ඇබ්බැහි වීම කියන්නේ බන් උබ උබේ මනස පුරුදු කරලා තියෙන විදියට මනස උබව පෙළබවීමයි. පුරුද්දෙයි, ඇබ්බැහි වීමේ වෙනස තමයි, ඇබ්බැහිවීම නිසා අනෙක් වැඩවලට බාදාවෙන්න පුලුවන්. ඕනම ඇබ්බැහිවීමක් හදන්න නම් උබ ඒකට විරුද්ධව යන්න ඕනේ. සාමාන්‍යයෙන් මාස 3 ක් එකදිගටම වගේ එහෙම කරාම ඇබ්බැහිවීමක් නවත්වන්න පුලුවන්. මුලදි අමාරුයි නමුත් පස්සේ ඒක ගාණක් නෑ. මුලදි එෆ් බී එක බලෙන්ම වගේ නවත්වපන්, මොන දේ උබේ හිතට ආවත් යන්න එපා. උබේ හිතට එයි මෙහෙම, අරයා මොනවා කරනවද දැන්? හ්ම්ම් අර කෙල්ලගේ පික්ස් බලන්න ඕනේ ? නිව්ස් ටිකක් බලන්න හිතෙනවා, අරකද මේකද නමුත් යන්න එපා වගේ විවිධ ලිංගික ආශා, කුතුහලයන්, සමහර විට උබ මොකක් හරි නිසා බයටත් යන්න පුලුවන්. උබේ හිතට හැගීම ආපු ගමන් ඒක නවත්වන්න නැත්නම් ඒකට ඉඩ දුන්නොත් වෙන්නේ මේ හැගීම චෙයින් රිඇක්ෂන් එකක් වගේ දිගට ඇදෙනවා ඊට පස්සේ ඒකෙන් දැඩි පෙළබීමක් ඇතිවෙනවා, ඒක පෙළබවීම තමයි ඇබ්බැහිවීම කියන්නේ. උබේ මනසෙන් උබව පොළබනවා යමක් කරන්න. ඒක උබ බලෙන්ම හිතලා නවත්වන්න, ඒ වගේම නිකම් ඉන්න එපා, මොනවා හරි කරන්න ඇබ්බැහිවීම යටපත් වෙන්න. භාවනා කරන්න පුලුවන් නම් ඒකෙන් හිත මෙල්ලකරගන්න ලේසියි.