බීලා ගෙදරට චොර වෙලා තියෙනවද?

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,121
    14,209
    113
    අපෝ ඔව් බන්,ඉස්කෝලේ යන කළෙම බිල මට්ටු වෙලා තියෙනවා,චොරම වැඩේ උනේ A /L කරන කලේ ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගියා,අපි සල්ලි සෙට් කරලා ගින් බෝතලයක් ගත්තා,මන් ඕක හංගල තියාගත්තේ එළියේ,රේ වෙලා හොරෙන් බැග් එකට දාල නිදා ගත්තා,දැන් උදේට යන්න විටරි තියෙන්නේ,කොහොමහරි අපේ අම්ම උදේ බැග් එක ඇරලා මොනවා හරි දාන්න ,බෝතලේ දැකලා.....අම්මා තාත්තට කතා කරලා පෙන්නලා අන්න පුතණ්ඩියගේ වැඩ කියලා,තාත්ත මම නැගිට්ටුව,මන් තාම දන්නේ මොකද්ද සින් එක කියලා,සාලෙට නිදිමතේ යනකොට බෝතලේ මෙසේ උඩ...තාත්ත මුකුත් කිව්වේ නැ,බන්නේ නැ,ඉගෙන ගන්නවා කියල මේවද කරන්නේ ඇහුවා .අම්මනම් බැන්න දවස් ගානක් යනකන්.මන් ෆෝන් එක ඔෆ් කරලා නිදා ගත්ත කාමරේට වෙලා,දවස් දෙකක් විටර එලියට ආවේ නැ.
    sinahala typing aul bn.ganan ganna epa.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    නාවල පැත්තේ beer survay එකක් තිබ්බා. fb එකේ දැකලා කොල්ලෙක් අපිව ඇදන් ගියා. 4ක් ගියා බොරු ඇඩ්‍රස් එහම කියලා. කරන්න තිබ්බේ බියර් එකක් බීලා උන් අහන ප්‍රශ්න වලට උත්තර දීලා බියර් එක රේට් කරන්න. අන්තිමට cargills එකෙ voucher එකක් දෙනව 1000ක. මේකත් අරන් 4000 සෙට් කරන් බොන්න ගත්තා. V&A එකක්. මලම ජරාවක් තමා බන්. පලවෙනි පාරට බීලා කබා දැම්මේ එදා. එකත් වැදිලා වැඩි නිසා නෙවේ. ඕක අප්පිරිය වෙලා.
    V&A ජරවක්ම තමයි. අපෝ.
     

    Jalthara Malli

    Well-known member
  • පොඩි කාලේ නම් චොර වෙලා තියනව එක පාරක් ජීවිතේටම ඇති. අවුරුදු 20ක් විතර ඇති මට 2010 වගේ ඥාති සහෝදරියකගේ වෙඩිමේ චොර උනා. රෙඩ්බුල් බීල වෙරි වගේ පෙන්නල චාටර් කෑවා. ඒ දවස් වල මං හිතුවේ රෙඩ්බුල් කියන්නේ බියර් එකක් වගේ කියල වෙරි වෙනව කියල හිතුවේ. දවස් ගානක් යනකම් රෙඩ්බූල් කියල බයිට් කරා එපාම වෙලා හිටියේ දැන් අවුරිදු 10ක් වෙනව. දැන් නම් බයිට් එක හදල දෙන්නෙත් ගෑනි
     
    • Haha
    Reactions: Heshan Daminda

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මාස ගානකින් බිව්වෙ නෑ . ඉස්සර නම් සතියට දෙපාරක් වත් ශුවර් . වීකෙන්ඩ් එක බඩුම තමා . දැන් නම් ඇගට මාර ෆිට් . ජොගින් පාරක් දාල ඉන්නව :love: :love: :love:
     
    • Love
    Reactions: Heshan Daminda

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    මචන් අද නම් නියම බඩ්ඩක් සෙට් උනා. මම කාල ඉන්නේ. උබ ට විතරක් අද කෑම ගනින්. (ඇතින් ගැහැණු චායාවක් වගේ පෙනෙනනවා )අප්පට බෝල උබ අදත් ගෙනාවද. එළ එළ අපෙන් ප්‍රේමයට බාද නෑ. අපි යනවා නිදා ගන්න.

    (බෝඩිම කියලා ඇවිත් තියෙන්නේ ගෙදර. මචන් කියල තියෙන්නේ තාත්තට. බෝඩිමේ එකගේ කෙල්ල වගේ දැකල තියෙන්නේ එක්කෝ නංගි නැත්තම් අම්මා)
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    mata bi
    අඩෝ ඊයේ කොල්ලෙක්ගේ වෙඩිම ඉවර වුනාට බොන්න දුන්න. V&A දුන්නේ. මල ජරාවක්නේ. ගසල ගසල එද්දිත් වැඩියි. අන්තිමේ නිදාගන්න ගියා. විනාඩි 10ක් ගියේ නෑ ඇඳෙම කබරයා දැම්මනේ. තාම අහගන්නවා පියාගෙන්. නවත්තන්න ඕන බොන එක. කලිනුත් මාස 4ක් නවත්තලා තිබ්බ. බිව්වට පස්සේ කරපුව කියපුව පහුවෙනිදට මතක් වෙද්දී විලි ලැජ්ජයි ඕයි.. ☹

    බොලාට නැද්ද මේ වගේ අත්දැකීම්? 🙄
    mata biwwata passe karapuwa kiyapuwa pahuwadata mathaka na eka hinda awulak na
     
    • Haha
    Reactions: Heshan Daminda

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    එක දවසක් අපේ ගෙදර බීලා එකෙක්ව ගෙදරට බැස්සුවා ගිහින් මූ බයික් එකෙන් බැහැලා දඩාස් ගාලා ගේට්ටුවේ හැප්පිලා ගෙට්ටුවත් එක්ක බිමට පතබැවුණා ගෙදර මිනිස්සු ඔක්කොම දුවන් ආවා සද්දෙට කරගන්න දෙයක් නෑ අරූව නැගිට්ටවල මන් ආවා shape එකේ.
     
    • Haha
    Reactions: Heshan Daminda

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,219
    24,925
    113
    tracing Geo-location.. ... ...
    මල්ලිගේ යාළුවෙක් ගේ කාර් එකක් තිබ්බ. ඌත් එක්ක අපි 3 දෙනා වයිට් බෝතලයක් අරන් බීලා ගෙදර එන්න කලින් වෙරි බහින්න කියල කහටවෙල පාලම ලඟ (බණ්ඩාරගමට යන පාරේ ) අයිනේ නවත්තල කාර් එකේ සෙට් එක හයියෙන් දාගෙන නැටුව තුන්දෙනාම... අදටත් කල්පනාකරනවා කොහොමට තියෙන්න ඇතිද කියල...? ගෙදර එද්දී හොඳට දාඩිය දාල බැලන්ස් එකේ ආවා

    ilaga dawase cam ekakuth aran gihin record karapan youtube damma nam trending thamai ;-)
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,793
    3,221
    113
    37
    @ katubedda
    ගෙදරට නම් නොන්ඩි වෙලා නැ මචන්. අවුරුදු 4 කට විතර කලින් බොන එක නැවැත්තුවා. මූල් කාලේ බොන්න යාළුවො එක්ක සෙට් උනාම අම්බානක චොර වෙලා තියෙනවා. එකපාරක් බොඩිමෙ බිලා වැඩිවෙලා කබා දානවා. කාමරේ අනික් උන් මගේ බෙල්ල ජනේලේන් එලියට දාලා. මිදුලේ ඉදන් එකෙක් වතුර ගහලා මෙලො දෙයක් මතක නැ. කට්ටිය විඩියො කරලා පෙන්නුවම රෙදි නැ ඉතින්. කොහොම හරි එකපාරක් බොන්න සෙට් උනා උගන්නපු සර්ලා සෙට් එකක් එක්ක. එ හිටපු සර් කෙනෙක් කිවුවා බොනකොට බිපන් මුල මැද අග මතක තියෙන විදිහට කියලා. එදා ඉදන් කවදා වත් චොර වෙලා නැ. හැබැයි ආතල් එකේ අඩුවක් වෙලත් නැ.
     
    • Haha
    Reactions: Heshan Daminda

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අවුරුද්දට දෙසැරයක් විතර ගහනව කුඩේ කුඩු වෙලා ගෙදර විතරක් නෙමෙයි අම්මලාටයි අහල පහල උන්ටයි ඔක්කොටම නෝන්ඩි වෙන්න. නමුත් ඉතින් දැන් වරදක් කියන්න තරම් කෙනෙක් නෑ... 😁
     
    • Wow
    Reactions: Heshan Daminda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මචන් අද නම් නියම බඩ්ඩක් සෙට් උනා. මම කාල ඉන්නේ. උබ ට විතරක් අද කෑම ගනින්. (ඇතින් ගැහැණු චායාවක් වගේ පෙනෙනනවා )අප්පට බෝල උබ අදත් ගෙනාවද. එළ එළ අපෙන් ප්‍රේමයට බාද නෑ. අපි යනවා නිදා ගන්න.

    (බෝඩිම කියලා ඇවිත් තියෙන්නේ ගෙදර. මචන් කියල තියෙන්නේ තාත්තට. බෝඩිමේ එකගේ කෙල්ල වගේ දැකල තියෙන්නේ එක්කෝ නංගි නැත්තම් අම්මා)
    tho yako

    අපේ නෑයෝ වෙන දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්නා මස්සිනාලා. දෙන්නගෙන් කවුරුහරි ගෙදරක සෙට් වෙන්නෙ. රෑ වෙනකන් බීලා ඉවර උනාම අර බොන්න සෙට් උන ගෙදර එකා යනවා අනික් එකාව ඇරලවන්න. අර ගෙදරට ආපුවාම උඹ තනියම යන්න එපා කියලා අරූ ආයෙම මූව ඇරලවන්න එනවා.

    ඔහොම ඔහොම වෙරි බහිනකම් හරි එළිවෙනකම් හරි දෙන්නා එක එකාව ඇරලවා ගන්නවා.
    ------ Post added on Feb 7, 2021 at 9:14 PM