බිස්නස් එකක් පටන් ගන්න උදව්වක් ඹ්නේ.....

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    එලකිරි යාලුවනේ.......

    මගේ අදහසක් තියෙනව හාඩිවෙයාර් එකක් පටන් ගන්න. මම හාඩවෙයාර් එක දාන්න හිතාගෙන ඉන්නෙ මාතර දිස්ත්‍රික්කයේ තැනක.

    * මාගේ ලග දැනට තියෙනව ලක්ෂ 20 ක විතර
    * රෙන්ට් එකට තැනක් අරගෙන තමයි දාන්න හිතාගෙන ඉන්නේ...

    මට දැන ගන්න ඕන

    * මේ ගාන ඇතිද හාඩ්වෙයාර් එක පටන් ගන්න
    * මොනවද වැඩියෙන් ඉල්ලුම තියෙන භාණ්ඩ
    * කොහොමද අපි බඩු ගෙන්න ගන්නේ
    * හාඩවෙයාර් එකකට අත්‍යාවශ්‍යම බඩු මොනවද ?
    * ඔයාලට වැදගත් කියල හිතෙන දේවල්

    දැනට එලකිරි එකේ හාඩ්වෙයාර් කරන කුකුලන්ගෙන් බිග් හෙල්ප් එකක් ඕන...

    ජයවේවා .......
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    1. හාඩ්වෙයාර් එකක් පටන් ගන්න සුපිරි Idea 7ක්

    2. සිස්ටම් වෙනස් කළ නූතන හාඩ්වෙයාර් කලාව

    3. හාඩ්වෙයාර් සහ ඉදිකිරීම් ව්‍යාපාරිකයන්ගේ සංසදය

    4. බිස්නස් එකක් පටන් ගන්න මුල සිට සැලසුම් සකස් කරන්නේ කොහොමද

    5. රු 250,000 හේ සුපිරි ව්‍යාපාර අදහස

    6. බිස්නස් පටන් ගන්න කලින් බලන්න

    7. ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී නොකළ යුතු දේවල් 7

    8. ව්‍යාපාරයක් සැලසුම් කිරිමේදි වැදගත්ම කරුණු 05

    9. හාඩ්වෙයාර් බඩු තොග මිලට

    10. විදුලි උපකරණ අමතර කොටස් මිලගණන් බලමු

    11. නැවෙන් බාපුගමන් ආපු අළුත්ම ස්ටොක් එක

    12. අද ආවෙ වෙනමම ගැජමැටික් ටිකක්..

    13. සියලුම hardware බඩු ලාබෙට ගන්න පිටකොටුවෙ ගල්වල මාර්කට් එකට

    14. අළුත්ම අළුත් බල මෙවලම් පට්ට අඩුවට

    15. පිටකොටුවේ තරාදි මිල ගනන්

    16. පිටකොටුවෙන් හාඩ්වෙයාර් අයිටම්ස් & Tools බිස්නස් එකක්

    17. How to Start a Hardware Store Business | Starting a Hardware Store Business

    18. How to Start a Hardware store Business | Free Hardware store Business Plan Template Included

    19. How to start a hardware business with small capital.

    20. Starting a Hardware Shop Business step by step

     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,797
    12,977
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම දන්නා දේවල්.

    සිමෙන්ති වලින් තියෙන්නේ 100/- 180/- 200/- වගේ ගණන් කොට්ටෙට.
    වැලි ගල් වලින් නම් ටිකක් හොදට තියනවා.
    හොරට පටවන්න එපා මුල් කාලේ. මුල් කාලේ හොරා වගේ එකක් හැදුනොත් කට්ටිය එන්නේ නෑ
    තීන්ත, වතුර බට වලින් නම් 20% වඩා තියනවා නමුත් ස්ටොක් කරන් ඉන්න ඕනා.
    කපලා දෙන එක ලාබයි තමා එත් අඩි 10 හෝ 12න් 7ක් දුන්නා කියලා හිතමු. ඊලග කෙනා ඇවිල්ලා 5 කෝ 6ක් ඉල්ලුවාම එකටත් අලුත් එකක් කපන්න වෙනවා. එහෙම කපලා කෑලි ඉතුරු උනොත් ලාබෙ කනේ.


    ස්විච් සොකට් වලින් 15% - 20% තියනවා ඒවත් ස්ටොක් කරන් ඉන්න ඕනා

    ස්විච් බැලුවොත්
    1G, 2G , 3G, 4G, 5G විතරක් තිබිලා මදි.
    1G වල මාජින් අඩුයි.
    1G 2W වගෙත් ඕනා
    එතකොට බ්‍රේකර්, ට්‍රිප්, මෙන් ඒවත් ඕනා
    ඒවා එක්ක වයර්, කොන්දියුට්, සන්ක් බොක්ස් වගේ දේවලුත් ඕනා.

    ඇන මුරිච්චි උනත් ඔකොම රේන්ජ් එකම ඕනා.
    උදා අගල් දෙකේ කද මහත ඒවා ඉල්ලන්න එකාට කද හීනි හරියන්නේ නෑ. ඌ ආවේ පයිප්ප ගන්න නම් අද පයිප්ප ටික අරගෙන ඇන නැතිව යයි. නමුත් හෙට ආයේ එනකොට දෙපාරක් හිතනවා මොකද පයිප්ප උබෙන් අඩුවට ගත්තත් ඇන දෙකක් හොයන්න යන්න උනාම උ ට එක කරදරයක් නිසා වෙන තැනක් බලනවා.
    ඒ නිසා මොනවද දාන්නේ කියලා ප්ලෑන් කරලා රේන්ජ් එකක් කවර කරන්න
     

    Juza

    Well-known member
  • Aug 5, 2023
    278
    303
    63
    මචං එළකිරි කොල්ලෙක් නිසා ඇත්තම තත්ත්වය කෙලින්ම කියන්නම්. උඹ ඔය ලක්ෂ 20 අරන් හාඩ්වෙයාර් දාන්න යන එක "දැන දැනම වලේ වැටීමක්". උඹට මේක කරන්න බැරි හේතු ටික මම පොයින්ට්ස් විදිහට දාන්නම්:

    බඩු මිල අහස උසට: මචං, අද කාලේ පීවීසී (PVC) බට ටිකකුයි, සිමෙන්ති කොට්ට 50 කුයි, පේන්ට් බාල්දි 10-12 කුයි ගත්තම උඹේ ලක්ෂ 20 ඉවරයි. කඩේ ඇතුළේ බඩු තියෙනවට වඩා හුළං තමා තියෙන්නේ. හාඩ්වෙයාර් එකකට එන එකා බෝල්ට් ඇණයේ ඉඳන් හැමදේම එක තැනකින් බලාපොරොත්තු වෙනවා. බඩු නැත්නම් උඹේ කඩේට "බඩු නැති කඩේ" කියන ලේබල් එක සතියෙන් වැටෙනවා.

    ප්‍රදර්ශන භාණ්ඩ (Display Items) වලට යන වියදම: උඹට බඩු අසුරන්න රැක් (Racks) ටිකක් ගහන්නයි, බෝඩ් එකක් ගහන්නයි විතරක් ලක්ෂ 3-4 ක් යනවා. එතකොට බඩු ගන්න ඉතුරු වෙන්නේ ලක්ෂ 16 යි. ඒකෙන් "හාඩ්වෙයාර්" එකක් කරනවා තියා පේමන්ට් එකේ බඩු විකුණන්නත් මදි.

    Supplier Credit නැතිකම: උඹ අලුත් එකෙක් නිසා මුලින්ම කොම්පැණි වලින් බඩු දෙන්නේ Cash වලට විතරයි. හැබැයි හාඩ්වෙයාර් එකක් රන් වෙන්නේ Credit වලට. බාස්ලාටයි, සයිට් වලටයි ණයට දෙන්න වුණාම උඹේ Roll වෙන්න තියෙන කැපිටල් එක සේරම හිර වෙනවා. ලක්ෂ 20 ක කැපිටල් එකක් තියාගෙන ඒක කරන්න හීනෙකින්වත් හිතන්න එපා.

    Operational Cost vs Revenue:
    කඩේ රෙන්ට් එක, කරන්ට් බිල, ලයිසන්, ට්‍රාන්ස්පෝට් වලට යන වියදම එක්ක ලක්ෂ 20 ක බඩු විකුණලා ලැබෙන මාජින් එකෙන් (Profit Margin) උඹට කඩේ ඉතුරු කරගන්න තියා කන්නවත් ඉතුරු වෙන්නේ නැහැ. බිස්නස් එක පටන් ගත්ත දවසේ ඉඳන් උඹ ඉන්නේ මයිනස් (Minus).

    Competition: මාතර පැත්තේ පට්ට කපටි පරණ හාඩ්වෙයාර් කාරයෝ ඉන්නවා. උන් බඩු ස්ටොක් කරන්නේ කන්ටේනර් පිටින්. උන් එක්ක ඔය චූටි ගාණෙන් හැප්පෙන්න ගියොත් සති දෙකෙන් උඹව මාකට් එකෙන් එළියට විසි කරනවා.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,636
    10,207
    113
    මගෙ යාලුවෙක් බිස්නස් එකක පටන් ගත්තෙ මිනිහගෙ ගේ හදන්න බඩු ගේන ගමන් , ඒ වගේ ඔයත් පටන් ගන්න, දාපු හාඩ්වෙයාර් එකක් වැහිලනම් දැකල නෑ!