ලංකාවේද එකල ජීවත්වූ හිමිවරු බුදුදහම ඉන්දියාවෙන් උපන් ආගමක් ලෙස පිළිගත් බවක් නොපෙනේ. මෙම බොරුව බොහෝ
සෙයින් කරපින්නා ගෙන යන්නාවූ පිරිසක් බිහිවෙන්නේ 1925 න් පමණ පසු පාසල් අධ්‍යාපනය ලැබූ පිරිස් වලින් බව පොත පත
ඉතිහාසයෙන් සොයා ගත හැක.
අසෝක රජගේ යයි විස්වාශ කරන ගිරිලිපි සියල්ලම සොයාගනු ලැබුවේ ඉංග්‍රීරීසි ජාතිකයන් වන අතර ඒවා පිටපත් කර එහි අඩංගු
කරුණු පරිවර්තනය කර දෙනු ලැබුයේද ඉංග්‍රීරීසි ජාතිකයන් විසිනි. මේ සම්බන්ධයෙන්ද මුලිකයාවී සිටියේ Cunningham. එහෙත් ඔහුගේ ගිරිලිපි පිටපත් කිරීම් වල බ්රාහ්මීය හෝඩියේ නොමැති අක්ෂර ගණනාවක්ම ඇති බව අද තහවුරු කර තිබේ.( Asoka Tams Wikipedia)
බ්රාහ්මීය අක්ෂර හෝඩිය දන්නා ඕනෑම කෙනෙකුට එම වැරදි දැක බලාගත හැකිය. හෝඩියේ නැති අකුරුද එකතු කරගෙන
Cunningham කියවාගත්තේ මොනවාදැයි සලකා බැලීම වටි.
විශේෂයෙන්ම 13 වන ගිරිලිපියේ දුත කණ්ඩායම් යැවූ ප්‍රදේශ ලෙස.මෙහි,අතෙෂු, අතියොගේ, තුලමය, අන්තෙකිනේ,
මකා.අලික්යසුදලේ, චොඩ, පඬිය, තාම්රපන්නි (දකුණු ඉන්දියාවේ), යොන,කම්බොජ, අධ, පාලද, නාහක,නාහපති, භෝජ, පිති යනාදියවේ. මෙහි ද. ඉන්දියාවේ තාම්රපන්නි ලංකාව ලෙස අරගෙන තිබේ, මේ රට දකුණු ඉන්දියාවේ හෝ අසෝකගේ යටත් විජිතයක්ව නොපැවතිනි. එහෙත් වඩාත්ම හාස්‍ය ජනක දෙය නම් මෙම සෙල්ලිපියේ ඇත්තේ බුද්ධ ධර්මය රැගෙන ගිය දුත කණ්ඩායම් ගැන නොව වෛද්‍ය ආධාර කණ්ඩායම් (medical help) රැගෙන ගිය දුත කණ්ඩායම් ගැනය.
( Reestablishing the Date of Lord Buddha, S Knapp) අද මහාචාර්යවරුන් විසින් මේවා නිවැරදි කර තිබියදීත් අදටත් බොහෝ පිරිස් අසෝක ගිරිලිපි කියවා ගන්නේ Alexander Cunnigham කියාවාගත් ආකාරයටය.
ලුම්බිණියේ සෙල්ලිපිය සොයගනුයේ cunningham ගේ මරණින් පසුය. එයද ඒ 1896 දීය . එය සොයාගනු ලැබුයේ බ්‍රිතාන්‍ය රජයට
රාජකාරිකල ජර්මන් ජාතික Alois Anton Fuhrer විසිනි. ඔහු නම් දරාපු තක්කඩියෙකි. ලුම්බිණියේ ඇති එම සෙල්ලිපිය Fuhrer විසින්ම කොටා ඇති බව ඔහුගේ සමකාලීන පුරාවිද්‍යාඥයන් විසින්ම් සනාථ කරතිබේ. එකලවයඹ පළාත භාර ආණ්ඩුකාරවරයාගේ ලේකම්වරයා විසින් මධ්‍යම ආණ්ඩුවට ලිපියක් සපයමින් පවසා ඇත්තේ Fuhrer විසින් පුරාවිද්‍යා කැනීම් වලින් සොයා ගත් කිසිවක් සාධාරණ පරීක්ෂණයකින් තොරව පිළිගත නොහැකි බවය, එහෙත් ඔහුට එරෙහිව සාක්කි දෙන්නට සිටිය ප්‍රධාන සාක්ෂිකරු Peppe හදිසියේ අත්භූත ලෙස ලෙඩවී පසුව මියයාම නිසා අදවෙනතුරු මේ සම්බන්දයෙන් කිසිම සාධාරණ පරීක්ෂණයක් කර නොමැත. මේ තක්කඩිකම සදහා ඔහු හවුල් කරගෙන ඇත්තේ නේපාල ජාතික Khadga Shamsherය. මෙම නේපාල ජාතිකයා නේපාලයේ එක අගමැතිවරයකු ඝාතනය කොට තව 2 නකු ඝාතනය කරන්නට තැත් කර පසුව ඉන්දියාවට පැනගිය අයෙකි.
( Lumbini on Trial, T.A.Phelps)
එමෙන්ම මෙම සෙල්ලිප්යේ අර්ථයක් නැති වචන ඇත්තාසේම ටැම් ලිපියේ 2 පේලියේ 4 වන වචනය ශාක්‍ය මුනිති ලෙස කියව ගනු ලැබුවද
එහි සත්‍ය ලෙසම ලියා ඇතතේ "සයමුනිති" යන වචනයයි.
බුදුන්වහන්සේ ඉන්දියාවේ ජීවත් වුන බවට ඉන්දියාවේ පැරණි පොත පත වල ලියා නොමැති බැවින් බුදුන් වහන්සේ ජීවත් වුන වකවාණු ගැන ඉන්දියාවට බර පතල ගැටළු මත්වී තිබේ. ඉංග්‍රීසි ජාතිකයින් ඉන්දියාව ආක්‍රමණය කරන්නට පෙර ඉන්දියානුවන් තම ඉතිහාසය කියවා ගත්තේ බොහෝවිට ඉපැරිණි පොත පත වන මහා පුරාන ග්රන්ථ ආධාරයෙනි.
ඉන්දියාවේ පුරාණ ග්රන්ථ උපකාරයෙන් ඉන්දියාවේ මගධ ලෙස නම් කර ඇති පෙදෙසේ රාජ නාමාවලිය සොයා ගත හැක.
ඒඅනුව මහා භාරත යුද්ධය තිබුණු කාලයේ එහි පාලකයා වුයේ Somadhi හෙවත් Marjari ය. ඔහුගේ රාජ පරම්පරාව රජවරුන් 22 නෙකුගෙන් යුක්ත වන අතර එම කාලය වසර 1006 දක්වා පැතිරේ. ඉන් අනතුරුව Pradyota රාජපරම්පරාව වසර 138 දක්වා දිවයයි.
එම පරපුරේ රජවරු 5 දෙනෙකි. ඉන්පසු වසර 360 ක කාලයක් පූරා රජවරුන් 10 නෙකුගෙන් යුත් Shishunag පරම්පරාව රජකරනු ලබයි. .
Kshemajith මෙම පරම්පරවේ 4 වෙන්නා වන අතර ඔහු රජ කරන්නේ කි.පු 1892 - 1852 ය. මෙම 4 වැනියා වූ රජ එකල නේපාලයේ සිටි
බුදුන් වහන්සේගේ පියාට සමගාමිකයා වියයුතු යයි ගණනය කරනු ලබයි . එසේ ගණනය කරනු ලබන්නේ බුදුන්වහන්සේ කෙනෙකු
භාරතයේ සිටි බවට කිසිම පුරාණ ග්‍රන්තයක හෝ පැරණි ඉන්දියානු පොතක ලිය නැති නිසාය. මෙම රාජ වංශයේ 6 වෙනියා Ajasthru ය. ඔහු පාලනය කරන්නේ කි.පු. 1814 - 1787 කාලවලය. මේ අනුව බුදුන් වහන්සේ ජීවත්ව ඇත්තේ කි,පු 1858 - 1807 කාල වක වනු වල බව
ගණනය කරනු ලබයි. එනම් මෙයට වසර 3860 (2012+1858) පෙර බුදුන් උපන් බවය, (Some Blunders of Indian Historical Research , p 189, p . N . Oak ) එහෙත් බුදුන්වහන්සේගේ 2600 වැනි සම්බුද්ධ ජයන්තිය අප සැමරුවේ මේ වසරේය.
ඉන්දියාවේ භගවත පුරාණය සහ කලියුරජවෘතාන්ත වලට අනුව බුදුන්වහන්සේ Ikshvaku රාජ පරම්පරාවේ 23 වියහැකි බවත්
Ajasathru රජ මිය යනවිට බුදුන්වහන්සේ ගේ වයස අවු 72 බවත් එය කි.පු. 1814 දී බවය. (Yuga පුරාණ, Pandit Kota Venkatachalam).
Prof . K . Siriniwasaraghavan පවසන්නේ බුදුන්වහන්සේ කි.පු.1880 පමණ ජීවත්වූ බවය.
(Chronology of Ancient Bharat , part 4. chapter 2)
තාරකා ශාස්ත්‍ර Swami Sakhyananda පවසා ඇත්තේ බුදුන් වහන්සේ Kruttika කාල වකවානුවේ එනම් කි.පු. 2621 - 1661 කාලයේ
සිටිය යුතු බවය. ඒ අනුව බලනවිට ලෝකයාට බුදුන්වහන්සේ කෙනෙකු සිටිය බව වසර 1300 ක්ම අමතක වී තිබුණු බවත් වසර
1300 කට පසු හදිසියේ බුදු කෙනෙකු සිටි බව මතක් වී ඇති බවය, එසේම බුදුන් පිරිනිවී වසර 218 කාලයේ ඉන්දියාවේ මෞර්ය
රාජවංශික අසෝක රජු සිටි බවට අපේ වංශකථා කියතත් ඉන්දියාවේ පුරාන ග්රන්ථ වලට අනුව සහ ග්‍රීක සංචාරක Megasthenes ගේ
වාර්තා අනුව එම කාල වකවානුව්වේ ජීවත්ව ඇත්තේ ගුප්ත රාජවන්ශිකයන්ය. අපේ මහාවංශ ටිකාව George Turnour විසින්
පරිවර්තනය කර ලබාගත් තොරතුරුද ඉන්දියාවට ආදේශ කරන්නට ගොස් ඉන්දීය ඉතිහාසය විනාස කර ඇති බවට චෝදනා
ඉන්දියාවෙන්ම ලැබී තිබේ.
වසර සියයකට අධික කාලයක සිට ඉන්දියාවේ ඉතිහාසය Sherlock Holmes ගේ හෝ Hercules Poirot ගේ අභිරහසක් ලෙසට හොල්මන් කරමින් තිබේ. ඉන්දියානු ඉතිහාසයේ කාල වකවානු ගණනය කිරීමේදී ඉන්දියානු ඉතිහාසඥයන් අදටත් මේ ගැටලුවට මුහුණ දී තිබේ( Reestablishing the Date of Lord Buddha , Stephen Knapp) එහෙත් නාඩි වාක්‍ය ශාස්ත්‍රයට අනුව සිදුහත් උපත සිදුවී ඇත්තේ කලියුගවර්ෂ 2418 හි වෙසක් මස පුණු පොහොලත් ඉරිදා උදයාදී එකලොස් පෑ විනාඩි හතරටය.
( සිද්ධාර්ථ බුද්ධ චරිතය, බලන්ගොඩ මෛත්‍රී හිමි. p 314).
කි.ව. 2012 යනු කලියුග වර්ෂ 5112 ය. එනම් බුදුන් වහන්සේ ඉපදී ඇත්තේ මෙයට වසර ( 5112- 2478) =2634 කට පෙරය. එනම් කි.පු. 622 ය. (2634 - 2012 = 622). එමෙන්ම අපේ සෙල්ලිපි මගින්ද
බුදුන්වහන්සේ කි.පු. 6 වන සියවසේදී බව තහවුරු කල හැකිය. ලංකාවට නම් බුදුන්වහන්සේ කි.පු 6 සියවසේ වීම ගැටළුවක් නොවේ.
බුදු දහම ඉන්දියාවෙන් බිහි නොවුන දහමක් බවට පෙර අපරදිග ආචාර්ය මහාචාර්ය වරුන් ඉදිරිපත් කර ඇති කරුණු.
-බුදුන්වහන්සේ ඉන්දියාවේ සිටි බවට ඉන්දියාවේ පැරණි පොත පත සාක්ෂි නොදැරීම.
-ජීවමාන බුදුන්ට හෝ එකල ජීවත් වූ සංඝයා වහන්සේලාට ලෙනක් වෙහෙරක් විහාරයක් පුජා කල බවට කිසම සෙල්ලිපියක් සොයා ගත නොහැකි වීම.
-බුදුන් වහන්සේ ජීවත්වූ කි.පු. 6 වන සියවසෙන් කිසිම සාක්ෂියක් ඉන්දියාවෙන් සොයා ගැනීමට නොහැකි වීම.
-බුදුන්වහන්සේ දුපත් රාජ්‍යක උපන් බව පැරණි පොත් පත් පුස්කොල පොත් සාක්ෂි දැරීම.
-ලුම්බිණි සෙල්ලිපියේ බුදු උපතක් ගැන සඳහන් නොවීම. එම සෙල්ලිපිය සොයා ගත් Anton Fuhrer වංචාකාරී පුද්ගලයෙක් බව සනාත වී තිබීම.
-සුත්රපිටක වලට අනුව බුදුන් වහන්සේ සල් ගසක් යට ඉපදුනායයි කීවත් නේපාලයේ අසෝක ගසක් තිබීම.
-මගධි භාෂාව ඉන්දියාවෙන් උපන් භාෂාවක් බව පිළිගැනීමට සාක්ෂි නැති වීම. අසෝක සෙල්ලිපි වල පවා ඇති භාෂාවේ මුලය සංස්කෘත වීම
-Aleander Cunningham බොහෝ සෙල්ලිපි වරදවා පිටපත් කර ගැනීම සහ වැරදි අර්ථකතනයන් එකතු කර තිබීම.
-අසෝක ගිරි ලිපි 4 හි සියවස් ගණනක් මෙවැනි ධර්මයක් අසා නැති බව සඳහන් කර තිබීම. මේ ලිපිය ලියනවිට ආසන්න වශයෙන් බුදුන් පිරිනිවී වසර 218 කි. 2 වැනි සංඝායනාව තබා සියවසකි.
-බුදුන් උපන් දේශය වරින් වර ග්‍රීසියේ ආක්‍රමණයට ලක් වුන බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්නොවීම. නමුත් ඉන්දියාව වරින් වර ග්‍රීසියේ
ආක්රමණයටලක්ව තිබීම.
-සුත්‍ර පිටකවල විස්තර කෙරෙන විස්තරවලට ඉන්දියාවේ බුදුන් උපන්, බුදුවුන, ප්‍රථම ධර්මදේශනාව, පිරිනිවන් පෑ ස්ථාන සහ අනෙක්
බොහෝ ස්ථාන සමාන නොවීම. විශේෂයෙන්ම ප්‍රධාන ස්ථාන අතර දුර අදහා ගත නහැකි තරම් දුරින් වැඩිවීම.
අසෝක රජු 3 වන සංගායනාවක් කල බවට, රජට සංඝමිත්තා මිහිදු කියා දරුවන් දෙදෙනෙකු සිටි බවට, ලංකාව තායිලන්තය වැනි බෞද්ධ රට වලට ධර්ම ප්‍රචාරණය කල බවට ගිරි ලිපි හෝ ඉන්දියාවේ පැරණි පොත පත්හි සාක්ෂි නැති වීම. අසෝක රජගේ බෞද්ධ කම සම්බන්ධයෙන් ගැටළු මතු වීම. මෙයට ප්‍රධාන සාධකයක් වන්නේ බුදු දහම වැළඳ ගත් පසුද සංඝයා වහන්සේලා විශාල ප්‍රමාණයක් ඝාතනය කිරීම, සහ සෙල්ලිපි වල සඳහන් නීති රීතිය . උදාහරණ වශයෙන් සතුන් තෝරා බේරා මැරීමට හැකි අමුතුම නීති පද්ධතීන් ගිරි ලිපි වල සඳහන් වීම.
-බුදුන්වහන්සේ සහ සංඝයා වහන්සේලා ලෙන්වල වසරකට වැඩි කලක් ගත කල අවස්ථා බෞද්ධ ඉතිහාසයේ දැක්වේ. උතුරු ඉන්දියාවේ හෝ නේපාලයේ හිමාලයට ආසන්නව හිස මුඩු කරගත්, දෙසිවුර හැඳ ගත්. පාවහන් නොමැතිව සීත කාලයේ වැඩ විසීම ආශ්චර්යමත් කරුණක් වීම.
-බුද්ධ දේශයේ සඳහන් වන විවාහ, දරු ප්‍රසුතියේ දී අනුගමනය කෙරෙන චාරිත්‍ර (දරු ප්‍රසූතිය සඳහා දෙමව්පියන් වෙත යාම),
-කෘෂිකාර්මික චාරිත්‍ර ආදිය ඉන්දියාවේ චාරිත්‍ර නොවීම. බුදුන් උපන් දේශයේ වාරි කර්මාන්තයෙන් කුඹුරු අස්වැදීම් සහ ප්‍රධාන කොට
බත් සහ හොදි අනුභවය කරන සංස්කෘතියක් තිබුනත් ඉන්දියාවේ ප්‍රධාන අහාර රොටි වැනි ආහාර විශේෂයි. ඉන්දියාවේ වැව් නොමැත.
බුදු කෙනෙකු පිටදුන් බෝධියක් කාන්තාවක් විසින් කටු ගසා ගිනි තියා විනාශ කිරීම හාස්‍යට කරුණක් වීම.
බුදුවරු 4 නමක් සිටි රටක් ලෙස කීවත් ඉන්දියාවේ මුළු ඉතිහාසය පුරාම ලෝකය මවන ලද මහා බ්‍රහ්ම සංකල්පයක්, හින්දු දහමක් ප්‍රධාන දර්ශනය ලෙස පැවතීම.
ලෝකයේ අනෙක් සියලුම බෞද්ධ රටවලට වඩා බුදුන් උපන් රටේ බෞද්ධ සිද්ධස්ථාන අඩුවීම සහ බොහොමයක් ඒවාද හින්දු කෝවිල් වලට සමාන වීම.
Cunningham ගේ Fuhrer ගේ යුග වලට වඩා අද විද්‍යාව සහ තාක්ෂනය දියුණුය. අද ප්රශස්ත සන්නිවේදන මාර්ග තිබේ.
අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා ඇති පොත පත කියවා ගන්නා මිනිස්සු අන්ධානුකරණය වැළඳ නොගනිති.
මුලාව නමැති මහ සයුරේ සත්‍ය සොයා කිමිදෙන මිනිස්සු බොහෝ සෙයින් නිර්භයය. ඔව්හු සම්ප්‍රදායට, ප්‍රභූ නාම වලට, ප්‍රසිද්ධ රාජ්‍ය
නාම වලට බිය නොවෙති. එබැවින් සත්‍යය, සත්යක්ලෙස සත්‍ය වශයෙන්ම කල් නොඉක්මව මතුවනු ඇත. මන්දයත් සත්‍ය සදා කල්හිම අසත්‍යට යට නොවන බැවිනි.
(සැකසුම සුභාෂිනී කුමාරි )

+6