පසුගියදා නේපාලයේ කැනීම් කල Tony Canningham නොදුටු තිත්ත ඇත්ත.
අතීතයේ මෙයට වසර 2500කට පෙර එවරස්ට් නම් කඳු අසබඩ ජීවත්ව ඇත්තේ කිරාන්ටි (kiranti) නම් ජනවර්ගයකි. මොවුන් නේපාලයේ සහ භූතානයේ එවරස්ට් කඳු අවට සහ නිම්න වල බහුල ලෙස පැතිරී සිටි ජන කොට්ටාශයකි. මොවුන් දඩයම ජීවිකාව කරගත් මනුස්ස කොට්ටාශයකි. මේ අය මොන්ගලයිඩ් මනුස්සයන්ය. යලම්බෙර් නේපාලයේ කත්මන්ඩු නිම්නය ආක්රමනය කර ගෝපාල් වංශිකයින් පරාජය කරමින් කිරාටි නම් රාජධානියක් ආරම්භ කළේය. පරම්පරා 29ක් පමණ යලම්බ් වරුන් නේපාලය පෙදෙස පාලනය කල බව දැක්වේ. මොවුන් නම් පරි, බලම්බ, හ්රිටි, හුමටි, ජිටෙදසටි, ගලින්ජ, ඔය්ස්ග්ජ , සුයරම, පප, බුන්ක, ස්වාම්නන්ඩ්, ස්තුන්කෝ, ජින්ඝ්රි, නැනේ, ලුක, තොර්, වේරම, ගුන්ජා, පුෂ්කාර්, කෙෂු, සුජා, සන්ස, ගුනම්, ඛිම්බු, පටුක, ගස්ටි,
මෙම කිරාන්ට වැසියන් මිත්‍යා සිංහ හිස් සහිත කිම්පුරුෂ නම් ගෝත්රියකට නෑකම් කියන්නන්ද විය හැකි බව සැලකේ. මෙම වැසියන්ගේ භාෂාව වී ඇත්තේද කිරාටි භාෂාවය. මෙය ටිබෙට් - බුරුම භාෂාවෙන් බිදී ආ එකක් බව දැක්වේ. මෙයට අමතරව භෝතිය, ශේර්පා, තකාලී, ගුරුන්ග්, කිරනටි, රාල්, ලිම්බු, නෙවාරි, පහාරි, තමන්ග නම් ජනවර්ගයන් නේපාලයේ වීය. අද ලුම්බිණිය ලෙස ආදේශ කල ප්ර්දේශයේ ජීවත්ව ඇත්තේ පහාරි නම් ජන කොට්ටාශයයි.
බුදුන් වහන්සේ උපන් කිඹුල්වත් නුවර මධ්‍ය මණ්ඩලය ගැන මෙහම විස්තරයක් කිසි දිනක බෞද්ධ පොත පතක අසා නැත්තේය.
බුදුන් උපන් දේශයේ මෙවැනි ජන වර්ග සිටිය බවද අසා නැත්තෙමු. මහා සම්මත වංශයේ ගෝපාල වන්ශයක්ද අසා නැත්තෙමු
බුදුඋපන් දේශය යලම්බර් වරුන් ආක්රවමණය කර කිරාන්ටි රාජධානියක් පිහිටුවා ගත් බවද අසා නැත්තෙමු.
ස්කන්ද පුරාණයේ යම් යම් තොරතුරුත් , පුරාන ග්ර්න්ථවල මහාභාරත යුද්ධයේ යම් යම් සිදුවීම් හැරෙන්නට නේපාලයට ඉතිහාසය ලියාගැනීමට කිසිම ඉතිහාස පොතක් නැත්තේය. ලිච්චවී නම් ජනපදයක් එහි වූ බවට ආදේශ කර ගත්තත් සාක්කි ඉදිරිපත් කරන්නට ඉතිහාස පොතක් වත් නේපාලයට නැත්තේය. ඇත්තේ යටත් විජිත යුගයේ Anton Alois Fuhrer ගේ හොර සෙල්ලිපි සහිතව එකතු කල ඉතිහාසයකි.
නේපාල ජනගහනයෙන් 80% කම අද අදහන්නේ හින්දු ආගමය.බෞද්ධයන් 10% කි. කිඹුල්වත් නුවර සතර වරම් දෙවියන් රකින බව බණ පොතේ දැක්වෙතත් නේපාල වැසියන් අතීතයේ සිටම අද දක්වා විශ්වාස කරන්නේ ශිව දේවියන් තමන්ගේ රට රකින බවය.
Anton Alois Fuhrer ගේ සුරංගනා ලුම්බිණි කතාවට රැවටුණු අපේ ඇත්තන්ට ඇස් පෑදෙන්නේ කවදාද?