බුදුන් කියන්නෙ ඇත්තට ජීවත් වුණු කෙනෙක්ද ?
නැතිනම් මනංකල්පිත චරිතයක්ද කියන ප්රශ්නය මගෙ හිතෙ තියෙනවා .
මොකද බුදුන්ගෙ කතාව සමානයි ජෛන ආගමෙ මහාවීරතුමාගෙ කතාවට.
ඒ මහාවීර තුමාගෙත් බුදුන්ගෙත් කතාවෙ ෆොමැට් එකම තියෙනවා තියෙනවා සමහරක් ඇමරිකන් සුපර්හීරො කතාවල් වලත් .
ධනය බලය දෙකම ඇති පවුලක ඉපදෙනවා.
එක්කො අම්මා නැතිවෙනවා නැත්තම් අම්මා තාත්තා දෙන්නම නැති වෙනවා.
හොඳට ඉගෙන ගන්නවා
තමන් ගෙවපු සැපවත් ජිවිතෙ ගැන ප්‍රශ්න මතු වෙනවා .
සත්‍ය සොයාගෙන යනවා
සත්‍ය අවබොධ කරගෙන ඇවිත් ඔන්න මිනිස්සුන්ට සෙවය කරනවා.
මෙක නෙමෙයි ද ගොඩක් තැන වලදි වෙන්නෙ ?
ගොඩක් රැඩිකල් සිංහලු ඔය හේතු නිසා තමයි බුදු දහම විවේචනය කරන්නෙ. බුදු හාමුදුරුවොන්ගෙ ජාතකේ හොයනවට වඩා උන් වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරගත්තා නම් ඔහොම හිතෙන්නෙ නෑ. වැඩේ කියන්නෙ දැන් ඉන්න රැඩිකල් නිරාගමික ඩයල් බුදු දහම ගැන දන්නෙ බුදුන් වහන්සේ යමා මහ පෙලහර පෑම, අදහාගත නොහැකි දේවල් කිරීම (නාලාගිරි දමනය) ඔන්න ඔය වගේ දේවල්. ඊට පස්සෙ කියනවා මේක නම් තනිකරම බොරු මැජික් ආගමක් කියලා. විශ්වාස කරන නොකරන එක තමන්ගෙ වැඩක්. ආර්ය අෂ්ඨාංගික මාර්ගය, චතුරාර්ය සත්‍ය, සතර සතිපට්ටානය, පටිච්ච සමුප්පාදය, අභිධර්මය වගේ දේවල් ගැන අවබෝධයක් තියෙන මනුස්සයෙක් කවදාවත් ඔය වගේ හිතන්නෙ නෑ