ගම්මාන පිටින් රදළයන්ට පවරා දුන් ඒ කාලයේ සෑම කටයුත්තකදීම නින්දගම් වාසීන් වලව්වට ගොස් බණ්ඩර හාංදුරුවන් බැහැ දැකිය යුතු විය. සමහර රජවරුන් ගම්වර ලෙස පිදුවේ හිස් ඉඩම් නොවේ. ජනාවාසත් එක්කය. නින්දගමක් ලැබුණු පසු වලව්වේ මෙහෙය සඳහා ඒ ඒ කුලවල පවුල් පිටින් කුඩා ඉඩකඩක පදිංචි කර ගැනෙයි. වලව්වේ මෙහෙයට ආ හැම පවුලකම අයිතියද වලව්වේ හාංදුරුවන්ටමය. එළිබැහීමේ සිට බත් මුඛය පාදාගැනීම දක්වාම කෙරුණේ බණ්ඩර හාංදුරුවන්ට වුවමනා ආකාරයටය.
මචන් මේ ටික පොඩ්ඩක හොයල බලපන් ඔය හාංදුරුවන් බණ්ඩර වගේ කතා ආවෙ සුද්දගෙන් පස්සෙ.
නිද්දගම් ලැබුන කියන්නෙ ගමට ප්‍රධානියෙක් මිසක් සියලුම ජනතාව එයාගෙ වැඩ කරන්න ඕනි කියන එක නෙවෙයි. ගමේ ඉන්න මිනිස්සුන්ට තිබ්බෙ දැන් අපි බදුගෙවනව වගේ ගම වෙනුවෙන් රට වෙනුවෙන් කල යුතුම රාජකාරියක්.ඒක එයා ගමේ බුක්ති විදින ඉඩම් කොටස වෙනුවෙන් පැවරිච්ච දෙයක් මිස බලෙන් කරන දෙයක් නෙවෙයි.