බුද්ධත්වය පතන දෙවිවරු - 01 නාථ දෙවියන්

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බුද්ධත්වය පතන දෙවිවරු - 01 නාථ දෙවියන්

    ඉස්සෙල්ලම කියන්න ඕන මේ ත්‍රෙඩ් එක හේතු වාදින්ට නෙමෙයි බෞද්ධයන්ට.. :cool:

    බුද්ධත්වය පතන දෙවිවරු - 01 නාථ දෙවියන්

    අපි දන්නවා බුද්ධත්වය පතන බෝධිසත්වවරුන් අප්‍රමාන කරුනාවන්ත මිනිසුන් ඇතුලු සියලුම සතුන්ට කිසිම ආත්මාර්ථ කාමි කමකින් තොරව පිහිටවන පිංවත් පිරිසක් බව. මේ අතරින් මෛත්‍රී බෝධිසත්වයන් ගැන තමයි අපි වැඩිපුර අහලා තියන්නේ. ජනතාව අතර තියන විෂ්වාසයක් තමයි නාථ දෙවියන් කියන්නේ මතු බුදුවන මෛත්‍රී බෝසතානන් වහසේ කියලා නමුත් ඒක වැරදි පිලිගැනීමක් බවයි පෙනෙන්නට තියන්නේ. මෛත්‍රී බෝසතුන් ගැන රේරුකාණේ චන්දවිමල මහ නා හිමි, හා මඩිහේ මහ නාහිමි කළ සියළු විස්තර වල සඳහන්ව ඇත්තේ මෛත්‍රී බෝසතනානන් වහන්සේ මහා සංතොඨ්ඨික නොහොත් මහා සංතොෂින දිව්‍ය රාජයා නමින් දෙව්ලොව වැඩ වාසය කරන බවය. පොත පතෙහි සඳහන් වන්නේ නාථ දෙවියන් යනු අවලෝකිතේෂ්වර නමින් බුදුවීමට පෙරුම්පුරන දෙවි කෙනෙක් බවයි.

    වරක් දෙවන පරාක්‍රමබාහු රජ කාලෙ රටේ ලොකු නියං සායක්‌යාඑති වුන අතර ඒරාවස්ථාවේ මහත් සෘද්ධිබල තියෙන නාථ හා මෛත්‍රී දෙවිවරුන්ට පූජා පවත්වල සෙත් පිරිත් සඡ්ජායනා කරවල දළදා වහන්සේත් නුවර පැදකුණු කරවල වැසි ලබාගත් බව මහාවංශයේ සඳහන් වෙනවා. නාථ දෙවියන් යනු ඉතා කුඩා සතුන්ට පවා කරුනාව දක්වන දෙවි කෙනෙක් කියලයි සඳහන් වෙන්නේ.

    ඉතින් මෙවැනි බෝසත් දෙවි කෙනෙක් හට පිං පෙත් අනුමෝදන් කරනවානම් එම දෙවිවරුන්ගෙන් ලෞකික දියුනුවට උපකාරත් ආපදා අනතුරු වලින් ආරක්ශාවත් ලැබෙන බව නම් අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. නමුත් විශේෂයෙන් සඳහන් කරන්නට අවශ්‍ය සම්‍යක් දෘෂ්ඨික දෙවිවරුන්ගෙන් පිහිට ලබන්නට නම් ඔවුන් පංචශීලය රකින ප්‍රථිපත්ති රකින අයවලුන් විය යුතු බවයි..

    FrnFUl5.jpg

    නාථ දෙවියන් හට වඳින ගථා ස්ත්‍රෝත්‍ර කීපයක්

    නාථ ශ්‍රී සර්ව මංගල්‍ය
    යථා දේවේන සංයුතං
    සුගන්ධ දීප ධූපේන
    නාථ ස්වාමි නමෝ වරම්
    ෴..෴..෴

    දාන සීල භාවනාදී පාරමිතා පූර්ණං
    දාන ශාන්ති සෞඛ්‍ය සම්ප්‍රදාන් ජනාන භුවනම්
    තාවතිංස රම්‍ය දිව්‍ය වාසභනව නිත්‍යං
    නාථදේව රාජ පුෂ්ප ආසන ප්‍රවිෂ්ටං

    මයිත්‍රී කරුණා-උපේක්ෂ මුදිතාකර සදෘශං
    නයික ලෝක වාස සත්ව කල්ප වුක්ෂ සදෘශං
    දයිත‍යා දිත්‍ය තයාගී චින්තන සංයුක්තං
    මෛත්‍රී දේවාභිදාන ආසන ප්‍රවිෂ්ටං

    අනඝ මති මනෝඤ්ං ධර්ම චින්තා නිධානම්
    අනභි මුඛං ශාස්ත්‍රං අග්‍රලෝකාග්‍ර සත්-ත්වං
    අමිල රුචිර දෙහං පූජනීයාන බුද්ධෝ
    අමරධිපති නාථං දේවරාජං නමාමි
    ෴..෴..෴

    දකුණු අතේ ගන රන්මිණි කලස දරන වට
    ලකුණු ඇතුව හෙළා දිෂ්ටි තුසිත පුරේ සිට
    දකුණු වලාසද මඩලක් සේම උදා කොට
    දකුණු වාසලෙන් එළි බැස මල් දොරගාවට

    රනේ කිරුළු තුංගව් දිග සළුව අදින්නේ
    පෙනේ විදුලි සැර මල්දම් කරේ දිලෙන්නේ
    ගෙනේ දකුණු හස්තෙට රං කලස දරන්නේ
    අනේ නාථ දෙවියනි මල් අස්න වඩින්නේ

    අතේ දේවගණ රන් මිණි කලස දරලා
    ගතේ චන්ද්‍ර සූර්‍යා ආලෝක වඩාලා
    ලතේ දිෂ්ටි ජනෙල් දොරෙන් කරුණා කරලා
    රතේ පිටින් එන්ඩ මෙමල් මධුර බලාලා

    සදුන් සුවද මල්පිනි දිය කස්තුරී කපුරූ
    මුදුන් වියන් තිර ජවනික සේසත් පැතූරූ
    යොදුන් ගණන් මිහිතල් වැට පන්දම්
    උතුන් මෙ නවරත්න තිලක සුරවර කුමරූ

    පාත කැළණි පුර ලක්දිව බාරව සිටගති
    භූත යකුන් හට ගිනි ගිනි කියා වදා රති
    මෑත කපට බුදුවන්නට විවර ලැබගති
    නාථ දේව රත්න තිලක සුර පුරයෙන් එති
    ෴..෴..෴

    මෙහ් වෙලාව තියනවනම් මගේ බ්ලොග් එකට ගිහින් පරන ලිපි බලහල්ලා... :yes:
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    මට මතක හැටියට බෙල්ලන්විල පන්සලේ මෛත්‍රී බෝධිසත්වයන් ගේ පිළිමයක් තියනවා එතන නම් නම් කරලා තියෙන්නේ නාථ දෙවියන් කියලාද කොහෙද හරියටම මතක නෑ.:sorry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේකේ ඕඩියෝ එකක් නැද්ද?මන් කිවුවේ මේ ස්ත්‍රෝත්‍ර වල...තිබේ නම් pm පාරක් දාන්න මෙතනත් දාන ගමන්.......:):)

    ෆට්ට පොස්ට් ඒක..මන් අද දන්නේ මෙහෙම සීන් එකක්.......
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මට මතක හැටියට බෙල්ලන්විල පන්සලේ මෛත්‍රී බෝධිසත්වයන් ගේ පිළිමයක් තියනවා එතන නම් නම් කරලා තියෙන්නේ නාථ දෙවියන් කියලාද කොහෙද හරියටම මතක නෑ.:sorry:

    ඔව් සහෝ ගොඩක් තැන්වල එහෙම කියනවා.. නමුත් රේරුකානේ හාමුදුරුවෝ කීප තැනකම සඳහන් කරලා තියනවා මහා සන්තෝඨ්ඨික කියන දෙවි කෙනෙක් ලෙස එතුමා වැඩ වාසය කරන බව.. බුදුන් වහන්සේ අනාගත වංශ දේශනාවේ මෛත්‍රී බෝසතුන් ගැන කියලා තියනවා..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේකේ ඕඩියෝ එකක් නැද්ද?මන් කිවුවේ මේ ස්ත්‍රෝත්‍ර වල...තිබේ නම් pm පාරක් දාන්න මෙතනත් දාන ගමන්.......:):)

    ෆට්ට පොස්ට් ඒක..මන් අද දන්නේ මෙහෙම සීන් එකක්.......

    මේවා නම් යූ ටියුබ් තිබේ කියලා හිතන්න බෑ..:dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;17079197 said:
    ඔව් සහෝ ගොඩක් තැන්වල එහෙම කියනවා.. නමුත් රේරුකානේ හාමුදුරුවෝ කීප තැනකම සඳහන් කරලා තියනවා මහා සන්තෝඨ්ඨික කියන දෙවි කෙනෙක් ලෙස එතුමා වැඩ වාසය කරන බව.. බුදුන් වහන්සේ අනාගත වංශ දේශනාවේ මෛත්‍රී බෝසතුන් ගැන කියලා තියනවා..
    මමත් රේරුකානේ හාමුදුරුවන් ගේ පොත්වල දැකලා තියනවා. බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ පෙර ආත්මය ගැන කිය විස්තරයෙත් නාත දෙවියෝ මෛත්‍රී බෝසතුන් බව කියල නෑ. නාත දෙවියෝ මතු බුදු වෙන නමුත් මෛත්‍රී බෝසතුන් නොවන බව පැහැදිලී
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේකේ ඕඩියෝ එකක් නැද්ද?මන් කිවුවේ මේ ස්ත්‍රෝත්‍ර වල...තිබේ නම් pm පාරක් දාන්න මෙතනත් දාන ගමන්.......:):)

    ෆට්ට පොස්ට් ඒක..මන් අද දන්නේ මෙහෙම සීන් එකක්.......
    :lol::lol::lol::lol::lol: මේ කතා විලාසය නිසා තමයි අර කව්ද එකෙක් කිව්වේ මෙයා කොල්ලෙක් කියලා.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මමත් රේරුකානේ හාමුදුරුවන් ගේ පොත්වල දැකලා තියනවා. බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ පෙර ආත්මය ගැන කිය විස්තරයෙත් නාත දෙවියෝ මෛත්‍රී බෝසතුන් බව කියල නෑ. නාත දෙවියෝ මතු බුදු වෙන නමුත් මෛත්‍රී බෝසතුන් නොවන බව පැහැදිලී

    :yes::yes::yes: ඔව් සහෝ.. සමහරු නාථ දෙවියන්වා ඔය බන්ඩාර දෙවිගොල්ලන්ගේ ගොඩටම දාන්න හදනවා.. නමුත් ඉතිහාසය බලද්දී පෙනෙන්නේ උන්වහන්සේ බෝසත් දෙවි කෙනෙක් බවයි..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :lol::lol::lol::lol::lol: මේ කතා විලාසය නිසා තමයි අර කව්ද එකෙක් කිව්වේ මෙයා කොල්ලෙක් කියලා.

    මේකිට කැම්පස් එකෙදී ඔය කථා විලාසය පත්තියම් වෙලා.. :yes:.. කැම්පස් එකක් දැකලා නැති ගමේ අනාතයෝ රිද්දගෙන ත්‍රෙඩ් දානවා ඉතින්..:rofl::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;17079234 said:
    මේකිට කැම්පස් එකෙදී ඔය කථා විලාසය පත්තියම් වෙලා.. :yes:.. කැම්පස් එකක් දැකලා නැති ගමේ අනාතයෝ රිද්දගෙන ත්‍රෙඩ් දානවා ඉතින්..:rofl::rofl:
    ඔව් කැම්පස් එකක් තියා මුං මිස්‍ර පාසැලකටවත් ගිහින් නෑ වගේ. අපේ ඉස්කෝල වලදි ඇති තරම් කෙල්ලංට මචං උඹ, බං කියලා කතා කරනවා. ඔය වගේ එව්න්ට තමයි අර මොකක්දෝ අසහනයක් තියන්නේ සහෝ.
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :) වටින ලිපියක් ... නොදැන හිටිය කරුණු ටිකක් දැන ගත්ත
    තව තව මේ වගේ දැනුවත්කිරීම් කරනවා නං ගොඩක් පිං
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    9,001
    113
    Dubai
    නැකැත් රාලේ වැදගත් පොස්ට් එකක්.. ස්තූති අපිත් එක්ක බෙදා ගත්තට

    :lol::lol::lol::lol::lol: මේ කතා විලාසය නිසා තමයි අර කව්ද එකෙක් කිව්වේ මෙයා කොල්ලෙක් කියලා.

    හැබෑ නේන්නන් :lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol::lol::lol::lol::lol: මේ කතා විලාසය නිසා තමයි අර කව්ද එකෙක් කිව්වේ මෙයා කොල්ලෙක් කියලා.

    ටොමියො කොහොමද උඹ හරියට දන්නෙ ඌ එහෙම කියල තියෙන්නෙ කතා විලාසය නිසා කියල :P:rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නැකැත් රාල;17079234 said:
    මේකිට කැම්පස් එකෙදී ඔය කථා විලාසය පත්තියම් වෙලා.. :yes:.. කැම්පස් එකක් දැකලා නැති ගමේ අනාතයෝ රිද්දගෙන ත්‍රෙඩ් දානවා ඉතින්..:rofl::rofl:

    අපි එක්ක හිටපු කෙල්ලො කතා කරන විදිය දැක්ක නං යට කලිසමෙන් එල්ලිලා මැරෙනවා මූ :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යාළුවා;17079478 said:
    ටොමියො කොහොමද උඹ හරියට දන්නෙ ඌ එහෙම කියල තියෙන්නෙ කතා විලාසය නිසා කියල :P:rolleyes:
    ඌට කිසිම විලාසයක් නෑනෙ මචං. කෙල්ලෙක්ට බය වෙලා ෆේක් එකකින් ඇවිත් ඌ දාපු ත්‍රෙඩ් එක. පව් අෆ්ෆා ඒකා :P