"සෙල්ලිපි කියවූ පරණවිතානයන් දඹදිව කීවේ හෙළයට බව ස්ථීරවම දැන සිටින්නම ඇත.
Epigraphia Zeylanica (volume 3) හි පරණවිතානයන් මෙසේ දක්වා තිබේ. නම වන සහ දහවන ශත වර්ෂවලදී සිලෝනයේ රජවරුන් අභා සලමෙවන් සහ සිරි සඟබෝ නමින් මාරුවෙන් මාරුවට සිහසුන් නාමයන් දෙකක් භාවිතා කර තිබේ. සියවසක කාලයක් තුල පලවන සේන රජගේ සිට 2 වන උදය රජ දක්වා සිරි සඟබෝ නාමය දැරූ රජවරුන් තිදෙනෙකි. ඒ අය නම් 2 වන සේන, 4 වන කස්සප සහ 4 වන දප්පුල රජවරුන්ය. එම කාලය තුල රජවරුන් හතර දෙනෙකු, 1 වන සේන, 1 වන උදය, 5 වන කස්සප, 5 වන දප්පුල අභා සලමෙවාන් නම් නාමය දරාතිබේ. (p 142, Epigraphia Zeylanica (volume 3)
තෙද බල ඇති පාලකයෙකු වූ දෙවන සේන රජුට කාශ්‍යප නමින් පුතෙක් විය. පස්වෙනි කාශ්‍යප යනුවෙන් මේ කුමාරවරයාය රජවීය. ශ්‍රේෂ්ට පඬිවරයෙකු වූ පස්වෙනි කාශ්‍යප ධාර්මික පාලකයෙකු වශයෙන්ද ලංකා ඉතිහාසයේ විශේෂ ස්ථානයක් හිමි කරගෙන තිබේ.ඉපැරණි කෘතියක් වන ධම්පියා අටුවා ගැටපදය ද මේ රජු විසින් ලියන ලද සිංහල ග්‍රන්ථයකි. මෙතුමා ශාසනයේ අභිවෘදියට බොහෝ සේවාවන් කොට තිබේ.
අභා සලමෙවන් යනුවෙන් සෙල්ලිපිවල මේ පස්වන කාශ්‍යප රජ තුමා සඳහන් වේ. බුද්ධ ශාසනයේ උන්නතියට විශාල කැපවීමක් කළ මේ රජතුමා ආදර්ශමත් නරපතියෙකි. මේ රජතුමා ගැන මෙසේ දැක්වේ.අභිඥා ලාභියකු සේ ප්‍රඥාවන්තය. සුරගුර සේ ව්‍යක්තය. වෙසවුණු සේ ත්‍යාගිවන්තය. බහුශෘතය. ධර්ම කථිකය. සියලු ශිල්පයෙහි විශාරදය. යුක්තිය අයුක්තිය විචාරණයේ දක්ෂය.නීතියෙහි පණ්ඩිතය. ඉන්ද්‍රකීලයක් සේ නොසැලෙන්නේය. බුදු සසුන්හි ස්ථීරව පිහිටියේය..මායා කපටිකම් වලින් තොරය. සියලු ගුනයනට ආකාරය.
මැදිරිගිරි ටැම් ලිපියෙහි මෙතුමා මුළු දඹදිවම ආලෝකමත් කල බව දක්වයි
මැදිරිගිරිය ටැම් ලිපිය (Plate no 6)
On the fifth day of the waning moon [of the month of . . . . ], in the third year [of the reign] of His Majesty Abhā Salamevan who is [like unto] a tilaka mark [of adornment] to the . . . . prosperous island of Lańkā, an embodiment of good fortune and majesty, a descendant of the Okkāka dynasty, and who was born of the twice-anointed queen unto the great king Mayurādunu Siri Sang-boy, illuminating the whole of Dambadiva with his glory.
මේ අභා සලමෙවන්, සිරි සඟබෝ නම් අනුවර්ත නාමයන් දරා ගත් රජවරු හෙළයන් බවත් ඉන්දියාව පාලනය කල රජවරුන් නොවන බවත් පරණවිතානයන් දනී. ඒ අනුව මේ රජවරු දඹදිව කීවේ කුමන රටටද යන්න මේ මහතා ස්ථීරවම දැන සිටින්නට ඇත.
අපේ වැඩිහිටියන් අතර මෙවන් කතාවක් කියවේ. බුදුන්වහන්සේ හෙළ උරුමයක් බව පරණවිතානයන් පවසා ඇති බවත් කතෝලිකයා බුද්ධ ශාසනය වනසන්න හදනවා කියා එකල හිටිය මහා නාහිමිවරුන් පරනවිතානයන්ට බැන වැදී ඇති බවත්ය. ඉන්පසු බුදුන්වහන්සේ එක්වරක් වත් ලංකාවට වැඩිය නැති බව පරණවිතානයන් පවසා තිබේ. හාමුදුරුවරුන්ට අවැසි නැත්නම් මට කුමටදැයි ඒ මහතා සිතන්නට ඇත."