බිස්නස් අයිඩියා එකට තල්ලුවක් නැද්ද?

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බිස්නස් අයිඩියා එකට තල්ලුවක් නැද්ද?


    මේ කාලේ වෙනකොට වැඩි වැඩියෙන් ඇහෙන්න ලැබෙන දෙයක් තමයි ස්ටාට්-අප් බිස්නස් කියන එක. හැබැයි ගොඩක් දෙනෙක්ට හරි අයිඩියා එකක් නෑ අලුතින් තේ කඩයක් දාන එකේ සහ ස්ටාට් අප් එකක වෙනස මොකද්ද කියලා. ස්ටාට්-අප් එකක් කියන්නේ බිස්නස් එකක්. යම් කිසි නිෂ්පාදනයකට හෝ සේවාවකට තියෙන අවශ්‍යතාවය ගොඩදාන්න පුලුවන් විදියේ කොම්පැණි එකක්.

    බොහොම වෙලාවට ස්ටාට්-අප් එකක් පටන් ගන්නේ බොහොම පොඩියට වෙන්න පුලුවන්. හැබැයි අර අවශ්‍යතාවය තෘප්තිමත් කරන්න සමර්ථ වීමත් එක්ක ස්ටාට්-අප් බිස්නස් එක ගොඩ යනවා. උදාහරණයක් විදියට කියමු අපිට අදහසක් තියෙනවා ඔන්ලයින් ගිෆ්ට් වවුචර් කඩයක් දාන්න. ඒ කියන්නේ ලංකාවේ තියෙන එක එක භාණ්ඩ සහ සේවා විකුණන තැන් ඕන එකකින් භාණ්ඩ හෝ සේවා වලට මාරු කරගන්න පුලුවන් ගිෆ්ට් වවුචර් මේ පොට් එකේ තියෙනවා. පොඩි ඩිස්කවුන්ට් එකකුත් ලැබෙනවා. ආයි තෑගි දෙන්න වුනත් මාර සිම්පල්. දැන් ඕක අයිඩියා එකක් විදියට මරු වුනත්, පටන් ගන්න එක ලේසි නැහැනේ. ආන්න එතනට තමයි මේ John Keells X Open Innovation Challenge එක එන්නේ.

    ලින්ක් : https://johnkeellsx.com


    සරලවම කිව්වොත් මෙහෙමයි. මේ චැලේන්ජ් එක භාර අරගෙන තමන්ගේ ස්ටාට්-අප් අයිඩියාස් ගැන ඇප්ලිකේෂන් යොමුකලාට පස්සේ එතනින් හොඳම ටීම් 30ක් ‍තෝරගන්නවා. දැන් මේ ටීම් 30ට මනා ව්‍යවසායකත්වය ගැන හොඳ ට්‍රේනින් එකක් එහෙමත් ලැබෙනවා. ඊට පස්සේ වැඩිදුරටත් අනුශාසනා, උදවු උපකාර එහෙමත් ලබාගෙන එනවා වැඩේ ගැන ඩිමෝ එකක් දෙන්න ඕන දවස. අන්න එදාට වැඩේ ක්‍රමානුකූලව බිස්නස් එකක් විදියට ගොඩදාන්නේ කොහොමද කියලා පැහැදිලි කිරීමක් කලාට පස්සේ එතනින් ටීම් 7ක් ‍තෝරගෙන, එක ස්ටාට්-අප් ටීම් එකකට රුපියල් මිලියන දෙකක්, නැතිනම් ලක්ෂ විස්සක් ගාණේ ජෝන් කීල්ස් එකෙන් දෙනවා ආරම්භක ආයෝජනයක් විදියට.

    එතනිනුත් එහාට වැඩේ යන්නේ කොහොමද කියන්න කලින් උනන්දුව තියන දුවලා පුතාලා දැනගෙන ඉන්න එක වටිනවා කොහොමද ස්ටාට්-අප් එකක් පටන් ගන්නේ, මොනවද ඒකට ඕන කරන්නේ වගේ කරුණු කාරණා. අන්න ඊට පස්සේ බලමු John Keells X එකෙන් ඒ හැමදේටම ලොකු තල්ලුවක් ලැබෙන්නේ කොහොමද කියලා.

    1. මුලින්ම අනාගතේ ගැන හිතන්න ඕන

    JohnKeellsX-aniwa-01.jpg


    ස්ටාට්-අප් එකක් ඇත්තටම සාර්ථක වෙන්නේ අද ගැන හිතන මනුස්සයෙක්ට වඩා හෙට ගැන හිතන මනුස්සයෙක්ට. ඒ කියන්නේ හෙට දිනයේ අවශ්‍යතාවයක් වෙනුවෙන් අද බිස්නස් එකක් පටන් ගන්නවා කියන්නේ ඒක සාර්ථක වෙන්න තියෙන ඉඩ වැඩියි. සමහර විට ඒ අදහස මීට කලින් වෙන කාටවත් ඇවිත් නැති වෙන්න පුලුවන්. සමහරවිට වෙන රටක ඒ අදහස ස්ටාට්-අප් එකක් විදියට ක්‍රියාත්මක වුනත්, ලංකාවේ එහෙම දෙයක් පටන් අරන් නැති වෙන්න පුලුවන්. සමහර වෙලාවට අපි මේ හිතන බිස්නස් එක වෙන කාටවත් වුවමනායි කියලා නොහිතෙන්න පුලුවන්. උදාහරණයක් විදියට අපි කියමු ඇඟිල්ලේ දාන මුද්දක තියෙන හයි කොලිටි කැමරාවක් කියලා. දැන් ඕක නැහැයි කියලා කාටවත් අඩුවක් නැහැනේ. හැබැයි අපි මුල් වෙලා හැදුවොත් ඕක හැමෝටම ඕන වෙන්න පුලුවන්. ආන්න ඒ විදියේ සුපිරි අදහසක් තමයි මුලින් ඕන කරන්නේ.

    එහෙම අදහසක් තියේ නම්, ඔන්න චාන්ස් එක තමන්ගේ ස්ටාට්-අප් එක හැබෑවක් කරගන්න. මේ චාන්ස් එකෙන් ප්‍රයෝජන ගන්නවා නම් ජෝන් කීල්ස් එකත් එක්ක හොඳටම සෙට් වෙන ක්ෂේත්‍ර වලින් එකක ස්ටාට්-අප් එකක් පටන් ගන්න එක වටිනවා. ඒ කියන්නේ Leisure & Tourism, Transport, Consumer Food, Beverages, Retail, Property, Banking, Insurance, Information Technology, Plantations කියන ෆීල්ඩ් වලින් එකක.

    දැනටමත් ස්ටාට්-අප් එකක් පටන් අරගෙන තිබුණත් අවුලක් නෑ, ඒත් ඇප්ලයි කරන්න පුලුවන්.


    2. ප්ලෑනක් ගහන්න ඕන

    JohnKeellsX-aniwa-02.jpg



    මෙන්න මේක ඊලඟට වැදගත් දේ. තමන්ට නිශ්චිත ප්ලෑන් එකක් තියෙන්න ඕන වැඩේ කරන විදිය ගැන. ඒ කියන්නේ ටීම් එකක් ගොඩනැඟීම, මූලික මුදල් – ඒ කිව්වේ ප්‍රාග්ධනය- සපයා ගන්න එක, ඒකට ආයෝජකයෝ හොයාගන්න එක, ප්‍රොඩක්ට් එක ඩිවලොප් කරන එක, ඒකට නිශ්චිත කාල සටහනක් වගේ මෙකී නොකී දේවල් මේ ප්ලෑනේ කොටස් වෙන්න ඕන.

    දැන් John Keells X Open Innovation Challenge එකට ඇප්ලයි කරනකොටත් එතනින් එහාටත් මේ ප්ලෑන ගැන කියන්න වෙනවා.


    3. සුපිරි ටීම් එකකුත් ඕනනේ


    JohnKeellsX-aniwa-03.gif


    මේ වගේ ස්ටාට්-අප් එකක් තනියම ගොඩදානවට වඩා බොහොම පහසුයි තව සහායක ඩැනියෙක් හෝ කීප දෙනෙක් ඉන්න එක. හැබැයි මෙහෙමයි. නිකම් “එල කිරි මචං” කියලා ඊට පස්සේ අල්ලන්න දැල් දාන්න වෙන ටයිප් එකේ බුවාලා නෙවෙයි. මේක සීරියස් අරගෙන, තමන්ගේ ජීවිතෙන් දශකයක් දෙකක් වුනත් මේ ප්‍රොජෙක්ට් එකට කැප කරන්න ලැහැස්ති, ස්ටාට්-අප් එක අති සාර්ථක බිස්නස් එකක් බවට පත් කරන්න උනන්දුව, කැපවීම, දක්ෂතාවය සහ අඩු තරමේ මූලික කරුණු ගැන දැනුමක් හෝ තියෙන මනුස්සයෙක් හෝ කීප දෙනෙක් මේකට හොයාගන්න ඕන. ඒ වගේම තමයි, තමන් එක්ක වැඩකරන්න පුලුවන් මනුස්සයෙක් හෝ කීප දෙනෙක් වෙන්නත් ඕන.


    4. නීත්‍යානුකූලව ස්ටාට් කරමු

    JohnKeellsX-aniwa-04.jpg


    මේක ලොකු අමාරු ස්ටෙප් එකක් නෙවෙයි. පටන් ගත්තු කම්පැණිය රෙජිස්ටර් කරලා ඉන්න ඕන. ඊට කලින් ලෝයර් යාලුවෙක් එහෙම ඉන්නවා නං වැඩේ ලේසියි. හැබැයි දැන් John Keells X Open Innovation Challenge එකට ඇතුළත් වෙන්න නම් කම්පැණියක් විදියට තමන්ගේ ස්ටාට්-අප් එක රෙජිස්ටර් කරලා තියෙන්නම ඕන කියලා නියමයක් නෑ. ඒත් රෙජිස්ටර් කරලා තිබුණා කියලා පාඩුවකුත් නෑ.


    5. මේ හැමදේටමත් කලින් වැඩේ ඉගෙන ගන්න ඕන

    JohnKeellsX-aniwa-05.jpg


    මෙන්න මේක බොහෝම වැදගත් ස්ටෙප් එකක්. දැන් ගොඩක් ස්ටාට්-අප් පටන් ගන්න තරුණ ව්‍යවසායකයෝ යම් කිසි ක්ෂේත්‍රයක් ගැන විශේෂීකරණ දැනුමක් තියෙන, ඒත් ව්‍යවසායකත්වය ගැන හෝ විශේෂයෙන්ම ව්‍යාපාරයක් සංවර්ධනය කිරීම ගැන පුහුණුවක් හරි දැනුමක් හරි නැතුව වැඩේට බහින අය. හැබැයි මේ අය ගොඩක් වෙලාවට වැඩේ කරගෙන යන ගමන් අල්ල ගන්නවා එක්ස්පීරියන්ස් එකෙන්. ඒත් එහෙම අඳුරේ අතපත ගගා යනවට වඩා බොහොම වටිනවා ස්ටාට්-අප් එකේ සීරියස් වැඩ පටන් ගන්න කලින්ම පුහුණුවක්, මනා ව්‍යවසායකත්වය ගැන දැනුමක් ලබාගෙන ඉන්න එක. ඊට පස්සේ වුනත් විශේෂඥ උපදෙස් අවශ්‍ය වෙලාවට තියෙනවා නං මරු. ඇත්තටම බිස්නස් එකක් රන් කරනකොට බිස්නස් ලෝකේ ආධුනිකයෝ වැටෙන බොරු වළවල් ඕන තරම්. හැබැයි නියම දැනුම කියන්නේ හොඳට එළිය තියෙන ෆ්ලෑෂ් ලයිට් එකක් වගේ. බොරු වලවල් වලට මීටර් ගාණක් දුර තියලා දකින්න පුලුවන්, මනා ව්‍යවසායකත්වය කියන ෆ්ලෑෂ් ලයිට් එක අරගෙන ඉස්සරහට යනව නං.

    දැන් John Keells X Open Innovation Challenge එකත් එක්ක එකතු වෙලා, තේරෙන ටීම් 30ට අපි කලිනුත් කිව්ව විදියට මනා ව්‍යවසායකත්වය ගැන හොඳ පුහුණුවක් ලැබෙනවා. ඉන් පස්සේ වුනත් මාසයක් තිස්සේ හැම අඟහරුවාදාවකම මුණ ගැහිලා ඒකේ උපදේශකයෝ සහ විශේෂඥයෝ එක්ක කතා කරලා තමන්ගේ ස්ටාට්-අප් එක ඉදිරිපත් කරන්න තියෙන ඩිමොන්ස්ට්‍රේෂන් ඩේ එකට සූදානම් වෙන්න අවස්ථාව ලැබෙනවා. එතකොට ටොප් සෙවන් ටීම්ස් වලට තේරුණොත් එහෙම, තව දුරටත් පුහුණු සැසි වලට සහභාගී වෙන්නත්, අවශ්‍ය වෙලාවට විශේෂ උපදෙස් ලබාගන්නත් අවකාශය තියෙනවා. ඇත්තටම මේ තුන්වන පාර්ශවයකින් උපදෙස් සහ ගුරුහරුකම් ලබාගන්න එකනම් සාමාන්‍යයෙන් ස්ටාට්-අප් එකක් පටන් ගන්න ටීම් එකකට කලාතුරකින් ලැබෙන වරප්‍රසාදයක් කියලත් කියන්නම ඕනා.


    6. දැන් සල්ලිත් ඕනනේ වැඩේ පටන් ගන්න

    JohnKeellsX-aniwa-06.jpg


    මෙන්න වඩාත්ම වැදගත් කාරණාව. සල්ලි! හරියටම කියනවා නං ප්‍රාග්ධනය හෙවත් කැපිටල් එක! ගොඩක් වෙලාවට ගොඩක් තරුණ ව්‍යවසායකයෝ ස්ටාට්-අප් බිස්නස් පටන් ගන්නේ එහෙන් මෙහෙන් එකතු කරගත්තු සල්ලි වලින්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටක. ඔ‍ෆිස් අනං මනං ගන්න සල්ලි කොහොමත් නැති නිසා එක යාලුවෙක්ගේ ගෙදර තමයි පටන් ගන්නේ. හැබැයි ඒ කොහොම කළත් කැපිටල් එකක් තියෙන්නම ඕන. මේ කැපිටල් එක බොහොම ඥාණවන්ත විදියට යොදවලා, ප්ලෑනේ හැටියට වැඩේ කරලා අන්තිමට කස්ටමර්ට සැටිස්ෆයි වෙන්න පුලුවන් අවම මට්ටමේ ප්‍රොඩක්ට් එකක් (MVP) නිෂ්පාදනය කරන එක තමයි ගේම් එක. මුලින්ම සෙට් වෙන කස්ටමර්ස්ලා ප්‍රඩක්ට් එක ගැන සතු‍ටු නම් ඔන්න ඊලඟට තව පොඩ්ඩක් සල්ලි කීයක් හරි හොයාගෙන ප්‍රොඩක්ට් එක වැඩිදියුණු කරලා ගොඩදාගන්න පුලුවන්.

    දැන් John Keells X එක්ක එකතු වෙලා වැඩේ කරන්න හිතනවා නම්, ටොප් සෙවන් ටීම්ස් අතරට තමන්ගේ ස්ටාට්-අප් එකත් එකතු කරන්න පුලුවන් නම්, මූලික ප්‍රාග්ධන ප්‍රශ්නය ගොඩ දාගන්න පුලුවන්. ජෝන් කීල්ස් එකෙන් කෙලින්ම රුපියල් මිලියන 2ක් නැත්නම් ලක්ෂ 20ක් දෙනවා ආරම්භක ආයෝජනය විදියට. ඒ විතරක් නෙවෙයි, ඔ‍ෆිස් ස්පේස් එකක් එහෙමත් ජෝන් කීල්ස් එකෙන්ම දෙනවා. ඒ වෙනුවට තමන්ගේ ස්ටාට්-අප් එකෙන් 5% ක කොටස් දෙන්න ඕන ජෝන් කීල්ස් එකට.

    දැන් හරියටම දින වකවානු එක්ක කිව්වොත් ඔක්තෝම්බර් 30 වෙනිදා ලක්ෂ 20 ඉන්වෙස්ට්මන්ට් එක ලැබිලා වැඩ පටන් අරගෙන මාස කීපයක් ගියාට පස්සේ, ඒ කියන්නේ 2018 අප්‍රේල් 30 වෙනකොට මේ ටීම් හත ගිහින් ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් බෝඩ් එකට තමන්ගේ කම්පැණි එකේ සාර්ථකත්වය සහ අනාගතය ගැන තව ඩිමෝ එකක් දෙන්න ඕන. මෙතනදී කලින් නියම කරගත්තු යම් යම් අපේක්ෂාවන්ගේ මට්ටමට, ටාගට් වලට ගිහින් තියෙන ටීම් වලට චාන්ස් එකක් එනවා රුපියල් මිලියන 50 ක්, ඒ කියන්නේ රුපියල් කෝටි 5ක් දක්වා වැඩිපුර ආයෝජනයක් ලබාගන්න.


    7. බිස්නස් එකකදී රකින්න ඕන කොන්දේසි ගැනත් දැනකියාගන්න ඕන

    JohnKeellsX-aniwa-07.jpg


    මෙතනදී හැබැයි පොඩි කොන්දේසියක් තියෙනවා. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් එකට බලය තියෙනවා මේ වෙනකොට යම් දුරකට ගිහින් තියෙන ස්ටාට්-අප් කොම්පැණියට ආයෝජනය කරන්න කැමති වෙන වෙනත් ඕනම ආයෝජකයෙකුගේ ඔෆර් එක නවත්තලා, ඒ ගාණ තමන් ඔෆර් කරන්න. ඒ කියන්නේ උපරිම රුපියල් මිලියන 50ක් දක්වා. ඒ වෙනුවට කොම්පැණියෙන් 25% ක කොටස් ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් එකට දෙන්න ඕන. පැහැදිලි නැද්ද? අපි කියමු දැන් කවුරුහරි කියනවා අපිට 25% ක කොටස් ස්ටාට්-අප් එකෙන් දෙන්න, අපි දෙන්නම් මිලියන 10ක් කියලා. එතකොට ජෝන් කීල්ස් එකට පුලුවන් ඒක නවත්තලා 25% ක කොටස් වල හිලව්වට මිලියන 10ක් දෙන්න. හැබැයි ආයෝජකයෙක් කිව්වොත් 25% ක කොටස් වලට අපි ඔයාලට රුපියල් මිලියන 75 ක් දෙනවා කියලා, එතකොට ජෝන් කීල්ස් එකට පුලුවන් කියන්න එයා ගාවට යන්න එපා, 25% ක කොටස් හිලව්වට අපි රුපියල් මිලියන 50 ක් දෙනවා කියලා. ඇයි උපරිම පොරොන්දුව රුපියල් මිලියන 50 යි නේ. ඒ පොරොන්දුව පිට තමයි අර මුලින්ම මිලියන 2 ක ඉන්වෙස්ට්මන්ට් එක කරන්නේ. මේකට කියන්නේ Right of refusal කියලා.


    8. සම්බන්ධකම් හදාගන්න ඕන

    JohnKeellsX-aniwa-08.jpg


    ස්ටාට්-අප් බිස්නස් එකක් පටන් අරගෙන ව්‍යවසායකත්ව ලෝකයට අඩිය තිබ්බට පස්සේ බොහෝම වැදගත් කාරණයක් තමයි කනෙක්ෂන්ස් කියන එක. ඒ කියන්නේ වෙනත් මිනිස්සු එක්ක, වෙනත් ව්‍යාපාරත් එක්ක තමන්ට තියෙන සම්බන්ධකම්. ඇයි මේවා වැදගත් වෙන්නේ? ස්ටාට්-අප් එකක් ළදරු අවධියේ තියෙනකොට එක පාරටම පරිණත වෙන්න බැහැ. ඉතින් තමන්ට කනෙක්ෂන්ස් හැදිලා තියෙනකොට බිස්නස් එක සම්බන්ධයෙන් උපදෙස් ලබාගන්න, නව අවස්ථාවන් උදා කරගන්න, නව හවුල් සම්බන්ධතා ඇති කරගන්න මේ කනෙක්ෂන්ස් වැදගත් වෙනවා. සමහර වෙලාවට අපිට වෙනත් ස්ටාට්-අප් එක්ක තියෙන සම්බන්ධකම් වුනත් ප්‍රයෝජනවත් වෙනවා.

    මෙතනදී John Keells X එක්ක එකතු වෙලා ගමනක් යන එකේ වැදගත්ම දේ තමයි ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් කියන ලංකාවේ තියෙන යෝධ ව්‍යාපාර සමූහයේ සම්බන්ධකම් අපේ ස්ටාට්-අප් එක වෙනුවෙන් ප්‍රයෝජනවත් වීම. මෙතනදී ව්‍යාපාර අවස්ථාවන්ට විතරක් නෙවෙයි, එක් එක් ක්ෂේත්‍ර වල විශේෂඥයින් එක්ක සම්බන්ධ වෙන්න, එතකොට ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පාරිභෝගික ජාලයට සම්බන්ධ වෙන්න වගේ හිතාගන්න බැරි විදියේ දැවැන්ත සම්බන්ධතා ප්‍රමාණයක් භාවිතා කරන්න අවස්ථාව ලැබෙනවා.

    - කොහොමද වැඩි විස්තර දැනගන්නේ?
    යන්න හැමෝම ප්‍රශ්න අහන (FAQ) තැනට. ගිහින් බලන්න තමන්ට තියෙන ප්‍රශ්නෙට උත්තර එතන තියෙනවද කියලා.
    ලින්ක්: https://johnkeellsx.com/#faqs

    - එතන උත්තරේ නැතිනම්?
    එහෙනම් කෙලින්ම මැසෙන්ජර් ඕපන් කරගෙන, මෙතනින් ගිහින් කෙලින්ම අහන්න තියෙන දෙයක් අහලා බලන්න. අනිවා පට ගාලා උත්තර ලැබෙයි.
    ලින්ක්: http://m.me/johnkeellsx

    - කවදද ඩෙඩ්ලයින්?
    මැයි 31 හෝ ඊට කලින් ඇප්ලයි කළොත්, කට්ටිය ඇප්ලිකේෂන් ටික බලලා අවුල් තියෙනවනම් කියනවා. එතකොට ෆයිනල් ඩෙඩ්ලයින් එකට කලින් වැරදි හදලා ආයිමත් ඇප්ලයි කරන්න චාන්ස් එක තියෙනවා. ඊට අමතරව මුලින්ම ඇප්ලයි කරන ටීම් 70ට අවස්ථාව තියෙනවා ජූනි මාසේදී මේ ප්‍රොජෙක්ට් එකේ ඉන්න උපදේශකයෝ සහ ටීම්ස් මුණගැහෙන හමුවට සහභාගී වෙන්නත්.

    - ඩෙඩ්ම ඩෙඩ්ලයින් එක කවදද?
    ජූනි 25 මධ්‍යම රාත්‍රියෙන් පස්සේ කිසිම කෙනෙක්ට ඇප්ලයි කරන්න බෑ.

    - කොහොමද ඇප්ලයි කරන්නේ?
    මෙතනින් ගිහින් ඇප්ලිකේෂන් ෆෝම් එක පුරවන්න. හරියට දීලා තියෙන උපදෙස් කියවලා බලලා ඒ අනුව පුරවන්න. ඉන් පස්සේ නියමයන් සහ කොන්දේසි ටිකට එකඟ වෙනවා කියලා ක්ලික් කරන්න කලින් ඒකත් හරියට කියවලා බලන්න.
    ලින්ක්: https://jkx.typeform.com/to/QYeCkX

    - කොහොමද කාලසටහන?
    මෙතනින් ගිහින් බලන්න 2017 ජූනි 25 ඩෙඩ්ලයින් එකේ ඉඳන් 2017 අප්‍රේල් 30 වෙනකල් ප්‍රොජෙක්ට් එක දුවන ටයිම් ලයින් එක.
    ලින්ක්: https://johnkeellsx.com/#timeline

    - ටීම් එකකට කීයක් ඉන්න ඕනද?
    සාමාන්‍යයෙන් ස්ටාට්-අප් එකක් පටන් ගන්න දෙන්නෙක් නැතිනම් උපරිම තුන්දෙනෙක් තමයි ඉන්න ඕන ගාණ. මෙතනත් එක්කෙනෙක්ගේ ඉඳන් තුන්දෙනෙක් වෙනකල් ටීම් එකකට ඉන්න පුලුවන්.

    අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි. ස්ටාට්-අප් එකක් පටන් අරගෙන ව්‍යවසායක ලෝකයේ හිතන්න බැරි තරම් ඉහළට යන්න අහස උසට හීන තියෙන, අහස උසට තියෙන හීන වලට පොළවේ ඉඳන් ෆවුන්ඩේෂන් දාගෙන යන්න තරම් ටැංකියේ පෙට්‍රල් තියෙන කොල්ලන්ට කෙල්ලන්ට John Keells X කියන්නේ අතෑරලා දාන්න බැරි අවස්ථාවක්. ඒ නිසා මේ චාන්ස් එක අරගෙන උත්සාහ කරලා බලන එක සෑහෙන්න වටිනවා!

    JKX.jpg


    හොද බිස්නස් අයිඩියා එකක් තියනවනම් ඉක්මනට ඇප්ලයි කරලා බලපල්ලා.
    සිංහලයට ජය.


    source - Aniwa.lk
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හොද බිස්නස් අයිඩියා එකක් තියනවනම් ඉක්මනට ඇප්ලයි කරලා බලපල්ලා.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ara gov campus wala inna ewunta pennuwanam hari meka. un world changing innovations hadagena innawalu kauruth fund karanne nehe kiyala.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ubalage ideas ussala un goda yavi :lol:

    එහෙම නෑ බන්. ඕක ලංකාවේ දැන් පටන් ගත්තට වෙන රටවල් වල ගොඩක් කල් ඉඳන් තියන එකක්. කරන එවුන් බිලියනයර්සලා. උන්ට අලුතෙන් කන්සෙප්ට් එකක් අරන් එන අයිඩියා එක හොරෙන් ගන්න අවශ්‍ය නෑ. සමහර කම්පෙටිෂන් වලදි උන් අලුත් එකාට අත දීමක් විදිහට 10% - 20% වගේ ස්ටේක් එකකට පාට්නෂිප් එකක් ඔෆර් කරනවා. ඊට පස්සෙ උනුත් බිස්නස් එක ගොඩ දාගන්න උදවු කරනවා. The Apprentice Dragon's Den වගේ ඒවා බලපන් හරි ඉනටරෙස්ටින්.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙම නෑ බන්. ඕක ලංකාවේ දැන් පටන් ගත්තට වෙන රටවල් වල ගොඩක් කල් ඉඳන් තියන එකක්. කරන එවුන් බිලියනයර්සලා. උන්ට අලුතෙන් කන්සෙප්ට් එකක් අරන් එන අයිඩියා එක හොරෙන් ගන්න අවශ්‍ය නෑ. සමහර කම්පෙටිෂන් වලදි උන් අලුත් එකාට අත දීමක් විදිහට 10% - 20% වගේ ස්ටේක් එකකට පාට්නෂිප් එකක් ඔෆර් කරනවා. ඊට පස්සෙ උනුත් බිස්නස් එක ගොඩ දාගන්න උදවු කරනවා. The Apprentice Dragon's Den වගේ ඒවා බලපන් හරි ඉනටරෙස්ටින්.

    :yes::yes::yes: