ජාතක කතා කියන්නෙ පසුකාලීන සාහිත්‍ය අතිශයෝක්ති වලින් පිරුණු දෙයක්.පොලොන්නරු දඹදෙනි යුගවල ලියපු දේවල් තමයි අද අපි පරිශීලනය කරන්නෙ. ඒවගෙන් ගන්න තියෙන ආදර්ශය අරගන්නව මිසක් එතනින් එහා ගිය ඉතිහාසයක් වැනි දෙයක් ගැන සෙවීමක් බලාපොරොත්තු වෙන්න බෑ. අනික ඒ කතාවල කොතනකවත් ඉන්දියාව, භාරතය කියල නමක් නැහැ. දඹදිව කියලනෙ සඳහන් වෙන්නෙ. දඹදිව කියල නමක් ඉන්දියාවට ඉතිහාසයෙ කවදාවත් තිබිල නැහැ.මම මුල ඉඳල කියල තියෙන දේවල් ඔක්කොම කියවන්න.එතකොට දඹදිව කියන්නෙ මොකද්ද කියන එක තේරුම් ගන්න පුලුවන් වෙයි.

මේ ජයින මහාවීරගෙ පිලිමයක්නෙ.පපුව බුරිය එහෙම හොඳට පේන්න තියෙන්නෙ. මේ වෙනස අඳුරගන්න බැරිව තමයි සුද්දන්ටත් ගොඩක් දේවල් පැටලිල තියෙන්නෙ



උබ ඔය කියන්නෙ ජෛන මහාවීර ඉන්දියාවෙ ඉදල බුදුන් ලංකාවෙ ඉදිය කියලද?උබ ඔය කියන්නෙ ලංකාවෙ මිනිස්සු බෞද්ධ උනේ බුදුන් තමන්ගෙ ජාතියෙ කෙනෙක් නිසා කියලද? තායිලන්තෙ අයත් තව ටික දවසකින් කියයි බුදුන් අපේ කෙනෙක් එහෙම නැති උනොත් අපේ රටත් ක්‍රිස්තියානි වෙයි කියල."බුදුන් ඉන්දියාවේ සිටි බව ගොතා පෑම, වැරදීමකින් සිදුවුනාද නොඑසේනම්, කුමන්ත්‍රණයක් දැයි තාමත් අභිරහසකි.
ක්‍රිස්තුධර්මය පැතිරවීමේ පැහැදිලි චේතනාවෙන් සිටි බටහිර ආක්රමණිකයින් බුදුන් ගේ ස්ථාන සොයාගැනීමට මෙතරම් උනන්දුවක් දැක්වුයේ ඇයිදැයි ප්‍රශ්නයක් පැනනගී. මීට වසර දෙසියගනකට පෙර කිසියම් ජාතියකට යටත් නොවූ ලංකාව ආරක්ෂාවී තිබුනේ බුදුදහම නිසා මිස වෙන අන් කරුණක් නිසාද ?
ලංකාවේ බුදුදහම විනාශ කිරීමට විදේශිකයන් ගොඩනැගු සැලැස්ම නම් අතිසාර්ථකය.
බුදුන් වහන්සේ යනු නුබලා ගේ කෙනෙකු නොවේ ඉන්දියන් කාරයෙකි. නුබලා බෞද්ධ වීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැත. ජේසුස් වහන්සේද පිටරටියෙකි එබැවින් කොයි ආගමත් වෙනසක් නැත. නුබලා සම්භවයෙන් බෞද්ධ නැත"
ඔය දේ ඇත්ත උනත් නැත්ත උනත් ඔය වැඩේ නිසා පිළ් බෙදෙන්නෙ බොහොම සුළුතරයක් වෙච්ච ජාතික හැගීමක් ඇති සිංහලයන්. බුදුන් ඉපදුනේ ලංකාවෙ කියන්නෙත් මහාවංශය පිළිගන්නෙත් බොහොම අතලොස්සක්. මුලින් දෙගොල්ලටම එකට තියෙන අභියෝග ජයගමු. ඊට පස්සෙ ඔය මත වලින් හරි එක හොයාගමු. එතකොටයි අපි දිනන්නෙ. දැන් ඔය මතවලින් හරි එක හොයනව කියන්නෙ එකම මතවාදයක් වෙනුවෙන් තියෙන බලවේගයක් දෙකඩ වෙනව කියන එක."මෙම පරම සත්‍යය එළි දැක්වු විට ලාභයෙන් දෘෂ්ටි ගත වු, ආස්වාදයෙන් දෘෂ්ටි ගතවු, උගත් කමෙන්, බුද්ධිමත් කමෙන් මත්වු,තානාන්තර වලින් නිල තල වලින් බලවත්වු බොහෝ දෙනෙකුට මෙය නොගැලපෙන දෙයක්ම වන්නටත් පුලුවන. සමහර විට එවන් අය ඇත්ත නැත්ත කිරීමට ම තව තවත් වෙර දරනු ඇත. තම බලය පෙන්වීමට ජන මාධ්‍යයන් මුදලට ගන්නටත් උත්සාහ දරණු ඇත. පරම සත්‍යයට විරුද්ධ වන ඔවුන් විරුද්ධ වන්නේ බුදු පියාණන් වහන්සේටමය. ඔවුන් ආර්යෝපවාදයක්ම කර ගන්නා බවත් තේරුම් ගත යුතුය............................"
හෙළයෙක්;19439397 said:
ඔය දේ ඇත්ත උනත් නැත්ත උනත් ඔය වැඩේ නිසා පිළ් බෙදෙන්නෙ බොහොම සුළුතරයක් වෙච්ච ජාතික හැගීමක් ඇති සිංහලයන්. බුදුන් ඉපදුනේ ලංකාවෙ කියන්නෙත් මහාවංශය පිළිගන්නෙත් බොහොම අතලොස්සක්. මුලින් දෙගොල්ලටම එකට තියෙන අභියෝග ජයගමු. ඊට පස්සෙ ඔය මත වලින් හරි එක හොයාගමු. එතකොටයි අපි දිනන්නෙ. දැන් ඔය මතවලින් හරි එක හොයනව කියන්නෙ එකම මතවාදයක් වෙනුවෙන් තියෙන බලවේගයක් දෙකඩ වෙනව කියන එක.
දෙගොල්ලටම ගැටළුවක් නෑනෙ ලංකාව සිංහල බෞද්ධ රටක් කියන එක. එහෙම නොවනවා කියන උන්ගෙන් සිංහලේ බේරගෙන ඔය මතය බේරගමු. එහෙම නොවුනොත් දෙගොල්ලොම ඉවරයි සිංහලයත් ඉවරයි.
ane manda isserate gouthama budun americawe ipuduna kiyayda danne naha...aheme kenek ipedune naha, ahema darmeyak naha kiyaida danne naha..???![]()
හෙළයෙක්;19439309 said:
උබ ඔය කියන්නෙ ලංකාවෙ මිනිස්සු බෞද්ධ උනේ බුදුන් තමන්ගෙ ජාතියෙ කෙනෙක් නිසා කියලද? තායිලන්තෙ අයත් තව ටික දවසකින් කියයි බුදුන් අපේ කෙනෙක් එහෙම නැති උනොත් අපේ රටත් ක්‍රිස්තියානි වෙයි කියල.
නොකියා කියන්නෙ ධර්මය නිසා නොවේ කියන එක. ඔය මතය නිසා හානි වෙන්නෙ ක්‍රිස්තියානි ආගම අදහන අයට නම් නෙවෙයි. බුද්ධිය නිසා බෞද්ධ නොවූ බවනෙ ඔය කියන වචන වලින් අදහස් වෙන්නෙ.
සමහරවිට ඔවුන් හරියට බුදු දහම ඉගෙන ගත්ත නන් බෞද්ධ වෙන්න තිබ්බ. ඔබ බුද්ධිය මනින විදියෙන් සහ ඔය කියන කතාවලින්ම තේරෙනව මචන් වෙන දේ. අපරාදෙ උබේ කාලෙ මට උත්තර දෙන්න නාස්ති කරන්නෙ ඒ නිසා මම මේ පිළිතුරෙන් නවතින්නව. උබ බුදුන් උපන් ස්තානය හොයාගෙන ඒ මගින් නිවන් අවබෝධ කරගත්තට පස්සෙ මාත් උබේ අඩි පාරෙම යන්නන්. එතකන් උබට බුදුසරණයි.බුද්ධිය නිසා බෞද්ද වෙනවනම් ඔය නිව්ටන්ල අයින්ස්ටයින්ලත් හොඳ බෞද්දයො වෙන්න ඕනෙ.එහෙම නේද ?
මේ වචනෙ විග්රහ කරල තියෙන ආකාරය හොඳින් බලන්න. බවය උදුරා දැමූ නිසයි බුද්ධ වෙන්නෙ.පසේ බුදුන් වහන්සේත් අරිහතුන් වහන්සේත් බුද්ධ යන නමින්ම හඳුන්වනව.ඒ අරිහත් බුද්ධ සහ පච්චේක බුද්ධ යන නම් වලින්.ඒ උන්වහන්සේලාත් භවය උදුරා දැමූ නිසයි.