බුද්ධාගම ද?බුදු දහම ද ?

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43
    බුද්ධාගම ද?බුදු දහම ද ?

    කතා කළ යුතු බොහෝ කාලීන ප්‍රශ්න තිබෙන විත්තිය ඇත්ත.මම හිතන විදිහට මේ ප්‍රශ්නය ගැනත් ටිකක් හරි හිතලා බැලුවොත් හොඳයි.

    මේ මම ලියන්නේ මට හිතෙන දේයි.ඒ දේ නිවැරදියි කියලා කියන්න මම මෙහිදී හේතු දක්වනවා.

    මෙම සටහන කියවා ඔබ හරියි කියලා හිතන දේ අප හැමෝටම කියන්න.

    වර්තමානයේ බෙහෙවින්ම භාවිත වන වචනයක් තමා ‘බුද්ධාගම'.මේ වචනය අපේ සමාජ භාවිතයට කාගෙන් කවදා එකතු වුනාද කියන කරුණ ගැන හොයා බැලීම දැන් නිෂ්ඵලයි.
    අප කතා කළ යුත්තේ මේ වචනය කොතෙක් දුරට බුදු හිමියන්ගේ දහම හැඳින්වීමට සුදුසුද යන්නයි.

    ‘ආගමක්’ කියන්නේ 'ඇදහීමක්මේ'. (අර්ථ කථනයට කලබල විය යුතු නෑ.හොඳින් හිතා බලන්න.)ඇදහීමකදී සිද්ධ වෙන්නේ පුද්ගල හෝ වස්තු හෝ සම්බන්ධයෙන් තදබල ලෙස විශ්වාසය ඇති කර ගැනීමයි.ඒ වගේම ඒ ඇතිකර ගනු ලබන විශ්වාසය පදනම් කර ගෙන නොයෙක් දේ ඉල්ලා සිටීමයි.බලාපොරොත්තු වීමයි.
    මෙවැනි පදනමක් බුදු දහම තුළ තිබෙනවාද? 'බුද්ධාගම' කියන වචනය හැදිලා තියෙන්නේ 'බුද්ධ' + 'ආගම' කියන වචන දෙක සන්ධි වීමෙන්.

    ලෙහෙසියට පහසුවට හැමෝම උච්චාරණය කරන මේ'බුද්ධාගම' කියන වචනය සම්බුදු හිමිගේ දහම හඳුන්වන්නට යොදන්නේ කුමන පදනමක් යටතේද?

    බුදු දහම තුළ අදහන්නට කිසිත් නැත.කුමක් අදහන්නද? බුදු හිමි? ධර්මය?සඟ රුවන?ධර්ම පුස්තක?බෝධීන් වහන්සේ?ධාතූන් වහන්සේලා? ආදී මේ කී නොකී කිසිවක් බුදු දහම නම් වූ මේ විශිෂ්ට දහම තුළ ඇදැහිය යුතු දේ නොවේ.

    ඇදහීමක් නැති බුදු දහම වැනි දර්ශනයක් තුළ ඇත්තේ අධ්‍යයනය, අවබෝධය සහ පිළිගැනීම පමණි.ධර්මයේ සඳහන් වන ඕනෑම දෙයක් ගැන නුවණින් විමසා බලා අවබෝධ කර ගැනීමේ නිදහස බුදුන් වහන්සේ ධර්මය තුළින්ම ලබා දී ඇත.

    එවැනි නිදහස් මානසික වාතාවරණයක් ලබා දී ඇති එකම දහම ද බුදු දහම විය හැකිය. එවැනි තත්ත්වයක් යටතේ පිළිගත හැකි බුදු දහමේ ඇත්තේ මහා විශාල පරාසයක විහිද පැතිර පවත්නා ධර්ම කරුණුය.ඊට ලෞකික මෙන්ම ලෝකෝත්තර වශයෙන්ද දහම් කරුණු අයත් වේ.
    දෙව් ලොව සම්පත්, වස්තුව, තනතුරු, අඩුම වශයෙන් නිර්වාණයවත් බුදු දහම තුළ zකාගෙන්වත් ඉල්ලා ලබා ගැනීමේ ඉඩකඩ නැත.ඒ කොයි දේත් උත්සාහයෙන් ලබා ගත යුතු දේය.ඒ නිසා යමක් ඇදහීමෙන් කිසිවක් ලබා ගත හැකි බවක් බුදු දහම තුළ නැත.

    ඒ අනුව සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ධර්මය කිසිවිට ආගමක් නොවන අතර එය හුදෙක් පිරිසුදු- හේතුව සහ ඵලය අතර සම්බන්ධතාව පැහැදිලි කරන දහමක් පමණක්ම වේ.
    ඒ නිසා 'බුද්ධාගම' නොකියා 'බුද්ධ ධර්මය'නැතිනම් 'බුදු දහම' කියන්නට පුරුදු වන්න.
     

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ඔය නම් ගැන තර්ක කරනවට වඩා දැන් ලොකුම ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ නැවත ඉපදීමක් නෑ කියලා නොමිලේම සතර අපායට යන්න ඉන්න පිරිසක් ගොඩනැගිලා ඉන්න එක:

    http://www.elakiri.com/forum/showthread.php?t=1824180
     
    Last edited: