බුද්ධදාස විතානාච්චි දන්න ලංකා ඉතිහාසේ

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    මේ මනුස්සය මාර අවුල් කතාවක් නෙ කියන්නෙ. එතකොට "ඇත්ත ප්‍රභූන්" කියල මෙයා අදහස් කරන්නෙ කවුද. ප්‍රභූ විතරක් නෙමේ ලෝකෙ ඕනෙම සමාජ පන්තියකට මොකක් හෝ ආරම්භයක් තියෙනව. මෙයත් ජැක්සන්, රෝහන වීරසිංහ ලත් එක්ක රාජපක්ෂ වේදිකාවල නැගපු අය ඒ අයිඩියොලොජි එක වෙනස් වෙන්නෙ නෑ.

    ලංකාවෙ රාජධානි වල අවසන් කාලයෙ ඉඳල යටත් විජිත වලට මාරු වෙන සමයෙ පරිපාලනයෙ ඉහළම තැන් වල හිටියෙ බොහෝ විට (දකුණු) ඉන්දීය සංක්‍රමණය වෙලා සිංහල බෞද්ධ සංස්කෘතියට ඇසිමිලේට් උන, ව්‍යාපාර වලින් දියුණු උන මිනිස්සු තමයි. මෙයාලගෙයි "ඇත්ත සිංහල" මිනිස්සුන්ගෙයි තියෙන වෙනස "ඇත්ත සිංහල" මිනිස්සු මෙයාල දූපතට එන්න අවුරුදු එක්දාස් පන්සියයකට කලින් ඉන්දියානුවො විදිහට ආපු එක. මේ බුද්ධදාසගෙ කතාවෙන් ආපහු උඩට එන්නෙ පිටස්තරයන් ය කියල වෙරළබඩ කුල පහතට හෙලන පැරණි උඩරට මානසිකත්වය. බලය සහ ධනය එක්ක බිහිඋන අලුත් ප්‍රභූ පන්තියට තියෙන ඉරිසියාව. ඕක ලංකාවෙ ඉතිහාසය පුරාවටම දකින්න තියෙන එත්නික් ඉරිසියාවක කොටසක්. ඒ මිනිස්සු අරක්කු විකුණල හරි බෞද්ධ එලීට් පාසැල් ටික, අමරපුර නිකාය පටන් ගත්ත එකම මට නම් වටිනව.

    කොච්චර අකමැති මිනිස්සු ටිකක් උනත්, මේ මාතෘකාවෙ ඉන්න අලුත් ප්‍රභූ පන්තියට ඈයො නෙවේ උනත් ඔය අසාදාරණ කතාව රාජපක්ෂලටත් කියනව දැකල තියෙනව. මුන් මොන වලව්කාරයොද මුන් ගැති කම් කරල චාන්ස් එකට ගොඩගිය උන්නෙ අරව මේව. නොකිය කියන්නෙ ජෙනුවින් ලොකු කුලේ එකක් කොහෙ හරි තියෙනව කියල.

    කුමාරි ජයවර්ධන පොත් ලිව්වෙ ඇරියස් කවර් කරන්න නෙමේ අවංක ඇකඩමික් කුතුහලය නිසා. මුන් වගෙ තක්කඩි ඒව පාවිච්චි කරන විදිහ. මේ වගේ සවුත්තු කතා වේදිකාවට ඇරන් එන එක සෙල්ලම් නෑ මොකද කලින් වගේ නෙමේ මේ පාර රටේම ඉන්න හීනමාන වඳකොත්තු තනි සිංහල බයියො ටික NPP ඕඩියන්ස් එකේ ඉන්නෙ. මුන් මේව මොන විදිහට ප්‍රොසෙස් කර ගනීද.

    මේ මනුස්සය වැඩිය කතා කරන කෙනෙක් නෙමේ නේද. ඒ නිසයි රඟපාන චරිත නිසයි මිනිස්සුන්ට වැරදි වැටහීමක් යනව ඩීසන්ට් කෙනෙක් කියල.

    පලි: හැබැයි ලංකාවෙ ප්‍රසිද්ධ පවුල් වල සම්භවය ගැන දැනගැනීම වටින දෙයක් කියල හිතනව. එතකොට මිනිස්සුන්ට තේරෙනව අපි කොයි තරම් මිශ්‍ර උන ජනතාවක්ද, සිංහල කම කියන්නෙ සම්මුතිගත අනන්‍යතාවයක් නේද කියන එක.
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේ මනුස්සය මාර අවුල් කතාවක් නෙ කියන්නෙ. එතකොට "ඇත්ත ප්‍රභූන්" කියල මෙයා අදහස් කරන්නෙ කවුද. ප්‍රභූ විතරක් නෙමේ ලෝකෙ ඕනෙම සමාජ පන්තියකට මොකක් හෝ ආරම්භයක් තියෙනව. මෙයත් ජැක්සන්, රෝහන වීරසිංහ ලත් එක්ක රාජපක්ෂ වේදිකාවල නැගපු අය ඒ අයිඩියොලොජි එක වෙනස් වෙන්නෙ නෑ.

    ලංකාවෙ රාජධානි වල අවසන් කාලයෙ ඉඳල යටත් විජිත වලට මාරු වෙන සමයෙ පරිපාලනයෙ ඉහළම තැන් වල හිටියෙ බොහෝ විට (දකුණු) ඉන්දීය සංක්‍රමණය වෙලා සිංහල බෞද්ධ සංස්කෘතියට ඇසිමිලේට් උන, ව්‍යාපාර වලින් දියුණු උන මිනිස්සු තමයි. මෙයාලගෙයි "ඇත්ත සිංහල" මිනිස්සුන්ගෙයි තියෙන වෙනස "ඇත්ත සිංහල" මිනිස්සු මෙයාල දූපතට එන්න අවුරුදු එක්දාස් පන්සියයකට කලින් ඉන්දියානුවො විදිහට ආපු එක. මේ බුද්ධදාසගෙ කතාවෙන් ආපහු උඩට එන්නෙ පිටස්තරයන් ය කියල වෙරළබඩ කුල පහතට හෙලන පැරණි උඩරට මානසිකත්වය. බලය සහ ධනය එක්ක බිහිඋන අලුත් ප්‍රභූ පන්තියට තියෙන ඉරිසියාව. ඕක ලංකාවෙ ඉතිහාසය පුරාවටම දකින්න තියෙන එත්නික් ඉරිසියාවක කොටසක්. ඒ මිනිස්සු අරක්කු විකුණල හරි බෞද්ධ එලීට් පාසැල් ටික, අමරපුර නිකාය පටන් ගත්ත එකම මට නම් වටිනව.

    කොච්චර අකමැති මිනිස්සු ටිකක් උනත් ඔය අසාදාරණ කතාව රාජපක්ෂලටත් කියනව දැකල තියෙනව. මුන් මොන වලව්කාරයොද මුන් ගැති කම් කරල චාන්ස් එකට ගොඩගිය උන්නෙ අරව මේව. නොකිය කියන්නෙ ජෙනුවින් ලොකු කුලේ එකක් කොහෙ හරි තියෙනව කියල.

    කුමාරි ජයවර්ධන පොත් ලිව්වෙ ඇරියස් කවර් කරන්න නෙමේ අවංක ඇකඩමික් කුතුහලය නිසා. මුන් වගෙ තක්කඩි ඒව පාවිච්චි කරන විදිහ. මේ වගේ සවුත්තු කතා වේදිකාවට ඇරන් එන එක සෙල්ලම් නෑ මොකද කලින් වගේ නෙමේ මේ පාර රටේම ඉන්න හීනමාන වඳකොත්තු තනි සිංහල බයියො ටික NPP ඕඩියන්ස් එකේ ඉන්නෙ. මුන් මේව මොන විදිහට ප්‍රොසෙස් කර ගනීද.

    මේ මනුස්සය වැඩිය කතා කරන කෙනෙක් නෙමේ නේද. ඒ නිසයි රඟපාන චරිත නිසයි මිනිස්සුන්ට වැරදි වැටහීමක් යනව ඩීසන්ට් කෙනෙක් කියල.
    හොඳම කමේන්ට් එක මචෝං :love:,බොහොම ස්තුතියි...Dr ජයවර් ධන මම ගරු කරන කෙනෙක් එයා ලිව්ව පොත් ඉතාමත් ඉහලයි...මම කිව්වෙත් මේ අය මේක අල්ලගන මේ කරන නාඩගම ගැන...
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    විශ්වාසයෙන් එකක් කියන්න පුළුවන්. තාම සිංහල බෞද්ධ එකක් රටේ ජනාධිපති වෙලා නෑ. ඔක්කොම උන් දෙමළ හරි මැලේ හරි තමයි
    බණ්ඩාර නායක වෙනුවට සිංහල බෞද්ධ එකෙක් රටේ නායකයා උනා නම් රට බේදෙන්නේ නෑ..ltte එකක් බිහි වෙන්නෙත් නෑ

    මාර තියරි තමයි උඹලාට තියෙන්නේ. උඹට රණසිංහ ප්‍රේමදාස අමතක වුනානේ.

    මේ ව‍ගේ පිස්සු කතා කරම වෙන්නේ චන්ද කැඩෙන එක තමයි මේ 2023 කියල අමතක වෙලා 1970 ගනං වල කතා කියනවා බුද්ධදාසයා.ජේවීපී එක හදගන්න මුලික වුන ලොකුම කරුණක් තමයි කුල බෙදේ ඒකාලේ තිබ්බ.

    දැං ඔය නුවර රදළයො දුටුගැමුණුගෙ, වලගම්බා ගෙ විජයබාහු ගෙ Blood Line එකේද??

    එහෙම නැත්තං මොනෞත්තක්ද බං,

    ඒ රජවරුන්ගේ තිබ්බ පරපුරු දැන් 99%ම නැති වෙලා තියෙන්නේ ගොඩක් කළාතුරකින් තමයි එහෙම පරම් පරාවක් ඉතුරුවෙලා තියෙන්නේ.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    වෙස ජෙප්පෝ ගැරඩින්ට බුමිතෙල් ගහලව වගේ පිස්සුවෙන් දුවනවා ත්‍රෙඩ් එක පුරාම මරු විකාරෙන්. ත්‍රෙඩ් එකේ කියපු දේ කියවන්නේ නැතුව හරියට. ඔන්න මුන්ට තමයි අඩුකුලේ කියන්නේ.
     
    • Like
    Reactions: 001flyD

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    හැංගිලා හිටපු ජෙප්පො ටික දැන් එලි.බැහැල, ඉස්සර රාජපකෂ රෙද්ද අස්සෙ හිටපු එවුන්..දැන් npp. බලන් ගියාම කොටින්ගෙයි මුන්ගෙ ලොකු වෙනසක් නැ. බලෙ එනවා පෙනුන ගමන් දුවන් එනවා..ඒ කාලෙ සන්නද්ද අරගල රටට කියල දුන්න මුන් තමා ! විජේවිරත් ඉතින් කුල පිඩනෙ නිසා පලි ගන්න ආව එකෙක් නේ !
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    සුපිරි නලුවෙක් හරිම වැදගත් චරිත රඟපාන්නේ.
     
    jeremydave3d

    Junior member
  • Nov 13, 2022
    33
    11
    8
    සාරාංශය
    අප්පු ලා ... නිලමේ ලා .. බේබිලා ...සහ හොරු
    කවදාවත්
    සැමට එක හා සමාන අයිතිවාසිකම් ලැබෙන සමාජ ක්‍රමයක්
    බිහිවෙනවාට කැමති නැ...
     
    • Like
    Reactions: sakuntha1996

    jeremydave3d

    Junior member
  • Nov 13, 2022
    33
    11
    8
    සාරාංශය
    අප්පු ලා ... නිලමේ ලා .. බේබිලා ...සහ හොරු
    කවදාවත්
    සැමට එක හා සමාන අයිතිවාසිකම් ලැබෙන සමාජ ක්‍රමයක්
    බිහිවෙනවාට කැමති නැ...

    මෙන්න සාක්ෂි..
     
    Attachments

    • 332873074_732779941622893_1897312982072260920_n.jpg
      332873074_732779941622893_1897312982072260920_n.jpg
      55.8 KB · Views: 41
    • Wow
    Reactions: sakuntha1996

    Sen-lu

    Well-known member
  • උං ආවෙ කොහෙන්ද, අප්ප මොකාද බාප්පා රදලයාද කියන ඒවනම් අදාලම නැති දේවල්. ඔය ලබ්බවල් කරපින්නගෙන හිටිය මදැයි දැන්. දැං කරන්න ඕන තමන් මොකක්ද කරන්න යන්නෙ කියල මිනිස්සුන්ව දැනුවත් කරන එක සහ උංගෙ ප්‍රතිපත්ති හරියට ෆයින්ටියුන් කරගන්න එක. නැතුව ඔ බහුබූත කියවන එක නෙවේ. ඔය නලු බට්ටො දාගෙන දඟලනකොට තේරෙනව හැමෝම ගිය පාරෙම ජෙප්පොත් යනව කියල. (එහෙම කියල පොහොට්ටුවන්ටවත් ගූඑන්පී සජබ මොකෙක්වත් ඡන්ද දෙන්න ඕන නෑ.)
     
    • Like
    Reactions: sakuntha1996