බිසෝවරුන්ගේ_තනිකම්_මැකූ_කපු_රදලයා

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    එළිබැහීමේ සිට බත් මුඛය පාදාගැනීම දක්වාම කෙරුණේ බණ්ඩර හාංදුරුවන්ට වුවමනා ආකාරයටය.
     
    • Like
    Reactions: Oli_Vili

    weerasuriyas

    Member
    Jan 24, 2018
    48
    33
    0
    ඒ කාලෙ හොඳයි කියලා ආ වැඩුවට...යකෝ දැන් කාලෙ කොච්චර හොඳයිද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,889
    113
    මාලඹේ
    කොට නිහාල් දාමු ඔය ජොබ් එකට.
    එහෙනම් රදලයෝ වැහි වැහැලා:lol::lol::lol:
     

    Chuti_Mahaththaya

    Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    දෝලි බිසෝවරුන්ගේ තනිකම් දෝෂ මැකූ කපු රදලයා


    image_ac017b6b06.jpg





    පැරණි දේවාලවල කපුරාල ධුරයට පත් කර ගන්නේද රදලයෙකි. ඔහුට කීවේ කපු රදලයා කියාය. ලංකාවේ දේවාල හැදුණේ රජ්ජුරුවන්ගේ බිසෝවරුන්ට හැදුණු දොලක් හෝ ගායක් සංසිඳුවන්නට යාමේදීය. නින්දගම් වලව් හිමි තවත් ප්‍රභූ කොට්ඨාසයක් වූයේ දේවාලභාර කපුවාය.


    දේවාල හැදුණේ රජ්ජුරුවන් නිසා තුන්දොස් කිපුණු බිසවුන්නාන්සේලාගේ අටෝ රාශියක් ලෙඩ රෝ සමනය කරන්නට යාමේදීය. රජ්ජුරුවන් නිසා බිසොවුන්ගේ තුන්දොස් කිපීම අරුමයක් නොවේ. ඒකට හේතුව රජ්ජුරුවන් හැර කිසිම පිරිමි පුලුටක් මෙම බිසෝවරුන්ට දකින්නටවත් නොලැබීමය. ඇතැම් බිසවුන්නාන්සේලා අන්තඃපුරයට ගාල්වුණේ සිබිඩ්ඩෙන් පොත්ත පනින්ටත් කලිනි. රජ්ජුරුවන්ගේ ඇහැට හසුවීම නිසා හෝ රදලයකුගේ වන්දියකට හිලව් කර ගන්න හෝ එසේත් නැතිනම් කාරියකරවන නිලමෙලාට සිතී උස්සගෙන විත් අන්තඃපුරයට අතහැරි නිසා අන්තඃපුරගේ සිරවී සිටින බිසවුන්නාන්සේලාගේ තනිකං දෝෂ නිසා අටෝරාශියක් ලෙස රෝග ඇතිවුණේ රාජකීය වෛද්‍යවරයාට බෙහෙත් කරන්නට බැරි ගාණටය. තුන්දොස් කිපුණු වෙලාවට ආරක්ෂාවට ඉන්න අයවත් අන්තඃපුරයට ගෙන්නා ගන්න බැරි වන්නේ ඒ හැම කෙනාගේම අංගයක් දෙකක් ඡේදනය කර තිබෙන නිසාය. සමහර බිසවුන්ට රාජකීය ශරීරයේ ස්පර්ශය ලැබෙන්නේ අවුරුද්දකට දෙකකට වරකි.


    කපු රදලයා බිහිවූයේ මේ හිස් තැන පිරවීම සඳහාය. රජ්ජුරුවන් වහන්සේට පමණක් රිංගීමේ බලය තිබෙන ලැගුම් ගෙවල්වලට රිංගන්න බලයත් සමග කපු රදලයා බිහිවුණේ රජ්ජුරුවන්ගේ් පූර්ණ ආශිර්වාදයෙනි. අංග ඡේදනයක් කර නැති නිසා රජ්ජුරුවන් වහන්සේ වෙනුවෙන් ඒ රාජකාරිත් ඉටු කරමින් කපු රදලයා බිසවුන්නාසේලාගේ කිපුණු තුන්දොස් සමනය කරමින් හෝරා ගණන් කතා බහ කරමින් කිල්ලට අහුවෙන තැන් පවා දෙහි තබා කපමින් බිසවුන්ගේ ඕනෑම තනිකං ​ෙ‌ද‌ා්සයක් සමනය කරන්නට දක්ෂය. රදලයෙක් නිසා බිසවකට හදිසියක් වුණත් අවුලකුත් නැත. මහා බල සම්පන්න දෙවිවරුන් වැඩ සිටින නිසා කපු රදලයාගේ කුටියට බිසවුන්නාන්සේ හැර අවශේෂ සේවක සේවිකාවන් යන්නේද නැත. රදළයකු නිසා රාජකීය ලේත් ඇත. කපු රදලයා ද තම පරම්පරාව වර්ධනය කරමින් සීග්‍රයෙන් බෝ වෙන්නට පටන් ගත්තේය. රජ්ජුරුවන්ට යුද්ධ භූමිවල මාස ගණන් කල්ගත කරන්නට පුළුවන් වූයේ තම යහන් ගබඩාවේ දුක සැප සොයන්නට තමන්ගේම ලේ ඇති කපු රදලයන් සිටිය නිසාය.


    රජ්ජුරුවන්ටත්, රදලවරුන්ටත් අන්තඃපුර තිබිණි. මේවාගේ සේවයට කුදලාගෙන ආ දැරියන් අනීවාරතේ නාකිවීමේ පල ප්‍රයෝජනය ගන්නේ මේ කපු රදලයාය. රාජකීය ශරීරයේ ස්පර්ශය නොලැබීම නිසා තනිකම් දෝෂයට ලක්වන බිසෝවරුන්ගේ ලෙඩ සුව කරන්නට එන කපු රදලයාගේ පියකරු සිරුර දකින බිසෝවරු එම දැකුමෙන්ම තම ලෙඩ සුවකර ගනිති. ඔහු දවසක් පැමිණ ගියත් බිසවගේ ලෙඩය සනීපය. ඊළඟට අසනීපය හැදෙන්නේ අනික් බිසවකටය.


    රජවරුන්ගේ දෝලි බිසෝවරුන්ට ලැබෙන දරුවන්ට රාජකීය සිංහාසනයේ උරුමක්කාරකම නැතත් රජතුමාගේ ආදරය ලැබේ. ඉන්න හිටින්න ගම්වරයක්ද ලැබේ. ඉන්පසු මහ වාසලේ සේවයට යන නිලමේවරුන් වන්නේ මේ අය ය.


    චක්‍රයක් හැටියට මෙය සිදුවෙයි. උඩරට සිටි බොහෝ නිලමේවරුන්ද අන්තඃපුරවාසී දෝලි බිසෝවරුන්ට ලැබුණු දරුවන්ය.


    ගම්මාන පිටින් රදළයන්ට පවරා දුන් ඒ කාලයේ සෑම කටයුත්තකදීම නින්දගම් වාසීන් වලව්වට ගොස් බණ්ඩර හාංදුරුවන් බැහැ දැකිය යුතු විය. සමහර රජවරුන් ගම්වර ලෙස පිදුවේ හිස් ඉඩම් නොවේ. ජනාවාසත් එක්කය. නින්දගමක් ලැබුණු පසු වලව්වේ මෙහෙය සඳහා ඒ ඒ කුලවල පවුල් පිටින් කුඩා ඉඩකඩක පදිංචි කර ගැනෙයි. වලව්වේ මෙහෙයට ආ හැම පවුලකම අයිතියද වලව්වේ හාංදුරුවන්ටමය. එළිබැහීමේ සිට බත් මුඛය පාදාගැනීම දක්වාම කෙරුණේ බණ්ඩර හාංදුරුවන්ට වුවමනා ආකාරයටය.




    කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න

    Hammooooo Rep +++
     
    • Like
    Reactions: Oli_Vili