඇයට වාසනාව රැගෙන එතැයි විශ්වාස කරන අතරම එය ජනප්‍රිය වෙතැයි ද ඈ තුළ විසල් බලාපොරොත්තුවක් ඇත.

    ඈ බියොන්සේ ගිසෙල්ලේ ක්නොලේස්ය. ‘4’ ලෙස බෞතීස්ම කර ඇති බියොන්සේ ගේ නවතම ගීත ඇල්බමය උදෙසා ගීත 60 ක් පමණ පටිගත කර ඇති බවම පුදුමය උපදන්නකි. විවිධාකාර ශෛලීන් යටතේ පටිගත කරන ලද මේ ගීත 60 බියොන්සේගේ සිහින 60 කි. තම අනර්ඝ සිහින 60 න් පෙරා ගත් සිහින 16 ක් පමණක් මැයි මස නිකුත් වීමට නියමිත ඇගේ හතරවැනි ගීත ඇල්බමයට ඇතුළත් වනු ඇත.

    1981 සැප්තැම්බර් 4 වැනිදා ටෙක්සාස් හි උපන් බියොන්සේ අධ්‍යාපනය ලැබුවේ ටෙක්සාස් හි ශාන්ත මේරී මූලික පාසලෙනි. ඒ සමඟම නර්තනයටත් ඇයව මවුපියන් යොමු කරවන ලදී. බැලේ සහ ජෑස් නර්තනයේ යෙදෙන අතර නර්තන පුහුණුකරු මුමුණන ගිතය ඉතාමත් නිවැරදිව ඉහළ ස්වරවල පිහිටා ගායනා කිරීම හේතුවෙන් බියොන්සේ ගේ කටහඬේ විස්මය අන් අය හඳුනා ගන්නා ලදී.

    වයස 07 දී පාසල් ගායනා තරඟයකට ජෝන් ලෙනන්ගේ ‘ඉමජින්’ ගීතය ගයා ප්‍රථම ස්ථානය දිනා ගනිමින් බියොන්සේ දැක් වූ අසාමාන්‍ය හපන්කමත් සමඟම සංගීතය සොයා යාම ඈ ආරම්භ කළේය. හූස්ටන් හි ‘මියුසික් මැග්නට්’ පාසලෙන් සංගීතය සහ ගායනය හැදෑරීමට ඇයට අවස්ථාව ලැබුණු අතර ඊට සමගාමීවම ‘හයි ස්කූ®ල් ෆො ද පර්ෆෝමින් ආර්ට්’ හි අධ්‍යාපනය හැදෑරීමට ඇයට හැකි විය.

    වයස 08 දී ‘ගර්ල්ස් ටයිම්’ නමින් සංගීත ශිල්පී එකමුතුවක් සමඟ ‘ස්ටාර් සර්ච්’ නම් ප්‍රකට රූපවාහිනී තරඟයකට සහභාගි විය. අවාසනාවන්ත ලෙස ‘ගර්ල්ස් ටයිම්’ කණ්ඩායම ඉන් පරාජයට පත් විය. කුඩා බියොන්සේගේ සිත තදින්ම සැලුණි. ශිල්පී එකමුතුව හතරට අඩු වූ අතර ආර් ඇන් බී මාදිලියෙන් ගී ගැයීමට බියොන්සේ ඇතුළු සෙස්සෝ පටන් ගත්තේ නොනවතින පුහුණුවීම් සමඟය. මේ සමඟම බියොන්සේගේ මවුපියන් නීති ප්‍රකාරව වෙන් විය. 14 වැනි වියේ පසු වූ ඇයට මේ කඩා වැටීමෙන් එතෙර වීමට අත දුන්නේ සංගීතයයි. ඉලෙක්ට්‍රා රෙකෝඩ්ස් සමඟ ගිවිසුම් අස්සන් කළ තරුණියෝ කෙටි කලකින්ම කොලොම්බියා රෙකෝඩ්ස් යටතේ ද ගිවිසුම් අස්සන් කළෝය.

    1993 දී තරුණියන් හතර දෙනාගේ සංගීත කණ්ඩායම ‘ඩෙස්ටිනීස් චයිල්ඩ්ස්’ නමින් යළිත් නම් මාරු විය. කොලොම්බියා ලේබලය යටතේ නිකුත් කළ පළමු ගීතය ‘කිලින්ග් ටයිම්’ ප්‍රකට සිනමාපටයක් වූ ‘මෙන් ඉන් බ්ලැක්’ වෙනුවෙන් නිර්මාණය වූවකි. ඩෙස්ටිනීස් චයිල්ඩ් තරුණියෝ තම පළමු ගීත ඇල්බමය වූ ‘නො නො නො’ නිකුත් කිරීමත් සමඟම ඇති වූ පෙරැළිය විශ්වාසයට ගත නොහැකි තරමේ එකකි.

    සෝල් සම්මාන උළෙලේ හොඳම ආර් ඇන්ඩ් බී ඇල්බමය සහ හොඳම ආර් ඇන්ඩ් බී නවක ගායිකාවට හිමි සම්මාන ත්‍රිත්වයම ඩෙස්ටිනීස් චයිල්ඩ් හිමි කර ගන්නා ලදී. 1999 දී සංගීත කණ්ඩායම නිකුත් කළ ‘ද රයිටින්ග් ඔන් ද වෝල්’ ගීත ඇල්බමය නිකුත්වීමත් සමඟම ඩෙස්ටිනීස් චයිල්ඩ් තරුණියන් යළිත් ලෝකයේම අවධානය තමා වෙතට යොමු කරවා ගැනීමට සමත් විය. එම ඇල්බමයේ අන්තර්ගත ‘සේ මයි නේම්’ ගීතයට 43 වැනි ග්‍රැමි සම්මාන උළෙලේ සම්මාන ද්විත්වයක් හිමි විය. මේ ගීත ඇල්බමයේ පිටපත් මිලියන 8 කට වඩා අළෙවි වී තිබුණි.
     
    • Like
    Reactions: Sachchaka

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    ඩෙස්ටිනීස් චයිල්ඩ් සංගීත කණ්ඩායමේ අභ්‍යන්තර කැරළි ආරම්භ වූයේ මේ අතරය. කෙසේ නමුත් ’චාර්ලිස් ඒන්ජල්ස්’ සිනමාපටය වෙනුවෙන් ‘ඉන්ඩිපෙන්ඩන් වුමන්’ ගීතය පටිගත කිරීමත් සමඟ යළිත් බියොන්සේට යහපත් කාලයක් උදා විය. සති 11 ක් බිල්බෝර්ඩ් ගීත දර්ශකයේ හොඳම ගීත 100 අතර රැඳී තිබුණු ඒ ගීතය ලෝකය පුරාම සැනින් ජනප්‍රිය විය. සංගීත කණ්ඩායමේ තෙවැනි ඇල්බමය සර්වයිවර් නිකුත් වූයේ 2001 මැයි මසදීය. මිලියනයකට අධික පිටපත් සංඛ්‍යාවක් අළෙවි වූ සර්වයිටර් එම වසරේ ග්‍රැමි සම්මාන උළෙලේදී හොඳම ආර් ඇන්ඩ් බී ගීතයට හිමි සම්මානය දිනා ගනු ලැබීය.

    මේ සියල්ල අතරතුර බියොන්සේ නිළි ජීවිතයට ද ඇතුළු විය. ප්‍රකට විනෝද සිනමාපටයක් වූ ‘ඩස්ටින් පවර්ස් ඉන් ගෝල්ඩ් මෙම්බර්’ හි රඟපාමින් ඈ තම ජීවිතයේ තවත් පැතිකඩක් නිරාවරණය කර ගත්තීය. ඒ සමඟම බියොන්සේ තම පළමු තනි ගීත ඇල්බමය නිකුත් කරනු ලැබීය. ‘වර්ක් ඉට් අවුට්’ නමින් නිකුත් කළ ගීත ඇල්බමයත් ඉන් පසුව ඇය නිකුත් කළ ‘ඩේන්ජරස්ලි ඉන් ලව්’ ඇල්බමයත් ඇයට අප්‍රමාණ ජනප්‍රියත්වයක් හා මුදල් කන්දරාවක් ලබා දුනි. විශේෂයෙන්ම බියොන්සේ ගේ වැඩිම අළෙවියක් පෙන්නුම් කළ ගීත ඇල්බමය වූ ‘ඩේන්ජරස්ලි ඉන් ලව්’ ගීත දර්ශක බොහොමයක මුල් තැන ගෙන තිබුණි.

    මිලියන 11 කටත් වඩා වැඩි පිටපත් සංඛ්‍යාවක් අළෙවි වූ ඩේන්ජරස් ඉන් ලව් 2003 එම්. ටී. වී. මියුසික් සම්මාන උළෙලේ සම්මාන ත්‍රිත්වයකට හිමිකම් කියනු ලැබීය. 46 වැනි ග්‍රැමි සම්මාන උළෙලේ බියොන්සේ හට සම්මාන 05 ක් හිමි වූයේ ද ඩේන්ජරස් ඉන් ලව් ගීත ඇල්බමයටයි. 2010 වන විට ඇය එකම රාත්‍රියකදී ග්‍රැමි සම්මාන හයක් දිනූ එකම ගායිකාව බවට පත් විය.

    2006 දී සුප්‍රීම්ස් නම් සිනමාපටයට බියොන්සේ ගායනා කළ ගීත වෙනුවෙන් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ හොඳම ගීතයට ඇගේ් නම නිර්දේශ විය. 2006 තිරගත වූ පින්ක් පැන්තර් චිත්‍රපටයේ රඟපෑම සමඟින් යළිත් ඇය නිළි වේෂයෙන් පෙනී සිටින්නට විය. 2006 දී ඇය නිකුත් කළ ‘බර්ත්ඩේ’ ගීත ඇල්බමයේ මිලියන 06 ක පිටපත් විකුණා අවසන් වී තිබුණි. 49 වැනි ග්‍රැමි සම්මාන උළෙලේ හොඳම ආර් ඇන්ඩ් බී ඇල්බමය ලෙස සම්මානයට පාත්‍ර වූයේ බියොන්සේගේ ‘බර්ත්ඩේ’ ඇල්බමයයි.

    මෑත ඉතිහාසයේ ඈ තරමට සම්මාන දිනූ ගායිකාවක් තවත් ඇතැයි සිතිය නොහැකිය. ඒ තරම් සම්මාන කන්දරාවක හිමිකාරිනියක වූ ඇය ග්‍රැමි සම්මාන ඉතිහාසයේ වැඩිම වාර ගණනක් සම්මාන සඳහා නිර්දේශ වූ කාන්තාව ද විණි. මෙතෙක් ඇය දිනා ගත් ග්‍රැමි සම්මාන ගණන 16 කි. නිර්දේශ වීම් සංඛ්‍යාව 42 කි.