බුද්ධි අංශ නිලධාරියාමියයයි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,926
    40,744
    113
    ජාතික රෝහලේ මුදල් කොල්ලය වැළැක්වූ බුද්ධි අංශ නිලධාරියා රිය අනතුරකින් මියයයි


    පසුගිය ජුනි මස 09 වෙනිදා කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයෙකු විසින් සිදුකළ රුපියල් ලක්ෂ 79 මුදල් සොරකම වැළැක්වීමට නිර්භීතව හා ඉතා දක්ෂ අයුරින් ක්‍රියා කළ රාජ්‍ය බුද්ධි සේවයට අනියුක්තව රාජකාරි කළ පොලිස් නිලධාරියෙකු රිය අනතුරකින් නැති වී තිබෙනවා.

    මෙම බුද්ධි අංශ නිලධාරියා සහ තවත් නිලධාරියෙකු ගමන් කරමින් සිටි යතුරු පැදිය පසුගිය 11 වෙනිදා රාත්‍රියේදී බම්බලපිටිය හැව්ලොක් පාරේ පිහිටි සම්බුද්ධ ජයන්ති මන්දිරය අසලදී ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුවු අතර ඉන් තුවාල ලැබූ නිලධාරීන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරනු ලැබුවා.

    රිය අනතුරෙන් බරපතල තුවාල ලබා සිටි රාජ්‍ය බුද්ධි අංශයට අනියුක්ත පොලිස් නිලධාරියා අද අලුයම කොළඹ ජාතික රෝහලේදී මියගිය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ ජාලිය සේනාරත්න ප්‍රකාශ කලේ.

    මෙම රිය අනතුර සිදුකළ ඩිෆෙන්ඩර් රථය පදවා ගෙන ගිය රියදුරා නීති ශිෂයෙක් බවත් ඔහු එම අවස්ථාවේදී රටබීම පානය කර සිටි බවට හෙළිවී තිබුණා.

    ඔබට නිවන් සුව.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    Sajithta denawa bn mey sare
    උබ ඡන්දේ දෙන නිසා ෂුවර් එකටම ඡන්දයක් තියෙයි ඌට . නැත්නං ගෑනිගෙ චන්දේත් ෂුවර් නැහැ
    දිනයි ද බං 😀😀
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,926
    40,744
    113
    09 හොරා අතේ.
    11 ලෙඩ ඇඳේ.
    14 තමා මලේ.
    16 වගේ වලේ.

    දැන් නම් මත්පැන් තහනම් කරන්න කාලේ හරි.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    https://www.gossiplankanews.com/2020/06/79-cctv-sithum-alahapperuma.html

    කොළඹ ජාතික රෝහලේ මුදල් ගෙවීම් අංශයේ රුපියල් ලක්ෂ 79 ක මුදලක් කොල්ල කෑමේ සිද්ධිය වලක්වමින් මුදල් කොල්ල කෑ සැකකාර වෛද්‍යවරයා මුදල් සමග අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ රාජ්‍ය බුද්ධි සේවයේ කොස්තාපල්වරයෙකු සිද්ධියට පසුදා රිය අනතුරකට ලක්ව තිබූ අතර කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටිය දී අද (14) අලුයම මියගොස් ඇත
    රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව රාජකාරී නිරතව සිටි


    පොලිස් කොස්තාපල් සිතුම් අලහප්පෙරුම නිලධාරියා පසුගියදා 11 දා රාත්‍රියේ බම්බලපිටිය හැව්ලොක් මාර්ගයේ සම්බුද්ධ ජයන්ති මන්දිරය අසලදී ඩිපෙන්ඩර් රථයක් ගැටී බරපතළ තුවාල ලැබීය.
    බීමත්ව සිටි රියදුරෙකු මෙම අනතුර සිදු කර තිබූ බව දැක්විණි.
    අනතුරුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කොස්තාපල්වරයා අද (14) අළුයම මියගොස් ඇත.මෙම නිලධාරියා වයස අවුරුදු 22ක් වූ පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි අයෙකි.

    සිරස කියන විදිහට, හප්පලා තියෙන්නේ බීලා ආපු නීති සිසුවෙක්.

    කොළඹ ජාතික රෝහලේ පසුගිය 09 වැනි දා සිදු වූ රුපියල් ලක්ෂ 79 මුදල් කොල්ලය වළක්වා සැකකරු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයා රිය අනතුරකින් මියගොස් තිබේ.


    ඒ, කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.


    ඔහු එලෙස මියගොස් තිබෙන්නේ පසුගිය 11 වැනි දා රාත්‍රියේ බම්බලපිටිය, හැව්ලොක් මාර්ගයේ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය අසළදී සිදු වූ ඩිෆෙන්ඩර් අනතුරිනි.


    තව ත් නිලධාරියෙකු සමග ඔහු ගමන් කරමින් සිටි යතුරු පැදිය අනතුරට ලක්වුණේ ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙනි.


    එහිදී බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.


    අනතුර සම්බන්ධයෙන් අම්පිටියේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


    ඔහු නීති විද්‍යාල සිසුවෙකි.


    පොලීසීය පැවසුවේ, අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු බීමත්ම සිට ඇති බවය.


    අලුත්කඩේ අංක 07 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
     
    • Like
    Reactions: ruchira55

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,063
    27,716
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කටයි පුකයි වහගෙන ඉන්න කාලේ හරි වගේ
    පාර්ලිමේන්තු බලයත් හම්බුනාට පස්සේ ස' කිව්වත් පුකේ අරින සින් එකක් තියෙන්නේ :lol:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,239
    67,633
    113
    කටයි පුකයි වහගෙන ඉන්න තියන කාලේ හරි වගේ
    පාර්ලිමේන්තු බලයත් හම්බුනාට පස්සේ ස' කිව්වත් පුකේ අරින සින් එකක් තියෙන්නේ :lol:
    Saaaaaaaaaaaaaaaa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,926
    40,744
    113
    හම්බෝ මෙන්න මේකත් ඒ පාර ස...ට හරවලා......ලොලේ ලොල්
    තාම නීති ශිෂ්‍ය නිසා ඒ කොල්ලට ස කියන්න අවශ්‍ය නෑ. අවුට් වෙලා ආපු කාලෙක ස කියමු.