මාගේ හිතවත් කුකුළණි,
ඊයේ පෝය නමුත් සායනයේ තිබූ යම් යම් අප්ඩේට් සිදු කිරීමට පැමිණියෙමි. කට ඇතුලට ඔබා බලන කැමරාවේ මොකක්දෝ හුටප්පරයක් පැවති අතර, දත් සිංහාසනය ගලවා පැය ගණනක් එය සමග ඔට්ටු වී එය ගොඩ දමා ගතිමි. ඉදිරිපස උණ ගසේ අතු ටික ඉනිමග තියා කපා දැමුවෙමි.
ගෙදර ගොස් පොඩි උන් දෙන්නාට චිත්‍ර ඇදීමේ පංතියක් පැවැත්වුවෙමි. උන් දෙන්නා ගේ තාත්තා සමස්ත ලංකා චිත්‍ර තරග වලින් ජයගත් කුකුළෙකු වුවත් දෙදෙනාටම තවම අප් ටු ද ස්ටෑන්ඩඩ් චිත්‍ර ඇදීමට බැරිය. චිත්‍ර අදින්නට බැරි එකා, සුභාවිත සංගීතය රස විදින්නට බැරි එකා සහ සාහිත්‍යය රස විදින්නට බැරි එකා මනුස්සයෙක් වෙන්නෙ නැත.
රාත්‍රි යේ ගෙදර සංගීත පද්ධතිය බොහෝ කාලයකට පසුව ක්‍රියාත්මක කර කසුන් ගේ, නදීක බාන ගේ, සහ අමරසිරි ගේ ගීත සාවධානව රස වින්දෙමි.
දැන් ආයෙත් සති දෙකක් දුවන්නට බැටරිය ආරෝපනය වී ඇත.
මා ගැන විමසිලිමත් වී කතා කල සහ පීඑම් ගැසූ සියළු ම කුකුළන් හට පින්ය. උඹලා වගේ යාළුවන් රැළක් ලැබීම ජීවිතයේ ලද එක ම භාග්‍යය ලෙස දැන් දැනේ.
තමන් ආසාවෙන් කරන දෙයක තදින්ම කාර්යබහුල වීම හිතේ ප්‍රශ්න වලට හොද විසදුමක්.
කොයින් කොහොම හරි අය්යන්ඩි නැවත යථා තත්වයට ආපු එක ගැන සතුටු වෙනව.



Hoda sound system ekak echchara ganan wenne na. mama hama tanama aran yana nisa thamai bose speaker ekak tiyan inne.



