හම්මේ දැන් ලොරි ටෝක් දුන්නට පත්වීම ගන්නෙ දාගැබ් ලග මගුල් මඩුවල . බණක් කිව්වොත් කියන්නේ අහල රටවල් හතවකවත් නැ අපේ වගේ බුදුගුණ නිසා පෝශනය උන සංකෘතිය. කෙල්ලෙක් කොටට ඇදලා යන්න බැ පච්චයක් ගහන්න බැ ක්ලබ් එක්කට යන්න බැ කොල්ලෙක් අතින් අල්ලන් යන්න බැ මේ බුදුන් තෙවරක් වැඩිය රටේ සංකෘතිය කියලා මැරෙන්න හදනවා. ඕන මගුලක් කරන්න කලින් නූල් අල්ලන් පිරිත් කියනවා. එම කියලා මෙතන දාර්ශනික වදන් දෙනවා එක දර්ශණයක් ලු කරපු එකා නිවන් මග යයිලු . හරි ඉතින් එනම් මොකටද ඔය ඔච්චර බෞද්ධ සීන් එක කාගෙන වැදගෙන ඉන්නේ . ඔය වැල් බයිලා නෙමෙයි එන්න පුතේ මහ පොලවට ගොඩ බහින්න බැහැල කතා කරන්න සමාජය දිහා බලාගෙන . ඔයාගේ ඔය වැල් බයිලා ඇත්ත උනාට ඕවා කරන තැනක් නෙමෙයි මේ පුන්ය භුමිය. උබ දැන් දෙවියන්ට බනින රටවලනම් ඒම ඉතින් දුරාචාරයන් වෙනව බෝම අඩුයි උන් ඉතින් ආගමට වඩා නීතිය පිලිපදිනවනේ , ලංකාවේ නීතියත් බල්ලට ගිහින් බල්ලත් දැන් රට ගිහින් ඉන්නේ . ඇයි බන් ඔය කියන්නේ අපේ බෞද්ධ දර්මයෙන් පෝශණය සංකෘතියක් තියෙන්නේ , නිකන් ටිවී එක දාපන් කීපාරක් සංඝයාවහන්සේලා පෙන්නනවද බණ කියනවද , ඇමතිලා හම්බෙනවද , රන්ඩු වෙනවද , මඩ ගහගන්නවද . එච්චර ධර්මය විකුණන රටේ හරි නම් හෙන හොද මිනිස්සු ඉන්න ඕනේ අඩුම දුරාචාරයන් අඩු වෙන්න ඕනේ ඒම නැනේ . දැන් කියන්න එපා ඒක ධර්මයක් පිලිපැදද එකා ගොඩ යයි අනික් උන් වලපල්ලට යයි කියලා , හරි ඒම වෙන්න ඇති හැබැයි මේ මාකට් කරන හැටියට කොටින්ම දැන් සිංහල බෞද්ධ ආන්ඩුවක්කුත් එක්ක ඉන්න කොට වෙන ටිකම මදැ .