බුද්ධ චරිතයට විශාලතම හානිය කළ චිත්‍රපටය

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බුද්ධ චරිතයට විශාලතම හානිය කළ චිත්‍රපටය

    මෙලොව පහළ වූ අද්විතීයම චරිතය සිද්ධාර්ථ බෝසත් චරිතය බවට සියලු බොදු බැතිමතුන්ගේ ඒකායන පිළිගැනීම වෙයි. මේ චරිතය චිත්‍රපටයට නගමින් බිහි වූ “ශ්‍රී සිද්ධාර්ථ ගෞතම” චිත්‍රපටය මේ දිනවල ප්‍රදර්ශනය කෙරේ. එම චිත්‍රපටය සැබෑ සිද්ධාර්ථ බෝසත් චරිතයට කළ අවමානයක් ලෙස මහා නායක හිමිවරුන් මෙන්ම බෞද්ධ ජනතාවද මහත් කම්පනයට පත්ව සිටිති. අප මේ පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් වහන්සේගෙන් විමසීමු.

    ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නම් බෝසත් චරිතය චිත්‍රපටයකට නැගීම පිළිබඳ මහා නාහිමිවරු මෙන්ම බෞද්ධ ජනතාව මහත් කම්පනයකට පත්ව සිටින බව පැහැදිලියි. මොකක්ද මේකට හේතුව හාමුදුරුවනේ?

    සිද්ධාර්ථ ගෞතම බෝසත් චිරිතය කියල කියන්නෙ මෙලොව පහළ වූ අද්විතීය අසම සම චරිතය. සිද්ධාර්ථ කුමාර උත්පත්තියේ දීම කියනවා අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස කියලා. දෙවියන් සහිත ලෝකයේ මට සමකළ හැකි අයෙකු මෙලොව නැහැ කියලයි උන් වහන්සේ කියන්නෙ. මෙවැනි අද්විතීය වූ අසම සම චරිතයට වසර 2631 ඇතුළත බුද්ධ චරිතයට කළ විශාලතම හානිය සිදුකළේ මේ චිත්‍රපටයෙන්.

    ඉතින් ඔබ වහන්සේ කියන මේ ගැටලුව මොකක්ද?

    චිත්‍රපටය ආරම්භයේදීම චන්න ඇමැතියයි බෝසතාණන් වහන්සේයි අසුපිටින් යන්නෙ සම අසුනක සිට. බුද්ධ චරිතයේ එහෙම එකක් නැහැ. සිද්ධාර්ථ යන නමින් බෝසතාණන් වහන්සේට ආමන්ත්‍රණය කරන්නෙ. මේ දේ එදා සිදුවුණේ නැහැ. ස්වර්ණ විමානයක් බඳු රනින් ඔපකළ අශ්වරථයක නැගී පිරිවර රථ 4 ක් සමඟයි එදා උන් වහන්සේ ගමන් ගත්තේ. ඒ නිසා මේ චිත්‍රපටයෙන් උන්වහන්සේගේ තිබුණු රාජකීයත්වය ගෞරවය එහෙම්පිටින්ම කෙළෙසලා තියෙනවා.

    සිදුහත් චරිතය මෙහිදී පිළිඹිබු කරන ආකාරය ගැන ඔබ වහන්සේ තෘප්තිමත්ද? නැහැ.

    පිටපත ලියූ කෙනා සිද්ධාර්ථ බෝසත් චරිතය කියවලාවත් නැහැ. දැන් බලන්න සතර පෙරනිමිති දැකීම ලෙඩෙක්, මහල්ලෙක්, මළ මිනියක්, පැවිදි නමක් මේ චරිත සිද්ධාර්ථ කුමාරයාට මවා පෑවේ කවුද? දෙවිවරු. නමුත් චිත්‍රපටය පෙන්වනවා සතර පෙරනිමිති දැකීමේදී මහල්ලා හැටියට දැක්කෙ චන්න ඇමැතිගෙ පියා කියලා. මම අහන්නෙ, මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාට මහල්ලා චන්නගෙ පියාය කියන මූලාශ්‍රය දුන්නෙ කවුද? පැහැදිලිවම ත්‍රිපිටකයේ තියෙනවා සතර පෙරනිමිති මවා පෑවේ දෙවිවරු කියලා.

    අනෙක තමයි, බෝසතාණන්් වහන්සේ ගිහිගෙයින් නික්ම යාම බුද්ධ චරිතයේ තියෙන්නෙ උන්මාරෙකත්වා කියලයි. එළිපත්ත උඩ සිටිමින් අඩියක් ඉදිරියට තිබුණොත් බිරිඳට ඇහැරෙයි දරුවා ඇහැරෙයි එහෙම වුණොත් මගේ ගිහි ගෙයි බැම්ම ඇතිවෙයි ඒ නිසා මම නික්ම යනවා කියලයි.

    ලෝක සත්ත්වයා කෙරෙහි උපන් දයානුකම්පාවෙන් දුක දරාගෙන අභිනිෂ්ක්‍රමණය කරන්නෙ. නමුත් චිත්‍රපටයෙ පෙන්වනවා දේවිය ඉඹලා හඬාවැලපිලා, දරුවා සිප වැලඳගෙන මහා විකාරයක් කරනවා. පස්සෙ බිරිඳ කියනවා එහෙමනම් මට නින්ද ගියාට පස්සෙ යන්න කියලා. සැමියා තමන් හැර යන බව දැන දැන බිරිඳකට නින්ද යයිද? තවත් එහාට කතා කළොත් මගේ ශීලයටත් හොඳ නැහැ.

    අනෙක තමයි බෝසතාණන් වහන්සේ නමක් කිසිම දවසක අඬන්නෙ නැහැ. මම දැක්ක තවත් දෙයක් තමයි බෝසතාණන් වහන්සේ මේ චිත්‍රපටයේදී දොළොස් වතාවක් වඳිනවා. බෝසතාණන් වහන්සේ නමක් බුදුවන ආත්මයේ කිසිම දවසක කාටවත් වඳින්නෙ නැහැ. මොකද උන් වහන්සේ ලොවටම ශ්‍රේෂ්ඨයි.

    තම පියාගෙන් පවා වැදුම් ලැබූ කෙනෙක්. ඒ නිසා බෝසත් චරිතය අමු අමුවේ කෙළෙසලා තියෙනවා. මේ චිත්‍රපටයේ එහි ඇඳුම් හරියට හුලවාලි චිත්‍රපටයේ වගේ. නිකං සළුවක් කරේදාගත්ත තරුණයෙක්. බෝසත් චරිතය චිත්‍රපටයකට නඟන්න පුළුවන් විදියේ චරිතයක් නොවේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් හෙබි මහා පුරුෂයෙක්. අප හිතේ ඇඳී ඇති චරිතය කවදාවත් රූපයට නගන්නට බැහැ. එය මායාවක් මිත්‍යාවක් හෑල්ලු කිරීමක්.

    ඒ වගේම තමයි ගෞතම බෝසතාණෝ එතුමාගේ පූර්ණ දේහයට පැළැන්දූ ආභරණ. රනින් කළ ආභරණ වෙනුවට චිත්‍රපටයේ තියෙන්නෙ ඇට මාලයකුයි, කනේ අලවපු පුංචි පොහොට්ටු දෙකකුයි. පව් කියල හිතෙනවා වේෂ නිරූපණ ශිල්පියා බෝසතාණන් වහන්සේ බෝහෝ අවස්ථාවල සවුත්තු වෙනවා. චිත්‍රපටයෙ පෙන්වන්නෙ හරියට ගෙදරක තනිවෙච්ච කිසිම හැඟීමක් දැනීමක් නැති නපුංසක පුද්ගලයෙකුගෙ චරිතයක් .

    දේවදත්ත කුමාරයා ආත්ම ගණන් පස්සෙන් ඇවිත් බෝසතාණන් වහන්සේට හිරිහැර කළත් බෞද්ධයන් තුළ වෛරයක් ඇතිවුණේ නැහැ දේවදත්ත ගැන. නමුත් මේ චිත්‍රපටයේ පෙන්වන රූප රාමු පෙළ බැලුවම දේවදත්ත හංසයාට විදිනවා. වැටෙන්නෙ පරෙවියෙක් පරෙවියා බෝසතාණන් වහන්සේ අහුලා ගන්නවා. අහුලාගෙන කියනවා පරෙවියාගෙ ජීවිතය බේරා ගත්තෙ මමයි. ඒ නිසා පරෙවියා අයිති මටයි කියාලා එතනදී දෙව්දත් කියනවා. අම්මා බේරාගන්න බැරිවුණ මිනිහා පරෙවියෙක් බේරාගන්නෙ කොහොමද? කියලා. බලන්න මොන තරම් අවමානයක්ද කියා ඒ වදන් පෙළ. එයම ඇති මෙහි අමානුෂිකත්වය තේරුම් ගන්න.

    ව තැනක් බලන්න බෝසතාණන් වහන්සේට යසෝදරා සරණපාවා දෙන්න දේවදත්ත කුමාරයා සමඟ සාකච්ඡා කරන වෙලාවෙ සුප්‍රබුද්ධ රජතුමා කියනවා “සුද්ධෝදන කියන්නෙ හොඳ රණශූරයෙක් නෙ. මෙයත් හොඳ රණ ශූ®රයෙක් වෙන්න ඇති” කියලා එතදී දේවදත්ත කියනවා. “සිද්ධාර්ථ කොහොමද රණ ශූරයෙක්ගෙ පුතෙක් වෙන්නෙ” කියලා මෙයින් කියන්නෙ සිද්ධාර්ථ කියන්නෙ අවජාතකයෙක් කියලයි. මේ තරම් අවමානයක් මේ බුද්ධ කල්පය තුළම බුදු දහමට වෙලා නැහැ. මේ වගේ අවමානයක් කරන්න අන්‍ය ආගමිකයෙක් හිතන්නෙවත් නැහැ. නමුත් මේ චිත්‍රපටයට වගකිව යුතු ඇත්තෝ මෙම අවමානය කරල තියෙනවා.

    අනෙක බලන්නකො අභිනිෂ්ක්‍රමණය. බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරනවා කියන්නෙ දෙවිවරු ලක්‍ෂ ගණනක් බැති ගී ගයද්දී ආශිර්වාද පුදද්දී මල් වරුසා මැද්දෙ තමයි අභිනිෂ්ක්‍රමණය කරන්නෙ. මේ චිත්‍රපටයේ නිකම්ම නිකම් මහරෑ ගල් කෑලි දෙක තුනක් උඩින් කැලෑවට යනවා.

    බෝසතාණන් වහන්සේ නේරංජනා ගඟ තරණය කරද්දී නිල් දියෙන් පිරිල තිබුණෙ. නමුත් මෙහි තියෙන්නෙ නිකම්ම වැලි තලාවක ගිහින් එතෙරවන දර්ශනයක්. වනගත වෙන්න යනවිට කෙස්වැටිය කපල අහසට විසිකරනවා. අඟල් දෙකයි ඉතිරිවෙන්නෙ. එතනදී ඝටීකාර බ්‍රහ්මයා තමයි බෝසතාණන්ට සළුපිලි පූජා කරන්නෙ. ඒ කිසිවක් මේ චිත්‍රපටයේ නැහැ. චිත්‍රපටය පුරා බුදුවනතුරු අර රෙදි කෑල්ලකින් තමයි විලි වහ ගන්නෙ.

    සිදුහත් තවුසා වනගත වෙලා පස්වෙනි සතියේ තන්හා රතී රගා කියන මාර දූවරු ඇවිත් උන්වහන්සේ පොළඹවා ගන්න හදනවා. නමුත් චිත්‍රපටයේ වෙන්නෙ 20 වෙනි සතියේ ඒ දේ සිදුවන බව. සම්පූර්ණයෙන්ම සිදුහත් චරිතය විකෘති කරලා, වප් මඟුල, නිබ්බුත පද කීම, පියුම් සිට ඇවිදීම, උදාන වාක්‍ය වගේ සිදුහත් චරිතය පිළිබඳව ගෞරවය ඇතිකරන්න තිබුණු සියලු දේවල් මෙහිදී කපා හැරලා තියෙනවා. ඒ අතින් ගත්තම සිද්ධාර්ථ ගෞතම චරිතයට කරන ලද අතිශය නිගාවක්. එක පැත්තකින් සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් අවජාතකයෙක් කරල තියෙනවා. අනෙක් අතින් පව්කාරයෙක් කරල තියෙනවා. අනෙක තමයි චිත්‍රපටයෙ බුද්ධත්වය මුලින් දාලා යසෝදරා හැරයන එකින් තමයි අවසන් කරන්නෙ.

    බුද්ධත්වය කියන්නෙ ආර්ය අෂ්ඨාංගික මාර්ගය නෙවෙයි. නමුත් චිත්‍රපටය කියනවා බුද්ධත්වය කියන්නෙ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට කියලා. සිදුහත් චරිතය අවසන් වන්න තිබුණෙ සුඛාන්තයකින්. සුඛාන්තය කියන්නෙ මේ ලෝකෙ ලබන්න පුළුවන් උත්කෘෂ්ඨම තත්ත්වය බුද්ධත්වය. එහෙම සුඛාන්තයකින් අවසන් කරන්න තිබුණ සිද්ධාර්ථ බෝසත් චරිතය මේ චිත්‍රපටයේදී පෙන්වන්නෙ කිසිම වැරැද්දක් නොකළ හරිම අහිංසක අසරණ කාන්තාවක් තමන්ගෙ දරුවා සමඟ අතරමං කරලා දාල යන අකෘතඥ පිරිමියෙක් හැටියටයි. බෝසතාණන් වහන්සේ කිසිම හැඟීමක් නැති නිසාලු පිරිමියෙකු ගානට තමයි පත්කරල තියෙන්නෙ.

    චිත්‍රපටය බලන මිනිස්සුන්ට කියන්න දෙයක් නැති, බුදු දහම නිසා බෝසතාණන් වහන්සේට කිසිවක් කියන්නත් බැරි නිර්මාණ අසාර්ථකත්වය නිසා තෘප්තිමත් භාවයකුත් නැති කටපියාගෙන එළියට එන ප්‍රේක්ෂක පිරිසක් තමයි මේ චිත්‍රපටය බලපු අයගෙන් අපට පෙනෙන්නෙ. කොටින්ම කියනවා නම් සිද්ධාර්ථ චරිතයේ රත්‍රං අභරණ සියල්ල ගලවා දමා පොල්කටු කැබලි එල්ලපු චරිතයක් තමයි මේ චිත්‍රපටයේ තියෙන්නෙ.

    සිද්ධාර්ථ ගෞතම චරිතය, විනාශ කරපු චිත්‍රපටයක් ලෙස ඔබ වහන්සේ මෙය හැඳින්වුවත් ඔබවහන්සේගේ නමත් මේ චිත්‍රපටය ඇතුළත් වෙලා තියෙනවානෙ?

    එය සම්පූර්ණයෙන්ම මගේ අවසරයකින් තොරව ඇතුළත් කළ එකක්. මම වහාම එහි අධ්‍යක්ෂවරයාට ලිඛිතව දැනුම් දුන්නා මගේ නම එම චිත්‍රපටයෙන් ඉවත් කරන්න කියලා. මෙන්න ඒ ලිපියේ පිටපත.

    නමුත් මේ රටේ උගත් මහා නාහිමිවරුන් චිත්‍රපටය ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කළ ඒවා නිතර රූපවාහිනියෙන් පෙන්වනවනෙ?

    ඒක සිදුවූ විශාල අත්වැරැද්දක්. මොකද ත්‍රිපිටකයේ සඳහන් පරිදි බුද්ධ චරිතය හරියට අවබෝධ කරගත්තානම් මෙහි ඇති සියලු අඩුපාඩු උන් වහන්සේලාට වැටහෙයි. අනෙක තමයි සිද්ධාර්ථ චරිතය කිසිම අයුරකින් ප්‍රතිනිර්මාණය කරන්න සමත් නිර්මාණකරුවෙක් මේ ලෝකෙ ඉන්න බැහැ. ඒ තරමටම උත්කෘෂ්ඨ චරිතයක්. සිද්ධාර්ථ චරිතය කියන්නෙ සිද්ධාර්ථ චරිතය පොත පතින් කියවන දරුවාගේ මනස තුළ ජනිත වන චිත්ත රූප සම්පූර්ණයෙන්ම මේ චිත්‍රපටයෙන් විනාශ කරලා තියෙනවා. බුදුදහමට ඇති භක්තිය ගෞරවය කෙළෙසලා තියෙනවා.

    ඔබ වහන්සේ චිත්‍රපටය අධ්‍යක්ෂවරයා සමඟ මේ සම්බන්ධයෙන් කතා කළාද?

    කතා කළේ චිත්‍රපටය හදන්නත් කලින් ඉඳල. මම කීවේ කවදාවත් බෝසත් චරිතයක් සිද්ධාර්ථ චරිතයක් කිසිම කෙනෙකුට ප්‍රති නිර්මාණය කරන්න බැහැ කියලා. එතනදී ඔහු කීවා “මම හාමුදුරුවනේ කොම්පියුටර් 500ක් දාලා හරි මේක කරනවා කියලා. එතනදී මම කීවා 500ක් නෙවෙයි ලක්ෂයක් දාලත් මේ චරිතයට පණ දෙන්න බැහැ කියලා. නමුත් ඔහු ඒක ඇහුවෙ නැහැ. ඛ්ඹ්තුවක්කාර විදිහට කළා. ඒ දේ තේරුම් කරගන්න බැරිවුන එක තමයි ඔහුගේ තිබුණ ලොකුම මෝඩකම.

    හොඳයි ඔබ වහන්සේ මේ චිත්‍රපටය බැලුවෙ කොයි කාලෙදිද?

    මේක පිටපත් කරන්නත් කලින් මුලින්ම මහා නාහිමිවරුන්ට පෙන්වපු වෙලාවෙ මමත් මේක බලන්න ගියා.

    එහෙමනම් ඇයි මේ තරම් කාලයක් ඔබ වහන්සේ බලා හිටියෙ. ඒ වෙලාවෙම විරුද්ධ වෙලා ප්‍රදර්ශනයෙන් ඉවත් කළා නම් ප්‍රශ්නය ඉවර නෙ?

    ඉන්නකෝ කියන්න. චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් පස්සෙ කැමරා අරගෙන හාමුදුරුවන්ගෙ අදහස් විමසන වෙලාවෙ මම මැදට පැනල කීවා මේ චිත්‍රපටය ඉතාම අසාර්ථකයි. බෝසත් චරිතයට විශාල හානියක්. අවශ්‍යනම් නැවත සංස්කරණය කරල පෙන්නන්න කියලා. නමුත් මෙයට හොඳ කියපු සමහර හාමුදුරුවන්ගෙ කතා කොටස් අරගෙන මෙය ප්‍රචාරය කළා. ඒක මගෙ වරදද?

    හොඳයි ඔබ වහන්සේගේ අවසන් නිගමනය මොකක්ද?

    මේ රටේ ප්‍රේක්ෂක ජනතාවගෙන් ඉල්ලන්නෙ. විකෘති කරපු බෝසත් චරිතය බලල තමන්ගෙ හිතේ ඇති බොදු බැතිය නැතිකරගන්න එපා. එය විශාල පාපයක්. අනෙක් අතින් මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වහාම නතර කරන්නට ඕනෑ. මේක මුළු බෞද්ධ ඉතිහාසයේම බුදු දහමට කළ විශාලම අවමානය. ඒ නිසා මෙම චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් ඉවත් කරන්නට සෑම පියවරක්ම ගත යුතුයි. ඒ සඳහා මගේ ජීවිතයම මම කැප කරනවා.

    මේක තවත් හලාල් ප්‍රශ්නයක් වෙයිද හාමුදුරුවනේ?

    නැහැ, එතරම් ඔඩු දුවන්න මේ රටේ භික්ෂූන් වහන්සේ වගේම ජනතාවත් ඉඩ දෙන්නෙ නැහැ.

    සාකච්ඡාකළේ-පණ්ඩුක සමරසේකර
    පුවත් ඵලවෙන වෙබ්අඩවියකින් උපුටා ගන්නා ලදි.

    මමත් මේ ෆිල්ම් එක ආපු දවස්වලම බැලුවා. මට හිතුනේ මේක හදපු කෙනා පොඩිපන්තිවල බුද්ධ ධර්මය පොතක් වත් කියවලා නැද්ද කියලා?
     
    • Like
    Reactions: Thilantdm

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    mamanam thama me film eka baluwe na
    eth meke tiyena de aththa nam
    ,..
    Me film eka lankawe thahanam kala yuthui
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    485940_500953079941420_600763188_n.jpg
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    දැන් අම්මා විතරක් නෙවෙ සල්ලි වලට බුදුන්වත් විකුනන් කනවා
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Mamath me film eka baluwa, kisima terumak neti film ekak, ohe kohen hari keli tikak ekathu karala film eka hadala tiyenne, dubbing anthimai, samahara places wala kata handawal ne