බීට ඉශ්‍රයල්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,259
    100,030
    113
    ඔරිජිනල් පෝස්ට් ඒක..

    https://www.face book.com/100000619752471/posts/pfbid0q6u86bmv8Ehg5CJq2s4LfoDrnoEk8PJofDwjbPmjMEEoqiX54ZFcvPSiNsiJcpoJl/?mibextid=Nif5oz

    1980 එක්තරා දවසක සුඩානයේ රතු මුහුදු වෙරලේ තියෙන අරවුස් කියන ගම්මානෙ ඉතාලි සමාගමක් විසින් පව්ත්වාගෙන ගොස් අතහැර දමාපු ඩයිවින් රිසෝට් එකක් බලන්න එනව ස්විට්සර්ලන්ත සමාගමකින්. මේ රිසෝට් එක ගැන සැහෙන පැහැදීමට පත්වන ස්විට්සර්ලන්ත ව්‍ය්වසායක පිරිස මේක ඩොලර් ලක්ශ දෙකහමාරක වාර්ශික කුලියකට අරගෙන එතන අරවුස් නමින් ඩයිවින්‍ රිසෝට් එකක් කරගෙන යන්න තීරණය කරනවා. සුඩාන ආණ්ඩුවටත් ඒක බොහොම සතුටට හේතුවක්. මු.ස්.ලිම් අරාබි රටක් ලෙස සුඩානයේ ඒ වගෙ සංචාරක ආයතන සුලබ නෑ.

    අරවුස් කෙමෙන් ජනප්‍රිය වෙනවා. රතු මුහුදේ බොහොම සුන්දර කලාපයක කිමිදෙන්න ස්නෝක්ල් කරන පහසුකම් සපයනවා. එහි සේවය කරන්න සුඩාන සේවක සේවිකාවන් ගන්නව. ඉහළ මැනේජ්මන්ට් එක සහ ඩයිවින් ඉන්ස්ට්‍රක්ශන් ගයිඩින් බෝට්ටු ඔපරේට් කිරීම ආදිය කරන්නෙ යුරෝපින්. එදිනෙදා හොස්පිටැලිටි වැඩ කරන්නෙ සුඩාන සේවකයින්.

    හැබැයි මේ හෝටලෙ එක තැනක්තියෙනවා සුඩාන සේවකයින්ට ඇතුලු වෙන්න බැරි. ඒ කිමිදුම් ස්ටෝරු කාමරය . අන්න ඒ කාමරේ ඇතුලෙ ඉතාම දියුනු තක්ශ්ණයෙන් යුතු (1980 දශකෙට) පණිවුඩ හුවමාරු උපකරණ සහිත මෙහෙයුම් මධ්‍යස්තානයක් තියෙනව. අන්න ඒ මෙහෙයුම්මධ්‍යස්තානය හරහා මේ ෆේක් සමාගමේ ඉන්න හොටල්කාරයින්, ඉහල මැනේජර් ලා කිමිදුම් උප්දේශකයින් ආදි ලෙස වෙස් වලාගෙන ඉන්න මොසාඩ් නියෝජිතයන් තමන්ගෙ මෙහෙයුම කරගෙන යනවා.

    අපි දැන් කතාව රෝල් බැක් කරමු.

    අදින් වසර 3000 කට පමණ පෙර හෝ 2700 කට පමණ පෙර වත්මන් ඊශ්‍රායලය තුල තිබ්බ කිසියම් යුදෙව් රටකින් යුදෙව්වන් පිරිසක් ඉතියෝපියාවට එනවා. මේ අය සමහර විට සොලමන් රජුට දාව ශීබා රැජිණිය උපදවපු කුමාරයා හෙවත් දීර්ඝ ඉතියෝපියානු රාජ පරම්පරාවල ආරම්භකයා තම පියා මුණ ගැහෙන්න ගිය වෙලාවෙ ඔහු ගැන පැහැදීමකින් ආපු යුදෙව් ප්‍රජාවක් වෙන්න පුලුවන් (වසර 3000ට පෙර). නෙවිනම් වසර 2700 ට පෙර නව ඇසිරියානු හමුදා හමුවේ එක යුදෙව් නගරයක් බිද වැටුනම එතනින් අවතැන් වු හා පලාගිය ප්‍රජා හෙවත් ලොස්ට් ට්‍රයිබ්ස් දහයෙන් එකක් වෙන්නත් පුලුවන්. නෙවිනම් ඔය වගෙ කාල වකවානුවක සිවිල් යුද්දයක් හෝ වෙනත් වින්නැහියක් නිසා යුදෙව් රටකින් පලා ආ පිරිසක්. හවුස් ඔෆ් ඊශ්‍රායල් හෙවත් ඊශ්‍රායල ගෝත්‍රය යන නමින් බීට ඉස්ශ්‍රායල් ලෙස තමන් හදුන්වා ගන්නව.

    බීට ඊශ්‍රායල් වරුන් ඉන්නෙ ඉතියෝපියාවෙ අතිශයින් දුශ්කර කදුකර බිමක. වාහනයක් යන පාරක්වත් නැති පලාතක්. බහූතරය ගොවීන්. හැබැයි ඔවුන් වසර 3000ක් පමණ සෙසු යුදෙව්වන්ගෙන් දුරස් වුනාට ඔවුන් හා සමානවම ආගමික වතාවත් කරනව සන්ස්කෲතිකව ඊශ්‍රායලයේ ඉන්න සාම්ප්‍රදායික යුදෙව්වන්ට ලොකු වෙනසක් නෑ.

    බීට ඊශ්‍රායල් තමන් යුදෙව්වො කියල දන්නව. යුදෙව්වන්ගේ දේශය විනාස වුනා කියල හිතා ඉන්නව (ඒක හරි ඉතින් එයාල ආවට පස්සෙ වටගානකින් දේශය විනාශ වෙනව) මේ ලෝකෙ ඉතිරි වෙලා ඉන්න එකම යුදෙව් ප්‍රජාව තමන් කියල හිතා ඉන්නෙ මේ හැමෝටම ආපහු සයෝනයට යන්න ජෙරුසෙලම දකින්න හීනයක් තියෙනව. ඒක පරම්පරාවෙන් කට වචනෙන් ආපු කතාවක්. ඒ මිසක ජෙරුසෙලම තියෙන්නෙ කොහෙද කියන්න අඩු ගානෙ ලෝක සිතියමක් වත් මේ අතිශයින් ග්‍රාමිය ඉතියෝපියන් කන්දෙ අයට නෑ.

    1974 දි එතෙක් තිබ්බ රාජාන්ඩුව පෙරළන ඉතියෝපියානු සමාජවාදු මිලිටරි හුන්ටාව එහෙ සමාජවාදි රාජ්‍යයක් හදනවනෙ. මේක අත්‍යන්තයෙන්ම ෆේල් වෙනකොට ටිග්‍රේ එරිත්‍රියා වගෙ පලාත් වලින් රෙසිස්ටන්ස් එකක් පටන් ගන්නව. සමාජවාදි ආර්තික පරික්ශණ වල ෆේලියර් සිවිල් යුද්දෙ මදිවට සහෙල් කලාපෙ ලොකු නියන් කාලෙකුත් එනව. ටිග්‍රේ ඇතුලු කදු වලට ආහාර සැපයුම නතර කරනව සමාජවාදි ආණ්ඩුවෙන් (දැන් ගාසාවට කලා වගෙ) මේ නිසා ටිග්‍රේ අවට කදුකරයේ විශාල ආහාර හිගයක් ඇතිවෙනව හැමෝම දන්න ඉතියෝපියානු සාගතය මේක.

    මේ කාලෙත් බීට ඉශ්‍රායල් වරු පුරුදු පරිදි එදාවේලක් කාල ඉන්නව, දුශ්කර නිසාම රටේ අර්බුදත් වැඩිය දැනෙන් නෑ. හැබැයි එක බීට ඉශ්‍රායල් වරයෙක් කැරලිකාරයින්ට උදව් කලා කියල ස්මාජවාදි ආන්ඩුව ඔහු පස්සෙ පන්නන්න ගන්නව. මෙ පුද්ගලයා පණ බේරගෙන සුඩානයේ තියෙන අනාත කදවුරකට එනව. එහිදී ඔහු ඊශ්‍රායලය කියන රට ගැන කරුණු හොයාගෙන ඊශ්‍රායලයට තමන්ගෙ විස්තරය දැනුම් දෙනවා.

    කතාව අහන මොසාඩ් ආයතනය තමන්ගෙ රටේ ගෝත්‍රයක් ද මේ කියල මිශන් එකක් එවනව. ඊශ්‍රායලය පිළි නොගන්න අරාබි රටක් වන සුඩානෙට බහින්න ලේසි නැති නිසා මාට්ටු වුනොත් ඔලුව ගැලවෙන නිසා තමා වෙරල අවට පොඩි රවුමක් දාල හෝටලයක් හොයන් ස්විස් කට්ටියක් වගෙ එතෙන්ට බහින්නෙ. පෙර කී පුද්ගලයා හමුවන මොසාඩ් නිලධාරින් හා ඊශ්‍රායල ආන්ඩුව තීරණය කරනව ඉතියෝපියාවෙ මතුවන තත්වයන් එක්ක අනාරක්ශිත නිසා මේ ගෝත්‍රය ඊශ්‍රායලයට ගෙනියන්න.

    හෝටලෙ දුවන අතරෙ ඒජන්ට්ස් ලා වැඩේ කරගෙන යනව. ජෙරුසෙලමට යන්න ලෑස්ති වෙන්න කියල පණිවුඩය යවනව ගැමියන්ට. මේක අහන යුදෙව් ගෝත්‍ර කිමි 500 කට දිග ගමනක් පයින් කදු හෙල් ඔස්සෙ ඇවිත් සුඩානයට එනව. ඒ එන ඔක්කොම අර අනාත කදවුරු වලට තමා යන්නෙ. මේ දුශ්කර ගමන් වලදි සිවිල් යුද්ද වලට අහුවෙල හොරුන්ට අහුවෙලා හෝ අනතුරු වෙලා දාස් ගානක් මැරිල තියෙනව

    ඊට පස්සෙ මොසඩ් ඒජන්තයින් ලොරි ලෑස්ති කරල මේ අයට පනිවුඩය යවනව. ඒක මොනවගේ පනිවුඩයක් ද කිව්වොත් බොහොවිට මහරාත්‍රියෙ නිදියන් ඉන්න පිරිසක් ඇහැරල ජෙරුසෙලමට යන්න එන්න කියල එක්කගෙන යනව වගෙ කෙරෙන්නෙ. මේ මිනිස්සු ජීවිතේට ලොරියක්වත් දැකල නෑ.

    ලොරිය හොර පාරෙන් කාන්තාරෙ ඔස්සෙ යනව හෝටලේ ආසන්න වෙරලට. රත්‍රී කීපයක් ගෙවන්න ඉඩ තියෙනව. ඒ වෙලාවලට ඔවුන්ව රහසිගත වාඩි (අරාබි බසින් වාඩි කියන්නෙ ගැඹුරට හෑරුනු වියලී ගිය ගන්ගා නිම්න. සුඩාන කාන්තාරෙ මේව තියෙනව) අර මිනිස්සු සමහර වෙලාවට ඊශ්‍රායලයට ආව කියල සුඩාන කාන්තාරෙ පොලොව සිපගන්නවලු.

    අන්තිමේ වෙරලට එන අයව ඩිංගි බෝට්ටු වලින් ඊස්‍රායල නැවකට අරන් ගිහින් ඔවුන්ව ඊශ්‍රායලයට ගෙන යනව. බෝට්ටු සෙල්ලම සුඩානයට මාට්ටු වුනාම හර්කියුලිස් ප්ලේන් කාන්තාරෙට කලුවරේ බස්සල එයාලිෆ්ට් කරනව.

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,030
    113
    මේ ඔක්කොම මැද්දෙ රිසෝට් එක මාට්ටු නොවී දුවනව. ලොව පුරා සංචාරක මැගසින් වල නම යනව. හවුස් ෆුල් වෙනව. මිශන් එක කරන්න එව්ව ස්ටාෆ් එකට අමතරව හෝටලෙ දුවන්න කියල වැඩියෙන් මොසාඩ් උන් එවන්න වෙනව. සුඩාන රජයේ ඉහල නිලදාරින් තානාපති හා රාජ්‍යතාන්ත්‍රිකයන් නිතර එනව. අපරාදෙ කියන්න බෑ මිශන් එකට වියදමක් යන්නෙම නැති තරම් මොකද හෝටලේ ආදයමෙන් හෝටලයත් කරල රෙස්කියු මිශන් එකත් කරන්න පූලුවන්.

    1980 පටන් ගන්න හෝටලේ මේ වෙනකොට අවු 5 ක් දුවල. ඒ කාලෙ ඉහියෝපියාවෙ සාගතය හා සිවිල් යුද්දයේ උපරිමේ. එකතැනකදි සුඩානයට මේ ගැන ඉව වැටුනු බව දැනගත්තම ඇමරිකාවට කියල රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් හා ලොකු මුදල් හුවමාරු වලින් සුඩාන නායකයව එකග කරගන්නව රාත්‍රියෙ හොරෙන්ම ඛාර්ටුම් ගුවන් තොටුපොලෙන්ම ගෙනියන්න. මේ වෙනකොට 6000 කට වඩා ගෙන ගිහින්.

    ලොකු ලොකු නම්බර්ස් වලින් යනකොට එක තැනකදි මේ සියල්ල පත්තර වල පළ වෙනව. මේ කාලෙම සුඩානෙත් හමුදා කුමන්ත්‍රණයක් වෙනව. කුමණ්ත්‍රණය සමගම අරවුස් රිසෝට් එක රේඩ් කරන්න යන ආරංචියක් එන නිසා එක පාරට දවසක් ඒකෙ ඉන්න මොසාඩ් ඒජන්ට්ස් ලා තමන්ගෙ වාහන වලින් කාන්තාරෙට බාපු කාගෝ ප්ලේන් එකක් ඇතුලට ඩ්‍රයිව් කරල ඊශ්‍රායලයට ම යනව. එක පාරට හෝටලෙ ගෙස්ට්ලා ෆුල් ඉද්දි ලෝකල් සේවකයින් පමනක් ඉතුරු වෙනව. අඩුම ගානෙ ඔවුන් දන්නෙවත් නෑ අපර් මැනේජ්මන්ට් එක දාල ගියා කියලවත්. අරවුස් රිසෝට් එක ඒ සමගම වහල දානව.

    මීට පස්සෙ ඇමරිකාව හරහ රාජ්‍යතාන්ත්‍රික බලපෑම්, වෙපන්ස් හා සල්ලි දෙමින් ඉතියෝපියානු සමාජවාදි හුන්ටාවේ අවසරය මත අඩිස් අබාබා වලින්ම බිට ඉශ්‍රායල් ලා එයාලිෆ්ට් කරනව රහසේ.

    ඔක්කොම 18000 කට වඩා එක්ක ගියා කියනව. 2000 ට වඩා මග මැරිල තියෙනව. එක බෝයින් 747 ගුවන් යානෙක එක්දාස් ගානක් එයාලිෆ්ට් කරලා ලොකෙ වැඩිම මගීන් ගානක් ගිය ප්ලේන් එකේ වාර්තාව තියල තියෙන්නෙත් මේ මිශන් එකේ.

    අදටත් බීට ඊශ්‍රායල් ලා ඉන්නෙ ඉශ්‍රායලේ. අවුරුදු දාස් ගානක් ලෝකෙන් වෙන් වෙච්ච ඇත්තෙන්ම ලොස්ට්ට්‍රයිබ් එකක් එක පාරට දියුනු රටකට ආවම කොහොම ශොක් වුනාද දන්නෙ නෑ. 2009 මේ වැඩේ පටන් ගත්ත බීට ඉශ්‍රායල් වරයා මිය ගියාම ජාතික වීරයෙක්ලෙස සැලකුම් ලබනව.

    මාර රොමැන්ටික් නේ. තමන්ගෙ ජාතියෙ මිනිස්සු ලෝකෙකොහෙ හිටියත් උන්ව බේරගෙන අරන් ආව කියන එක. ක්‍රි පූ 680 විතර යුද්දෙකින් අතුරුදහන් වෙච්ච ට්‍රයිබ්ස් 10 තාම හොයන එක.

    පොඩ්ඩක් හෝව්. ඔබට මේ රොමෑන්ටික් ජාත්‍ය්ලය තුල පවතින ජතිවාදය පේනවද?

    ඊශ්‍රායලය කියන රට ලොකෙ ඕනෙම තූත්තුකුඩියක ඉන්න යුදෙව් කියන ලේබලය කොහොම හෝ ගහගත්ත - අවු 3000 ක් වෙන් වෙලා හිටියත් කමක් නෑති - ඕනෙම එකෙකුට සිටිසන්ශිප් දෙනව ගෙන්න ගන්නව. ඒ වෙනුවෙන් පුදුම මහන්සියක් අවදානමක් හා වියදමක් දරනව. ඒත් 1947 සිට මේ දක්වා ඔහොම ආපු ඊශ්‍රායල් වරුන්ට පදිංචි වෙන්න සරු බිම් වතුර තියෙන තෑන් වල එහෙම අල්ලා ගන්න එලවා දාපු ඒවයෙ හිටපු පලස්තීන අරාබින් මිලියන පහකට වඩා ඒ අවට රටවල අවතැන්ව ඉන්නව. උන්ට ඊශ්‍රායලයට ඇතුලුවීම තහනම්. ද්වි රාජ්‍ය ගිවිසුමෙත් එක කොන්දේසියක් තමා හැදෙන පලස්තින රාජ්‍යයට වත් තමන්ගෙ රටෙන් එලවා දාපු පලස්තින අවතැන් මිනිසුන් වද්ද ගන්න තහනම්.

    ඉතියෝපියානු සගතයෙ කන්න නැතිවෙයි කියල මේ මිනිස්සු අරන් එනව දැන් ගාසාවට ආහාර සහ වතුර කපල තියෙන්නෙ ගාසාවෙ සිවිල් වැසියන් මේ බෝම්බ දාන අස්සෙ ප්‍රාණ ඇපකාරයින්ව හමාස් එකෙන් බේරගෙන ගෙනත් නොදුන්නොත් වතුර හා ආහාර ලැබෙන්නෙ නෑ උන්ට.

    පිටට පේන ජාත්‍යාලය අස්සෙ දුවන අපාතයිඩ් නරුම කම ඒකයි.

    බීට ඉශ්‍රායල් කතාව නෙට්ෆ්ලික්ස් එකේ තියේලු. Red Sea Diving Resort කියල. හැබැයි ෆිල්ම් එකක් වගෙ වෙන අතින් කෑලි දාල කතාව වෙනස් ලු තියෙන්නෙ. බැලුවෙ නෑ. එක එකා ගොතපු කථා බලල ලෝකෙ තේරුම් ගන්න බෑ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,240
    113
    Isreal කියන්නේ කොහොමත් හොඳ සෙට් එකක් නෙවෙයි. ethnostate කියන ඒවා යුද්දෙව්වෝ හැදුවත් දෙමලු හැදුවත් සිංහලු හැදුවත් වැරදියි.

    මෙතන තියන වැඩේ තමයි හමාස් උන් කරේ අමන ත්‍රස්තවාදී වැඩක්, ඒක සාධාරණීකරණය කරන්න බෑ Isreal උන්ගේ වැරදි කියල. කොහොම කරත් වැරැද්ද වැරද්දමයි.

    පලස්තිනේ සාමාන්‍ය මිනිස්සු තමයි මෙතන අසරණම. පලස්තිනේ මිනිස්සුන්ට හමාස් උන්ට වැඩ හොඳ නියෝජිතයෙක් අවශ්‍යයි.

    @lovethebomb මේ වගේ කතාවක් කියල තියනවා දැක්ක
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,873
    2
    54,542
    113
    යුරෝපෙන් අරාබියෙන් ගාසා වලට හම්බෙච්ච වතුර ලයින් වල බට ගලෝල රොකට් හදල ඉස්රායලේට ගහපු උං අම්නේ ඉස්රායලේ වතුර දෙන්නැහ් ඉම්හි ඉම්හි කියන එක නං හෙන ගොං

    දෙකම එක වල්ලෙ පොල්. හමාස් උන් උන්ගෙ අවුරුදු ගාණක පලිය ගත්ත දැන් ආයෙ මුන් ඒ පලිය දවසෙන් දෙකෙන් ගන්නව. ත්‍රස්තවාදීනියෝජනයක් ආව එකයි ඕකෙ අවුල ඉතින් මොකෙක්වත් මේ වෙලාවෙ එලිපිට මානවහිමිකම් බලන එකක් නෑ අපේ ලන්කාවෙ එහෙම කැති ගාල ගිය වෙලාවල රිටන් දෙනකොට පත්තු උනා වගේ.

    යුරෝපෙන් අරාබියෙන් ගාසා වලට හම්බෙච්ච වතුර ලයින් වල බට ගලෝල රොකට් හදල ඉස්රායලේට ගහපු උං අම්නේ ඉස්රායලේ වතුර දෙන්නැහ් ඉම්හි ඉම්හි කියන එක නං හෙන ගොං

    ලිපියෙ අග ටිකට වැඩිය එකග වෙන්නෙ නෑ. ඒ උනාට උඩ ටික ඉන්ටරෙස්ටින්ග්.
    ------ Post added on Oct 14, 2023 at 12:06 AM
     
    • Like
    Reactions: NRTG and Bart_Allen

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,240
    113
    දෙකම එක වල්ලෙ පොල්. හමාස් උන් උන්ගෙ අවුරුදු ගාණක පලිය ගත්ත දැන් ආයෙ මුන් ඒ පලිය දවසෙන් දෙකෙන් ගන්නව. ත්‍රස්තවාදීනියෝජනයක් ආව එකයි ඕකෙ අවුල ඉතින් මොකෙක්වත් මේ වෙලාවෙ එලිපිට මානවහිමිකම් බලන එකක් නෑ අපේ ලන්කාවෙ එහෙම කැති ගාල ගිය වෙලාවල රිටන් දෙනකොට පත්තු උනා වගේ.

    Yep. පලස්තිනේ මිනිස්සු ගැන අනුකම්පාවක් තිබ්බ ඊස්රයෙල් උන් උනත් මේවගෙන් පස්සේ පව් කියන එකක් නෑ. පව් ඉතින් පොඩි උන් එහෙම මැරෙන හැටි දැක්කම සසර කලකිරෙනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,030
    113
    Yep. පලස්තිනේ මිනිස්සු ගැන අනුකම්පාවක් තිබ්බ ඊස්රයෙල් උන් උනත් මේවගෙන් පස්සේ පව් කියන එකක් නෑ. පව් ඉතින් පොඩි උන් එහෙම මැරෙන හැටි දැක්කම සසර කලකිරෙනවා
    ඒක තමා. උන් මොනව දැනගෙනද? ජාති දෙකේම උන් එකට දැම්මොත් එකට සෙල්ලන් කර කර ඉදී.

    ඇයි හිට්ලර් මෙච්චර මේ යුදෙව් උන් එක්ක මල පැනගෙන හිටියෙ. ආර්‍ය නොවුනා කියලම වෙන්න බෑනෙ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,236
    113
    ප*යාගල
    sorry.com
    1947 සිට මේ දක්වා ඔහොම ආපු ඊශ්‍රායල් වරුන්ට පදිංචි වෙන්න සරු බිම් වතුර තියෙන තෑන් වල එහෙම අල්ලා ගන්න එලවා දාපු ඒවයෙ හිටපු පලස්තීන අරාබින් මිලියන පහකට වඩා ඒ අවට රටවල අවතැන්ව ඉන්නව. උන්ට ඊශ්‍රායලයට ඇතුලුවීම තහනම්
    උන් එල්වන්නෙ නැතුව හිටියත් ඊශ්‍රායල් දියුනු උනා වගේ දියුනු වෙන්නේ නෑ. අදටත් EU එකෙන් Aid හිගා කකා ඉදී
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මුස්ලිම්, Jew එකම කාසියේ දෙපැත්ත තමයි. Conspiracy theory වලට කියන්නේ නම් මේ ලෝකේ control කරන්නෙත් Jew උන් කියලා නේ.
    2nd WW එක පටන් ගන්න ඉස්සර Jew උන් German කාරයන්ට පුදුම විඳිය ට එපා වෙනකම් වද දිදී ලාබ හෙව්වා කියනවා නේද?
     
    • Like
    Reactions: Janithsl88 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    හැරිලා බැලුවොත් දෙගොල්ලොගෙම වැරදි තියනවා. නමුත් මේ වෙච්ච සිද්දියෙන් හමාස් එකට ලොකු අවාසියක් තියනවා මේ වෙලාවේ. ඒකෙන් ඊශ්‍රයලය උපරිමයෙන් ප්‍රොයෝජන ගනීවි. මොනවා උනත් දෙපැත්තේම ඉන්න සාමාන්‍ය මිනිස්සු මේවගෙන් සෑහෙන්න තැලෙනවා
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,240
    113
    ඒක තමා. උන් මොනව දැනගෙනද? ජාති දෙකේම උන් එකට දැම්මොත් එකට සෙල්ලන් කර කර ඉදී.

    ඇයි හිට්ලර් මෙච්චර මේ යුදෙව් උන් එක්ක මල පැනගෙන හිටියෙ. ආර්‍ය නොවුනා කියලම වෙන්න බෑනෙ.
    යුදෙව්වෝ කියන්නේ බිස්නස් එහෙම කරගෙන හිටපු සුළු ජාතියක්නේ ඉතින් උන් එක්ක මලක් කොහොමත් යුරෝපේ උන් අතර තිබ්බ.

    පලවෙනි ලෝක යුද්ධෙන් ජර්මනිය පරාද උනේ තවදුරටත් යුද්ධේ කරන් යන එක තේරුමක් නැති නිසා මිසක් දෙවෙනි ලෝක යුද්ධේ වගේ බර්ලින් වලටම ඇවිත් පුපේ ඇරලා ගිහින් නෙවෙයි. ඒ නිසා ජර්මනයේ මිනිස්සුන්ට දැනුනේ නිකන් එක පාරම ගහගෙන යද්දී යුද්ධේ නැවතුනා වගේ. ඕකට ගැලපෙන්න ආපු conspiracy theory එකක් තමයි යුදෙව්වෝ ඇතුලේ ඉඳන් පාවා දුන්න කියන එක.

    ජර්මන් මිනිස්සු තමුන් පැරදුනා කියන එක පිලිගන්නවා වෙනුවට අපි ගහන්න ඔන්න මෙන්න තියෙද්දී මේ යුදෙව් හැත්ත ඇතුලේ ඉඳන් ගැහුවා නැත්තම් මෙලහකට ගහල කියල පිළිගන්න කැමති වෙන එක obvious නේ. ඕක තමයි පලවෙනි ලෝක යුද්ධේ සෙබලෙක් වෙච්ච හිට්ලර්ගේ අදහස් වල මුල.

    ඉතුරු ටික ඉතින් කතාව හදාගෙන යද්දී ගැට ගහපුවා. හරියට නිකන් කාලයක් ලංකාවේ ඔක්කොම ප්‍රශ්න වලට මුල තම්බි වෙලා හිටියා වගේ තමයි
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඇයි හිට්ලර් මෙච්චර මේ යුදෙව් උන් එක්ක මල පැනගෙන හිටියෙ. ආර්‍ය නොවුනා කියලම වෙන්න බෑනෙ.

    මම ඊශ්‍රායල රජය බොහෝ දුරට විවේචනය කරන කෙනෙක්. ඒත් මේ කොන්ෆ්ලික්ට් එක උඩින් යන මේ හා සමාන අදහස් ගැන යමක් කියන්න ඕනෙ.

    මට පේන්නෙ උඹල වර්තමාන ඊශ්‍රායල රජය කරන මරි වැඩ එක්ක තියෙන තරහ යුදෙව් මිනිස්සු ගැන තියෙන පට්ට ගහපු අගතීන් ටිකක් පටලවගෙන කියල. ඔය දෙවනි ලෝක යුද්ධෙ සමයෙ යුරෝපීය ජුව්රි එක ගැන හිතන් ඉන්න ඒවයෙ පදනමක් නැහැ. දැන හෝ නොදැන ඔය ලියන්නෙ සම්භාව්‍ය යුරෝපීය ඇන්ටිසෙමිටිසම්, ඒකෙත් සරළම නරකම එක. යුදෙව්වො යුරෝපයෙ ශිෂ්ඨාචාරයට යම් විනාස‍යක් කරමින් හිටියා, ගින්නක් නැතුව දුමක් නගින්නෑ යනාදි වශයෙන්.

    පළවෙනි ලෝක යුද්දය අවසන් වෙද්දි විශාල ආර්ථික අර්බුදයක රට හිර වෙලා තිබ්බෙ. වයිමාර් ජනපදයෙ අතීත ශ්‍රී විභූතිය කඩා වැටුනා කියන දරුණු ඉච්ජාභංගත්වයක මිනිස්සු හිටියෙ. ලෝකෙ වාර්ගික ගැටලු ඇතිවෙන අවස්ථාවල ඔය බොහෝ ප්‍රශ්නවලට තියෙන්නෙ මැටීරියල් (ආර්ථික) මූලයක්. ජරමනියෙ උනෙත් ඒකමයි. මැටීරියල් ගැටලු ඉහවහා ගියාම සාමාන්‍යෙන් වෙන විදිහටම රටේ දාහකුත් එකක් ගැටලු වලට කාටහරි මුවහමක් වෙන්න උනා. යුදෙව්වො කියන්නෙ ඒ වෙද්දි ජනගහනයට සාපේක්ෂව මධ්‍යම පන්තියෙ ඉහළ නියෝජනයක් තිබ්බ ප්‍රජාව. ව්‍යවසායකයොද, කලාකාරයොද, වෛද්‍යවරුද. මේ ඔක්කොමටත් වඩා ඇකඩමියාවෙ යුදෙව්වො.

    අනිත් කාරනය යුදෙව් විරෝධය කියන එක එකපාර මතු උන දෙයක් නෙමේ මධ්‍යකාලීන යුගයෙ ඒ මිනිස්සු යුරෝපෙට ඇවිත් සෙට්ල් උන කාලෙ පටන්ම ඔය ගැටලු තිබ්බා. වසංගතේ වෙලේ සමහර යුරෝපිය මිනිස්සු හිතුවෙ මේ පෙරදිගින් ආපු උන් මොනවා හරි වතුරට මිශ්‍ර කරපු නිසා තමන්ට ලෙඩ හැදෙනවය කියල. යුදෙව්වො ඩයස්පොරික් නිසා නෙට්වර්කින් තිබ්බා, ආනයන වෙලඳාමෙ දක්ෂ උනා. එයාලට මුදල් නයට පොලියට දීම ගැන ආගමික අධිකාරියෙන් තහංචි පණවල තිබුනෙ නෑ, ලතින් පල්ලියෙන් අනිත් මිනිස්සුන්ට කරල තිබ්බා වගේ. මේවගේ කාරනා නිසා යුදෙව් එක්වෙස්ටේරියන් ක්ලාස් එකක් ඉක්මනින්ම ගොඩනැඟුනා. අයිබීරියන් පෙනින්සියුලා එකේ ඉඳන් ස්පාඥ්ඥ රජවරුන්ටත් කැපිටල් එක සැපයුවෙ සමහර සෙෆාර්ඩික් යුදෙව්වො. මේ මුන්ට ව්‍යවසායකත්වෙ නිසාම ආපු වරප්‍රසාදයක්. ඕව සමාජෙ ඉන්න මිනිස්සුන්ට රුස්සන්නෙ නැතුවා වෙන්න ඇති.

    අනුස් මිරාබ්ලිස් එකෙන් පස්සෙ අයින්ස්ටයින් තමන්ගෙ පත්‍රිකා 5 අමුනපු ලියුම් වටේම තියෙන විශ්ව විද්‍යාලවලට යවනව ඇකඩමික් ජොබ් එකක් හොයාගන්න. ඔය ජොබ් ඇප්ලිකේෂන් එක ගැන බර්ලින් විශ්වවිද්‍යාලෙද කොහෙද ඉන්ටඩිපාට්මන්ටල් මෙමෝ එකක් යනව "හෙර් අයින්ස්ටයින්ගෙ පත්‍රිකා සෑහෙන ඉහළ ප්‍රමිතියක තියෙනව නමුත් අපි යුදෙව් ප්‍රශ්නය ගැන කතා කලයුතුයි කියල". 'යුදෙව් ප්‍රශ්නය' කියද්දි අපි තේරුම් ගන්න ඕනෙ යුදෙව් විශ්ව විද්‍යාල ශිෂ්‍යයො ගුරුවරුන්ගෙ අණ නොතකන, සමහරවෙලාවට පෙරලා ප්‍රශ්න කරන බවට අදහසක් මේ ෆැකල්ටියෙ තිබිල තියෙනව කියල. මේක හොඳ දර්ශීය උදාහරණයක් කොහොමද යුදෙව් ප්‍රජාවත් සෙසු ප්‍රජාවත් අතර කල්චරල් වෙනස් කම් පලවෙනි ලෝක යුද්දෙන් පස්සෙ කාලෙ යුරෝපයෙ කළමණාකරනය උනේ කියන්න. ඕක ඔයිට නරක අතට හැරෙනව තව කල් යද්දි. සාධාරණ සාපේක්ෂතාවාදය පල කරාට පස්සෙ ජර්මන් පත්තර ඕක හඳුන්වන්නෙ 'ජර්මානු විරෝධී විද්‍යාව', 'යුදෙව් විද්‍යාව' විදිහට. ඇකඩමියාව යුදෙව්කරනය වෙනවා කියල කතාවක් යනව.

    මේ තියෙන්නෙ ඔය කාලය වෙද්දි යුදෙව් වීම තමන්ව විනිශ්චයට භාජනය වෙන, කොයිතරම් වෙහෙසකර වාතාවරනයක් නිර්මානය කරල තිබ්බද කියන එකේ එක කොටසක්. මේ එක ක්ෂේත්‍රයක් විතරයි, මම ඇකඩමියාවෙ නිසා මගේ පැත්තෙන් ලිව්වෙ.

    ජර්මානු මිනිස්සු මේ තැනට ඒම මට තේරුම් ගන්න පුලුවන්. අපි මේ කතාකරන්නෙ යුරෝපීය බුද්ධි ප්‍රබෝදය බිහි කරන්න ලොකු දායකත්වයක් දීපු භූමියක් ගැන. Age of reason එකේ පුදුමාකාර දේශපාලනික, සංස්කෘතික අභිමානයක් අත්විඳපු මිනිස්සු ටිකක් ප්‍රශියාව, ඔස්ට්‍රියාවෙ ජීවත් උනේ. 1920න් පස්සෙ රට කඩා වැටුන වැටිල්ල මිනිස්සුන්ගෙ ලොකු විපිළසර බවකට හේතු උනා. දහසකුත් එකක් ගැටලු වලට උත්තරයක් කාගෙන් හෝ හොයාගන්න අවශ්‍ය තැනට මිනිස්සු තල්ලු වෙමින් තිබුනෙ. ඊතර් එක පුරාවටම පැතිරිලා තිබුනා විසඳුමක්. හිට්ලර් යුදෙව්වො මරන්නෙ උන්ටර්මෙන්ශ් හෙවත් ඊනියා අවමිනිස් වීම නිසාම නෙමේ, ඒකට හේතුව එයා එක්ස්ප්ලිසිට් කියනව. හිට්ලර් මයින් කාම්ෆ් වල ලියනව ජර්මානු ශ්‍රී විභූතිය වියැකෙමින් තිබෙන බවත් එය ගොඩගැනීම තමන්ගේ ඓතිහාසික කාර්‍යභාරය බව විදිහට. එයා එන්නෙ මෙසියනික් ෆිගර් එකක් විදිහට. අවසානෙදි ජුවිෂ් ගෙටෝ වලට මිනිස්ස්සුන්ව ගාල් කරාට පස්සෙ සීස් කරපු බැංකු ගිනුම් වල මුදල් රයික් පොලිටීෂියන්ලගෙ ස්විස් එකවුන්ට් වලයි නැවතුනෙ.

    මම ඊශ්‍රායලය විවේචනය කරද්දි විවේචනය කරන්නෙ මොඩර්න් ස්ටේට් ඔෆ් ඊශ්‍රායල් එකෙන් පලස්තීන මිනිස්සුන්ට වෙන අසාදාරණකම පමණයි. අහේතුක යුදෙව් විරෝදය නම් විවෘතව ප්‍රතික්ෂේප කරනව. මේ තරම් ලොකු සංහාරයක් සාදාරණ හේතුවක් නැතුව වෙන්න පුලුවන්ද කියල අහන අය ඒකට උත්තරේ තේරුම් ගන්න දවසට ඩිප්‍රෙස් වෙයි.

    පලි:

    අවුරුදු සිය ගානක් තිස්සෙ යුරෝපෙ සහ රුසියාවෙ උන පොග්‍රොම් සහ අන්තිමට උන ශෝවා එකෙන් පස්සෙ යුදෙව් මෙන්ටැලිටි එකේ යම් වෙනසක් උනා. ඒ මිනිස්සු තේරුම් ගත්තා කොහොම හිටියත් එයාලට මිත්‍රයො නෑ කියල. යම් සාර්ථකත්වයක් අත්පත් කරගන්නවද ඒක පාරාවලල්ලක් විදිහට ආපහු එනව කියල. විශේෂයෙන්ම ඊශ්‍රායලයෙ මෙන්ටැලිටි එක එන්නෙ අපි තවදුරටත් පරදින්නෙ නෑ වගේ තැනකින්. ඕක වෙලාවකට ඕවර්කම්පන්සේෂන් එකක්, ජාතිකවාදීන්ගෙ පැත්තෙන් ටොක්සික් වෙනව, පලස්තීනෙට ඇනයක් වාතයක් වෙනව. නමුත් යුදෙව් පැවැත්මේ ජෙනරේශනල් ට්‍රෝමා වල ප්‍රතිපලයක් මේක, ලෝකෙ අනිත් මිනිස්සුන්ටත් ඒ ගැන එම්පතියක් තියෙන ඕනෙ. ඒ නිසා ඔය සාවද්‍ය කතා මේ ටෙරිටෝරියල් ප්‍රශ්නෙත් එක්ක පටලවන එක නොසුදුසුයි.
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    මම ඊශ්‍රායල රජය බොහෝ දුරට විවේචනය කරන කෙනෙක්. ඒත් මේ කොන්ෆ්ලික්ට් එක උඩින් යන මේ හා සමාන අදහස් ගැන යමක් කියන්න ඕනෙ.

    මට පේන්නෙ උඹල වර්තමාන ඊශ්‍රායල රජය කරන මරි වැඩ එක්ක තියෙන තරහ යුදෙව් මිනිස්සු ගැන තියෙන පට්ට ගහපු අගතීන් ටිකක් පටලවගෙන කියල. ඔය දෙවනි ලෝක යුද්ධෙ සමයෙ යුරෝපීය ජුව්රි එක ගැන හිතන් ඉන්න ඒවයෙ පදනමක් නැහැ. දැන හෝ නොදැන ඔය ලියන්නෙ සම්භාව්‍ය යුරෝපීය ඇන්ටිසෙමිටිසම්, ඒකෙත් සරළම නරකම එක. යුදෙව්වො යුරෝපයෙ ශිෂ්ඨාචාරයට යම් විනාස‍යක් කරමින් හිටියා, ගින්නක් නැතුව දුමක් නගින්නෑ යනාදි වශයෙන්.

    පළවෙනි ලෝක යුද්දය අවසන් වෙද්දි විශාල ආර්ථික අර්බුදයක රට හිර වෙලා තිබ්බෙ. වයිමාර් ජනපදයෙ අතීත ශ්‍රී විභූතිය කඩා වැටුනා කියන දරුණු ඉච්ජාභංගත්වයක මිනිස්සු හිටියෙ. ලෝකෙ වාර්ගික ගැටලු ඇතිවෙන අවස්ථාවල ඔය බොහෝ ප්‍රශ්නවලට තියෙන්නෙ මැටීරියල් (ආර්ථික) මූලයක්. ජරමනියෙ උනෙත් ඒකමයි. මැටීරියල් ගැටලු ඉහවහා ගියාම සාමාන්‍යෙන් වෙන විදිහටම රටේ දාහකුත් එකක් ගැටලු වලට කාටහරි මුවහමක් වෙන්න උනා. යුදෙව්වො කියන්නෙ ඒ වෙද්දි ජනගහනයට සාපේක්ෂව මධ්‍යම පන්තියෙ ඉහළ නියෝජනයක් තිබ්බ ප්‍රජාව. ව්‍යවසායකයොද, කලාකාරයොද, වෛද්‍යවරුද. මේ ඔක්කොමටත් වඩා ඇකඩමියාවෙ යුදෙව්වො.

    අනිත් කාරනය යුදෙව් විරෝධය කියන එක එකපාර මතු උන දෙයක් නෙමේ මධ්‍යකාලීන යුගයෙ ඒ මිනිස්සු යුරෝපෙට ඇවිත් සෙට්ල් උන කාලෙ පටන්ම ඔය ගැටලු තිබ්බා. වසංගතේ වෙලේ සමහර යුරෝපිය මිනිස්සු හිතුවෙ මේ පෙරදිගින් ආපු උන් මොනවා හරි වතුරට මිශ්‍ර කරපු නිසා තමන්ට ලෙඩ හැදෙනවය කියල. යුදෙව්වො ඩයස්පොරික් නිසා නෙට්වර්කින් තිබ්බා, ආනයන වෙලඳාමෙ දක්ෂ උනා. එයාලට මුදල් නයට පොලියට දීම ගැන ආගමික අධිකාරියෙන් තහංචි පණවල තිබුනෙ නෑ, ලතින් පල්ලියෙන් අනිත් මිනිස්සුන්ට කරල තිබ්බා වගේ. මේවගේ කාරනා නිසා යුදෙව් එක්වෙස්ටේරියන් ක්ලාස් එකක් ඉක්මනින්ම ගොඩනැඟුනා. අයිබීරියන් පෙනින්සියුලා එකේ ඉඳන් ස්පාඥ්ඥ රජවරුන්ටත් කැපිටල් එක සැපයුවෙ සමහර සෙෆාර්ඩික් යුදෙව්වො. මේ මුන්ට ව්‍යවසායකත්වෙ නිසාම ආපු වරප්‍රසාදයක්. ඕව සමාජෙ ඉන්න මිනිස්සුන්ට රුස්සන්නෙ නැතුවා වෙන්න ඇති.

    අනුස් මිරාබ්ලිස් එකෙන් පස්සෙ අයින්ස්ටයින් තමන්ගෙ පත්‍රිකා පහත් අමුනලා එක්ක වටේම තියෙන විශ්ව විද්‍යාලවලට යවනව ඇකඩමික් ජොබ් එකක් හොයාගන්න. ඔය ජොබ් ඇප්ලිකේෂන් එක ගැන බර්ලින් විශ්වවිද්‍යාලෙද කොහෙද ඉන්ටඩිපාට්මන්ටල් මෙමෝ එකක් යනව "හෙර් අයින්ස්ටයින්ගෙ පත්‍රිකා සෑහෙන ඉහළ ප්‍රමිතියක තියෙනව නමුත් අපි යුදෙව් ප්‍රශ්නය ගැන කතා කලයුතුයි කියල". 'යුදෙව් ප්‍රශ්නය' කියද්දි අපි තේරුම් ගන්න ඕනෙ යුදෙව් විශ්ව විද්‍යාල ශිෂ්‍යයො ගුරුවරුන්ගෙ අණ නොතකන, සමහරවෙලාවට පෙරලා ප්‍රශ්න කරන බවට අදහසක් මේ ෆැකල්ටියෙ තිබිල තියෙනව කියල. මේක හොඳ දර්ශීය උදාහරණයක් කොහොමද යුදෙව් ප්‍රජාවත් සෙසු ප්‍රජාවත් අතර කල්චරල් වෙනස් කම් පලවෙනි ලෝක යුද්දෙන් පස්සෙ කාලෙ යුරෝපයෙ කළමණාකරනය උනේ කියන්න. ඕක ඔයිට නරක අතට හැරෙනව තව කල් යද්දි. සාධාරණ සාපේක්ෂතාවාදය පල කරාට පස්සෙ ජර්මන් පත්තර ඕක හඳුන්වන්නෙ 'ජර්මානු විරෝධී විද්‍යාව', 'යුදෙව් විද්‍යාව' විදිහට. ඇකඩමියාව යුදෙව්කරනය වෙනවා කියල කතාවක් යනව.

    මේ තියෙන්නෙ ඔය කාලය වෙද්දි යුදෙව් වීම තමන්ව විනිශ්චයට භාජනය වෙන, කොයිතරම් වෙහෙසකර වාතාවරනයක් නිර්මානය කරල තිබ්බද කියන එකේ එක කොටසක්. මේ එක ක්ෂේත්‍රයක් විතරයි, මම ඇකඩමියාවෙ නිසා මගේ පැත්තෙන් ලිව්වෙ.

    ජර්මානු මිනිස්සු මේ තැනට ඒම මට නම් තේරුම් ගන්න පුලුවන්. අපි මේ කතාකරන්නෙ යුරෝපීය බුද්ධි ප්‍රබෝදය බිහි කරන්න ලොකු දායකත්වයක් දීපු භූමියක් ගැන. Age of reason එකේ පුදුමාකාර දේශපාලනික, සංස්කෘතික අභිමානයක් අත්විඳපු මිනිස්සු ටිකක් ප්‍රශියාව, ඔස්ට්‍රියාවෙ ජීවත් උනේ. 1920න් පස්සෙ රට කඩා වැටුන වැටිල්ල මිනිස්සුන්ගෙ ලොකු විපිළසර බවකට හේතු උනා. දහසකුත් එකක් ගැටලු වලට උත්තරයක් කාගෙන් හෝ හොයාගන්න අවශ්‍ය තැනට මිනිස්සු තල්ලු වෙමින් තිබුනෙ. ඊතර් එක පුරාවටම පැතිරිලා තිබුනා විසඳුමක්. හිට්ලර් යුදෙව්වො මරන්නෙ උන්ටර්මෙන්ශ් හෙවත් ඊනියා අවමිනිස් වීම නිසාම නෙමේ, ඒකට හේතුව එයා එක්ස්ප්ලිසිට් කියනව. හිට්කර් මයින් කාම්ෆ් වල ලියනව ජර්මානු ශ්‍රී විභූතිය වියැකෙමින් තිබෙන බවත් එය ගොඩගැනීම තමන්ගේ ඓතිහාසික කාර්‍යභාරය බව විදිහට. එයා එන්නෙ මෙසියනික් ෆිගර් එකක් විදිහට. අවසානෙදි ජුවිෂ් ගෙටෝ ටික එහෙම හැදුවට පස්සේ සීස් කරපු බැංකු ගිනුම් වල මුදල් රයික් පොලිටීෂියන්ලගෙ ස්විස් එකවුන්ට් වල තිබුනෙ.

    මම ඊශ්‍රායලය විවේචනය කරද්දි විවේචනය කරන්නෙ මොඩර්න් ස්ටේට් ඔෆ් ඊශ්‍රායල් එකෙන් පලස්තීන මිනිස්සුන්ට වෙන අසාදාරණකම පමණයි. අහේතුක යුදෙව් විරෝදය නම් විවෘතව ප්‍රතික්ෂේප කරනව.

    අවුරුදු සිය ගානක් තිස්සෙ යුරෝපෙ සහ රුසියාවෙ උන පොග්‍රොම් සහ අන්තිමට උන ශෝවා එකෙන් පස්සෙ යුදෙව් මෙන්ටැලිටි එකේ යම් වෙනසක් උනා. ඒ මිනිස්සු තේරුම් ගත්තා කොහොම හිටියත් එයාලට මිත්‍රයො නෑ කියල. යම් සාර්ථකත්වයක් අත්පත් කරගන්නවද ඒක පාරාවලල්ලක් විදිහට ආපහු එනව කියල. විශේෂයෙන්ම ඊශ්‍රායලයෙ මෙන්ටැලිටි එක එන්නෙ අපි තවදුරටත් පරදින්නෙ නෑ වගේ තැනකින්. ඕක වෙලාවකට ඕවර්කම්පන්සේෂන් එකක්, ජාතිකවාදීන්ගෙ පැත්තෙන් ටොක්සික් වෙනව, පලස්තීනෙට ඇනයක් වාතයක් වෙනව. නමුත් යුදෙව් පැවැත්මේ ජෙනරේශනල් ට්‍රෝමා වල ප්‍රතිපලයක් මේක, ලෝකෙ අනිත් මිනිස්සුන්ටත් ඒ ගැන එම්පතියක් තියෙන ඕනෙ. ඒ නිසා ඔය සාවද්‍ය කතා මේ ටෙරිටෝරියල් ප්‍රශ්නෙත් එක්ක පටලවන එක වැරදියි.
    ඒකියන්නේ යුදෙව් උන් වතුරට වහ දැම්මා? හරියට මෙහෙ තම්බි කොත්තුවට වඳපෙති දැම්මා වගේ?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කැරි හම්බයොයි යුදෙව්වොයි මේ ලෝකෙන් අතුගාල දාපු දවසට දැන් තියෙන ප්‍රශ්න වලින් භාගයක් විතර විසඳෙනවා.
     
    • Like
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Isreal කියන්නේ කොහොමත් හොඳ සෙට් එකක් නෙවෙයි. ethnostate කියන ඒවා යුද්දෙව්වෝ හැදුවත් දෙමලු හැදුවත් සිංහලු හැදුවත් වැරදියි.

    මෙතන තියන වැඩේ තමයි හමාස් උන් කරේ අමන ත්‍රස්තවාදී වැඩක්, ඒක සාධාරණීකරණය කරන්න බෑ Isreal උන්ගේ වැරදි කියල. කොහොම කරත් වැරැද්ද වැරද්දමයි.

    පලස්තිනේ සාමාන්‍ය මිනිස්සු තමයි මෙතන අසරණම. පලස්තිනේ මිනිස්සුන්ට හමාස් උන්ට වැඩ හොඳ නියෝජිතයෙක් අවශ්‍යයි.

    @lovethebomb මේ වගේ කතාවක් කියල තියනවා දැක්ක

    පලස්තීන මිනිස්සුන්ට තියෙන හෙනේ දෙවැදෑරුම්: එකක් ඊශ්‍රායලය ප්‍රැක්ටිකලි ප්‍රිසන් ස්ටේට් එකක් මේන්ටේන් කරමින් ඉන්න නිසා මුන්ට ගවර්නන්ස් එකක් නෑ. තමන්ට කියල හමුදාවක් නෑ. තමන්ගෙ ගැටලු ගැන කතාකරන්න ඉතුරු වෙන්නෙ හරිම අසංවිධානාත්මක විදිහට නිදහස වෙනුවෙන් සටන් කරන හමාස් වගේ සංවිධාන තමා. මුන්ට විකල්ප නෑ.

    දෙක පලස්තීනෙම කරගන්න වැරැද්දක්, PLO එක තිබ්බ කාලෙදිම පලස්තීන ජනතාව අතර ෆ්‍රින්ජ් අදහසක් තිබ්බා ජුවිශ් ස්ටේට් එක පිටින්ම මැද පෙරදිගින් අතුගාල දැමිය යුතු බව (හැබැයි බොහෝ අයගෙ ඉල්ලීම උනේ ඉශ්‍රායලයෙ ඔකියුපේෂන් එක ඉවත් කරගෙන 1967 පෙර බෝඩර්ස් වලට යාම). මේ ආන්තික සෙට් එක නිසා රජයට අනවරත සෙකියුරිටි ත්‍රෙට් එකක් තියෙනව. මේ නිසා රජය ගාසා බ්ලොකේඩ් එක බුරුල් කරන්නෙම නෑ. මේක සහ සෙට්ල්මන්ට් වල ප්‍රශ්න නිසා පලස්තීනෙ පැත්තෙන් ගහන්න ගහන්න තව රජයට පදනම එනව අල්ලගෙනම ඉන්න. මේක ස්ටේල්මේට් එකක්.

    ඊශ්‍රායල රජය, ඊශ්‍රායලීය යුදෙව්වො, ග්ලෝබලි යුදෙව්වො කියන්නෙ ඩයිවර්ස් ඔපීනියන් තියෙන වෙනස්කම් තියෙන කාන්ඩ තුනක්. යුදෙව්වො අතරෙ පලස්තීනෙ කන ටොපිය ගැන සංවේදී අය ඕනෙ තරම් ඉන්නව. ඊශ්‍රායලේ ඩිමොක්‍රසියක් නිසා සෙට්ල්මන්ට් වලට විරුද්ධව ප්‍රොටෙස්ට් කරන ඊශ්‍රායල් මිනිස්සුම ඉන්නව. නමුත් මේ හමාස් ඇටෑක් වල තිරශ්චීන බව වැඩි වෙන තරමට අර සෙට් එක නෙතන්‍යාහුගෙ පැත්තටම තල්ලු වෙනව. පබ්ලික් ඔපීනියන් එක දැන් වෙනස් වෙයි.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    මේ ඔක්කොම මැද්දෙ රිසෝට් එක මාට්ටු නොවී දුවනව. ලොව පුරා සංචාරක මැගසින් වල නම යනව. හවුස් ෆුල් වෙනව. මිශන් එක කරන්න එව්ව ස්ටාෆ් එකට අමතරව හෝටලෙ දුවන්න කියල වැඩියෙන් මොසාඩ් උන් එවන්න වෙනව. සුඩාන රජයේ ඉහල නිලදාරින් තානාපති හා රාජ්‍යතාන්ත්‍රිකයන් නිතර එනව. අපරාදෙ කියන්න බෑ මිශන් එකට වියදමක් යන්නෙම නැති තරම් මොකද හෝටලේ ආදයමෙන් හෝටලයත් කරල රෙස්කියු මිශන් එකත් කරන්න පූලුවන්.

    1980 පටන් ගන්න හෝටලේ මේ වෙනකොට අවු 5 ක් දුවල. ඒ කාලෙ ඉහියෝපියාවෙ සාගතය හා සිවිල් යුද්දයේ උපරිමේ. එකතැනකදි සුඩානයට මේ ගැන ඉව වැටුනු බව දැනගත්තම ඇමරිකාවට කියල රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් හා ලොකු මුදල් හුවමාරු වලින් සුඩාන නායකයව එකග කරගන්නව රාත්‍රියෙ හොරෙන්ම ඛාර්ටුම් ගුවන් තොටුපොලෙන්ම ගෙනියන්න. මේ වෙනකොට 6000 කට වඩා ගෙන ගිහින්.

    ලොකු ලොකු නම්බර්ස් වලින් යනකොට එක තැනකදි මේ සියල්ල පත්තර වල පළ වෙනව. මේ කාලෙම සුඩානෙත් හමුදා කුමන්ත්‍රණයක් වෙනව. කුමණ්ත්‍රණය සමගම අරවුස් රිසෝට් එක රේඩ් කරන්න යන ආරංචියක් එන නිසා එක පාරට දවසක් ඒකෙ ඉන්න මොසාඩ් ඒජන්ට්ස් ලා තමන්ගෙ වාහන වලින් කාන්තාරෙට බාපු කාගෝ ප්ලේන් එකක් ඇතුලට ඩ්‍රයිව් කරල ඊශ්‍රායලයට ම යනව. එක පාරට හෝටලෙ ගෙස්ට්ලා ෆුල් ඉද්දි ලෝකල් සේවකයින් පමනක් ඉතුරු වෙනව. අඩුම ගානෙ ඔවුන් දන්නෙවත් නෑ අපර් මැනේජ්මන්ට් එක දාල ගියා කියලවත්. අරවුස් රිසෝට් එක ඒ සමගම වහල දානව.

    මීට පස්සෙ ඇමරිකාව හරහ රාජ්‍යතාන්ත්‍රික බලපෑම්, වෙපන්ස් හා සල්ලි දෙමින් ඉතියෝපියානු සමාජවාදි හුන්ටාවේ අවසරය මත අඩිස් අබාබා වලින්ම බිට ඉශ්‍රායල් ලා එයාලිෆ්ට් කරනව රහසේ.

    ඔක්කොම 18000 කට වඩා එක්ක ගියා කියනව. 2000 ට වඩා මග මැරිල තියෙනව. එක බෝයින් 747 ගුවන් යානෙක එක්දාස් ගානක් එයාලිෆ්ට් කරලා ලොකෙ වැඩිම මගීන් ගානක් ගිය ප්ලේන් එකේ වාර්තාව තියල තියෙන්නෙත් මේ මිශන් එකේ.

    අදටත් බීට ඊශ්‍රායල් ලා ඉන්නෙ ඉශ්‍රායලේ. අවුරුදු දාස් ගානක් ලෝකෙන් වෙන් වෙච්ච ඇත්තෙන්ම ලොස්ට්ට්‍රයිබ් එකක් එක පාරට දියුනු රටකට ආවම කොහොම ශොක් වුනාද දන්නෙ නෑ. 2009 මේ වැඩේ පටන් ගත්ත බීට ඉශ්‍රායල් වරයා මිය ගියාම ජාතික වීරයෙක්ලෙස සැලකුම් ලබනව.

    මාර රොමැන්ටික් නේ. තමන්ගෙ ජාතියෙ මිනිස්සු ලෝකෙකොහෙ හිටියත් උන්ව බේරගෙන අරන් ආව කියන එක. ක්‍රි පූ 680 විතර යුද්දෙකින් අතුරුදහන් වෙච්ච ට්‍රයිබ්ස් 10 තාම හොයන එක.

    පොඩ්ඩක් හෝව්. ඔබට මේ රොමෑන්ටික් ජාත්‍ය්ලය තුල පවතින ජතිවාදය පේනවද?

    ඊශ්‍රායලය කියන රට ලොකෙ ඕනෙම තූත්තුකුඩියක ඉන්න යුදෙව් කියන ලේබලය කොහොම හෝ ගහගත්ත - අවු 3000 ක් වෙන් වෙලා හිටියත් කමක් නෑති - ඕනෙම එකෙකුට සිටිසන්ශිප් දෙනව ගෙන්න ගන්නව. ඒ වෙනුවෙන් පුදුම මහන්සියක් අවදානමක් හා වියදමක් දරනව. ඒත් 1947 සිට මේ දක්වා ඔහොම ආපු ඊශ්‍රායල් වරුන්ට පදිංචි වෙන්න සරු බිම් වතුර තියෙන තෑන් වල එහෙම අල්ලා ගන්න එලවා දාපු ඒවයෙ හිටපු පලස්තීන අරාබින් මිලියන පහකට වඩා ඒ අවට රටවල අවතැන්ව ඉන්නව. උන්ට ඊශ්‍රායලයට ඇතුලුවීම තහනම්. ද්වි රාජ්‍ය ගිවිසුමෙත් එක කොන්දේසියක් තමා හැදෙන පලස්තින රාජ්‍යයට වත් තමන්ගෙ රටෙන් එලවා දාපු පලස්තින අවතැන් මිනිසුන් වද්ද ගන්න තහනම්.

    ඉතියෝපියානු සගතයෙ කන්න නැතිවෙයි කියල මේ මිනිස්සු අරන් එනව දැන් ගාසාවට ආහාර සහ වතුර කපල තියෙන්නෙ ගාසාවෙ සිවිල් වැසියන් මේ බෝම්බ දාන අස්සෙ ප්‍රාණ ඇපකාරයින්ව හමාස් එකෙන් බේරගෙන ගෙනත් නොදුන්නොත් වතුර හා ආහාර ලැබෙන්නෙ නෑ උන්ට.

    පිටට පේන ජාත්‍යාලය අස්සෙ දුවන අපාතයිඩ් නරුම කම ඒකයි.

    බීට ඉශ්‍රායල් කතාව නෙට්ෆ්ලික්ස් එකේ තියේලු. Red Sea Diving Resort කියල. හැබැයි ෆිල්ම් එකක් වගෙ වෙන අතින් කෑලි දාල කතාව වෙනස් ලු තියෙන්නෙ. බැලුවෙ නෑ. එක එකා ගොතපු කථා බලල ලෝකෙ තේරුම් ගන්න බෑ.

    The movie is a loose version based on true events of Israel's Operation Moses and Operation Joshua. The unsung hero was Ferede Aklum (passed away in 2009), and he still remains a National hero of the Ethiopian Jews.
    Operation Solomon then followed. Unlike the previous ones, this had the cooperation of the Ethiopian government. More than 14,000 airlifted in 36 hours. The Ethiopian government gave permission for Ethiopian Jews to leave Ethiopia. I believe an undisclosed amount changed hands.