බුද්ධාගම - නවීන විද්යාපවේ පදනම වශයෙන්
බුද්ධාගම - නවීන විද්‍යාවේ පදනම වශයෙන්
උතුරු තායිලන්තයේ චියෑංග් මායි විශ්ව විද්‍යාලයේ 1991 අගෝස්තු 16 වැනි දින පූජ්යර ප්රායුද් ප්රායුත්තෝ හිමියන් විසින් පවත් වන ලද දේශනයක් ඇසුරෙනි. (by සරත් ගුණතුංග)
නවීන විද්‍යාව විසින්, මිනිස් සංහතියට දායාද කර ඇති විද්‍යාත්මක නිපදවීම් අපමණය. සාමාන්‍ය දෛනික ජීවිතයේදී මේ බව පැහැදිලිය. මේ බව කිසිම කෙනෙකුට අනුමාන කල නොහැකිය. එය කෘතඥ පූර්වකව අප පිලිගත යුතුය. අද අපට ඉතා ඉක්මනින් රටකින් රටකට ගමන් කල හැකිය. දුම් රිය, බස් රථය, මෝටර රථය ආදී වූ මේ සියල්ලම විද්යාකත්මක නිපදවීම්ය. සන්නිවේදනය දෙස බලන විට දුරකථනය, ෆැක්ස් යන්ත්රරය, රූපවාහිනිය, විඩියෝ යන්ත්‍ර , සන්නිවේදනය උදෙසා නිපැයුණු කෘතිම චන්ද්‍රිකා නවීන විද්‍යාව විසින් මිනිස් සමාජයට දායාද කල මිනිස් ප්‍රජාවට හිතකර උපකරණ වශයෙන් හැඳින්විය හැක. වෛද්‍යය ලෝකයට දායාද කල දේවල්ද අපමණය. බොහෝ බෝවෙන ලෙඩ රෝග අද ඉතිහාසගත වී පවතියි. කොලරා රෝගය පවතින්නේ ඉතාම සුලු වශයෙනි. මහාමාරිය ලොවෙන් වඳ වී ඇත. වසූරියද ඒ ගණයේ තැබිය හැක. දැන් ඉතා සුලු ශල්ය් කර්මයක් ලෙස සලකන ඇපෙන්ඩිසයිටිස් දැන් දශක කිහිපයකට පෙර ඉතා බරපතල ශල්‍ය කර්මයක් වශයෙන් සලකන ලදී. රෝග විනිශ්චය උදෙසා නවීන උපකරණ බිහිවී ඇත. x-කිරන වෙනුවට CT යන්ත්‍ර, MRI සහ Ultrasound වශයෙන් මේවා හැඳින්විය හැක. කුමන දෙසකින් බැලුවත් මිනිස් ප්‍රජාවට හිතකර දේවල් නවීන විද්‍යාවෙන් බිහිවී ඇති බව පැහැදිලිය.
එසේම මිනිස් ප්‍රජාවට හානිකර දේවල්ද නවීන විද්‍යාව නිසා බිහි වී ඇති බව සත්‍යයකි. මිනිස් ප්‍රජාව වඳ කරවීමට, නැතහොත් මිහිපිටින් අතුගා දැමීමට නවීන විද්‍යා වේ 'හාස්කම්' වලින් පිලිවන. දෙවැනි ලෝක මහා සංග්‍රාමයේදී මිනීමරු ඇමෙරිකාව විසින් පරමාණු බෝම්බ දෙකක් හෙලා අහිංසක ජපන් ජනයා ලක්ෂ ගනණක් එක මොහොතකින් විනාශ කර දැමූහ. අදටත් මිනීමරු ඇමෙරිකාව මෙය සාධාරණීකරනය කිරීමට උත්සාහ දරයි. වියට් නාමයේ විශ වායු භාවිතා කොට ඇමෙරිකාව අත්හදා බැලීම් කලේ තිරිසනුන් ලෙසටය.
අපේ දෛනික ජීවිත පවා අනතුරේ පවතී. රසායනික ද්‍රව්‍ය පොහොර වලට, කෑම ද්රිව්ය වලට කලවම් කොට ඇත. සතුන්ට විශාල වශයෙන් හෝමෝන ආදී දේවල් දෙන්නේ වැඩි වැඩියෙන් ලාභ ලබා ගැනීමටය. මේ නයින් බලන කල විද්‍යාව, අපි ජීවත් වන ලෝකය ආක්‍රමණය කර ඇත, යනුවෙන් පැවසුවොත් එය අතිශයෝක්තියක් නොවේ. අපගේ අවබෝධය වන්නේ විද්‍යාව සහ සොබාදහම කොටස් දෙකක් වශයෙනි. සත්‍ය වශයෙන් විද්‍යාව යනු සොබාදහම ගැන අධ්‍යයනයයි. නමුත් සාමාන්‍ය ව්යිවහාරයේදී විද්‍යාව සහ විද්‍යාත්මක නිපැයුම් "කෘතිම" දේ වී ඇත. ("කෘතිම වකුගඩු")

Last edited: