බිරින්දෑවරු හතර දෙනා.....

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බිරින්දෑවරු හතර දෙනා.....

    got it via email.
    tread eka elakiri talk ekata yanna ona ekak weradila meke post une.





    ඔන්න එක රටක බොහොම පොහොසත් වෙළෙන්දෙකුට බිරින්දෑවරුන් හතරදෙනෙක් හිටියා. ඔහු එයාල හතර දෙනාට සැලකුවේ ප්‍රමාණයෙන් වෙනසු වූ හැඳි කීපයකින්.
    එයා හතර වන බිරිඳට තමයි වැඩියෙන්ම ආදරය කලේ. එයා ගැන හොඳට සොයාබැලූ අතර සෑම හොඳ දෙයක්ම අරන් දුන්නා.
    දෙවන තැන ලැබුනේ තුන්වන බිරිඳට. එයාව හැමකෙනාටම පෙන්වන්න එයා වඩා කැමති වුනා. නමුත් ඇය වෙනත් අයෙකු හා යයි කියා පොඩි බයකුත් තිබුනා.
    තුන්වන තැන ලැබුනේ දෙවන බිරිඳට. ඇය ඔහුට බොහෝ සෙයින් මිත්‍රශීලී වුනා. ඔහුට යම් කරදරයක් වූ විට ඔහු කෙලින්ම ගියේ ඇය වෙත.
    අවසාන තැන ලැබුනේ පළමු බිරිඳට. ඔහු ඇය ගැන ඒ තරම් තැකීමක් නොකල නමුත් ඇය ඔහුට බොහෝ සෙයින් ආදරය කලා.
    දවසක් මේ වෙළෙන්දා හොඳටම ලෙඩ වුනා. ඔහුට හිතුන දැන් ඔහු මැරෙන්නයි යන්නෙ කියලා.
    ඔහු ඔහුගේ හතර වන බිරිය අමතා මෙසේ ඇහුවා. “මම ඔයාට හැමදේම ලබා දුන්නා. මම යන ගමන යන්න මමත් එක්ක එනවද?”. “කොහෙත්ටම බැහැ” ඇය කීවේ එපමනයි.
    එයින් සිත රිදවාගත් ඔහු තුන්වන බිරිය අමතා මෙසේ ඇසුවේය “මම ඔබව මම යන යන තැන එක්කන් ගියා. මමත් එක්ක මේ ගමන යන්න එනවද?” තුන්වන බිරිය පැවසුවේ “නැහැ මට බැහැ, ඔයා මැරුනම මම වෙනත් කෙනෙක් වෙත යනවා.” යනුවෙනි.
    එයින් ඔහුගේ හදවත නැවතීමටද ගිය අතර නැවතත් දෙවන බිරිඳගෙන් මෙසේ ඇසීය. “මට දුකක් කරදරයක් වෙන සෑම වෙලාවකම ඔබ මගේ ලඟ හිටියා. මින් ඉදිරියටත් එහෙම ඉන්නවද?” “මට කරන්න පුළුවන් උපරිම දේ තමයි ඔබව මිනී වලට ගෙනිහින් දාන කල්ම ඔබ ලඟ ඉන්න එක.”
    මෙම පිළිතුරෙන් ඔහුගේ සිත මුළුමනින්ම ඇද වැටුනි.
    එක්වරම තවත් කටහඬක් අවදිවූ අතර ඔහු ඔලුව ඔසවා බැලූ විට ඔහු ඉදිරියේ සිටියේ පළමු බිරිඳයි. ඇය ඔහුට මෙසේ කීය. “ඔබ කොහේ ගියත් මම ඔයත් එක්ක එනවා.”
    “මට ඔයාගැන මීට වඩා හිතන්න තිබුනා.” යයි පවසමින් වෙළෙන්දා මිය ගියා.
    දැනමුතුකම:
    ඔබ දන්නවද අපි සෑම කෙනාටම මෙවැනි බිරින්දෑවරුන් හතරදෙනෙක් ඉන්න බව.

    01 – හතරවන බිරිඳ වන්නේ අපගේ ශරීරයයි.
    අපි එයට කොපමන සැලකුවක් මැරෙන මොහොතේ එය අප හැර යනවා.

    02 – තුන්වන බිරිඳ වන්නේ ජීවිත කාලය තුල රැස් කරගත් ධනය හා තත්වයයි.
    එය අප මැරෙන විට අප දමා ගොස් වෙන අයෙකු වෙත යයි.

    03 – දෙවන බිරිඳ වන්නේ අපගේ නෑදෑයන් සහෝදරයින් සහ යහළුවන්ය.
    ඔවුන් අප මියගිය පසු වල වෙත යන තෙක්ම අප හා සිටියි.

    04 – පළමු බිරිඳ වන්නේ අපගේ සිතයි.
    අප කෙදිනක හෝ නිර්වාණය සාක්ෂාත් කරගන්නා තෙක් සිත අප සමඟ සිටියි.
     
    Last edited:

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    පලවෙනිදා කළුතර බෝධියෙ බණ අහන්න ගිය කෙනෙක් වෙන්නැති මේක ලිව්වෙ.. :rolleyes: