ජාතික රෝහලේ මුදල් කොල්ලය වැළැක්වූ බුද්ධි අංශ නිලධාරියා රිය අනතුරකින් මියයයි
පසුගිය ජුනි මස 09 වෙනිදා කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයෙකු විසින් සිදුකළ රුපියල් ලක්ෂ 79 මුදල් සොරකම වැළැක්වීමට නිර්භීතව හා ඉතා දක්ෂ අයුරින් ක්‍රියා කළ රාජ්‍ය බුද්ධි සේවයට අනියුක්තව රාජකාරි කළ පොලිස් නිලධාරියෙකු රිය අනතුරකින් නැති වී තිබෙනවා.
මෙම බුද්ධි අංශ නිලධාරියා සහ තවත් නිලධාරියෙකු ගමන් කරමින් සිටි යතුරු පැදිය පසුගිය 11 වෙනිදා රාත්රියේදී බම්බලපිටිය හැව්ලොක් පාරේ පිහිටි සම්බුද්ධ ජයන්ති මන්දිරය අසලදී ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුවු අතර ඉන් තුවාල ලැබූ නිලධාරීන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරනු ලැබුවා.
රිය අනතුරෙන් බරපතල තුවාල ලබා සිටි රාජ්‍ය බුද්ධි අංශයට අනියුක්ත පොලිස් නිලධාරියා අද අලුයම කොළඹ ජාතික රෝහලේදී මියගිය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ ජාලිය සේනාරත්න ප්‍රකාශ කලේ.
මෙම රිය අනතුර සිදුකළ ඩිෆෙන්ඩර් රථය පදවා ගෙන ගිය රියදුරා නීති ශිෂයෙක් බවත් ඔහු එම අවස්ථාවේදී රටබීම පානය කර සිටි බවට හෙළිවී තිබුණා.
ඔබට නිවන් සුව.