බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මේක උනෙ 2007 දි විතර. අපි රෑට සෙට් වෙන්නෙ පිට්ටනියට. යාලුවො 4ක් වයිට් ඩයමන්ඩ් බොතලක් එක්ක හපන්න පොඩියට කැම්පස් කැන්ටිමකින් ගත්ත වඩේ තුන හතරකුයි, කොත්තුවකුයි විතරයි ඉතින්. කට්ටිය ඉතින් සෙට් වෙලා ආපහු බෝඩිමට යඩ්ඩි කොහොමත් පාන්දර තුන හතර වෙනව.
    අපේ හිටිය මැදීරිගිරියෙන් ආපු කොල්ලෙක්. මූ ටිකක් කෙට්ටු මිටි සරල චරිතයක්. හැබැයි හොදට බොනව. මුට කෙල්ලොත් වැහි වැහැල. රෑට හොයන්නම අමාරුයි කොයි වෙලාවෙ බැලුවත් මලක් කඩනව. මුත් සෙට් උනා අපිත් එක්ක බොන්න. ශොට් තුන හතරක් දාල සින්දුවක් එහෙම ලාවට කියවෙනකොට මූට කෙල්ලෙක්ගෙන් කෝල් එකක් ආව. අපි චාටර් කරන හින්ද මූ නැගිටල ගිය. එතකොට ඔනෙනම් 10ට විතර ඇති. මේක මලකට සෙට් උනාම පැය ගානකට මේකව ගොඩගන්න බැරි නිසා අපිත් එච්චර හෙවුවෙ නෑ. කොහොමහරි සින්දු කියල ඉවර වෙද්දි පාන්දර 3ට විතර ඇති. එතකොට තමා මුව මතක් උනෙ මෙච්චර වෙලා ආවේ නෑ නේද කියල. දැන් කටිටියම දාගෙන මුව හොයනව. අපි බිවුවෙ පිට්ටනියෙ අයිනක එහායින් ඇලකුත් ගලනව. මොන මගුලකටද මන්ද ඒ කාලේ ඇලේ බන්ට් එකක් ගහල වතුර පිරිල. එකෙක් ඒකෙ බැහැල බලනව වැටිල මැරිලද දන්නෙ නෑ කියල. අපෙ වෙරිත් බැස්ස හිටු කියල. ඔහොම පැයක් විතර හැම තැනකම හොයද්දි මේන්න ඉන්නව පොර. මු කෝල් එක ගන්න ඇල අයිනෙ තිබ්බ ගහක් මුලින් වාඩි වෙලා. කෝල් එක ඉවර වේද්දි මුට ඒහෙමම නින්ද ගිහින්. ලොකු මුල් තියෙන ගහක මුල් දෙකක් මැද්දෙන් වාඩිවෙලා ගහට හේත්තු වෙලා ඉද්දි කාටවත් පේන්නෙ නැ. අනික අපිටත් වෙරිනෙ. එක නිසා වෙන්න ඇති ඒ ගහ ලගින්තුන් හතර සැරයක් ගියත් දැක්කෙ නැත්තෙ. එදායින් පස්සෙනම් මුත් එක්ක බොද්දි හොඩ කල්පනාවෙන් ඉන්නෙ.

    welawata aru watila natthe.............
     
    • Like
    Reactions: janakaparakkuwa

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සුභ උදෑසනක් බේබද්දෝ ටික... :D

    අද හැම එකාම ගෙවල් අස්සේ වැඩ වගේ.... ඇරියස් කවර් කරනවා ඇති... :P
     
    • Like
    Reactions: madushankads

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    35i1xt3.jpg


    මේ වගේ තව ප්ලේ ලිස්ට් එකක් තියේනම් උඩුගත කරල දෙන්න පුලුවන්ද
    නැත්නම් ප්ලේ ලිස්ට් එක හරි
    :sorry:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    සුභ උදෑසනක් බේබද්දෝ ටික... :D

    අද හැම එකාම ගෙවල් අස්සේ වැඩ වගේ.... ඇරියස් කවර් කරනවා ඇති... :P

    කට්ටියම ගෙවල් වල උයා ඔපිසියෙ.......
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔව් ඉතිං නිවාඩු දවසෙත් වැඩ තියෙනවා කියලා ඔෆිස් යන අයව අපි ගාවගන්නේ නෑ... :P

    උට්ටො. මුස්ලිම් රටවල වැඩ වීක් එක ඉරිදා = බ්‍රහස්පතින්දා හරි සෙනසුරාදා බදාදා හරි. කොහෙද ඉතින් ජපන් ගියාට මෙලෝ බිජ්ජක් දන්න එකක්යැ ?:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උට්ටො. මුස්ලිම් රටවල වැඩ වීක් එක ඉරිදා = බ්‍රහස්පතින්දා හරි සෙනසුරාදා බදාදා හරි. කොහෙද ඉතින් ජපන් ගියාට මෙලෝ බිජ්ජක් දන්න එකක්යැ ?:P

    ආ එහෙමද... හරි හරි එහෙනම්... අපි දන්නවායැ ඔය රටවල දේවල්... :rofl: :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked::shocked: හරි එහෙනම් එයාපෝට් ඩ්‍රොප් එක උඹ කරපන්.... පිකප් එක මම කරන්නම්..... :D

    :no::no:
    පික් අප් එක මම කරන්නම්. ඩ්‍රොප් එක උඹ කරාං.
    මට ඕනේ මාමා සන්තොසෙන් එනවා බලන්න. දුකෙන් යනවා බලන්න මට බෑ.. :sorry::sorry::sorry: