හැම දේම උන් බලනවා බන් අපි කොහොමද හිතන්නේ කියලා . සමහර වෙලාවට බලනවා එක එක ප්‍රශ්න හදලා උබ උබේ ගෙදර අයට ප්‍රශ්නයක් වේලාවකදී සලකන්නේ , එයාලට ඔයා කොයි වගේ respect එකක් දෙනවද කියලා . ඒ වගේම එයාලගේ පවුලේ අයටත් මොන වගේ respect එකක් දෙනවද කියලා .
තව බලනවා අපි නිදහස හම්බුනාම මොන වගේද හැසිරෙන්නේ කියලා . තව බොරු ප්‍රශ්න මවල තරහ උනාම උබ මොන වගේ response එකක්ද දෙන්නේ වගේ කියලා . ගොඩක්ම test කරනවා අපි ප්‍රශ්නයක් වේලාවකදී මොන වගේ දේවල්ද ගන්න තීරණ කියලා . අනික දෙන උත්තර කියන දේවල් කෙලින් දෙන එකට කැමති අව්‍යාජව. ඒවා කොච්චර අවුල් උනත් අවුලක් නෑ . රගපාන්න බෑ බන් දවස පුරාම . කොයි වෙලේ හරි මාට්ටු වෙනවා උන්ට පොඩි පොඩි දේවල් වලින් උනත් . කොච්චර උනත් උබ උබ වෙන්නම බලන්න .
ගොඩක්ම උන්ට එන ප්‍රශ්න වලින් අපිවත් මැනලා වැඩ දෙකම කර ගන්නවා .
අනික ලොකුම දේ 100 කියලා 1 ක් කිව්වට කමක් නෑ වල් දේවල්. ඒ පැත්තත් active .ඕන joke එකක් , ඕනේ ප්‍රශ්නයක් කතා කරලා ඉන්න පුළුවන් කියලා පෙන්නන්න . මොකද වල් මගුල්ම කියවන්න ගියොත් sex ම ඔලුවේ තියන් මොකට උනත් එපා වෙනවා . වෙන වැඩට වගේනම් සෙට් කර ගත්තේ මේවා අදාල නෑ .
අනික ගොඩක් sensitive දෙයක් කතා කරද්දී ඒ ප්‍රශ්නේ එයාට බලපාලා තියෙන විදිය ගැන විතරක් care කරන්න . වෙච්ච දේ අමිහිරිනම් එතනින් එහා කොහොමද උනේ වගේ ඒවා අහන්න යන්න එපා . විසදුම විතරක් කතා කරන්න . මුලින් කියද්දීම ප්‍රශ්නේ ඕනේ දේ විතරක් උඩින් අරන් detail ගැන අහන්නේ නැතුව එයාගේ පැත්තෙන් හොඳම විසඳුම දෙන්න .