මේ මනුස්සය මාර අවුල් කතාවක් නෙ කියන්නෙ. එතකොට "ඇත්ත ප්‍රභූන්" කියල මෙයා අදහස් කරන්නෙ කවුද. ප්‍රභූ විතරක් නෙමේ ලෝකෙ ඕනෙම සමාජ පන්තියකට මොකක් හෝ ආරම්භයක් තියෙනව. මෙයත් ජැක්සන්, රෝහන වීරසිංහ ලත් එක්ක රාජපක්ෂ වේදිකාවල නැගපු අය ඒ අයිඩියොලොජි එක වෙනස් වෙන්නෙ නෑ.
ලංකාවෙ රාජධානි වල අවසන් කාලයෙ ඉඳල යටත් විජිත වලට මාරු වෙන සමයෙ පරිපාලනයෙ ඉහළම තැන් වල හිටියෙ බොහෝ විට (දකුණු) ඉන්දීය සංක්‍රමණය වෙලා සිංහල බෞද්ධ සංස්කෘතියට ඇසිමිලේට් උන, ව්‍යාපාර වලින් දියුණු උන මිනිස්සු තමයි. මෙයාලගෙයි "ඇත්ත සිංහල" මිනිස්සුන්ගෙයි තියෙන වෙනස "ඇත්ත සිංහල" මිනිස්සු මෙයාල දූපතට එන්න අවුරුදු එක්දාස් පන්සියයකට කලින් ඉන්දියානුවො විදිහට ආපු එක. මේ බුද්ධදාසගෙ කතාවෙන් ආපහු උඩට එන්නෙ පිටස්තරයන් ය කියල වෙරළබඩ කුල පහතට හෙලන පැරණි උඩරට මානසිකත්වය. බලය සහ ධනය එක්ක බිහිඋන අලුත් ප්‍රභූ පන්තියට තියෙන ඉරිසියාව. ඕක ලංකාවෙ ඉතිහාසය පුරාවටම දකින්න තියෙන එත්නික් ඉරිසියාවක කොටසක්. ඒ මිනිස්සු අරක්කු විකුණල හරි බෞද්ධ එලීට් පාසැල් ටික, අමරපුර නිකාය පටන් ගත්ත එකම මට නම් වටිනව.
කොච්චර අකමැති මිනිස්සු ටිකක් උනත්, මේ මාතෘකාවෙ ඉන්න අලුත් ප්‍රභූ පන්තියට ඈයො නෙවේ උනත් ඔය අසාදාරණ කතාව රාජපක්ෂලටත් කියනව දැකල තියෙනව. මුන් මොන වලව්කාරයොද මුන් ගැති කම් කරල චාන්ස් එකට ගොඩගිය උන්නෙ අරව මේව. නොකිය කියන්නෙ ජෙනුවින් ලොකු කුලේ එකක් කොහෙ හරි තියෙනව කියල.
කුමාරි ජයවර්ධන පොත් ලිව්වෙ ඇරියස් කවර් කරන්න නෙමේ අවංක ඇකඩමික් කුතුහලය නිසා. මුන් වගෙ තක්කඩි ඒව පාවිච්චි කරන විදිහ. මේ වගේ සවුත්තු කතා වේදිකාවට ඇරන් එන එක සෙල්ලම් නෑ මොකද කලින් වගේ නෙමේ මේ පාර රටේම ඉන්න හීනමාන වඳකොත්තු තනි සිංහල බයියො ටික NPP ඕඩියන්ස් එකේ ඉන්නෙ. මුන් මේව මොන විදිහට ප්‍රොසෙස් කර ගනීද.
මේ මනුස්සය වැඩිය කතා කරන කෙනෙක් නෙමේ නේද. ඒ නිසයි රඟපාන චරිත නිසයි මිනිස්සුන්ට වැරදි වැටහීමක් යනව ඩීසන්ට් කෙනෙක් කියල.
පලි: හැබැයි ලංකාවෙ ප්‍රසිද්ධ පවුල් වල සම්භවය ගැන දැනගැනීම වටින දෙයක් කියල හිතනව. එතකොට මිනිස්සුන්ට තේරෙනව අපි කොයි තරම් මිශ්‍ර උන ජනතාවක්ද, සිංහල කම කියන්නෙ සම්මුතිගත අනන්‍යතාවයක් නේද කියන එක.

Last edited:
,බොහොම ස්තුතියි...Dr ජයවර් ධන මම ගරු කරන කෙනෙක් එයා ලිව්ව පොත් ඉතාමත් ඉහලයි...මම කිව්වෙත් මේ අය මේක අල්ලගන මේ කරන නාඩගම ගැන...