බුදු දහමේ තව පරස්පර තැනක් කියන්නම්..
බුදුන්ම කියනවනේ.. බුදුන් කිවටවත් විශ්වාස කරන්න පිළිගන්න එපා.. ඇවිත් කරලා බලලා තීරණය කරන්න කියලා..
එහෙම ගත්තම අපි නිවන් මගේ යන්න තීරණය කලොත් ඒ මොහොතේදීම අපි පුනර්භවය පිළිඅරගෙනත් ඉවරයි.. මොකද අපි යන්නේ නැවත ඉපදීම වලක්වන මගේ..
තව එකක්, නිවන් මගේ පළවෙනි ප්‍රධාන කමටහන.. සම්මා දිට්ටිය.. ඒ කියන්නේ ධර්මය පිළිබඳ පැහැදීම ඇති කරගැනීම.. සරලවම.. මේක ඇත්ත කියලා හිතාගෙන කරන්න කියන්නේ..
එතකොට එතනදිත් අපි කලින්ම එකඟ වෙලා එන්නේ මෙහෙම එකක් තියෙනවා කියලා..
මීට අමතරව බෞද්ධයන් මග අරින ඉතා ලොකු කාරණයක් කියන්නම්..
බුදුන් කාම ලෝකය දුකක් කියලා නෑ.. කාමයන් ආශ්වදයි හබැයි ඒ හා සමානව එහි ආදිනවයන්ගෙන් හටගන්නා දුකත් අනිවාර්යයි කියලා තමයි කියල තියෙන්නේ.. සහ නිවන දේශනා කරලා තියෙන්නේ සසර බිය දක්නා කුලපුත්‍රයන්ට පමණි.. කියලත් කියලා තියෙන්නේ..
ඒ කියන්නේ යම් කෙනෙක්ට සසරේ හෝ මේ ජිවිතේ සතුට තියෙනවානම්, එහෙම නැත්නම් කාමයන්ගේ සැප විදීමට තීරණය ගන්නවනම් ඔහු පව් කාරයෙක් නෙමෙයි එය ඔහුගේ choice එක, හැබැයි සතුට මෙන්ම දුකද අනිවාර්යයි එය දැනගෙන සතුට නිසා නිවන් නොයා කාමයන්ගේ රැඳීම අතිශය පුද්ගලික කාරණයක්..
එහම බැලුවොත්.. මට අනුව බදු දහමට එරෙහිව තියෙන ලොකුම තර්කය ;
බුදුන් කියන විදියට පැවැත්ම නිශ්ඵල නම්(දුක නිසා), නොපැවතීම( ශුන්‍යත්වය / නිවන) ද ඒ හා සමානව නිෂ්ඵල වේ(සතුට නිසා)
අවසානයේ සියල්ල නිෂඵලයි.. choice එක ඔබ සතුයි.. ඔය වන්දනාමාන කඩේ යාම නවත්තලා කරලා බලන්න කියපු එක.. එක්කෝ නොකර ආතල් එකේ ඉන්න.. නොකරන උන් හැබැයි ආතල් එකේ නිසා උන්ට වන්දනාමාන කරන උන්ගෙන් ආතල් ගන්න අයිතිය තියෙනවා.. කෙනෙක් නිවන ඇත්තටම අත්විදිනවනම් ඔහුට හෝ ඇයට අර ආතල් ගන්න කාමලෝකේ තෝරගත්ත කෙනාව ජෝක් එකක් වෙයි.. එහෙම කියලා මන් හරි කියලා ඔප්පු කරන්න යන්නෙත් නැතිවෙයි.. වාද කරන්න ගිහින් එයාගේ ආතල් එක(නිවන) කඩාගන්නෙත් නැතිවෙයි
