බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ලංකාවේද එකල ජීවත්වූ හිමිවරු බුදුදහම ඉන්දියාවෙන් උපන් ආගමක් ලෙස පිළිගත් බවක් නොපෙනේ. මෙම බොරුව බොහෝ
    සෙයින් කරපින්නා ගෙන යන්නාවූ පිරිසක් බිහිවෙන්නේ 1925 න් පමණ පසු පාසල් අධ්‍යාපනය ලැබූ පිරිස් වලින් බව පොත පත
    ඉතිහාසයෙන් සොයා ගත හැක.

    අසෝක රජගේ යයි විස්වාශ කරන ගිරිලිපි සියල්ලම සොයාගනු ලැබුවේ ඉංග්‍රී‍රීසි ජාතිකයන් වන අතර ඒවා පිටපත් කර එහි අඩංගු
    කරුණු පරිවර්තනය කර දෙනු ලැබුයේද ඉංග්‍රී‍රීසි ජාතිකයන් විසිනි. මේ සම්බන්ධයෙන්ද මුලිකයාවී සිටියේ Cunningham. එහෙත් ඔහුගේ ගිරිලිපි පිටපත් කිරීම් වල බ්‍රාහ්මීය හෝඩියේ නොමැති අක්ෂර ගණනාවක්ම ඇති බව අද තහවුරු කර තිබේ.( Asoka Tams Wikipedia)
    බ්‍රාහ්මීය අක්ෂර හෝඩිය දන්නා ඕනෑම කෙනෙකුට එම වැරදි දැක බලාගත හැකිය. හෝඩියේ නැති අකුරුද එකතු කරගෙන
    Cunningham කියවාගත්තේ මොනවාදැයි සලකා බැලීම වටි.
    විශේෂයෙන්ම 13 වන ගිරිලිපියේ දුත කණ්ඩායම් යැවූ ප්‍රදේශ ලෙස.මෙහි,අතෙෂු, අතියොගේ, තුලමය, අන්තෙකිනේ,
    මකා.අලික්‍යසුදලේ, චොඩ, පඬිය, තාම්රපන්නි (දකුණු ඉන්දියාවේ), යොන,කම්බොජ, අධ, පාලද, නාහක,නාහපති, භෝජ, පිති යනාදියවේ. මෙහි ද. ඉන්දියාවේ තාම්රපන්නි ලංකාව ලෙස අරගෙන තිබේ, මේ රට දකුණු ඉන්දියාවේ හෝ අසෝකගේ යටත් විජිතයක්ව නොපැවතිනි. එහෙත් වඩාත්ම හාස්‍ය ජනක දෙය නම් මෙම සෙල්ලිපියේ ඇත්තේ බුද්ධ ධර්මය රැගෙන ගිය දුත කණ්ඩායම් ගැන නොව වෛද්‍ය ආධාර කණ්ඩායම් (medical help) රැගෙන ගිය දුත කණ්ඩායම් ගැනය.
    ( Reestablishing the Date of Lord Buddha, S Knapp) අද මහාචාර්යවරුන් විසින් මේවා නිවැරදි කර තිබියදීත් අදටත් බොහෝ පිරිස් අසෝක ගිරිලිපි කියවා ගන්නේ Alexander Cunnigham කියාවාගත් ආකාරයටය.

    ලුම්බිණියේ සෙල්ලිපිය සොයගනුයේ cunningham ගේ මරණින් පසුය. එයද ඒ 1896 දීය . එය සොයාගනු ලැබුයේ බ්‍රිතාන්‍ය රජයට
    රාජකාරිකල ජර්මන් ජාතික Alois Anton Fuhrer විසිනි. ඔහු නම් දරාපු තක්කඩියෙකි. ලුම්බිණියේ ඇති එම සෙල්ලිපිය Fuhrer විසින්ම කොටා ඇති බව ඔහුගේ සමකාලීන පුරාවිද්‍යාඥයන් විසින්ම් සනාථ කරතිබේ. එකලවයඹ පළාත භාර ආණ්ඩුකාරවරයාගේ ලේකම්වරයා විසින් මධ්‍යම ආණ්ඩුවට ලිපියක් සපයමින් පවසා ඇත්තේ Fuhrer විසින් පුරාවිද්‍යා කැනීම් වලින් සොයා ගත් කිසිවක් සාධාරණ පරීක්ෂණයකින් තොරව පිළිගත නොහැකි බවය, එහෙත් ඔහුට එරෙහිව සාක්කි දෙන්නට සිටිය ප්‍රධාන සාක්ෂිකරු Peppe හදිසියේ අත්භූත ලෙස ලෙඩවී පසුව මියයාම නිසා අදවෙනතුරු මේ සම්බන්දයෙන් කිසිම සාධාරණ පරීක්ෂණයක් කර නොමැත. මේ තක්කඩිකම සදහා ඔහු හවුල් කරගෙන ඇත්තේ නේපාල ජාතික Khadga Shamsherය. මෙම නේපාල ජාතිකයා නේපාලයේ එක අගමැතිවරයකු ඝාතනය කොට තව 2 නකු ඝාතනය කරන්නට තැත් කර පසුව ඉන්දියාවට පැනගිය අයෙකි.
    ( Lumbini on Trial, T.A.Phelps)
    එමෙන්ම මෙම සෙල්ලිප්යේ අර්ථයක් නැති වචන ඇත්තාසේම ටැම් ලිපියේ 2 පේලියේ 4 වන වචනය ශාක්‍ය මුනිති ලෙස කියව ගනු ලැබුවද
    එහි සත්‍ය ලෙසම ලියා ඇතතේ "සයමුනිති" යන වචනයයි.

    බුදුන්වහන්සේ ඉන්දියාවේ ජීවත් වුන බවට ඉන්දියාවේ පැරණි පොත පත වල ලියා නොමැති බැවින් බුදුන් වහන්සේ ජීවත් වුන වකවාණු ගැන ඉන්දියාවට බර පතල ගැටළු මත්වී තිබේ. ඉංග්‍රීසි ජාතිකයින් ඉන්දියාව ආක්‍රමණය කරන්නට පෙර ඉන්දියානුවන් තම ඉතිහාසය කියවා ගත්තේ බොහෝවිට ඉපැරිණි පොත පත වන මහා පුරාන ග්‍රන්ථ ආධාරයෙනි.


    ඉන්දියාවේ පුරාණ ග්‍රන්ථ උපකාරයෙන් ඉන්දියාවේ මගධ ලෙස නම් කර ඇති පෙදෙසේ රාජ නාමාවලිය සොයා ගත හැක.


    ඒඅනුව මහා භාරත යුද්ධය තිබුණු කාලයේ එහි පාලකයා වුයේ Somadhi හෙවත් Marjari ය. ඔහුගේ රාජ පරම්පරාව රජවරුන් 22 නෙකුගෙන් යුක්ත වන අතර එම කාලය වසර 1006 දක්වා පැතිරේ. ඉන් අනතුරුව Pradyota රාජපරම්පරාව වසර 138 දක්වා දිවයයි.
    එම පරපුරේ රජවරු 5 දෙනෙකි. ඉන්පසු වසර 360 ක කාලයක් පූරා රජවරුන් 10 නෙකුගෙන් යුත් Shishunag පරම්පරාව රජකරනු ලබයි. .
    Kshemajith මෙම පරම්පරවේ 4 වෙන්නා වන අතර ඔහු රජ කරන්නේ කි.පු 1892 - 1852 ය. මෙම 4 වැනියා වූ රජ එකල නේපාලයේ සිටි
    බුදුන් වහන්සේගේ පියාට සමගාමිකයා වියයුතු යයි ගණනය කරනු ලබයි . එසේ ගණනය කරනු ලබන්නේ බුදුන්වහන්සේ කෙනෙකු
    භාරතයේ සිටි බවට කිසිම පුරාණ ග්‍රන්තයක හෝ පැරණි ඉන්දියානු පොතක ලිය නැති නිසාය. මෙම රාජ වංශයේ 6 වෙනියා Ajasthru ය. ඔහු පාලනය කරන්නේ කි.පු. 1814 - 1787 කාලවලය. මේ අනුව බුදුන් වහන්සේ ජීවත්ව ඇත්තේ කි,පු 1858 - 1807 කාල වක වනු වල බව
    ගණනය කරනු ලබයි. එනම් මෙයට වසර 3860 (2012+1858) පෙර බුදුන් උපන් බවය, (Some Blunders of Indian Historical Research , p 189, p . N . Oak ) එහෙත් බුදුන්වහන්සේගේ 2600 වැනි සම්බුද්ධ ජයන්තිය අප සැමරුවේ මේ වසරේය.

    ඉන්දියාවේ භගවත පුරාණය සහ කලියුරජවෘතාන්ත වලට අනුව බුදුන්වහන්සේ Ikshvaku රාජ පරම්පරාවේ 23 වියහැකි බවත්
    Ajasathru රජ මිය යනවිට බුදුන්වහන්සේ ගේ වයස අවු 72 බවත් එය කි.පු. 1814 දී බවය. (Yuga පුරාණ, Pandit Kota Venkatachalam).
    Prof . K . Siriniwasaraghavan පවසන්නේ බුදුන්වහන්සේ කි.පු.1880 පමණ ජීවත්වූ බවය.
    (Chronology of Ancient Bharat , part 4. chapter 2)

    තාරකා ශාස්ත්‍ර Swami Sakhyananda පවසා ඇත්තේ බුදුන් වහන්සේ Kruttika කාල වකවානුවේ එනම් කි.පු. 2621 - 1661 කාලයේ
    සිටිය යුතු බවය. ඒ අනුව බලනවිට ලෝකයාට බුදුන්වහන්සේ කෙනෙකු සිටිය බව වසර 1300 ක්‌ම අමතක වී තිබුණු බවත් වසර
    1300 කට පසු හදිසියේ බුදු කෙනෙකු සිටි බව මතක් වී ඇති බවය, එසේම බුදුන් පිරිනිවී වසර 218 කාලයේ ඉන්දියාවේ මෞර්ය
    රාජවංශික අසෝක රජු සිටි බවට අපේ වංශකථා කියතත් ඉන්දියාවේ පුරාන ග්‍රන්ථ වලට අනුව සහ ග්‍රීක සංචාරක Megasthenes ගේ
    වාර්තා අනුව එම කාල වකවානුව්වේ ජීවත්ව ඇත්තේ ගුප්ත රාජවන්ශිකයන්ය. අපේ මහාවංශ ටිකාව George Turnour විසින්
    පරිවර්තනය කර ලබාගත් තොරතුරුද ඉන්දියාවට ආදේශ කරන්නට ගොස් ඉන්දීය ඉතිහාසය විනාස කර ඇති බවට චෝදනා
    ඉන්දියාවෙන්ම ලැබී තිබේ.

    වසර සියයකට අධික කාලයක සිට ඉන්දියාවේ ඉතිහාසය Sherlock Holmes ගේ හෝ Hercules Poirot ගේ අභිරහසක් ලෙසට හොල්මන් කරමින් තිබේ. ඉන්දියානු ඉතිහාසයේ කාල වකවානු ගණනය කිරීමේදී ඉන්දියානු ඉතිහාසඥයන් අදටත් මේ ගැටලුවට මුහුණ දී තිබේ( Reestablishing the Date of Lord Buddha , Stephen Knapp) එහෙත් නාඩි වාක්‍ය ශාස්ත්‍රයට අනුව සිදුහත් උපත සිදුවී ඇත්තේ කලියුගවර්ෂ 2418 හි වෙසක් මස පුණු පොහොලත් ඉරිදා උදයාදී එකලොස් පෑ විනාඩි හතරටය.
    ( සිද්ධාර්ථ බුද්ධ චරිතය, බලන්ගොඩ මෛත්‍රී හිමි. p 314).

    කි.ව. 2012 යනු කලියුග වර්ෂ 5112 ය. එනම් බුදුන් වහන්සේ ඉපදී ඇත්තේ මෙයට වසර ( 5112- 2478) =2634 කට පෙරය. එනම් කි.පු. 622 ය. (2634 - 2012 = 622). එමෙන්ම අපේ සෙල්ලිපි මගින්ද
    බුදුන්වහන්සේ කි.පු. 6 වන සියවසේදී බව තහවුරු කල හැකිය. ලංකාවට නම් බුදුන්වහන්සේ කි.පු 6 සියවසේ වීම ගැටළුවක් නොවේ.
    බුදු දහම ඉන්දියාවෙන් බිහි නොවුන දහමක් බවට පෙර අපරදිග ආචාර්ය මහාචාර්ය වරුන් ඉදිරිපත් කර ඇති කරුණු.



    -බුදුන්වහන්සේ ඉන්දියාවේ සිටි බවට ඉන්දියාවේ පැරණි පොත පත සාක්ෂි නොදැරීම.

    -ජීවමාන බුදුන්ට හෝ එකල ජීවත් වූ සංඝයා වහන්සේලාට ලෙනක් වෙහෙරක් විහාරයක් පුජා කල බවට කිසම සෙල්ලිපියක් සොයා ගත නොහැකි වීම.

    -බුදුන් වහන්සේ ජීවත්වූ කි.පු. 6 වන සියවසෙන් කිසිම සාක්ෂියක් ඉන්දියාවෙන් සොයා ගැනීමට නොහැකි වීම.

    -බුදුන්වහන්සේ දුපත් රාජ්‍යක උපන් බව පැරණි පොත් පත් පුස්කොල පොත් සාක්ෂි දැරීම.

    -ලුම්බිණි සෙල්ලිපියේ බුදු උපතක් ගැන සඳහන් නොවීම. එම සෙල්ලිපිය සොයා ගත් Anton Fuhrer වංචාකාරී පුද්ගලයෙක් බව සනාත වී තිබීම.

    -සුත්‍රපිටක වලට අනුව බුදුන් වහන්සේ සල් ගසක් යට ඉපදුනායයි කීවත් නේපාලයේ අසෝක ගසක් තිබීම.

    -මගධි භාෂාව ඉන්දියාවෙන් උපන් භාෂාවක් බව පිළිගැනීමට සාක්ෂි නැති වීම. අසෝක සෙල්ලිපි වල පවා ඇති භාෂාවේ මුලය සංස්කෘත වීම

    -Aleander Cunningham බොහෝ සෙල්ලිපි වරදවා පිටපත් කර ගැනීම සහ වැරදි අර්ථකතනයන් එකතු කර තිබීම.

    -අසෝක ගිරි ලිපි 4 හි සියවස් ගණනක් මෙවැනි ධර්මයක් අසා නැති බව සඳහන් කර තිබීම. මේ ලිපිය ලියනවිට ආසන්න වශයෙන් බුදුන් පිරිනිවී වසර 218 කි. 2 වැනි සංඝායනාව තබා සියවසකි.

    -බුදුන් උපන් දේශය වරින් වර ග්‍රීසියේ ආක්‍රමණයට ලක් වුන බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්නොවීම. නමුත් ඉන්දියාව වරින් වර ග්‍රීසියේ
    ආක්‍රමණයටලක්ව තිබීම.

    -සුත්‍ර පිටකවල විස්තර කෙරෙන විස්තරවලට ඉන්දියාවේ බුදුන් උපන්, බුදුවුන, ප්‍රථම ධර්මදේශනාව, පිරිනිවන් පෑ ස්ථාන සහ අනෙක්
    බොහෝ ස්ථාන සමාන නොවීම. විශේෂයෙන්ම ප්‍රධාන ස්ථාන අතර දුර අදහා ගත නහැකි තරම් දුරින් වැඩිවීම.

    අසෝක රජු 3 වන සංගායනාවක් කල බවට, රජට සංඝමිත්තා මිහිදු කියා දරුවන් දෙදෙනෙකු සිටි බවට, ලංකාව තායිලන්තය වැනි බෞද්ධ රට වලට ධර්ම ‍ප්‍රචාරණය කල බවට ගිරි ලිපි හෝ ඉන්දියාවේ පැරණි පොත පත්හි සාක්ෂි නැති වීම. අසෝක රජගේ බෞද්ධ කම සම්බන්ධයෙන් ගැටළු මතු වීම. මෙයට ප්‍ර‍ධාන සාධකයක් වන්නේ බුදු දහම වැළඳ ගත් පසුද සංඝයා වහන්සේලා විශාල ප්‍රමාණයක් ඝාතනය කිරීම, සහ සෙල්ලිපි වල සඳහන් නීති රීතිය . උදාහරණ වශයෙන් සතුන් තෝරා බේරා මැරීමට හැකි අමුතුම නීති පද්ධතීන් ගිරි ලිපි වල සඳහන් වීම.

    -බුදුන්වහන්සේ සහ සංඝයා වහන්සේලා ලෙන්වල වසරකට වැඩි කලක් ගත කල අවස්ථා බෞද්ධ ඉතිහාසයේ දැක්වේ. උතුරු ඉන්දියාවේ හෝ නේපාලයේ හිමාලයට ආසන්නව හිස මුඩු කරගත්, දෙසිවුර හැඳ ගත්. පාවහන් නොමැතිව සීත කාලයේ වැඩ විසීම ආශ්චර්යමත් කරුණක් වීම.

    -බුද්ධ දේශයේ සඳහන් වන විවාහ, දරු ප්‍ර‍සුතියේ දී අනුගමනය කෙරෙන චාරිත්‍ර (දරු ප්‍රසූතිය‍ සඳහා දෙමව්පියන් වෙත යාම),


    -කෘෂිකාර්මික චාරිත්‍ර ආදිය ඉන්දියාවේ චාරිත්‍ර නොවීම. බුදුන් උපන් දේශයේ වාරි කර්මාන්තයෙන් කුඹුරු අස්වැදීම් සහ ප්‍ර‍ධාන කොට
    බත් සහ හොදි අනුභවය කරන සංස්කෘතියක් තිබුනත් ඉන්දියාවේ ප්‍ර‍ධාන අහාර රොටි වැනි ආහාර විශේෂයි. ඉන්දියාවේ වැව් නොමැත.


    බුදු කෙනෙකු පිටදුන් බෝධියක් කාන්තාවක් විසින් කටු ගසා ගිනි තියා විනාශ කිරීම හාස්‍යට කරුණක් වීම.

    බුදුවරු 4 නමක් සිටි රටක් ලෙස කීවත් ඉන්දියාවේ මුළු ඉතිහාසය පුරාම ලෝකය මවන ලද මහා බ්‍රහ්ම සංකල්පයක්, හින්දු දහමක් ප්‍ර‍ධාන දර්ශනය ලෙස පැවතීම.

    ලෝකයේ අනෙක් සියලුම බෞද්ධ රටවලට වඩා බුදුන් උපන් රටේ බෞද්ධ සිද්ධස්ථාන අඩුවීම සහ බොහොමයක් ඒවාද හින්දු කෝවිල් වලට සමාන වීම.

    Cunningham ගේ Fuhrer ගේ යුග වලට වඩා අද විද්‍යාව සහ තාක්ෂනය දියුණුය. අද ‍ප්‍ර‍ශස්ත සන්නිවේදන මාර්ග තිබේ.
    අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා ඇති පොත පත කියවා ගන්නා මිනිස්සු අන්ධානුකරණය වැළඳ නොගනිති.

    මුලාව නමැති මහ සයුරේ සත්‍ය සොයා කිමිදෙන මිනිස්සු බොහෝ සෙයින් නිර්භයය. ඔව්හු සම්ප්‍ර‍දායට, ප්‍ර‍භූ නාම වලට, ප්‍ර‍සිද්ධ රාජ්‍ය
    නාම වලට බිය නොවෙති. එබැවින් සත්‍යය, සත්‍යක්ලෙස සත්‍ය වශයෙන්ම කල් නොඉක්මව මතුවනු ඇත. මන්දයත් සත්‍ය සදා කල්හිම අසත්‍යට යට නොවන බැවිනි.
    (සැකසුම සුභාෂිනී කුමාරි )
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    india-is-not-Dambadiva-SINHALA-TITLE.jpg-B_zpswkxmdghv.jpg


    a_zpsfx1kph4z.jpg


    B-1_zpsncipvc1f.jpg


    page-108-109_zpsxqmntr5r.jpg


    b-2_zpsdhryc3hr.jpg


    c_zpskje4gama.jpg


    d_zpsw621ozxm.jpg


    e-B_zpst7hqvieg.jpg
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    41n2gafUpFL._SX308_BO1204203200__zpsyokhlpca.jpg


    The Buddha and Dr Fuhrer: An Archaeological Scandal


    About the Author

    Charles Allen (born 1940) is a British writer and historian. He was born in India, where several generations of his family served under the British Raj. His work focuses on India and South Asia in general


    In this fascinating book, Charles Allen unravels the saga of an archeological discovery and a twisted tale of truth and lies that has divided Buddhist scholars for a century. Reconstructing the forested Tarai landscape of the fifth century BC in which the Buddha was raised, Allen employs a strong narrative to reveal the truth behind the alleged discovery of the Buddha's ashes in 1898 and the subsequent controversies that surrounded uncertain and compromised excavation and the numerous parties involved.

    http://www.amazon.com/Buddha-Dr-Fuhrer-Archaeological-Scandal/dp/B0078XZKKM
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද ?






    http://deshana.sirisaddharmaya.net/buddhagama_saha_uthum_buddha_dharmaya.pdf





    (මේව අනික් අයටත් බලන්න අවස්තාව සලසන්න ඕනෙ කියල හිතෙනවනම් බම්ප් එකකුත් දාගෙනම යන්න.)
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    GOCE_first_global_gravity_model_large_zps7i5dbj5y.jpg




    indian-ocen-gravity-map_zpsxyn2t2sz.jpg




    Spiritual leaders in India went to higher mountains (such as Himalaya) for mediation as they believed low gravitation helps them to achieve higher levels of mind with brain development (don’t know science proved it yet, but who cares? As science is subjective). According to those satellite maps Sri Lanka has the lowest gravitation on earth, given that Sri Lankans have something which rest of the world does not have which facilitates them to enter higher level of mind… only if they wants to.



     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඉසිපතන මිගදාය




    ISB%206_zpsmhwxq6u2.jpg








    එදා බුද්ධත්වයට පත් වූ ගෞතම බුදුන්, ඉසිපතනට පැමිණෙන අවස්ථාවේ එය ඈත තියා දකින්නේ පස්වග තවුසන් ය . එම ඉසිපතය අද හඳුන් වන්නේ ඉසින්බැස්ස ගල කියාය .


    මෙය පිහිටා ඇත්තේ මැදවච්චියට ට ආසන්නයේය. එහි ඇති විශේෂ පිහිටුම ඕනෑම කෙනෙකුන් ගේ අවධානයට යොමුවන සුළුය.
    ඉන්දියාවේ ඇති ඉසිපතනය සමතල බිමක පිහිටා ඇත. මිගදායක තබා මුවන්ට කන්නට තණ කොලවත් එහි නැත. බලහත්කාරයෙන් කොටුකල මුවන් කිහිපදෙනෙකු එහි ඇත.





    iss7_zpsscd4g9w6.jpg



    ISB%201_zpsvp330w7e.jpg



    iss8_zpsjwryxusm.jpg




     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය



    නිවන් අවබෝධ කර ගැනීමට උපකාර වන එකම ධර්මය පරම පවිත‍්‍ර බුද්ධ ධර්මයයි. බුද්ධ ධර්මය ඉතාම සරළ ලෙසින් පැහැදිළිව, නිරවුල්ව, පිරිසිදුව ගෝතම සාක්‍යමුනීන්ද්‍රයාණන් වහන්සේ සොයා දැන දේශණා කළ ධර්මයයි. මිනිසෙකු ලෙස උපත ලබන ඕනෑම කෙනෙකුට එසේත් නැත්නම් මුළු මහත් මිනිස් වර්ගයාටම අසා දැන තේරුම් ගත හැකි, තේරුම් ගෙන අනුගමනය කළ හැකි, අනුගමනය කර අත්විඳ ගත හැකි එකම උතුම් ධර්ම මාර්ගයයි. මිනිසෙකුට පමණක්ම මනස මෙහෙයවා යෝනිසෝමනසිකාරයෙන් තේරුම් ගෙන අනුගමනය කිරීමෙන් පමණක්ම මහඟු ප‍්‍රතිඵල අත්කරගත හැකි උතුම් ධර්මයකි.

    ජාති කුල භේද, ආගම් භේද, උගත් නූගත් කම්, උස් පහත් කම්, පොහොසත් දුප්පත් කම්, සුදු කළු භේද හෝ ගිහි පැවිදි වෙනස් කම් පවිත‍්‍ර බුද්ධ ධර්මයට නැත. බුද්ධ ධර්මය එක රටකට, එක ප‍්‍රදේශයකට හෝ එක කාලයක උපතලත් මිනිසුන් කොටසකට හෝ සීමාවූ දහමක් නොවේ. අතීත, අනාගත, වර්තමාන තුන් කාලයේම ජීවත්වන මිනිසුන් සඳහාම සුදුසු, සියලූ මිනිසුන්ට යහපත, විමුක්තිය ළඟාකර ගන්නට උපකාර කරගත හැකි ධර්ම මාර්ගයකි.

    බුද්ධ ධර්මයෙහි එකම විශේෂත්වය වන්නේ, මේ ධර්මය තම තමන්ම මනස මෙහෙයවා ස්වභාව ධර්මයේ පැවැත්ම පිළිබඳව විද්‍යාත්මක සත්‍යය ප‍්‍රඥාවෙන්්ම තේරුම් ගතයුතු වීමයි. ඒ විශේෂත්වය නිසාම ප‍්‍රඥාවෙන්්ම දැරිය යුතු විද්‍යාත්මක වූ නිසාම මේ උතුම් ධර්මයට බුද්ධ ධර්මය යන නම ලැබුණි.

    පරම පවිත‍්‍ර බුද්ධ ධර්මයෙහි හරය, යථාර්ථය තේරුම් ගැනීමට නම් ජාති, කුල මල, ආගම් සංකල්ප, බටහිර, පෙරදිග මතිමතාන්තර, උගත් නූගත් කම් මෙන්ම ගිහි පැවිදි වෙනස්කම් වලින්ද නිදහස්ව, මේ ධර්මයෙන් ගෙනහැර දැක්වූ විද්‍යාත්මකවූත්, ස්වභාවිකවූත් සත්‍යයම ප‍්‍රඥාවෙන්් වටහා ගන්නට උත්සාහ ගත යුතුය.

    පාට කණ්නාඩියක් පැළඳ යම් දෙයක් දෙස බලන කෙනෙකුට එය දකින්නට ලැබෙන්නේ, ඒ කණ්නාඩියේ පාටට අනුරූප වූ විකෘති ස්වභාවයකිනි. එය සත්‍යය දර්ශනයක් නොවේ. මායා දර්ශනයකි. එය මිත්‍යාදෘෂ්ඨියකි. සියලූ දෘෂ්ඨි අතහැර, සියලූ ආගම් සංකල්ප අතහැර, මිනිසෙකු ලෙසින් තම මනස මෙහෙයවා මේ උතුම් විද්‍යාත්මක සත්‍යයෙන් ගෙනහැර දක්වන ලද ධර්මය, තම තමාගේම විමුක්තිය සඳහාම උපකාර කරගතහැකි ආකාරය ගැන විමසිලිමත්ව සොයා බැලිය යුතුය.

    බුද්ධාගම හා බුද්ධ ධර්මය යනු එකක්ම නොවේ. මේ දෙකෙහි වෙනස නිවැරදි ලෙසත් බුද්ධියෙන් යුතුවත් වටහා ගැනීම නිවන් අවබෝධ කර ගැනීමට උපකාර වේ. උපතින්ම බෞද්ධයෙකු ලෙස බුද්ධාගම උරුමයෙන් අදහන කෙනෙකුට මේ දෙකෙහි වෙනසක් ඇති බවක් තේරුම් ගැනීමද තරමක් අපහසු දෙයකි. උපතින්ම උරුම වූ ආගමික සංකල්ප, ඇදහිලි, පුද පූජා ක‍්‍රම, වත් පිළිවෙත් වලට තදින්ම පුරුදු පුහුණු වූ භක්තිමත් බෞද්ධයකුට මේ කියන කථාවත් සංවේගයට හේතුවන්නට ද බැරි නැත. අනෙකුත් සියලූම ආගම්වල මෙන්ම බුද්ධාගමෙහිත්, පොදුජන පහන් සංවේගය සඳහා, භක්තිය හා ජනප‍්‍රසාදය ඇති කර ගැනීම සඳහා කලින් කලට එකතු කරගත් විවිධ ආගම් සංකල්ප වලින් ගහන බව කාටත් දැකගත හැකි සත්‍යයකි. බුද්ධාගම 2600ක කාලයක් අද පවතින තත්ත්වයෙන් ජනප‍්‍රිය ආගමක් සේ පවත්වා ගෙන එන්නට ඒවා උපකාර වූ බව ද සත්‍යයකි.

    පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය මීට වඩා බෙහෙවින් ගාම්භීර වූ, උතුම් වූ, පිරිසිදු වූ ධර්මයකි. මිනිසෙකු විසින් බුද්ධියෙන්ම තේරුම් ගෙන, බුද්ධියෙන්ම අනුගමනය කර, බුද්ධියෙන්ම අත්විඳිය යුතු සදාකාලික වූ විද්‍යා සිද්ධාන්තයකි. ඒ උතුම් ධර්මයෙන් පෙන්වා වදාළ විද්‍යා සිද්ධාන්ත, කාලය අනුව වෙනස් නොවන, වෙනස් කළ නොහැකි, දේශයෙන් දේශයට වෙනස් නොවන, මිනිසුන් වූ කාටත් බුද්ධියෙන් තේරුම් ගත හැකි ස්වභාවික ධර්මතාවයන් ක‍්‍රියාත්මක වන ආකාරය විග‍්‍රහ කර පෙන්වා දුන් පරම සත්‍යය එළි දැක්වීමකි.

    බුද්ධාගමද ඒ උතුම් ධර්මයම පදනම් කොට ගෙන කලින් කලට ජනප‍්‍රිය වූ ආගම් සංකල්පයන්ද එකතු කරගෙන, පොදු ජනයාගේ සිත් ගන්නා ලෙසින්, ගරු බුහුමන් ලබන්නට හැකිවන පරිදි, භක්තියෙන් අදහන්නට සුදුසු පරිදි සකස් කරගත් ආගමකි. එවැනි වූ බුද්ධාගම මිහිඳු හිමියන් ලංකාවට ගෙන ආ දින පටන් අද දක්වාම විවිධ වෙනස්කම් වලට භාජනය විය. බෙදීම් වලට හා විපරිණාමය වීම් වලටද ලක්විය. ඒ අනුවම අද පවතින බුද්ධාගමද තව නොබෝ කලකින්ම වෙනස් වී, විපරිණාමයට පත්වීම කාටවත් නැවැත්විය නොහැකි දෙයකි.

    පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය කිසිම ආකාරයකින් කිසිම දවසක එවැනි වෙනස්කම් වලට විපරිණාම වලට භාජනය වන එකක් නොවේ. ඊට අලූතින් යමක් එකතුකර ගත නොහැකිය. පවිත‍්‍ර බුද්ධ ධර්මය තාවකාලිකව භාවිතයෙන් යටපත්ව ගිය හැකිය. නමුත් ධර්මය විනාශ කර දැමිය නොහැකිය. යටපත්ව ගිය බුද්ධ ධර්මය බුද්ධියෙන්, හේතුඵල දහම තේරුම් කරගන්නට හැකි වූ උත්තමයෙකුට නැවත මතුකර, භාවිතයට ගත හැකි උතුම් ධර්මයක් නිසාම එය බුද්ධ ධර්මය විය.

    සත්ත්‍ව, පුද්ගල, උපත, පැවැත්ම, විපරිණාමයට පත්වීම, ජරාවට පත්වීම, මරණය, දුක් විඳීම ආදී ඇතිවීම හා නැතිවීම සම්බන්ධ වූ නොනවතින ක‍්‍රියාවලියට පාදක වූ හේතු මෙන්ම, මේ ක‍්‍රියාවලිය නොනවත්වාම, උත්සාහයක් නැතිවම, ස්වභාවිකවම, දිගින් දිගටම පවත්වාගෙන යන්නට හේතු පාදක වූ ශක්ති ප‍්‍රභවය ද විග‍්‍රහ කර, විස්තර කර වදාළ එකම ධර්මය, බුද්ධ ධර්මයයි. උපත, මරණය, දුක් විඳීම වැනි දේ බෞද්ධයින්ට පමණක් සීමා වූ දේවල් නොවේ. අතීත, අනාගත, වර්තමාන තුන් කාලයෙහිම උපදින සියලූ සත්ත්වයින්ට පොදු විද්‍යාත්මක සත්‍යයන්ය. ඒ නිසා බුද්ධ ධර්මය බුද්ධාගමට වඩා බොහෝ සෙයින් ගාම්භීර වූ එකකි.

    සම්මත බුද්ධාගමෙහි අද භාවිතා කරන බොහෝමයක් අංගයන් විවිධ ආගම් සංකල්ප සංකලනය කරගැනීමෙන් සකස්කර ගත් ඒවාය. පරම පවිත‍්‍ර බුද්ධ ධර්මයේ විද්‍යාත්මක සිද්ධාන්ත යටපත්ව, ආගමික සංකල්ප මතුවීමද ධර්ම ස්වභාවයෙන්ම සිදු වූ දෙයකි. එය කාට හෝ වරදක් පැටවිය යුතු, ඇඟිල්ල දිගුකළ හැකි දෙයක්ද නොවේ. හේතුඵල දහම යථාපරිදි තේරුම් ගත් කෙනෙකුට පමණක් මේ ධර්ම ස්වභාවයද මොනවට තේරුම් ගත හැකි වනු ඇත.

    ගෝතම සාක්‍යමුනීන්ද්‍රයාණන් වහන්සේ කිසිම භේදයකින් තොරව මුළු මහත් මිනිස් වර්ගයා සඳහාම දේශණාකර වදාළ බුද්ධ ධර්මය පර්යාප්ති, පටිපත්ති, පටිවේද සාසනය ලෙසින්ද නම් කරන්නට යෙදුනේ මේ නිසාමය. ”සුනේථ, ධාරේථ, චරේථ” යනුද බුද්ධ ධර්මයම විස්තර කරන්නට භාවිතා කළ පද වැලකි. මේ සියලූ ආකාර පද වලින් විස්තර කරන්නට යෙදුනේ බුද්ධ ධර්මය අසා දැන, බුද්ධියෙන් තේරුම් ගෙන, තේරුම් ගත් හේතුඵල ධර්මයට අනුව ක‍්‍රියාකර, බුද්ධියෙන්ම අනුගමනය කර, අත්විඳ ගත යුතු එකක් වන බවයි.

    මේ නිසාම මේ උතුම් ධර්මයට, බුද්ධ ධර්මය යන නම ලැබුණි. කිසියම් ආගමික නායකයෙකුගේ නමින් මේ නම ලැබුණා නොවේ. ගෝතම සාක්‍යමුණීන්‍ද්‍රයන් වහන්සේ ස්වයංභූ ඥාණයෙන්ම, බුද්ධියෙන්ම සොයා මතු කර පෙන්වූ ධර්මය, බුද්ධිය මෙහෙයවා තේරුම් ගෙන, බුද්ධියෙන් දැරිය යුතු නිසාම ”ධාරේථ” යැයි ප‍්‍රකාශ කළ සේක.

    බුදුපියාණන්වහන්සේ බුද්ධත්වයට පත්වී කලක් ගතවන තුරු මේ උතුම් ධර්මය ”විභජ්ජ වාදය” ලෙසින් හැඳින්වූ බව පැහැදිළිය. ඉන් පසු මේ ධර්මයට ”බුද්ධවාදය” යන නමද භාවිතා කළහ. බුදුපියාණන්වහන්සේ පෙන්වා දුන් විද්‍යා සිද්ධාන්ත ප‍්‍රඥාවෙන් දැරිය යුතු වන නිසාම පසුව එය බුද්ධ ධර්මය ලෙස නම් කෙරිණි. බුද්ධාගම ලෙස එය සකස් කර භක්තියෙන් අදහන්නට වූයේ, බුද්ධ පරිනිර්වාණයෙන් වසර එකසිය පනහක්, දෙසියක් තරම් පසු කාලයකදීය. බුදුපියාණන් මේ උතුම් විද්‍යා සිද්ධාන්ත මතුකර දේශණා කළ යුගය වනවිට ජන්බුද්වීපය ප‍්‍රදේශයේ පමණක් විවිධ ආගම් හැට හතරක් ප‍්‍රචලිතව, ජනප‍්‍රියව පැවතුන බව ඉතාමත් ප‍්‍රසිද්ධය. ඒ ආගම් සියල්ලම සත්ත්‍ව පුද්ගල දෘෂ්ඨිය, ආත්ම අනාත්ම සංකල්ප, පුනරුත්පත්තිය, මතු ආත්ම භවයන් ආදී සංකල්ප පදනම් කර ගෙන විවිධ ඇදහිලි වත්පිළිවෙත්, පුදපූජා ක‍්‍රම අනුගමනය කළ ඇදහිය යුතු ආගම් විය. ඒ කිසිඳු ආගමකින් මිනිසෙකු ලෙස උපත ලත් කිසිම කෙනෙකුට පූර්ණ විමුක්ති සුවයක්, නිවනක් ලබා ගත නොහැකි බව පැහැදිළිවම තේරුම් ගත් බුදුපියාණන්වහන්සේ, ඒ සියලූ ආගම් ප‍්‍රතික්‍ෂෙප කර බැහැර ලා, විභජ්ජවාදය නැමැති මේ උතුම් බුද්ධ ධර්මය ඉදිරිපත් කළ සේක. ඒ යුගයේ හැටියට මෙය කාටවත් සිතාගන්නටවත් නොහැකි තරමේ මහා පෙරළියක්, විප්ලවයක්ම විය. සියලූ ආගම් යටපත්ව කෝටි ප‍්‍රකෝටි ගණනින් මිනිසුන් බුද්ධ ධර්මය අනුගමනය කරන්නට විය.

    උතුම් බුද්ධ ධර්මය හුදු න්‍යායයක් හෝ දර්ශනයක් හෝ පමණක්ම ලෙසින් සැළකීම සුදුසු නොවේ. බුදුපියාණන්වහන්සේම දේශණාකර පෙන්වා වදාළ පරිදි මෙය පර්යාප්ති ධර්මයකි. එනම් නිවැරදි විමුක්ති මාර්ගයකි. ඒ විමුක්ති මාර්ගය අනුගමනය කළ, අත්දුටු, අත්විඳගත් බුදුපියාණන්වහන්සේලා මෙන්ම අනන්ත අරහතුන් වහන්සේලාටද මාර්ග ඵලයන්ට පත් වූ තවත් එවැනිම විශාල කොටසකටද සදහටම සංසාර දුකෙන් මිදී නිදහස් වීමට උපකාරී වූ නිවැරදි ධර්ම මාර්ගය විග‍්‍රහ කිරීමකි. මේ විමුක්ති මාර්ගය ඕනෑම මිනිසෙකුට තේරුම්ගෙන, අනුගමනය කර අත්විඳගත හැකි නිසා මෙය ප‍්‍රතිපත්ති මාර්ගයක් ලෙසද පෙන්වා වදාළහ. මෙය එක ජාතියකට, ආගමකට, රටකට, කුලයකට හෝ එක කාලයකට සීමා වූ ධර්ම මාර්ගයක්ද නොවේ. කොයි කාලයකදී හෝ පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගෙන, ත‍්‍රිලක්ඛණය අවබෝධ කරගත්තේ නම්, එය චතුරාර්ය සත්‍යයන්ම අවබෝධකර ගන්නට උපකාර වන නිවැරදි මඟ පෙන්වන දහමකි. මෙහි එකම විශේෂත්වය වන්නේ ඒ ඒ පුද්ගලයාම පෞද්ගලිකවම ප‍්‍රතිපත්තීන් පුරා මාර්ගය සම්පූර්ණ කරගත යුතු වීමයි.

    විඤ්ඤාණ ශක්තියෙන්ම උපත ලබන, ජීවත්වන, හැම කෙනෙක්ම තම මනසේ ශක්තීන්ම දියුණු කරගෙන, විඤ්ඤාණ ශක්තියම, පිරිසිදු චිත්ත ශක්තියක් බවටද ශුද්ධ පවිත‍්‍ර කරගැනීම මේ ප‍්‍රතිපත්ති මාර්ගයයි. එය තමන් විසින්ම තමා සඳහාම අනුගමනය කළ යුතුය.

    මේ උතුම් ධර්මයට හිමිකරුවකු හෝ අයිතිකරුවෙකු හෝ නැත. සියලූම ලොව්තුරු බුදුපියාණන්වහන්සේලා ස්වයංභූ ඥාණයෙන්ම මතුකර තමන්ම සොයා දැනගත් මේ උතුම් ධම_යටම ගුරු තනතුරින්ද පිදුම් කළ සේක. ඒ නිසා මේ ධර්මයේ අයිතිය කියාපාන්නට කිසිම අරහතුන් වහන්සේ කෙනෙකුට හෝ ස්වාමීන් වහන්සේ කෙනෙකුට හෝ නොහැකිය. සියලූම ශ‍්‍රාවකයින්, අනුගාමිකයින් හා භික්ෂුන්ගේ වගකීම වන්නේ, නිවැරදි මඟ සොයා දැන බුදුපියාණන් මතුකර පෙන්වා වදාළ මඟ අනුගමනය කර, එය තමාගේම පෞද්ගලික අත්දැකීමක් බවට පත්කරගෙන, නිවන අත්විඳ ගැනීමයි. මේ නිසා මෙය ආගමක්, න්‍යාය ධර්මයක් හෝ දර්ශනවාදයක් හෝ පමණක්ම නොවන බවත් සෑම කෙනෙකුම තේරුම් ගත යුතුය. උතුම් බුද්ධ ධර්මය ආගම් සංකල්පයක් හෝ ඇදහිලි මාර්ගයක්ද නොවේ. යම්කිසි කෙනෙකුට භක්තියෙන්, අවිචාරවත් ශ‍්‍රද්ධාවෙන් වැඳුම් පිදුම් පමණක් කර, ප‍්‍රාර්ථනා කරමින් පැතීමෙන්ම පමණක් ඉෂ්ඨ සිද්ධ කරගත හැකි දෙයක්ද නොවේ. සුනේථ, ධාරේථ, චරේථ යන පියවරයන් තුනෙහිිිම වැඳුම්, පිදුම්, යැදුම්, පැතුම් මාර්ගයක් පෙන්වා දී නැත. පර්යාප්ති සාසනය, ප‍්‍රතිපත්ති සාසනය, ප‍්‍රතිවේධ සාසනයෙහිද එවැනි කිසිම වැඳුම් පිදුම් මාර්ගයක් පෙන්වා දී නැත. යාඥා කර, පූජකයෙකුට පිරිකරක් පූජාකර, කන්නලව්වකින් කරගත හැකි දෙයක් ද මෙහි නැත. කිසිම ආකාරයක මතිමතාන්තර හෝ දෘෂ්ඨිගත වීමේ ක‍්‍රමයක් ද මෙහි නොවේ. බුද්ධියෙන් තර්කයෙන් ගොඩනගාගත් සම්මතයන්ද මෙහි නැත. තවත් කෙනෙකුගෙන් ඉගෙනගෙන, උකහා ගෙන, බුද්ධියට ගෝචර කරගත හැකි දෙයක්ද නොවේ. තමන්ම තමා තුළින්ම දැහැමි ප‍්‍රතිපදාවක් අනුගමනය කර අවංක වීමෙන්, පිරිසිදු වීමෙන්, පිවිතුරු වීමෙන්, ප‍්‍රභාශ්වර තත්ත්වයටද පත්විය හැකි තමාගේම සිතෙහිම ඇතිවන ආධ්‍යාත්මික චිත්ත පාරිශුද්ධතාවයකි. රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර පිරිසිදු සිතක් තමා තුළින්ම මතුකරගෙන, තමන්ම අත්විඳ ගන්නා ආධ්‍යාත්මික වූත්, අභ්‍යන්තර වූත් සුවය අත්විඳීම නිවනයි. විමුක්තියයි.

    මේ විමුක්ති මාර්ගය, විද්‍යාත්මක සත්‍යය සොයාදැන, යථාපරිදි මතුකර, පැහැදිළිව විග‍්‍රහ කර, ලෝකයාට දේශණා කරන්නට යෙදුනේද, ඒ ඒ පුද්ගලයාට තම තමන්ගේම බුද්ධිය දියුණු කර, තම විමුක්ති මාර්ගය තමන්ටම සකස් කර ගන්නට උපකාර වන ආකාරයටය. නිවන් අවබෝධ කරගැනීමට උපකාර කිරීම, විමුක්ති මාර්ගය පෙන්වා දීම මේ ධර්මය දේශණා කිරීමේ එකම අරමුණ හා පරමාර්ථය විය. වෙනත් කිසිම ආකාරයක ලෞකික පරමාර්ථයක් හෝ අරමුණක් ඇතිව මේ ධර්මය දේශණා කළා නොවේ.

    විශ්වය පිළිබඳව අග මුල සෙවීම හෝ මිනිසාගේ, සත්ත්වයාගේ උපතේ අග මුල සෙවීම හෝ මතු ආත්ම භවයන්, පෙර ආත්ම භවයන් ගැන පෙන්වා දීමට හෝ ලෞකික සැප සම්පත් දියුණු කර සංවර්ධනය කර ගන්නා ආකාරය පෙන්වා දීමට හෝ දේශණා කළ ධර්මයක් නොවේ. රටක්, ලෝකයක්, සමාජයක් හදන්නට හෝ මෙහි කී නොකී කිසිම ආකාරයක ලෞකික පරමාර්ථයකින් හෝ අරමුණකින් බුදුපියාණන්වහන්සේ බුද්ධ ධර්මය දේශණා කළා නොවේ.

    ලෝකෝත්තර නිවන් සුවය අත්කර ගන්නට මිනිසුන්ට බුද්ධියෙන් දරාගත හැකි, දරාගත යුතු ධර්ම මාර්ගය පෙන්වා දී, එය අනුගමනය කර, තම තමන්ටම අත්විඳ ගන්නට හැකි මඟක් පෙන්වීම කළා පමණි. මේ නිසා මේ උතුම් බුද්ධ ධර්මය කිසිසේත්ම බෞද්ධයාට පමණක් සීමා වූ එකක් නොවේ. බුදුපියාණන්වහන්සේ මේ ධර්මය සොයා දේශණා කළ යුගය වන විට එකද සම්මත බෞද්ධයෙකුවත් සිටියේ ද නැත.

    මෙයින් පැහැදිළිවම තේරුම් ගත යුතු කරුණ වන්නේ, බුද්ධ ධර්මය දේශණා කිරීමේ ඒකායන අරමුණ වූයේ, පරමාර්ථය වූයේ, අනන්ත අප‍්‍රමාණ කාලයක පටන් සංසාර සාගරයේ අතරමං වී දුක් විඳවන ලෝක සත්ත්වයා දුකින් මුදවා ගෙන, විමුක්තිය ළඟාකර ගත හැකි පැහැදිළි මඟක් සොයා පෙන්වා දීම පමණක්ම බවයි. බුද්ධ ධර්මයෙන් පෙන්වා දුන් මේ පිරිසිදු පැහැදිළි නිවන් මඟ පෙන්වා දීමට කිසිම ආගමකට අතීතයේදී නොහැකි වූවා මෙන්ම මතු අනාගතයේදී ද කිසිම ආගමකට හැකි කමක් නැති බවද සහතික කොට ප‍්‍රකාශ කළ හැකිය. නිවන් අවබෝධ කර ගැනීමට, විමුක්තිය ළඟාකර ගැනීමට නම් ”පරම පවිත‍්‍ර බුද්ධ ධර්මයම” සොයා දැන භාවිතා කළ යුතුය. බුදුපියාණන්වහන්සේට, උතුම් සිරි සද්ධර්මයට ගරු කරන සියලූම මිනිසුන් මේ සත්‍යය මැනවින් තේරුම් ගෙන කටයුතු කළ යුතුය.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "අප උපන් දා සිටම සම්මතයෙන් බුදුන් වහන්සේ යනු ඉන්දියාවේ සිටි කෙනෙකුයයි ද, ලංකාව එවන් වූ බුද්ධෝත්පාදයකට නුසුදුසුරටක් යයි ද අපේ යටි සිත් වලවලට කවා ඇති නිසා, බුදුන් උපන්නේ හෙළ බිම යි කියූ පමණින් සමහරුන් හට තදබල වේදනාවක් ඇතිවීම ස්වභාවිකය. සත්‍යය යනු සැමවිට වසාගෙන සිටිය නොහැක්කකි."
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඉසින්බැස්සගල රජමහා විහාරයේදී 2015 මැයි මස 31 දින පැවති ධර්ම සාකච්ඡාව




     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුද්ධ චරිතයට ඉන්දියාව ඇදා ගැනීම නිසා , යම් කරුණු සාධාරණීකරණය කිරීමට අභව්‍ය කරුණු ඇතුලත් කරන්නට සිදු විය , එහිදී බුදුන් සේම මිහිඳු හිමියන්ගේ ලංකාපුර ගමන අහසින් ගමන් කිරීමක් ලෙස සලකනු ලබූ අතර, ඉන්දියාවේ දේව ගෝත්‍රිකයන් නොසිටි නිසා ඔවුහු දිව්‍ය තල වල වෙසෙන දිවය පුත්රයනට ආදේශ කිරීමට සිදුවිය , තවද නාග ගෝත්‍රිකයන් නොසිටි බැවින් මුචලින්ද යනු විශාල නාගයෙක් ලෙස අර්ථ කථනය කරන්නට සිදු විය . යක්ෂගොත්රිකයන්ටද සිදුවුනේ අමනුෂයන් ලෙස හුවා දැක්වීමය.

    මාතෘ දිවය රාජයාට දහම් දෙසීමට වැඩි සංඛ පුරට ද දිවය ලෝකයක් ලෙසම දැක්වීය. මෙහි වඩාත් අභව්‍ය සිදුවීම වන්නේ බුදුන් සංක පුර නම් දෙවු ලොවට ඉනිමගකින් බැසීමය .
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "බුදුන් ඉන්දියාවේ සිටි බව ගොතා පෑම, වැරදීමකින් සිදුවුනාද නොඑසේනම්, කුමන්ත්‍රණයක් දැයි තාමත් අභිරහසකි.

    ක්‍රිස්තුධර්මය පැතිරවීමේ පැහැදිලි චේතනාවෙන් සිටි බටහිර ආක්‍රමණිකයින් බුදුන් ගේ ස්ථාන සොයාගැනීමට මෙතරම් උනන්දුවක් දැක්වුයේ ඇයිදැයි ප්‍රශ්නයක් පැනනගී. මීට වසර දෙසියගනකට පෙර කිසියම් ජාතියකට යටත් නොවූ ලංකාව ආරක්ෂාවී තිබුනේ බුදුදහම නිසා මිස වෙන අන් කරුණක් නිසාද ?
    ලංකාවේ බුදුදහම විනාශ කිරීමට විදේශිකයන් ගොඩනැගු සැලැස්ම නම් අතිසාර්ථකය.

    බුදුන් වහන්සේ යනු නුබලා ගේ කෙනෙකු නොවේ ඉන්දියන් කාරයෙකි. නුබලා බෞද්ධ වීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැත. ජේසුස් වහන්සේද පිටරටියෙකි එබැවින් කොයි ආගමත් වෙනසක් නැත. නුබලා සම්භවයෙන් බෞද්ධ නැත"
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සම්බුද්ධ පරිනිර්වාණය සිදුවූ කුසිනාරාව



    පරිනිර්වාණය සිදුවූ කුසිනාරාව අද හදුන්වන්නේ බුදුගල කියාය. එම ස්ථානය බලංගොඩට ආසන්නයේ සමනලවැව ජලාශයට පහලින් පිහිටා ඇත. බුදුගල ආසන්නයේම කුරගල පිහිටා ඇති අතර එම ස්ථාන දෙක අතර උමන් මාර්ගයක් ද ඇත.මල්ලව රජදරුවන් ගේ රාජධානියේ නටබුන් සහ ධාතුමන්දිරයේ නටබුන් අදත් දක්නට ලැබේ. හේමමාල හා දන්තකුමරු පැමිණෙන්නේ මෙහි සිටය . එදා ද්‍රෝණ බමුණා ධාතු බෙදාදුන්නේ මෙහි සිටය .


    11659501_1457564074564010_7193462011377906614_n_zps4qjg3ucn.jpg


    ද්‍රෝණ බමුණා විසින් ධාතු බෙදීමේදී මල්ල රජ දරුවන්ට ලැබුණු දන්ත ධාතූන් වහන්සේ කුසිනාරා නුවරම (එනම් බුදුගල නමින් අද හඳුන්වන ස්ථානයේම) දන්තධාතු මන්දිරයක් තනවා ආරක්ෂා සහිතව තැන්පත් කර මල්ලව රජ පරපුර විසින් පුද පූජා පවත්වමින් ‍රැක ගත් බව පෙනේ. හෙළදිව ඉදිකළ පළමුවැනි දන්ත ධාතු මන්දිරයේ මුල් පදනම සහ නටබුන් අදටත් බලංගොඩ බුදුගලදී කාටත් දැක ගත හැකිය.






    11659444_1457564214563996_6183815702702137501_n_zpsn0vlonny.jpg




    11698558_1457564137897337_3963055660635992530_n_zpslgj0qepg.jpg




    404448_411461462268655_1044365668_n_zpsndlkyqmk.jpg




    11707622_1457564017897349_366439914261795229_n_zpsfucelmli.jpg



    මේ අනුව සිදුහත් උපත,ගෞතම බුදුන්ගේ සම්මා සම්බෝධියට පැමිණීම, පළමු ධර්ම දේශනය පැවැත්වීම මෙන්ම පිරිනිවන් පෑම යන මේ වැදගත් අවස්ථාවන් හතරම සිදු වූයේ එදා මේ හෙළදිවම පිහිටි ජන්බුද්වීපයේදීය.ඉන්දියාවේදී එදාඅශෝක මහ රජු විසින් ඉදි කරන ලද්දේ මේවායේ ම ආකෘතීන්ය. අද ලංකාවේ බෞද්ධයා ඉන්දියාවේදී දැක බලාගෙන වඳින්නට යන්නේ මේ ආකෘති වලට මිස නියම වශයෙන් ම නියත වූ තැනකට නොවේ.






     

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    හිමාලය කිව්වෙ සිරීපාදෙටද? අනෝතත්ත විල කියන්නෙ මොකද්ද?
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අනෝතතත විල හෙවත් අනෝතත්ත වාපිය පුරාන වාරිමාර්ග පද්ධතියට අයත්ව තිබූ එක් ජලාශයක්. පසු කාල වලදී රජවරුන් විසින් ගංගා වෙනත් ප්‍රදේශ වලට හැරවීම නිසා අද ඒව දකින්න නෑ.

    vanished-rivers-in-lanka_zpsimjljbe9.jpg




    හිමවත කිව්වෙ සිරීපාදයට.හිමවත කියන වචනෙ ඉන්දියාවට ගලපන්න ඕනෙ හින්ද හිමාල කඳුවැටියට ආදේශ කරගත්ත.


    " හිම වත , හිමය , හිමේ යනු රුස්ස වනගහනක් වූ කදුකර ප්‍රදේශයක් ලෙස අර්ථ දැක්විය හැක. මෙය ඉන්දියාවේ ඇති හිමාල කන්ද ලෙස අර්ථකතනය කරන්නේ අපේම අභාග්යටය. මලය යනු කදුකරයයි, හිමය + මලය = හිම මලේ , Robert Knox වසර 1660 දී පවසන්නේ Adams Peak’s යන ස්ථානයට ලාංකිකයන් පැවසු නම “Hammalella” බවය. ඔහුට ඇසුන වචනය යලිත් ඉංග්‍රීසි ජාතිකයෙකු ගේ භාෂා විලාසය අනුව ලියා ඇත. "




     
    Last edited: