ජන්බුද්වීපය කියන්නෙ මොකක්ද?
ජන්බුද්වීපය කියල ඉන්දියාවටද ලංකාවටද කියල ඔය තරම් ලොකුවට හොයන්න ඕනෙ නැහැ..ඉස්සර ඉන්දියාවෙ හිටපු දාර්ශනිකයො කිව්වෙ තමන් ඉන්න පොලොව ජන්බුද්වීපය කියල. ජන්බුද්වීපය සප්ත මහා සාගර වලින් වටවෙලා කියල තමයි ඔවුන් හිතුවෙ. ජන්බුද්වීපයේ උතුරින් මහා මේරු පර්වතය පිහිටල තිබෙනව කියලත් ඔවුන් කිව්ව. ඉන්දියාවට උතුරින් තියෙන කඳුවැටිය දන්නවනෙ.
සප්ත මහා සාගර වලින් එහා පැත්තෙ මොනවද තියෙන්නෙ කියල දාර්ශනිකයො කල්පනා කරල හිතල තියෙන්නෙ සක්වල ගල කියල ගල් වැටියකින් වටවෙලා තියෙනව එතනින් විශ්වය ඉවරයි කියල.
ඔය කතන්දරේ හරිද වැරදිද කියල විග්‍රහ කරන්න බුදුහාමුදුරුවො උත්සාහ කරල නෑ. ඒක නිවනට අදාල නැති නිසා වෙන්න ඇති. නැත්නම් කල්පනා කලාට උත්තරයක් ආවෙ නැති නිසා වෙන්න ඇති.
පහත තියෙන්නෙ මේ ගැන ලියවෙච්ච ලිපියකින් උපුටා ගත්ත කොටසක්. හරබර අයින් කරල කියවන්න.
සප්තකූටපර්වතය සහ සක්වල ගල අතර පිහිටි මුහුදේ සතර දිශාවේ සතර මහාද්වීපයෝ වෙති. ඒ මහාමේරුවට පෙරදිගින් පූර්ව විදේහය, දක්ෂිණ දෙසින් ජම්බුද්වීපය, අපරදිගින් අපරගෝයානය හා උතුරු දිගින් උතුරුකුරුදිවයින ලෙසිණි. සූර්යය චන්ද්‍ර දෙදෙනා මහාමේරු පර්වතය වටා ගමන් කරන පථය පිහිටියේ මේ සතර මහාද්වීපය මතිනි. ජම්බුද්වීපයට හිරු මුදුන් වන විට උතුරුකුරුදිවයිනට මධ්‍යම රාත්‍රිය බවත් පූර්ව විදේහයට හිරු බැස යන බවත්, ඒ මොහොතේ අපරගෝයානයට හිරු පායමින් ඇති බවත් සාහිත්‍යයේ සඳහන් වේ.
http://katha32.blogspot.com/2013/12/seven-mountains.html