බුදුන්වහන්සේ අහවල් හින්දියාවේ හින්දියානුවෙක් යයි දොඩවන ජෛයින කාරයින්ට පතන්ජලී අදහන්නන්ට සහ රොබින් කනිංහැම් සරණන් ගච්චාමි කියන ඊනියා බෞද්ධයන්ගේ දැනගන්ම පිණිස
හිමවත යනු එවරට්ස් කන්ද නොවන බව සහ අදාල උන්ගේ සිංහල භාෂා දැනුම පිළිබඳ ප්‍රශ්නයක් බව.
මහවනය වනය වන අඩවිය යන්නට අතීතයේදී භාවිතා කල නම හිමය යි.
සිරි පාද අඩවියට හිමය, හිමවත , හේමවතය මහහිමය ලෙස හදුන්වා අැත.
ඒ විනා ඉන්ගිරිසියෙන් කියන Snow යන්නෙහි සින්හල අරුත ලෙස හිම යන්න ගෙන ඉන්දියාවෙ ඉහලින් අැති හිමෙන් පිරුණු එවරට්ස් කන්ද හා ඒ ආශ්‍රිත ප්‍රදේශයට හිමවත( එනමින් හිමාලය ලෙස ) යන්න කීම/පිලිගන්ම පඩි සුද්දන්ගේ ඊනියා ඉතිහාසයේ දිරවාගත අපහසු අමු ලණුවකි.
බුදුන්වහන්සේ හා සමකාලීන සුමන මෙන්ම අැහළ කණුව සිටවූ සබරගමුවේ වශවතද බුදුන්වහන්සේ හා සමකාලීනය. එසේ කලේද හිමවතෙහි තම අයිතිය තහවුරු කරන්නටය. එසේම ගෞතම බුදුන් දක්වා මේ හෙළදිව සියලුම බුදුන්වහන්සේලා තම පාද සලකුණ මේ හිමවත මුදුනේ තබා අැත..
හිමවත යනු එවරට්ස් කන්ද යයි කියාගන්නා ඉතිහාස හෝ පුරාවිද්‍යා පඩියන් හෝ උන්ගේ අනුකාරක ශිෂ්‍ය පරම්පරාවල උන්ට මොන උපාදි තිබුනත් පාසලේ උසස්පෙළට සිංහල භාෂාව විෂය වත් අවබෝධයෙන් හදාරා නොමැති බව මෙයින් පෙන්නුම්කරයි..
එසේම නා කිණිහිරි දඹ කරඹ සෙලඹ මී
වැනි ශාකයන් හිම සහිත ශීත පරිසරයක වැඩේ නම් එය නූතන බටහිර ජීව විද්‍යාවේ Botany / Phytology යන්නට අභියෝගයකි..
එසේම බෝ/අැසතු වැනි ශාකද එවන් ශීත දේශගුණික කලාපයක අැති විය නොහැකිය..
එම ශාක අදටත් අැත්තේ ලංකාවේ මිසක් හින්දියාවෙ නොවේ..
ශාක පමණක් නොව දේශගුණික සාධකද, සූත්‍රවල සදහන් අයුරින් උතුම් පූජණීය ස්තානද පන්චෙන්ද්‍රීය ගෝචර සාධක සටහන් අැතුලුව අදටත් අපට පෙන්විය හැක්කේ උතුම් ජන්බුද්වීපය සිරි ලංකාව බවය..
එය හෙටත් එසේමය..
එදත් එසේමය..
හැමදා එසේමය..
එනම් සැබෑ සත්‍ය අප අසලම පවතීය.
එයට හුදු මාධ්‍ය ප්‍රචාරයන් නැත , ඒ සදහා ප්‍රසිද්ධ නැත , කිසිදු දේශපාලන රැකවරණයක් නැත , නමුත් සැබෑ සත්‍ය සහමුලින්ම කිසිවෙකුට හෝ කවදා හෝ විනාශ කල නොහැකිය , විනාශ වන්නේද නැත..
මේ සිරිලංකාව බුදුන්වහන්සේ උපන් ජීවත්වූ බුදුවූ පිරිණිවන් පා වදාල උතුම් ජන්බුද්වීපය යි......!!!!!!