ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන 'අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් මෙම ජූලි මස 01 වැනිදා සිට ආරම්භ කෙරේ.
මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඊට අදාළ ගැසට් පත්‍රය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ 'අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දෙනු ලැබේ.
මෙහිදී සංක්‍රාන්තික ප්‍රතිලාභීන් 400,000ක් සඳහා මාසිකව රුපියල් 2500 බැගින් 2023 දෙසැම්බර් 31 වැනිදා දක්වා ගෙවීම් සිදු කෙරේ. අවදානමට ලක් වූ ප්‍රතිලාභීන් 400,000ක් සඳහා මාසිකව රුපියල් 5000 බැගින් 2024 මාර්තු 31 වැනිදා දක්වාද ලබා දීමට නියමිත අතර, දුප්පත් ප්‍රතිලාභීන් 800,000ක් සඳහා මාසිකව රුපියල් 8500 බැගින් සහ අන්ත දිළිඳු ප්‍රතිලාභීන් සඳහා මාසිකව රුපියල් 15,000 බැගින් 2023 ජූලි 01 වැනිදා සිට වසර තුනක කාලයක් ලබා දීමට නියමිතය.
දැනට සුබසාධක ප්‍රතිලාභ ලබන ආබාධිත තැනැත්තන් 72,000ක් සඳහා මාසිකව රුපියල් 5000 බැගින්ද වකුගඩු ආධාර ලබන තැනැත්තන් 39,150ක් සඳහා රුපියල් 5000 බැගින්ද වැඩිහිටි ආධාර ලබන තැනැත්තන් 416,667ක් සඳහා රුපියල් 2000 බැගින්ද ලබා දෙනු ඇත.