බුද්ධාගම - නවීන විද්යාපවේ පදනම වශයෙන්

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
බුද්ධාගම - නවීන විද්යාපවේ පදනම වශයෙන්

බුද්ධාගම - නවීන විද්‍යාවේ පදනම වශයෙන්

උතුරු තායිලන්තයේ චියෑංග් මායි විශ්ව විද්‍යාලයේ 1991 අගෝස්තු 16 වැනි දින පූජ්යර ප්රායුද් ප්රායුත්තෝ හිමියන් විසින් පවත් වන ලද දේශනයක් ඇසුරෙනි. (by සරත් ගුණතුංග)

නවීන විද්යාව විසින්, මිනිස් සංහතියට දායාද කර ඇති විද්යාත්මක නිපදවීම් අපමණය. සාමාන්ය දෛනික ජීවිතයේදී මේ බව පැහැදිලිය. මේ බව කිසිම කෙනෙකුට අනුමාන කල නොහැකිය. එය කෘතඥ පූර්වකව අප පිලිගත යුතුය. අද අපට ඉතා ඉක්මනින් රටකින් රටකට ගමන් කල හැකිය. දුම් රිය, බස් රථය, මෝටර රථය ආදී වූ මේ සියල්ලම විද්යාකත්මක නිපදවීම්ය. සන්නිවේදනය දෙස බලන විට දුරකථනය, ෆැක්ස් යන්ත්රරය, රූපවාහිනිය, විඩියෝ යන්ත්ර , සන්නිවේදනය උදෙසා නිපැයුණු කෘතිම චන්ද්රිකා නවීන විද්යා‍ව විසින් මිනිස් සමාජයට දායාද කල මිනිස් ප්රජාවට හිතකර උපකරණ වශයෙන් හැඳින්විය හැක. වෛද්යය ලෝකයට දායාද කල දේවල්ද අපමණය. බොහෝ බෝවෙන ලෙඩ රෝග අද ඉතිහාසගත වී පවතියි. කොලරා රෝගය පවතින්නේ ඉතාම සුලු වශයෙනි. මහාමාරිය ලොවෙන් වඳ වී ඇත. වසූරියද ඒ ගණයේ තැබිය හැක. දැන් ඉතා සුලු ශල්ය් කර්මයක් ලෙස සලකන ඇපෙන්ඩිසයිටිස් දැන් දශක කිහිපයකට පෙර ඉතා බරපතල ශල්‍ය කර්මයක් වශයෙන් සලකන ලදී. රෝග විනිශ්චය උදෙසා නවීන උපකරණ බිහිවී ඇත. x-කිරන වෙනුවට CT යන්ත්‍ර, MRI සහ Ultrasound වශයෙන් මේවා හැඳින්විය හැක. කුමන දෙසකින් බැලුවත් මිනිස් ප්‍රජාවට හිතකර දේවල් නවීන විද්යාවෙන් බිහිවී ඇති බව පැහැදිලිය.

එසේම මිනිස් ප්‍රජාවට හානිකර දේවල්ද නවීන විද්‍යාව නිසා බිහි වී ඇති බව සත්‍යයකි. මිනිස් ප්‍රජාව වඳ කරවීමට, නැතහොත් මිහිපිටින් අතුගා දැමීමට නවීන විද්යා වේ 'හාස්කම්' වලින් පිලිවන. දෙවැනි ලෝක මහා සංග්රාමයේදී මිනීමරු ඇමෙරිකාව විසින් පරමාණු බෝම්බ දෙකක් හෙලා අහිංසක ජපන් ජනයා ලක්ෂ ගනණක් එක මොහොතකින් විනාශ කර දැමූහ. අදටත් මිනීමරු ඇමෙරිකාව මෙය සාධාරණීකරනය කිරීමට උත්සාහ දරයි. වියට් නාමයේ විශ වායු භාවිතා කොට ඇමෙරිකාව අත්හදා බැලීම් කලේ තිරිසනුන් ලෙසටය.

අපේ දෛනික ජීවිත පවා අනතුරේ පවතී. රසායනික ද්රව්ය පොහොර වලට, කෑම ද්රිව්ය වලට කලවම් කොට ඇත. සතුන්ට විශාල වශයෙන් හෝමෝන ආදී දේවල් දෙන්නේ වැඩි වැඩියෙන් ලාභ ලබා ගැනීමටය. මේ නයින් බලන කල විද්යාව, අපි ජීවත් වන ලෝකය ආක්‍රමණය කර ඇත, යනුවෙන් පැවසුවොත් එය අතිශයෝක්තියක් නොවේ. අපගේ අවබෝධය වන්නේ විද්යාව සහ සොබාදහම කොටස් දෙකක් වශයෙනි. සත්‍ය වශයෙන් විද්යාව යනු සොබාදහම ගැන අධ්‍යයනයයි. නමුත් සාමාන්ය ව්යිවහාරයේදී විද්යා‍ව සහ විද්යාත්මක නිපැයුම් "කෘතිම" දේ වී ඇත. ("කෘතිම වකුගඩු")
 
Last edited:
  • Like
Reactions: Ne@

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
විද්යාව සම්පූර්ණයෙන්ම ස්වාභාවික ලෝකය ආක්ර මණය කල කල්හි අපට ඉතුරුවන්නේ විද්යාත්මක වූ අස්වාභාවික ලෝකයකි. උත්පත්තියෙන් ස්වාභාවික වන අප දැනට ජීවත් වන්නේ ස්වාභාවික ලෝකයකය. නමුත් මෙසේ කටයුතු සිදුවුව හොත් අපට අස්වාභාවික ලොවක අස්වාභාවික ලෙස ජීවත් වීමට සිදුවිය හැක. ස්වභා දහම සමග නොසැඳෙන කල අපට නොයෙක් දුෂ්කරතාවලට මුහුන දීමට සිදුවනු ඇත. ශරීරයකින් හා මනසකින් සමන්විත ස්වාභාවිකව උපන් මනුශ්යයා ස්වාභාවික පරිසරයක ස්වාභාවිකව ජීවත් වෙයි. එක් එක් ජීවිත කාල පරිච්ඡේදයන්හි ඇතිවන ශාරීරික වෙනස්වීම් ස්වාභාවික ලෙස සලකන්නට ඔවුහු පුරුදු වූහ. නමුත් අද සිදුවී ඇත්තේ මනසේ ක්රියාකාරිත්වයට අනුකූලව ශරීරය ක්රියා කරවීමටය. රූප ලාවණ්යමය උදෙසා වෙහෙසන කාන්තාවන් බහුල වශයෙන් අපට දැකිය හැක. පිරිමින්ද එසේමය. මේ ශරීරය පාලනය කිරීමට අපට නොහැකිය. බුදුන් වහන්සේ වදාල පරිදි ශරීරය 'මම' නොවේ. හේතුඵල ධර්මයන්ගේ හේතූන් නිසා සතර මහා ධාතූන්ගෙන් සැදුම් ලත් මේ සිරුර ඒ ධාතුන්ගේ අභාවයත් සමගම අභාවයට යනු ඇත. මේ අකාලික වූ බුද්ධ දේශනයයි. සම තාරුණ්යමයේ පවත්වා ගැනීමට නොයෙක් ක්රීලම් වර්ග, ඉන්ජෙක්ෂන් වර්ග ලොවට බිහි වී ඇත. තාවකාලික වශයෙන් යම්කිසි වෙනසක් පෙනුනත් දීර්ග කාලීන වශයෙන් සොබා දහමට එරෙහි වීමෙන් පරදින්නේද ඔබමය. මේ අවස්ථාවේදී කරුණු දෙකෙන් එකක් ඔබට තෝරා ගත යුතු වෙයි.

1. කෘතිම ලොවක කෘතිම ජීවිතයක් ගත කරන්නද?

2. ස්වාභාවික ලොවක ස්වාභාවිකව ජීවිතයක් ගත කරන්නද?

ස්වාභාවික ජීවිතයේ මේ වෙනස ඇති කිරීමට එනම් කෘතිමත්වයක් බිහිකිරීමට ඉවහල් වන ප්රවධාන සාධකයට තාක්ෂණයයැයි කියනු ලැබේ.

තාක්ෂණයේ රඳාපැවැත්මට විද්යාවෙන් ලද දැනුම අවශ්ය ය. තාක්ෂණය උපයෝගී කොටගෙන මිනිස් සංහතිය, සිය සුඛ විහරණය සඳහා අවශ්යව දේවල් නිපදවා ගෙන ඇත. මේ නිසා තාක්ෂණයෙහි ක්රියාකාරිත්වය ද්විත්ව වශයෙන් සැලකිය හැක. එකක් තාක්ෂණයේ අනුසාරයෙන් සිය අවශ්යතාවයන්ට මෙවලම් නිපදවා ගැනීමය. දෙවැන්න මිනිස් ප්රජාවේ විනාශයට උත්ප්රේරකයක් වීමය. මේ සියල්ලටම පිළිතුරු උදෙසා විද්යා‍ඥයින්ට අසංකීර්ණ විද්යාව (pure science) ගැන කථාකල හැක. විද්යාඥයින් සොයන්නේ විද්යාත්මක සිදුවීම් ගැන පමණි. අවශ්ය ඕනෑම කෙනෙකුට ඒ විද්යා ව අනුසාරයෙන් ඕනෑම දෙයක් කල හැක. කිසිම තහනමක් නොමැත. අතේ පොල් පරාල තබා ගෙන අනෙක් ජාතීන්ගේ ඉරටු කූරු ගැන නන් දොඩවන ඇමෙරිකාව මෙන් අනුන්ට තහනම්ය, අපිට පුලුවන්ය. එය විද්යාඥයන්ගේ වගකීමක් නොවනු ඇත. අවසාන ප්රතිඵලය වශයෙන් වගකීමෙන් තොර විද්යාත්මක විනාශකාරී දේවල් බිහිවී ඇ ත. මීට නිසිපිළිතුරක් ලැබෙන්නේ මිනිසා සදාචාරමත් වුව හොත් පමණකි. සදාචාරයක් නැතිවිට ආත්මාර්ථකාමිත්වය මිනිස්කම ඉක්මවා පෙරට එයි. පරමාණු බෝම්බයෙන් ලක්ෂ ගනන් ජපන් වැසියෝ මොහොතකින් වාෂ්ප වූයේ මිනිසා තවත් මිනිසෙකු කෙරෙහි සදාචාරවත් බවක් නොමැති නිසාය. මිනිසා සදාචාරයත් ආචාර ධර්මතාවයනුත් පසෙක දමා විද්යාවේ අනුසාරයෙන් ඉඳුරන් පිනවීම සඳහ කටයුතු කලහොත් සිදුවන්නේ විපතකි. ඉඳුරන් පිනවීමට ලොල් වීමෙන් රාගයත් තණ්හාවත් තව තවත් ශක්තිමත් වනු ඇත. මෝහයද මුලාවද ඇතුලු අනෙක් අකුසල්ද අධික වෙනු ඇත. සදාචාරය සහ ආචාරධර්මයන් නොමැති කල විද්යාව අතිශය විනාශකාරී විය හැක.

අද ලෝකය දෙස බලන කල විද්යාත්මක නිපැදවීම් ශීඝ්රයෙන් 'දියුණු වී' යම් කිසි කෙලවරකට සම්ප්රාප්ත වී ඇති බවක් පෙනෙයි. භෞතික ලෝකයේ කෙලවරට පැමින ඇති විද්යාඥයා දැන් දැන් මානසික ලෝකය පිලිබඳව පර්යේශණ පවත්වයි.


මනස හා පදාර්ථ (mind and matter)ලොව ඇති මූලධර්මවල අනුසාරය බව දාර්ශනිකයෝ ප්ර‍කාශ කලහ. නමුත් කිසිම විද්යාඥයෙක් මනස පිළිබඳව පරිපූර්ණ විස්තරයක් කර නොමැත.. මේ විද්යාඥයන්ට මනස විදහා දැක්වීමට නොහැකි විය. මනස පිළිබඳව ඒකමතික තීරණයකට එලඹීමට පවා ඔවුහු අසමත් වී ඇත. මනස ඇත්තේ මොලයේය යන සිද්ධාන්තයට අනුව දූරඥානය, පරවත්ත ඥාණය (telepathy) දිව්යන චක්ෂුසය (clairvoyance), මනැස්චලනය (psychokinesis), මරණින් මතු පැවැත්ම, මරණාසන්න අත්දැකීම් යනාදී විද්යාවට ප්රතික්ෂේප නොකල හැකි සංසිද්ධි (phenomena) පහදා දීමට නොපිලිවන.


මනෝ විද්යාaඥයන් යැයි කියා ගන්නා පිරිස මනස ගැන පර්යේෂණ පවත්වන විට බාධක කිහිපයක් හමුවිය. මනස පිළිබඳව යම්කිසි සම්ම්මුතියකට පැමිණීමට අපහසු වූ නිසා ඔවුන් මනුශ්යියා සහ සතුන්ගේ හැසිරීම අධ්යනය කිරීමට පෙලඹුනහ. මනස මැනීමට මිනුම් දණ්ඩක් නොමැත. ඒ නිසා ඔවුන්ට මනෝ විද්යාඥයන් යනුවෙන් හැඳින්වීමට වඩා චර්යා නිරීක්ෂකයන්යැයි පැවසීම වඩා යෝග්යය. එමනිසා මනෝ විද්යාඥයෝ 'මනසක් ඇත' යන මතය ප්ර තික්ෂේප කරති. මොලය මනස වශයෙන් ක්රියා කරයි යන මතය පිළිගැනීමට කැමැත්තක් දක්වති. ඉහත සඳහන් කරුනු සලකා බලන විට ඔවුන් ගොලු වන්නේද මෙතැනය.
 

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
භූමි කම්පා, ගංවතුර, පිපිරෙන ගිනි කඳු ආදී ස්වාභාවික, මහාවිනාශකාරී ආපදා වලට මනුශ්යයා බියක් දැක්විය. ආදී මනුශ්යවයා මේ සංසිද්ධීන් (phenomena) කෙරෙහි අති මහත් බියක් දැක්වූයේ ස්වාභාවික වූ මේවායේ හටගැනීම ඔහු නොදැන සිටි නිසාය. එමෙන්ම ඒවායේ ප්රතිඵල අති භයංකාර විය. බොහෝ විට කිසිම දැනුම් දීමක් නැතිව මනුශ්යයාට බලපාන මේ ව්‍යසනවලට මිනිස් සංහතිය අතිශයින්ම බිය විය. මේ ස්වාභාවික විපත් වලට පිළිතුරක් සොයා ගැනීමට ඔහු වෙහෙසුනේද ඒ නිසාය. එම ගවේෂණය මිනිසා වටා ඇති ස්වාභාවික පරිසරය වෙතටම යොමු වුනි. ස්වාභාවික විපත් වලට පිළිතුරක් සොයා යන මානවයා, එක්තරා සන්ධි ස්ථානයකට පැමිණියේය. මේ සන්ධි ස්ථානය මානව ඉතිහාසයේ ඉතා වැදගත් වන්නේ විද්‍යාත්මක වශයෙන් හා ආගමික වශයෙන් එකම මූලෝත්පත්තියක් ඇති බැවිනි.

ඒ මූලෝත්පත්තිය අනුව අපට මෙසේ සඳහන් කල හැක.


1. ආගම බිහි වූයේ ස්වාභාවික විපත් වලින් ගැලවීමට මානවයා පිළිතුරක් සොයා යනවිටය.

2. විද්‍යාව බිහිවූයේ ස්වාභාවික දේවල් ගැන අධ්යයනය කිරීමේ ආශාව මානවයා තුල ඇති වූ විටය.


ස්වාභාවික විපත් වලින් ගැලවීමේ අභිලාශය ඔස්සේ ගවේෂණය කල මානවයා, ඒ විපත් වලට ඇති බිය නිසාම මේ සංසිද්ධීන් සිදුවන්නේ කෙසේදැයි විමැසීමට පෙලඹුනේය. මානව ඉතිහාසයේ සඳහන් ඇති පරිදි, මිසරය, මෙසපොතේමියාව ආදී ඉපැරණි සංස්කෘතිවල විද්‍යාත්මක සොබාදහම ගැන පර්යේශන පැවැත්වූවෝ ආගමික පසුබිමක් ඇත්තෝ වූහ.

එකම් මූලෝත්පත්තියක් මත බිහිවුවද, ඒ පසුබිම මත ම ආගම හා විද්යා‍ව දෙපසට බෙදී ගොස් ඇත. එසේ සිදු වූයේ කුමක් නිසාද?

ස්වාභාවික විපත් ඉතා ඉක්මනින් මිනිසා විනාශය කරා ගෙනයයි. ඊට පිළිතුරද ක්ෂණික විය යුතුය. ඒ වනාහී උවදුර යොමු වී ඇති මිනිස් කොට්ඨාශය, ජීවිතයද, මරණයද යන දෙගිඩියාවෙන් භීතියට පත්ව ඇති බැවිනි. එවැනි අවස්ථාවක එවැනි උවදුරක් වහාම නතර කල යුතුය. එසේ නතර කිරීමේ ක්රිතයා දාමයක් ඇති විට,හෝ සොයා ගත් විට ඒ ක්‍රියාදාමය '
ආගම' වශයෙන් සංස්ථායීකරණය (institutionalize) විය.
 

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
ඈත අතීතයේ සිදු වූ මේ දේවල් අද දවසේ විචාරා බලන විට මුග්ධ දේවල් බව පෙනෙයි. නමුත් එදා සිටි මානවයා ගුප්ත චාරිත්‍ර විධි ගතානුගතිකව අනුගමනය කලහ. ආගමික මූලාදර්ශය මෙසේ බිහි වීමත් සමගම තව කොටසක් බිහි විය. ස්වාභාවික විපත් වල අනන්තර භාවය (immediacy) වියැකී ගිය පසු කරුණු සෙවීමටත්, ඒ කරුණු විශ්ලේෂණය කිරීමටත්, විශ්ලේෂණයෙන් ලැබෙන ප්‍රතිඵල අනුව පර්යේශන කිරීමටත් මේ කොටස වග බලා ගත්තේය. මෙසේ ක්රමානුකූල නිරීක්ෂණයෙන් හා පර්යේෂණයෙන් බිහි වූ ක්රමවේදයන් ‘විද්යාව’ වශයෙන් ප්‍රකට විය.

ආගම හා විද්යායව පිළිබඳව අපසාරිතාව (divergence) ඇතිවූයේ මෙසේය. ස්වාභාවික විපත් වලට මානවයා සොයා ගත් ක්ෂණික ප්රතිකර්මය, ක්රමානුකූල විචාරාත්මක බවෙන් තොර, විශ්වාසය සහ භක්තියෙන් පෝෂණය වූ සිද්ධාන්ත විය. ආගම බිහිවූයේ මෙසේය. ආගම ඉතා තදබල ලෙස භක්තිය මත රඳා පවතී. විද්යාව දෙස බලන කල, එය නිරීක්ෂන, පර්යේශන, පරීක්ෂණ මගින් නිගමන වලට පැමිණිය හැකි, ක්ර මානුකූල ක්රමවේදයක් අනුගමනය කරන වැඩ පිලිවෙලකි. මේ කාලසන්ධියේදී (වකවානුවේදී) විද්‍යාව සහ ආගම අතර ප්රාථමික නමුත් සුවිශේෂ වෙනසක් දැකිය හැක. ආගම බහුතර ජනතාවගේ ජීවිතයේ කොටසකි. එහි ක්රමානුකූල සම්ප්රදායයක් නොමැත. ඇත්තේ විශ්වාසය හා භක්තියයි. විද්යාව ඇත්තේ ඒ විද්යාව පිලිබඳව ආශාවක් ඇති ක්රමානුකූලව පර්යේශන, පරීක්ෂණ, නිරීක්ශන මගින් නිගමන වලට පැමිණෙන සාමාන්යයෙන් 'උගත්' ජන කොටසකටය.


ආගමෙහි මුල් ඇත්තේ භක්තිය තුලය. එහි සාරය ඇත්තේද භක්තිය තුලය. ආගම, වෙනස් නොවන, විශ්වාසදායක, ප්රශ්න නොනගින පරිසරයක්, ආගමේ චිරස්ත්ථිතිය උදෙසා පවත්වා ගත යුතය. විද්යාව, ක්ර්මානුකූලය. එහි අන්ධ භක්තියක් නැත. ඇත්තේ යලි සත්යාපණය කල හැකි පර්යේශන, පරීක්ෂන, නිරීක්ෂන මගින් ලබා ගන්නා විද්යාත්මක සත්යයන් පමණකි. ආගම, ජීවිතයේ ඇති ගැටලු වලට එක පිළිතුරක් සැපයීමට පෙලඹී ඇත. විද්යාව, විද්යාමාන වන සත්යගතාවයන් එකින් එක අමුණා සම්පූර්ණ චිත්රය දෙස බැලීමට පෙලඹී ඇත. ආගම සහ විද්යා ව යන මේ කොටස් දෙකට අමතරව තවත් කොටසක් බිහිවිය. ඒ කොටස ආගමෙහි කියැවෙන දේත්, විද්යාවෙන් කියැවෙන දේත් පිලිගත නොහැකි බව ප්රිකාශ කල කොටසකි. මොවුහු විද්යාත්මක විමැසීමක් කරන තෙක් නොසිට, තර්කානුකූලව, ප්රශ්න ඇසීමෙන් හා කරුණු සැලකීමෙන් ප්රශ්න නිරාකරණය කිරීමට සැරසුනු කොටසකි. මේ කොටස
දර්ශණවාදීහු

මේ සංයම(disciplines) තුන ස්වභාදහම නම් වූ මිනුම් දණ්ඩ භාවිතා කොට සංසන්දනය කල විට අපට දැක ගත හැක්කේ මෙවැනි කරුණු ස්වල්පයකි.

විද්යාව: තවමත් නිරීක්ෂනය සහ සත්යානපනය කල හැකි බවට පරීක්ෂන පැවැත් වුවද නියම පිලිතුරක් නොමැත.

දර්ශනවාදය: සත්යාපනය කිරීම වෙනුවට පිලිතුරක් සොයන්නේ තර්කානුකූල, පිලිගතහැකි විශ්ලේෂනය තුලිනි.
වශයෙන් හැඳින්වුනි.
ආගම: භක්තිය මත ගොඩනැඟුනු සත්යාපනයට ඉඩක් නොතබා සැදුනු පිලිතුරකි.

දර්ශනවාදයත්, විද්යාවත් බිහිවූයේ ආගමට පසුවය. ඒ දෙකොටසම ආගමට වඩා පෙහෙළි වූ විසඳුමක් දී ඇත. නමුත් දල වශයෙන් ගත් කල ඒ දෙපාර්ශවයේම විසඳුම අසම්පූර්නය. ඒ නිසා භක්තිය මත ගොඩ නැගුනු ආගම, භක්තියෙන්ම පෝෂණය වී තවමත් භක්තිය මතම පවතියි.