බිළිඳු_සිරුරක_සිරවූ_යුවතිය
ළමා වියේදීම ශීඝ්‍රයෙන් වියපත්වී වසර දොළහක් හෝ දහතුනක් වැනි කෙටිකලකින් ජීවිතයෙන් සමුගැනීමට මුල්වන ජානමය විකෘතියක් හේතුවෙන් හටගන්නාවූ ප්රොගේරියා රෝගය පිළිබඳ ඔබ අසා ඇතිවාට සැක නැත. එසේ වුවද වයසින් වැඩුණද, සිරුර හා මනස නොවැඩෙන සදාකාලිකව ළදරු සිරුරක සිරවී ජීවත්වීමට සිදුවන අවස්ථාද අතිශය විරල මට්ටමින් වාර්තා වෙයි. මේරිලන්ඩ්හි වෙසෙන විසිහැවිරිදි බෘෘක් ග්‍රීන්බර්ග් එවැන්නියකි. අද වනවිට ඇගේ උපතින් වසර විස්සක් ගතවී තිබුණද, තවමත් ඇගෙන් දිස්වන්නේ වයස මාස නවයක් පමණවූ බිලිඳෙකුගේ ස්වරූපයකි.
සිය දෙමාපියන් හා දාහත් හැවිරිදි බාල සොයුරිය සමග මේරිලන්ඩ්හි වෙසෙන බෘෘක් මනසින්ද තවමත් ළඳරුවෙකි. තවමත් කිරිදත් පෙළකට උරුමකම් කියන ඇයට වචන ගළපා කතා කිරීමට මෙන්ම දෙපයින් ඇවිද යාමටද නොහැකිය. ඇගේ පියා වන හොවඩ් ග්‍රීන්බර්ග් පවසන ආකාරයට උපතින් සිව්වසරක් ගතවන තුරු සුළු වර්ධනයක් බෘෘක් වෙතින් පෙන්නුම් කළද එතැන් පටන් ඇගේ ශාරීරික හා මානසික වර්ධනය මුළුමනින්ම ඇණහිට ඇත්තේ කිසිදු හේතුවකින් තොරවය. ඇමෙරිකාව පුරා සිටින ප්‍රධාන පෙළේ විශේෂඥ වෛද්‍යවරුන් සියලු දෙනාගේම පරීක්ෂාවට ඇය බඳුන් කෙරුණද, ඒ කිසිවෙකුට හෝ ඇගේ අසාමාන්‍ය තත්ත්වයට පිළිගත හැකි හේතුවක් ඉදිරිපත් කිරීමට නොහැකිවී ඇත්තේ එය තවත් එක් හඳුනා නොගත් ‘ඔ’ සංකූලතාවක් ලෙස නම් කරමිනි.
නිව්යෝක් නුවර ‘මවුන්ට් සීනායි’ වෛද්‍ය මධ්‍යස්ථානයේ ජාන විද්‍යාව හා බහුමාන ජීව විද්‍යාව පිළිබඳවූ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ‘එරික්
ෂට්’ පවසන අන්දමට මානව වර්ධනයේ අසමතුලිතතා ඇති කිරීමට හේතුවන අන්තරාසර්ගි පද්ධතියේ අසාමාන්‍යතාවන් හෝ වර්ණදේහවල අසාමාන්‍යතාවක් වැනි කිසිදු තත්ත්වයක් බෘෘක් හට බලපා නොතිබිම හේතුවෙන් ඇගේ අස්වාභාවික තත්ත්වය හමුවේ වෛද්‍යවරුන් මුහුණපා සිටිනුයේ උභතෝකෝටික ගැටලුවකටය.
වසර දහසයක කාලයක් පුරා බිලිඳු ශරීරයකට උරුමකම් කියමින්, මුළුමනින්ම සිය දෙමාපියන්ගේ රැකවරණය මත යැපෙන බෘෘක් හට ආහාර ලබාදීම සිදුකෙරෙනුයේද ආමාශය තුළට ඇතුළු කරන ලද බටයක් ආධාරයෙනි. මන්ද ඇගේ අන්නසෝත්‍රය කෙතරම් කුඩා වීද යත්, ගිලින ලද ආහාර යළිත් පෙණහලු කරා ගමන් ගොස් නිව්මෝනියා තත්ත්වයක් ඇතිවිය හැකි නිසාය. යම්කිසි ජාන විකෘතිතාවක් හේතුවෙන් උපතින් වසර විස්සක් ගතවීත් තවමත් බිලිඳු වියේ පසුවන බෘෘක්ගේ ජාන අනුක්‍රමණය කේතගත කිරීම මගින් වියපත්වීම සමග ඇතිවන පාකින්සන් වැනි රෝගී තත්ත්වයන්ට සාර්ථක ප්‍රතිකර්ම පමණක් සොයාගැනීමට පමණක් නොව වියපත්වීම පමා කිරීමට හෝ වළක්වාලීමටද හැකිවනු ඇති බව ජාන විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.
දැනටමත් එකක් අකුරු බිලියනයකින් පමණ යුතුවූ බෘෘක් ගෙනෝම අනුක්‍රමණ පේළි ද්විත්වය සටහන්ගත කිරීම වෛද්‍ය ෂට් විසින් අරඹා ඇත්තේ, එය මිනිස් පරිණතියේ සැඟවුණු රහස් හෙළිකරන ප්රයත්නයක් වනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි. මන්ද කුඩා බෘෘක් මිනිස් වර්ගයා අතර සුවිශේෂී අහඹු චරිතයක් බවට පත්ව ඇත්තේ ඇගේ තුරුණු බවේ රහස නිසාම පමණක් නොව, ජීවිත අවදානම් සහගත තත්ත්ව කීපයකින්ම ඇය පැහැදිලි කළ නොහැකි අන්දමට ජය ලැබිමට සමත් වීමත් නිසාවෙනි.
ඇගේ උපතින් පසුව ගතවූ මුල් වසර හය තුළදී ඇය ආමාශය සිදුරු කරවන තුවාල හතකින් සුවය ලැබුවේ ඒ සඳහා සිදුකළ සැත්කමකට සාර්ථකව මුහුණ දෙමිනි. ඉන්පසුව ආඝාත තත්ත්වයට හා මොළයේ හදිසි කම්පන තත්ත්වයකටද මුහුණදී ඒවාද සාර්ථක ලෙස ජයගන්නා ලද්දේ කිසිදු ආබාධයකට හෝ ලක් නොවෙමිනි. ඉන්පසු වයස අවුරුදු හතරේදී මොළයේ හටගත් ගෙඩියක් හේතුවෙන් සිහිමුර්ඡා (කෝමා) තත්ත්වයට පත්ව පුරා දෙසතියක් නින්දේ පසුවූ බෘෘක් යළිත් අවදි වනවිට මොළයේ ගෙඩියක් තිබූ ස්ථානය හෝ සොයාගැනීමට වෛද්‍යවරුන් අපොහොසත්ව තිබේ. වයස අවුරුදු විස්සක්වීද තවමත් දෙපයින් සිට ගැනීමට හෝ නොහැකි බිලිඳු වියේ පසුවන බෘෘක් යනු මිනිස් අමරණීයත්වයේ සැඟවුණු දොරගුලු විවර කරන යතුරක් බවට ඇති මතය අපට ප්‍රතික්ෂේප කළ නොහැක්කේ ඇය මරණය පරාජය කිරීමට මෙලොවට බිහිවූ දැරියක බැවිනි.
ගත්තේ "සමුදුරෙන්"