2009 වසරේ සැර මත්පැන් ලීටර් කෝටි 7.51 ක් හා
බියර් ලීටර් කෝටි 5.24 ක් බීලා

2009 වසරේදී මෙරට තුළ නිපදවූ සැර මත්පැන් ප්‍රමාණය ලීටර් කෝටි 7.52 ක් වන අතර එම වසරේදී සැර මත්පැන් ලීටර් කෝටි 7.51 ක් පරිභෝජනය කර ඇති බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය (20 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලේඛනයක සඳහන් වේ.
මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ගීතංජන ගුණවර්ධන මහතා මෙම ලේඛනය සභාගත කළ අතර ඊට අනුව 2009 වසරේදී ශ්‍රී ලංකාව තුළ බියර් ලීටර් කෝටි 5.54 ක් නිපදවා ඇත. එම වසරේදී පානය කර ඇති බියර් ප්‍රමාණය ලීටර් කෝටි 5.24 කි.
2009 වසරේදී ශ්‍රී ලංකාවට බියර් ලීටර් 246,588 ක් ආනයනය කර ඇති අතර සැර මත්පැන් ලීටර් 550,029 ක්‌ද ආනයනය කර ඇත. බියර් ආනයනයේදී රජය රුපියල් කෝටි 2.6 ක්‌ද, සැර මත්පැන් ආනයනයේදී රුපියල් කෝටි 25.7 ක්‌ද බදු ලෙස උපයා ඇතැයි එකී ලේඛනයේ දැක්‌වේ.
ශ්‍රී ලංකාව තුළ බියර් නිපදවීමෙන් රජය රුපියල් කෝටි 334.9 ක බදු ආදායමක්‌ද, සැර මත්පැන් වලින් රුපියල් කෝටි 2490.5 බදු ආදායමක්‌ද උපයා ඇත.
සුරාබදු දෙපාර්තමේන්තුව සහ පොලිසිය විසින් 2009 වසරේදී නීති විරෝධී මත්පැන් ලීටර් පනස්‌හය ලක්‍ෂ හතළිස්‌දහස් පන්සිය අසූහතරක් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ දිස්‌ත්‍රික් මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැතිවරයා ඉහත ලේඛනය සභාගත කළේය.
http://www.divaina.com/2011/01/24/news14.html

Last edited: