බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ***** බුද්ධිමත්ව සහ ප්‍රඥ්ඥාවෙන් විමසීමටයි *****


    - බුදුන් වහන්සේ මංගල ධර්ම දේශනය පැවැත්වූයේ ඉන්දියාවේයැයි වැරදි වැටහීමක සිටින පිරිසට සත්‍යය අවබෝධ කර දීමටයි.-

    මහා ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ මේ මහා හෙළබිමේ හෙළයන් වූ අප අපගේම නොදැනුවත්භාවය නිසා 1864න් පසු විජාතිකයන් විසින් ඉන්දියාවට ගොස් ලියන ලද බොරු ඉතිහාසයකට මුලා වී සිටී.මේ එම මුලාවෙන් මිදීමට හොඳම කාලයයි.යටපත් වූ සත්‍යය නැවත මතුවෙන යුගයයි.එම සත්‍යය සියලුම දෙනාට දැනගැනීමට සැලැස්වීමට අදහස් කළෙමි.

    ගෞතම බුදුන් වහන්සේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනක උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වූ සේක.ඉන් පොහොයන් දෙකකට පසු එනම් ඇසළ පුන්පොහෝ දිනක ඉසිපතනයට වැඩම කල බුදුන් වහන්සේ පස්වග තවුසන්ට ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කල සේක.සත්‍ය වශයෙන්ම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වූයේ ලෝකයේ මධ්‍ය මණ්ඩලය පිහිටියා වූ මේ හෙළ දීපයෙහි හරිමැද පිහිටියා වූ හිරිවඩුන්න ජය ශ්‍රී මහා බෝධිමූලයේ ඇති උතුම් වජ්‍රාසනය මතදීය.බුදුන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමෙන් පසු සති හතක් හිරිවඩුන්නෙහි වැඩ විසූ සේක.හිරිවඩුන්නෙහි අදටද සත්සතිය ගත කල ස්ථාන දැක ගත හැකිය.හිරිවඩුන්න යන නම එම ග්‍රාමයට ලැබුනේද සිරි+වැඩ+උන්න ගම=හිරිවඩුන්න ලෙසයි.සිරි යනු ගෞතම බුදුන් වහන්සේට ඇමතීමට හෙළයන් භාවිතා කළ විශේෂිත නාමයකි.උදාහරණ ලෙස සිරි දන්ත ධාතුව,සිරි ලලාට ධාතුව,සිරිපතුල,සිරි ලංකාව..... පෙන්විය හැකිය.හිරිවඩුන්න ආශ්‍රිතව ඇති ගම්මානවල නම් අදටත් ඇත්තේ එදා බුදුන් වැඩසිටි කාලයේදී සිදුවූ සිදුවීම් මූලික කරගනිමින් සහ එම කාලයේ සිටි අයගේ නම් මූලික කර ගනිමින්ය.එපමණක් නොව මේ ලක්දෙරණේ අදටත් භාවිතාවන නම් බොහොමයක් රාවණ යුගයටත් එහා ගිය අතීතයටත්,රාවණා යුගයටත්,ගෞතම බුදුන් වැඩසිටි කාලයටත් අයත් උතුමන්ලාගේ හා ඒ යුගවල සිටි අයගේ නම්ය.

    ඉන්දියාවේ ඇති බුද්ධගයාවේ සිට ඉන්දියාවේ ඉසිපතනයට ඇති දුර සැතපුම් 400කටත් වඩා වැඩිය.නමුත් ලංකාවේ හිරිවඩුන්න පින්බිමේ සිට ඉසින්බැස්සන්ගල පූජාභූමියට ඇත්තේ කි.මී.60ක පමණ දුරකි.පොහොයන් දෙකක් අතරට ඇත්තේ දින 56කි.බුදුන් වහන්සේ සත් සතිය ගත කලවිට ඒ සඳහා දින 49ක් ගතවී ඇත.එවිට බුදුන් වහන්සේට බුද්ධත්වය ලබාගත් ස්ථානයේ සිට මංගල දර්ම දේශනය සිදුකල ස්ථානයට යාමට ගතවී ඇත්තේ දින 7ක කාලයකි.බුදුන් වහන්සේ ඉතාම ශාන්ත ගමනක් ඇති කලබල නැති උත්තමයෙකි.එවිට මතුවන ගැටලුව වන්නේ බුදුන් වහන්සේ ඉන්දියාවේනම් අර සැතපුම් 400ක පමණ දුර ශාන්ත ගමනක් ඇති බුදුන් වහන්සේට දින 7ක් තුල යාමට හැකි වූවාද යන්නයි.නමුත් සත්‍ය වන්නේ බුදුන් වහන්සේ වැඩ සිටියේ මේ හෙළභූමියේ නිසා බුදුන් වහන්සේට දින හතක් තුල හිරිවඩුන්නේ සිට අනුරාධපුර මැදවච්චියේ ඇති ඉසින්බැස්සන්ගල පුරාණ රුවන්ගිරි රජ මහා විහාරයට වඩින්නට හැකිවීමයි.ඇත්තේද කිලෝ මීටර 60ක් වැනි සුලු දුරකි.බුදුන් වහන්සේට ඉතාම පහසුවෙන් ගමන් කිරීමට හැකියාව ලැබෙන්නට ඇතිබව සැමට වැටෙහෙනු ඇත.

    ඒ සමග කතා කිරීමට තවත් කරුණක් ඇත.එනම් බුදුන් වහන්සේ හිරිවඩුන්නේ සිට ඉසින්බැස්සන්ගලට වඩිනවිට මගදී තපස්සු-භල්ලුක වෙළඳ දෙබෑයන් දෙදෙනා බුදුන් වහන්සේට මුණ ගැසීමයි.එහිදී බුදුන් වහන්සේ තම කේෂ ධාතූන් ඔවුන්ට පරිත්‍යාග කල සේක.ඔවුන් එම කේෂ ධාතූන් වහන්සේ තැන්පත් කර ගිරිහඬු සෑය මෙසිරිලක ඉදිකරන ලදී.ගිරිහඬු සෑයට නම ලැබී ඇත්තේද සිරි+හඬු සෑය=ගිරිහඬු සෑය ලෙසයි.මේ සියලු සිදුවීම් සිදුවූයේ මේ හෙළබිම මත විනා ඉන්දියාවේදී නොවේ.තපස්සු-භල්ලුක වෙළඳුන් ඉන්දියාවේ සිට මෙරටට කේෂ ධාතු ගෙනවිත් චෛත්‍යයක් සාදන්න කිසිදු අවශ්‍යතාවක් නැත.චෛත්‍යය මේ බිමේ සෑදුවේ ඔවුන් මේ බිමේම සිටි නිසාය.බුදුන් වහන්සේ මේ හෙළබිමෙහි වැඩ සිටි නිසාය.

    කතා කිරීමට ඇති අනිත් කාරණය වනුයේ බුදුන් වහන්සේ ඉසිපතනයට වඩිනවිට පස්වග තවුසන්ට ඈතසිටම ඉසිපතනයට වඩින බුදුන් වහන්සේ දර්ශනය වීමයි.ඉන්දියාවේ ඇති සමතලා බිමක සිට එවන් දර්ශනයක් කිසි සේ දැකිය නොහැකිය.එවන් දර්ශනයක් දැකිය හැක්කේ ඉසින්බැස්සන්ගල වැනි රමණීය ස්ථානයක සිට බව නොරහසකි.ඉසින්බැස්සන්ගල පින්බිමේ අදටද බුදුන් වැඩසිටි කාලයට අයත් මුරගල් ඇත.බුදු සිරිපතුලක්ද වැඩ හිඳියි.ඉතාම පැරණි සිතුවමක් ඇති ගුහාවක්ද ඇත.එම ගුහාව වන්නේ බුදුන් වහන්සේ පස්වග තවුසන්ට ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කල අරහත් ගුහාවයි.එම ගුහාවේ ඇති අති පැරණි සිතුවමෙන්ද නිරූපණය වනුයේ බුදුන් වහන්සේ පස්වග තවුසන්ට මංගල දර්ම දේශනය පවත්වන දර්ශනයයි.ඉසිපතනය යන නම ඉතාම සුලු වෙනසක් වී මේ ප්‍රදේශයට වර්තමානයේ ඉසින්බැස්සන්ගල යන නම ලැබී ඇති බව කිව යුතුය.

    මේ හෙළබිම සියලුම බුදුවරුන්,සියලුම පසේ බුදුවරුන්,මහා රාවණා රජු ඇතුලු සියලුම චක්‍රවර්තී සක්විති රජවරු උප්පත්තිය ලබන පින්බිමයි.

    තෙරුවන් සරණයි.....!!!!!!!!



    16114603_10206113034503176_4664737434116690923_n.jpg


    16266296_10206113042383373_7013149395975501580_n.jpg
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    බුදුන් ඉපදුණ බොරු තැන දුටුවෙමි

    Sunday,30 Oct 2016 නිමල් අබේසිංහ



    නිමල් අබේසිංහ

    ශ්‍රී ලංකාව මේ වනවිට මිථ්‍යා විශ්වාසයන් පතුරු වන්නන්ට සහ ඒවා වැළඳගත්තවුන්ට තෝතැන් නක් වී හමාරය. කොහේ සිට හෝ කඩා පාත්වෙන උන්මත්තකයකු විසින් මිනිසුන්ගේ ඔලුවට ගෙනවුත් අතාරින මේ අවිද්‍යාවන් නිසා රට වැටෙනුයේ වළපල්ලටය. බුදුන් (සිදුහත්) උපන්නේ ඉන්දියාවේ බවට ඵෙතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව තහවුරුව ඇති වුවත් බුදුන් පහළවූයේ ශ්‍රී ලංකාවේය යන මිථ්‍යාවක් පතුරුවන හෝඩුවාවක් අපට දැනගන්නට ලැබිණ. මේ පිරිස පවසන්නේ සිදුහත් බුද්ධත්වයට පත්වූයේ ශ්‍රී ලංකාවේ හබරණට නුදුරු හිරිවඩුවන්න නම් ප්‍රදේශයේ බවය.
    මේ ආන්දෝලනාත්මක ප්‍රචාරයට අනුව අපි ගෞතම බුදුන් බුදුවූයේ යැයි පවසන හිරිවඩුන්න ගමට ගියෙමු. කොළඹ හබරණ මාර්ගයේ හබරණ නගරයට කීලෝ මීටර් දෙකක් මෙහායින් වම්පසට ඇති ගුරුපාරේ කීලෝමීටර් දෙකක් පමණ ගියවිට හිරිවඩුන්න විහාරය මුණගැසෙයි. මේ ස්ථානය දැන් හඳුන්වන්නේ ශ්‍රී බෝධිරාජ ආරණ්‍ය සේනාසනය යන නාමයෙන්ය. දිරාගිය පැරණි බෝ රුකක්ද ගල් කණුද ගල් පතුරුද ආරණ්‍ය සේනාසනයට අයත් අක්කර දහයක් පමණ වූ භූමිය පුරා විසිරී ඇත. පස මතුපිට ද පසින් යටවීද තිබෙන මේවා දකින විට මෙහි කිසියම් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බව කිව හැකිය. එහෙත් මේ ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර නැත. අක්කර දහයක පමණ වූ කැලෑව සහිත භූමිය නම් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු වුවකි.
    කුඩා ආවාස ගෙයට පිවිස එහි වැඩහුන් භික්ෂුන්වහන්සේ සමඟ කතා බහේ යෙදෙත්දී ඒ හිමියන් පැවසුවේ මෙබඳු කතාවකි.
    “මම මෙතැනට ඇවිත් මාස දෙකහමාරක් විතර ඇති. මම මහණ වුණේත් ගිහි ජීවිතයක් ගත කර දරුමල්ලනුත් ලොකුමහත් වුණාට පස්සේ. මට අවශ්‍ය බුදුන් ඉපදුණ තැන හෝ බුදුවුණ තැන සොයන්න නොවෙයි. බණ භාවනාවක් කරගෙන නිදහසේ සිටින්නයි. ඒ නිසා ගෞතම බුදුන් බුදුවුණ ස්ථානය මෙතැනම කියලා මම කියන්නේ නැහැ. ඒ ගැන තවම හරියට සොයාගෙනත් නැහැ. කොහොමටත් මට ඕවායින් කිසිම ඵලක් නැහැ. තව ටික වේලාවක් යනකොට ඔය කොළඹ පැත්තෙන් මහත්වරු එන්න පුළුවන්. අන්න ඒ අයත් එක්ක කතාකරලා බලන්නකෝ” විහාරවාසී රුවන්වැල්ලේ සාසනවංශ හිමියෝ අපට එසේ කීහ. එසේ වුවත් උන්වහන්සේ අපට විහාර භූමිය පිටුපස ඇති ඉපැරණි නෂ්ටාවශේෂ පෙන්වන්නට තරම් කාරුණික වූහ.
    සාසනවංශ හිමියන්ගේ කතාවත් සමඟ මම බෝධිය අබියසට පැමිණියෙමි. කතාව ඇත්තය. නවීනතම මෝටර් රථයකින් පැමිණි සිව්දෙනෙකුගෙන් යුත් පිරිසක් බෝ මළුවේ තැනින් තැන සිටියහ. එක් අයෙකු බිම හිඳගෙන නෙත් පියාගෙන බෝරුක දෙසට වැඳගෙන සිටි අතර තවත් අයෙක් හිටගෙනම බෝරුක දෙසට වැඳගෙන සිටියේය. මම සීරුවෙන් ඒ දෙසට කිට්ටු කළෙමි. හිටගෙන සිටි තැනැත්තා අසළට යන විට ඔහු මා දෙස බැලීය. මම මඳහසක් පෑවෙමි. ඔහු පෙරළා සිනානොවුවද “අදමද ආවේ.” යැයි මගෙන් විචාළේය.
    “ඔව්” යන මගේ පිළිතුරත් සමඟ ඔහු පැවසුවේ “මම නම් මේ හයවෙනි වතාව” යනුවෙනි. “ඔබ එහෙනම් මෙතැන ගැන හොඳට දන්නවා ඇතිනේ.” මම ඔහුගෙන් ඇසීමි. ඔහු මට ඉතිහාස පාඩමක් කියාදීම ආරම්භ කළේය.
    “මේ ගමට කියන්නේ හිරිවඩුන්න. ඒකේ තේරුම හිමි වැඩහුන් තැන කියන එකයි. ඒ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදුවුණේ මෙතැන කියන එකයි. අර බලන්න.” ඔහු බෝධිය වටා ඇති ආවරණ වැටෙන් උඩට ඉස්සී බෝගසේ මුල මට පෙන්වයි. ‘අර ගල් පතුරක් පේනවා නේද ඔන්න ඕක උඩ තමයි කුසතණ අසුරලා ඒ මත වැඩ හිඳගෙන බෝධිසත්වයන් වහන්සේ බුදුවෙලා තියෙන්නේ. ඉස්සර මෙතැන වැටක් තිබුණේ නැහැ. ඒ කාලේ ළඟටම ගිහින් බලන්න පුළුවන්. ඒ කාලේ ගත්ත පින්තූරයක් මගේ ළඟ ඇති.’ ඔහු සිය ජංගම දුරකථනය ක්‍රියාත්මක කර මට පෙන්වයි. එහි ඇත්තේ බෝමුල්වලින් අඩක් පමණ වැසී ගිය ගල්පතුරකි.
    ඔහුගේ වාග් විලාසය හා මුහුණේ ස්වභාවය ආවේගාත්මකය. ආවේශවූවෙකුගේ ස්වභාවය පළකරන්නකි. ඒ නිසා ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ඔහු මා හා දබරයට පැටලීමට හේතුවක් වනු ඇතැයි තීන්දු කර හරස් ප්‍රශ්න නොඅසන්නට තීරණය කළෙමි.
    “යමුකෝ ඔබට තව විශේෂ තැන් කීපයක් පෙන්වන්නම්.” ඔහු සිය සගයන් සමඟ පෙරමුණ ගත්තේය. මා මෙන්ම ඔහුගේ සගයන්ද මෙතනට ආධුනිකයන්ය. වනයට පිවිසෙන අතුරු මඟක් දිගේ ඔහු අප කැඳවාගෙන යයි. “මේ තිබෙන්නේ සුජාතාව කිරිපිඬු දානය පුජාකළ ස්ථානයයි.” බිම ඇති තවත් ගල් පතුරක් අපට පෙන්වයි. අනතුරුව ඔහු අප කැඳවාගෙන ගියේ ඉන් ඔබ්බෙහි තිබෙන වතුර පතහක් ළඟටය.
    “මෙන්න මෙතැන තමයි පාත්තරේ උඩුගං බලා ගියේ. දැන් මෙතැනට කියන නම උඩංගාව. උඩංගාව කියන්නේ උඩුගංබලා ගිය ස්ථානය කියන එකයි. හැබැයි අතීතයේ මෙතන තිබුණ ගඟ අද නැහැ. ගංගාවල මාර්ගත් කාලයක් යනකොට වෙනස්වෙන එක ස්වභාවයක්නේ. මොන ඉඩෝරෙකටවත් මෙතන වතුර හිඳෙන්නේත් නැහැ.” ටොයොටා ආයතනයේ සේවය කරනවායැයි පැවසූ මේ පුරාවිද්‍යාඥයා මට පැවසුවේය.
    මේ පුරාවිද්‍යාඥයා මෙන්ම තවත් පුරාවිද්‍යාඥයන් කිහිපදෙනෙකුම පොහොය දිනවලදී රට පුරා සිටින උන්මත්තක බැතිමතුන් මෙතැනට කැඳවාගෙන එන බවත් ඔවුන්ට සිද්ධාර්ථ ගෞතමයන් බුදුවූ ස්ථානය ඇතුළුව බුදු සිරිත් හා බැඳුණ සිද්ධස්ථාන පෙන්වමින් ඔවුන් නොමඟ යැවීම ප්‍රසිද්ධියේ කරන බවත් දැනගන්නට ලැබිණි.
    “ඕක කැලේ තිබිලා අපේ අත්තප්පලා එහෙම තමා බෝධිය ළඟට ගෙනල්ලා දැම්මේ. මම ඒ වෙනකොට හිච්චි ගැටයා.” ගමේ ඇත්තෙකු වන කළුබණ්ඩා හිරිවඩුන්නේ බෝධිය පාමුල ඇති ගල් පුවරුව ගැන ඇසු විට දුන් පිළිතුරයි.
    ගෞතම බුදුන් බුදුවුයේ යැයි කියන කතාව හිරිවඩුන්න ගමේ ඇත්තෝ පිළිනොගනිති. එය ඔවුන්ට තවත් එක් සිද්ධස්ථානයක් පමණකි.
    හිරිවඩුන්නේදී සිදුහත් කුමරු බුද්ධත්වයට පත්වූයේ යැයි කියන මුසාවාදයේ න්‍යාචාර්යවරයා වන්නේ මීවනපලානේ සිරි ධම්මාලංකාර නම් හිමිනමකි. ගිහි දිවියේදී කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයකුව සිට විශ්‍රාම ලබා පැවිදි වූ බවද කියති. “අප උපන් මේ හෙළබිම ජම්බුද්වීපයයි.” යනුවෙන් කෘති දෙකක් මේ හිමියන් විසින් රචනා කර ඇත. ඒ මඟ ගනිමින් ජයරත්න පතිරාරච්චි, මහේසි පැනෑටිගල, සුසන්ත ඩයස්, මානැවේ විමලරතන හිමි, මුකලන්ගමුවේ ප්‍රඥානන්ද හිමි, පී.එච්.ටී. චූලවංශ, හිරාන් ශෂි හේරත් යන පිරිසද කෘති පළකර ඇත.
    ඔවුන්ගේ මෙහෙයවීමෙන් ලංකාවේ සිතියමක් මුද්‍රණයකර එහි ගෞතම බුදුන් හා සබැඳි ස්ථානද නම් කර තිබේ. ඒ අනුව සිදුහත් උපත සිදුව ඇත්තේ මහනුවර තෙල්දෙණියේ බඹරගලය. ඔවුන් පවසන විදියට ඒ ලුම්බිණියයි. ඒ සටහන් අනුව කිඹුල්වත් නුවර දිඹුලාගලය. කොසඹෑනුවර නම් සියඹලාණ්ඩුවය. බුදුගල නම් ස්ථානය කුසිනාරාරාමයය. එයට කැබිලිත්ත විශාලා මහනුවරය. හිරිවඩුන්න උත්තරාරාමයය. රිටිගල ජේතවනාරාමයය. රජගල රජගහනුවරය. නේරංජනා ගඟ හෝ අනෙකුත් ගංගාවල් නම් නැත.
    තමන්ගේම මනෝමූල තර්කයන් ඉදිරිපත් කරමින් ඔවුන් මේ කරන්නේ ගැඹුරු දහමක් ලොවට පෙන්වාදුන් බුදුන්ටද නිගාවකි. සිරිලක ඵෙතිහාසික ග්‍රන්ථ අතර මහාවංශයට මුල්තැනක් හිමි වුවද එහි දක්වන සියලු තොරතුරු සත්‍යයක් යැයි අපටද පිළිගත නොහේ. මේ පිරිසද මහාවංශය ප්‍රතික්ෂේප කරති. පුදුමය නම් තමන්ට ඇවැසි විට තම මතය තහවුරු කරන්නට එහෙව් මහාවංශයෙන්ම උදාහරණ දැක්වීමයි. හිරාන් ශෂි හේරත් නමැත්තා ලියන ලද “මේ බුදුන්ගේ දේශයයි” නම් කෘතියෙන් එවැන්නක් අල්ලාගත හැකි විය.
    “එමෙන්ම මහාවංශයේ දැක්වෙන පරිදි නාග රජකෙනෙකු කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම බුදුවරයන් වහන්සේලා දැක තිබේ. ”
    “89 ඉක්බිති දිනක් රජතෙමේ කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන සිව් බුදුවරයන් වහන්සේලා දුටු මහා භද්‍ර කල්පයෙහි ආයුෂ ඇති මහාකාල නම් වූ මහා ඉර්ධිමත් නා රජු පිළිබඳව” (පිටුව 40)
    හිරාන් ශෂි හේරත් මේ උද්ධෘතය ගෙනෙන්නේ ගෞතම බුදුන් පමණක් නොව පෙර බුදුවරුන්ද පහළවූයේ හෙළදිව හෙවත් මේ රටෙහි බව සනාථ කිරීමටය. මේ වනාහි මහාවංශයත් පරයන අමු බේගල් නොවේද?
    ශ්‍රී ලංකාවේ බුදුසමය ව්‍යාප්ත වනුයේ මහින්දාගමනයෙන් පසුව වුවත් මේ පිරිසට අනුව කාවන්තිස්ස රජු හා විහාරමහා දේවියත් බුදුන්වහන්සේ සියැසින් දැක තිබේ. එය සනාථ කරනුයේ සෙල්ලිපියක් ඇසුරිණි.
    “පිත මහ රඣහ බඩකරික පරුමක ශ්‍රමන පුත පරුමක චෙමශ ලෙනෙ රඣ තිශහ රඣීයශී නියතෙ අග අනගත බගවත ශගශ” පිත (පණිත) මහරජුගේ භාණ්ඩාගාරික ගරු ශුමනගේ පුතා චෙමශගේ ලෙන කාවන්තිස්ස රජුගේ දේවිය විසින් බුදුන් ඇතුළු වැඩි නොවැඩි සංඝයාවහන්සේට පූජා කිරීම (අපට අහිමි කළ අපේ උරුමය 3 – 11 පිට) ශිරාන් ශෂි හේරත්ගේ බුදුන්ගේ දේශය පොතෙහි පිටුව 90නි.)
    මේ අයට අනුව කාවන්තිස්ස රජු පමණක් නොව දුටුගැමුණු කුමරු පවා බුදුන් දැක ඇත්තේය. මෙවැනි ගල් පැලෙන බොරුවලට රැවටෙන පිරිසක් මේ රටේ සිටීම කනගාටුදායකය. අනෙක් පුදුමය නම් සෙල්ලිපි කියවීමේ මනා දස්කමක් ප්‍රවිණතාවක් මේ අයට තිබීමයි. මේ අයගේ සෙල්ලිපි කියවීමේ ගුරුවරයා ජයරත්න පතිරාරච්චිය. ඔහු සෙල්ලිපි කියවීම ග්‍රන්ථයක් ද රචනා කර ඇත්තේය. ඔහුගේ සෙල්ලිපි කියවීමේ ඥානය කෙබඳුදැයි දැනගැනීමට ඔහුගේ දුරකථනයට කතා කිරීමෙන් පමණක් ඕනෑම අයෙකුට දැනගත හැකිය. ඉන් ඔබ්බට ඔහු ගැන කිවයුතු නොවේ.
    මේ කතාවෙන් නැවතත් පෙනෙන්නේ බුදුන් මෙරට පහළවුණේ‘යැයි පවසන්නේ තවත් උමතුවූවන් පිරිසක් බවට නොවේද? දැනටමත් මේ පිරිසට එකතු වී ඇත්තේ රාජ්‍ය නිලධාරීන්, ගුරුවරුන්, විශ්‍රාමික විනිසුරුවරුන්, පොලිස් නිලධාරීන්, බැංකු සේවකයන් වැනි අයයි. කාන්තාවන් බහුතරයක්ද මේ පිරිසට අයත්ව සිටින බව පෙනෙයි.■
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    හිරිවඩුන්නේදී සිදුහත් කුමරු බුද්ධත්වයට පත්වූයේ යැයි කියන මුසාවාදයේ න්‍යාචාර්යවරයා වන්නේ මීවනපලානේ සිරි ධම්මාලංකාර නම් හිමිනමකි. ගිහි දිවියේදී කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයකුව සිට විශ්‍රාම ලබා පැවිදි වූ බවද කියති. “අප උපන් මේ හෙළබිම ජම්බුද්වීපයයි.” යනුවෙන් කෘති දෙකක් මේ හිමියන් විසින් රචනා කර ඇත. ඒ මඟ ගනිමින් ජයරත්න පතිරාරච්චි, මහේසි පැනෑටිගල, සුසන්ත ඩයස්, මානැවේ විමලරතන හිමි, මුකලන්ගමුවේ ප්‍රඥානන්ද හිමි, පී.එච්.ටී. චූලවංශ, හිරාන් ශෂි හේරත් යන පිරිසද කෘති පළකර ඇත.
    ඔවුන්ගේ මෙහෙයවීමෙන් ලංකාවේ සිතියමක් මුද්‍රණයකර එහි ගෞතම බුදුන් හා සබැඳි ස්ථානද නම් කර තිබේ. ඒ අනුව සිදුහත් උපත සිදුව ඇත්තේ මහනුවර තෙල්දෙණියේ බඹරගලය. ඔවුන් පවසන විදියට ඒ ලුම්බිණියයි. ඒ සටහන් අනුව කිඹුල්වත් නුවර දිඹුලාගලය. කොසඹෑනුවර නම් සියඹලාණ්ඩුවය. බුදුගල නම් ස්ථානය කුසිනාරාරාමයය. එයට කැබිලිත්ත විශාලා මහනුවරය. හිරිවඩුන්න උත්තරාරාමයය. රිටිගල ජේතවනාරාමයය. රජගල රජගහනුවරය. නේරංජනා ගඟ හෝ අනෙකුත් ගංගාවල් නම් නැත.

    :D:D:D:D:D
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ***** බුද්ධිමත්ව සහ ප්‍රඥ්ඥාවෙන් විමසීමටයි *****


    - අසිරිමත් සිරි සිදුහත් ( සිද්ධාර්ථ ) උපත සිදුවූයේ නේපාලයේ යැයි වැරදි වැටහීමක සිටින අයට සත්‍ය අවබෝධ කිරීමටයි -

    අපි අපගේ නොදැනුවත්භාවය නිසා මීට බොහෝ කාලයකට පෙර අපගේ හෙලබිමේ ඇති වටිනා ප්‍රෞඩ ඉතිහාසය අපේ රටින් පිටමන් කර ඇත.සත්‍ය වශයෙන්ම එයට වග කිව යුත්තේ ශ්‍රී ලාංකිකයන් පමණක් නොවේ.එයට සෘජුවම වගකිව යුත්තේ අපේ හෙලබිමේ ඉතිහාසය 1864න් පසු විකෘති කල සුදු ජාතිකයන්ය.මේ සියලු මිත්‍යාවන් ලෝකයට වැපිරුවේ කනින්හැම් ප්‍රමුඛ ලංකාවේ සහ ඉන්දියාවේ සිටි සුදු ජාතිකයන් සහ ජර්මන් ජාතිකයන් කිහිපදෙනෙකු එකතු වී 1864ට පසුවය.ඔවුන්ට අවශ්‍ය වූයේ මේ පින්වත් කුඩා දීපය පහත් කිරීමටය.ලංකාවේ පුස්කොල පොත් ඇතුලු පැරණි ග්‍රන්ථ ඔවුන් විසින් ඉන්දියාවට ගෙනගොස් අශෝක අධිරාජ්‍යයාගේ ආකෘති තිබෙන ස්ථානවලට මේ සියල්ල ආදේශකර ඒවා සැබෑ ස්ථානයයි බොරුවක් පෙන්වා ඉන්දියාවේ නොතිබූ ඉතිහාසයක් ඉන්දියාවට සාදා දුනි.මේ වන විටත් බුදුන් වහන්සේ ඉන්දියාවේ යැයි පෙන්වීමට කිසිදු සාක්ෂියක් කිසිවෙකුට සොයා ගත නොහැකි වී තිබේ.නමුත් බුදුන් වහන්සේ ලංකාවේයැයි පෙන්වීමට පැහැදිලි විද්‍යාත්මක,පුරාවිද්‍යාත්මක,බොරු කල නොහැකි ජනප්‍රවාද,ග්‍රන්ථමය සහ වෙනත් සාක්ෂි ඉතා විශාල ප්‍රමාණයක් ඇත.

    නේපාලයේ ලුම්බිනිය යැයි හඳුන්වන ස්ථානය අශෝක අධිරාජ්‍යයා විසින් ඉදිකල ආකෘතියකි.එය පුරාවිද්‍යා පරීක්ෂණවලට අනුව ක්‍රි.පූ.3වන සියවසට අයත්ය.ඉන්දියාවේ ඇති සියලුම බෞද්ධ නටඹුන් අශෝක රජුගේ ආකෘතිවන අතර ඒ සියල්ල ක්‍රි.පූ.300දී සෑදූ ඒවාබව විද්‍යාත්මකව ඔප්පු වී ඇත.නමුත් ලංකාවේ ඇති බුද්ධ චරිතයට සම්බන්ධ නටඹුන් ක්‍රි.පූ.5-6 සියවස්වලට අයත්බව විද්‍යාත්මකව සනාථ වී තිබේ.

    නේපාලයේ ලුම්බිනිය යැයි හඳුන්වන ස්ථානයේ අශෝක රජුගේ යැයි හඳුන්වන අකුරු 92කින් යුත් සෙල්ලිපියක් ඇති අතර ඒ කිසිම තැනන එම ස්ථානයේ සිද්ධාර්ථ කුමරු උප්පත්තිය ලැබුවායයි සඳහන් නොවේ.තවද පසු කලෙක සුදු ජාතිකයන් විසින් මෙම ස්ථානයේ ඉතාම සාවද්‍ය කැණීමක් කරන ලදී.එනම් ෆ්ලෑෂ් ලයිට් ගසාගෙන කැමරා අල්ලගෙන කැණීමක් කර ඉතාම වංචාකාරී සහ සාවද්‍ය ප්‍රකාශයක් කිරීමයි.එනම් ගඩොලක් පෙන්වා මෙය බුද්ධ කාලයේ ඉදිවූ පන්සලක ගඩොලක් යැයිද,මෙම ස්ථානයේ සිදුහත් උපත සිදුවූ සල්ගස තිබූ බවට අමූලික පට්ටපල් බොරුවක් සමාජ ගත කලේය.පුරාවිද්‍යාවේ කැණීම් කරන මහාචාර්යවරුන් පවසන්නේ කොතනකවත් හරියට ගහෙන් පොත්ත ගලවනවා වගේ කැමරා අටවගෙන කැණීම් කරන අවස්ථාවක් කොතනකවත් නැති බවයි.එම නිසා මෙය සම්පූර්ණයෙන්ම ජනතාව මුලා කිරීමට කල දෙයක් බවයි.

    දැන් අප කතා කරනුයේ අසිරිමත් සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය සිදුවූ ස්ථානය පිලිබඳවයි.එම ස්ථානය වන්නේ ලොව අධි ශක්ති කලාපයට ( GRACE මෙහෙයුමේ ප්‍රථිඵලයට අනුව ) අයත්වන මධ්‍යම පලාතේ මහනුවර දිස්ත්‍රික්කයට අයත් තෙල්දෙණිය බඹරගල රජමහා විහාර භූමියයි.පැරණි හෙලබිමේ සිතියමට අනුව එය ඔප්පු වී ඇත.මෙම ස්ථානය දේව හෙලයට අයත් පින්බිමකි.මෙම සිතියමට අනුව සුද්ධෝදන රජුගේ කිඹුල්වත්පුරවරයේ සිට මහාමායා දේවියගේ පුරවරය වූ දෙව්දහ නුවරට ඇත්තේ කිලෝ මීටර 40ක පමණ දුරකි.යාබද රාජධානි දෙකකි.නමුත් ඉන්දියාවේ සිතියමට අනුව එම රාජධානි අතර දුර සැතපුම් 400කට වඩා වැඩිය.ඉන්දියානු සිතියමට අනුව මහාමායා දේවිය යන්නේද මහා රවුම් මාර්ගයකින්ය.දියුණු තාක්ෂණයක් නොතිබූ එම යුගයේ තියා මෙපමණ දියුණු තාක්ෂණයක් ඇති මෑත යුගයේදීවත් ගැබිනි මාතාවක් මෙපමණ දුරක් රැගෙන යන්නේ නැත.ඊටත් වඩා කතා කල යුතු දෙයක් ඇත.එනම් දරුවෙකු ලැබෙන විට මවක් තම මව් පාර්ශවය වෙත යන සිරිත ඇත්තේද මේ අපේ ලංකාවේ පමණි.බුද්ධිමත්ව සිතීමේදී එතනින්ම සත්‍ය වැටහෙනවා ඇත.

    සිදුහත් කුමරු ඉපදුන ස්ථානයේ ඇති සල්ගස අදටද දක්නට ඇත.ජෛව විද්‍යාත්මක කාල නිර්ණයට අනුව එම සල්ගසේ වයස අවුරුදු 3000කටත් වඩා වැඩිය.ආශ්චර්යය යනු අදටද සල්ගසේ කොල වැඩෙන අතර මුලු ගසම අලංකාරවන ලෙස සල් ගස පිරෙන්න අදටත් මල් පිපීමයි.සල් ගසේ සිට අති විශාල මුල්ද ගමන් කර ඇතිබව දැකගත හැකිය.මෙම මනරම් ස්ථානයේ ඇති සල් වනයේ වසර 1000-2000ක් පැරණි සල්ගස් අදටත් දැකගත හැකිය.මේ විහාරයේ පැරණි සිතුවමක්ද ඇත.එනම් සිදුහත් උපතේදී ඒ පින්වත් මහාමායා දේවිය සල්ගසේ අත්තක් අල්ලාගෙන සිටින අති පැරණි සිතුවමයි.මීට අමතරව මෙම ස්ථානයේ තවත් සුවිශේෂී දෙයක් ඇත.එනම් ඉතා මනරම්ව සකස්කරන ලද සෙල්ලිපියක් සහිත ගුහාවකි.එම ගුහාව නම් බුදුන් වහන්සේ සක්‍ර දෙවිඳුන්ට සක්කපඥ්ඥ සූත්‍රය දේශනාකල ඉන්ද්‍රසාල ගුහාවයි.මෙය සෙල්ලිපියෙන් සනාථ වී ඇත.බුදුන් වහන්සේ මෙම ස්ථානයේ වස් කාලයක්ද ගත කර ඇත.සෙනරත් පරණවිතාන මහතාද මෙම සෙල්ලිපිය සනාථ කර බුදුන් වහන්සේ මෙම ස්ථානයේ වස්සාන කාලයක් ගත කල බව පවසයි.මේ සියල්ල අවධානයෙන් බැලීමේදී සිදුහත් උපත සිදුවූයේ මෙම ස්ථානයේදී බව සියලුදෙනාටම වැටහෙනවා නොඅනුමානය.මෙම බඹරගල රජ මහා විහාරය පිහිටා තිබෙන්නේද අසිරිමත් භූමියකය.මෙම ස්ථානයේදී අසිරිමත් සිද්ධාර්ථ උප්පත්තිය සිදුවූ බව සනාථ කිරීමට තව බොහෝ සාක්ෂි ඇත.මේ හෙලබිම සියලු බුදුවරුන්,සියලු පසේ බුදුවරුන්,මහා රාවණ රජු ඇතුලු සියලුම චක්‍රවර්තී සක්විති රජුන් බිහිවන හෙලබිමයි.

    බුදු සරණයි.....!!!!!
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹල මේ කියන තර්කෙට සමාන තර්කයක් මන් මීට කලින් ඉදිරිපත් කරා. ඒත් උඹල ගාව ඒවට උත්තර නෑ. ජෝක් එකට ගන්නෙ නැතුව බුද්ධියෙන් උත්තර දීපන් පුලුවන්නම්. අපි අහල තියෙන්නෙ යශෝධරා කියන්නෙ ලෝකෙ ඕන රටක කෙනෙක් ආකර්ෂනය කරන්න පුලුවන් ලස්සන කෙනෙක්. ඉතිං එයා හිටියෙ නේපාලෙනම් විවාදයක් නැතුව පිළිගන්න පුලුවන්. මොකද නේපාලෙ පාරවල වැඩ කරන ගෑනුත් ලස්සනයි ලංකාවෙ මොඩ්ල්ස්ලට වඩා. අනිත් එක ලංකාවෙ කරපු සිද්ධාර්ත ගෞතම චිත්‍රපටියටත් ගෙන්නන්න උනා ඉන්දියාවෙම් .ඒ ඉන්දියාවෙන් ගෙන්නපු එක්කෙනා තරම් ලංකාවෙම හොයලත් ලස්සන කෙල්ලෙක් හොයන්න නෑනෙ. ඇත්තටම ඉන්දියාව හුගක් ලස්සන අය ඉන්න රටක් නෙමේ. ඇත්තටම යශෝධරා නේපාලෙ කෙනෙක්. නේපාලෙ අය ඊටත් වඩා ලස්සනයි. ඒ කියන්නෙ ඉන්දියාවෙන් ගෙනාපු නිලියටත් වඩා යශෝධරා ලස්සනයි. ඉතින් ලංකාවෙ කලු ගෑනියෙක් යශෝධරා උනා කියල කියන එක විහිලුවක්. මග අරින්නෙ නැතුව මේ පාර උත්තර දීපන් ප්‍රශ්නෙට. නැත්තන් උඹල උඹලගෙ ගොන් තර්ක ඉදිරිපත් කරනව විතරයි අනිත් අයගෙ ප්‍රශ්නවලට උත්තර නෑ.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුදුහාමුදුරුවෝ මහියංගනෙට කියල ඇවිල්ල තියෙන්නෙ රජගහ නුවරම නෙ. :baffled:

    රජගහනුවර කියන්නෙ එදා මගධයෙ අගනුවර.අද අම්පාරෙ රජගල කියන්නෙ එදා වේලුවනාරාමය පිහිටි රජගහනුවර ආශ්‍රිත ප්‍රදේශයට.අක්කර එක්දහස් පන්සීයක් විතර ප්‍රදේශයක් පුරා විසිරුන නටඹුන් එහි දැකගන්න පුලුවන්.

    data=RfCSdfNZ0LFPrHSm0ublXdzhdrDFhtmHhN1u-gM,LX4dDcLfZGaAx-GGSTaiHMIugSAB1HmHWfsMOZCsQ1egrwDDZL3oniCHRiqmbQz9Xwc9eqHvwW1kjzwjrrwbvoffKRDTK69ynqAVng9LVvmFBclqe7jTnaJqtkfTbtjRaRt-ALz9EBM8oANtWMDAprc,AdLRfB8KTiq2OwsLPEd4HRkeCteberZ50fCnjHb92zAtstMAPilC63fzdRWpNgM1Kk-VHGiZV-B0Pu_ungA0mRU-nMrxIRBB2ddpnvgWcob8IHL2u31VN8bxnt_G39BRUVBvCTn7OajeBVKwi_PqZtHTFGDC6qKNOxUVVNc-7KQKjDiohjjaNfBaBNvKQknGo8-qkwzdnkdZBuxuwrSbnwYmu3tvco1kRzNbBS_2CYY1AD6otte-TvZ6JMJh1h7QoBJmYvAQXp1M2wTKvcNDv5ite2asq5yBH5cRnoIZGn7btW4IwSGhvC14fLnnv6m4oZaeKPuC9oGuBxvC0rvT7YrKlKNXu6o
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    රජගහනුවර කියන්නෙ එදා මගධයෙ අගනුවර.අද අම්පාරෙ රජගල කියන්නෙ එදා වේලුවනාරාමය පිහිටි රජගහනුවර ආශ්‍රිත ප්‍රදේශයට.අක්කර එක්දහස් පන්සීයක් විතර ප්‍රදේශයක් පුරා විසිරුන නටඹුන් එහි දැකගන්න පුලුවන්.

    data=RfCSdfNZ0LFPrHSm0ublXdzhdrDFhtmHhN1u-gM,LX4dDcLfZGaAx-GGSTaiHMIugSAB1HmHWfsMOZCsQ1egrwDDZL3oniCHRiqmbQz9Xwc9eqHvwW1kjzwjrrwbvoffKRDTK69ynqAVng9LVvmFBclqe7jTnaJqtkfTbtjRaRt-ALz9EBM8oANtWMDAprc,AdLRfB8KTiq2OwsLPEd4HRkeCteberZ50fCnjHb92zAtstMAPilC63fzdRWpNgM1Kk-VHGiZV-B0Pu_ungA0mRU-nMrxIRBB2ddpnvgWcob8IHL2u31VN8bxnt_G39BRUVBvCTn7OajeBVKwi_PqZtHTFGDC6qKNOxUVVNc-7KQKjDiohjjaNfBaBNvKQknGo8-qkwzdnkdZBuxuwrSbnwYmu3tvco1kRzNbBS_2CYY1AD6otte-TvZ6JMJh1h7QoBJmYvAQXp1M2wTKvcNDv5ite2asq5yBH5cRnoIZGn7btW4IwSGhvC14fLnnv6m4oZaeKPuC9oGuBxvC0rvT7YrKlKNXu6o


    Vladimir-Putin-laugh-gif.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රජගහනුවර කියන්නෙ එදා මගධයෙ අගනුවර.අද අම්පාරෙ රජගල කියන්නෙ එදා වේලුවනාරාමය පිහිටි රජගහනුවර ආශ්‍රිත ප්‍රදේශයට.අක්කර එක්දහස් පන්සීයක් විතර ප්‍රදේශයක් පුරා විසිරුන නටඹුන් එහි දැකගන්න පුලුවන්.
    ඉතින් මහියංගනේ අයිති වෙන්නෙත් මගධ ජනපදයටමනේ, නාග සහ යක්ෂ ගෝත්‍රිකයෝ යුද්ධ කරා කියන්නේ මහියංගනේ නේද බුදුහාමුදුරුවෝ වඩිනකොට (මතක නෑ හරියට) :oo: මගධ ජනපදේ අස්සෙ යක්ෂ නාග අය කොහෙන්ද ආවේ.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඉතින් මහියංගනේ අයිති වෙන්නෙත් මගධ ජනපදයටමනේ, නාග සහ යක්ෂ ගෝත්‍රිකයෝ යුද්ධ කරා කියන්නේ මහියංගනේ නේද බුදුහාමුදුරුවෝ වඩිනකොට (මතක නෑ හරියට) :oo: මගධ ජනපදේ අස්සෙ යක්ෂ නාග අය කොහෙන්ද ආවේ.

    මචන් ,යක්ශ නාග දේව ආදී වශයෙන් වෙන් කලේ එම ජන කොටස් බහුතර ලෙස ජීවත් වුන ප්‍රදේශ.ඒ ප්‍රදේශ වල අනෙක් ජන කොටස් ජීවත් වූ ගම් ප්‍රදේශත් පැවතුනා.මහියන්ගනයෙ සියලුම ජන කොටස් ජීවත් වුන ප්‍රදේශයක්.ඒ නිසා එම ප්‍රදේශයේ අයිතිය සඳහා ජනකොටස් අතර ගැටුම් ඇතිවෙන්න ඇති.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් ,යක්ශ නාග දේව ආදී වශයෙන් වෙන් කලේ එම ජන කොටස් බහුතර ලෙස ජීවත් වුන ප්‍රදේශ.ඒ ප්‍රදේශ වල අනෙක් ජන කොටස් ජීවත් වූ ගම් ප්‍රදේශත් පැවතුනා.මහියන්ගනයෙ සියලුම ජන කොටස් ජීවත් වුන ප්‍රදේශයක්.ඒ නිසා එම ප්‍රදේශයේ අයිතිය සඳහා ජනකොටස් අතර ගැටුම් ඇතිවෙන්න ඇති.

    දැන් ඕවා සනාත කරන්න මූලාශ්ර කෝ?
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දැන් ඕවා සනාත කරන්න මූලාශ්ර කෝ?
    මීවනපලානෙ හාමුදුරුවො දැකපු හීනයක් තමා මූලාශ්‍රය ඇයි අවුල්ද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන් ,යක්ශ නාග දේව ආදී වශයෙන් වෙන් කලේ එම ජන කොටස් බහුතර ලෙස ජීවත් වුන ප්‍රදේශ.ඒ ප්‍රදේශ වල අනෙක් ජන කොටස් ජීවත් වූ ගම් ප්‍රදේශත් පැවතුනා.මහියන්ගනයෙ සියලුම ජන කොටස් ජීවත් වුන ප්‍රදේශයක්.ඒ නිසා එම ප්‍රදේශයේ අයිතිය සඳහා ජනකොටස් අතර ගැටුම් ඇතිවෙන්න ඇති.
    නිකන් ගමේ චන්ඩි ගහගන්න තැනකට බුදුහාමුදුරුවෝ වඩින්නේ නෑ නෙ. බරපතල යුද්ධයක් වෙන්න ඕනේ. මහා බලසම්පන්න බිම්බිසාර රජ්ජුරුවෝ පාලනය කරපු මගධ ජනපදේ වෙන වෙන මිනිස්සුන්ට යුද්ධ කරන්න පුලුවන්ද එහෙම ? :no:

    මෙහෙම වෙන්න ඇති, පුළුවන් කියල කතා කියන්න නං පුළුවන් හැබැයි ඇත්ත වෙන්නෙ නෑ. මේ කතන්දරේ කිසිම ගැලපීමක් නෑ.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පෝරිසාදයා;21356075 said:
    කොච්චර බයිල ගැහුවත් මුන් ගාව මගෙ තර්කෙට උත්තරයක් නෑ.
     

    waligamaya

    Well-known member
  • සරලම දේ. මේවගේ දුපතක ඉපදිලා බුදුකෙනෙඉක් කිදෙනෙක්ට බන කියන්නද. ලෝකේ බුදුදහක්ම වියප්ත්වුන රටවල් දිහා බැලුවහම තේරෙයි.