ලංකාවට ඇබෝශන් අවශ්‍යම නෑ.
මොකද අපේ ගබ්සාවට විරුද්ධ පිලිවෙතින් පෙලගැහුන කොල්ලො කෙල්ලො දිහා හැරිල බලන්නෙවත් නෑ. උන් අතින් කෙල්ලො ප්‍රෙග්නන්ට් වෙන්නෙම නෑ. උනත් උන් දාල යන්නෙනම් නෑ මලත්.කෙල්ලෙක් ගර්භණී උනොත් ඒකි බාරගන්න ගබ්සාවට විරුද්ධ වීරයො එන්නෙ පෝලිමේ.
උන්ගෙ අනුකම්පාව කොච්චරද කියනව නම් ඒකිට දරුව අරන් ගමට යන්න උන් පික්මී එකෙන් AC කැබ් අරන් දෙනව. ගම් වල ඉන්න "සුන්දර අහිංසක ගැමියො" ඒ යුවතියන්ව පිලිගන්නෙ මල් මාල දාල. ඒ අවජාතක (නොවන) දරුවන්ට සලකන්නෙ තමන්ගෙ දරුවන්ට වගේ.අන්ත අසරණ වෙලා දරුව රෙද්දක ඔතල කඩයක් ඉස්සරහ තියල යන්න වෙන්නෙ නම් නෑ කීයටවත්. වෙන රටවල වෙනවලු. මෙහේ නම් කීයටවත් නෑ. එච්චරටම අපි ඒ වගේ සිදුවීම් වලට පිහිට වෙන්න නිසි ක්‍රමවේදයක් හදල තියෙනව.
අනික අපේ රටේ මාධ්‍ය. එයාලගෙන් විතර මේ කාන්තාවන්ට පිහිටක් නෑ වෙන කාගෙන්වත්.රටෙන් බාගයක් හොරකං කරත් ලොකු හොරුන්ගෙ නම තියා යන්තමට අඳුන ගන්න සාධකයක්වත් ප්‍රින්ට් නොකරන අපේ ජඩමාධ්යකාරයො, සොරි සොරි ජනමාධ්‍යවේදීන් අන්තෙටම අසරණ වෙලා ජීවිතේට එල්ලෙන්න හදන මේ කෙල්ලොන්ගෙ නිව්ස් දාන්නෙම නෑ.
ඒ දැම්මත් ඒකත් නම, ගම, රස්සාව (රස්සාවක් නැති නම් තමන් මඩ ගහන්න ආස වෘත්තියක් දාල, වෛද්‍ය සිසුවියක් කියල වගේ), ඇඩ්රස්, අයි.ඩී. නම්බර් ඔක්කොම එක්ක ඕනම එකෙක්ට හොයා ගන්න පුලුවන් වෙන්න නම් දාන්නෙම නෑ. අපේ මාද්යවේදියො ඒ වගේ කුණු අවුස්සන බල්ලො නෙවෙයි.තාත්තෙක් නැතුව දරුවෙක් හදන්න ගියොත් කාන්තාවො වෙන රටවල අසරණ උනාට මේ සුන්දර පුංචි රටේ නම් එහෙම වෙන්නෙ නෑ.අපි එහෙම අසරණ වෙන්න දෙන්නෙ නෑමයි.
ඒ නිසා බුදාම්මෝ ගබ්සාවනම් එපා...
~Dr Naveen.udawella~