බුද්ධ චරිතය ඇත්ත චරිතයක් ද ?

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    බුදුන් කියන්නෙ ඇත්තට ජීවත් වුණු කෙනෙක්ද ?
    නැතිනම් මනංකල්පිත චරිතයක්ද කියන ප්‍රශ්නය මගෙ හිතෙ තියෙනවා .

    මොකද බුදුන්ගෙ කතාව සමානයි ජෛන ආගමෙ මහාවීරතුමාගෙ කතාවට.
    ඒ මහාවීර තුමාගෙත් බුදුන්ගෙත් කතාවෙ ෆොමැට් එකම තියෙනවා තියෙනවා සමහරක් ඇමරිකන් සුපර්හීරො කතාවල් වලත් .

    ධනය බලය දෙකම ඇති පවුලක ඉපදෙනවා.
    එක්කො අම්මා නැතිවෙනවා නැත්තම් අම්මා තාත්තා දෙන්නම නැති වෙනවා.
    හොඳට ඉගෙන ගන්නවා
    තමන් ගෙවපු සැපවත් ජිවිතෙ ගැන ප්‍රශ්න මතු වෙනවා .
    සත්‍ය සොයාගෙන යනවා
    සත්‍ය අවබොධ කරගෙන ඇවිත් ඔන්න මිනිස්සුන්ට සෙවය කරනවා.

    මෙක නෙමෙයි ද ගොඩක් තැන වලදි වෙන්නෙ ?

    ගොඩක් රැඩිකල් සිංහලු ඔය හේතු නිසා තමයි බුදු දහම විවේචනය කරන්නෙ. බුදු හාමුදුරුවොන්ගෙ ජාතකේ හොයනවට වඩා උන් වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරගත්තා නම් ඔහොම හිතෙන්නෙ නෑ. වැඩේ කියන්නෙ දැන් ඉන්න රැඩිකල් නිරාගමික ඩයල් බුදු දහම ගැන දන්නෙ බුදුන් වහන්සේ යමා මහ පෙලහර පෑම, අදහාගත නොහැකි දේවල් කිරීම (නාලාගිරි දමනය) ඔන්න ඔය වගේ දේවල්. ඊට පස්සෙ කියනවා මේක නම් තනිකරම බොරු මැජික් ආගමක්‍ කියලා. විශ්වාස කරන නොකරන එක තමන්ගෙ වැඩක්. ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය, චතුරාර්‍ය සත්‍ය, සතර සතිපට්ටානය, පටිච්ච සමුප්පාදය, අභිධර්මය වගේ දේවල් ගැන අවබෝධයක් තියෙන මනුස්සයෙක් කවදාවත් ඔය වගේ හිතන්නෙ නෑ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City

    මන් රැඩිකල් වෙන්න කියලා බුද්ධාගම බොරු කියනවා නෙමෙ.
    බුද්ධාගමෙ ඇත්ත උනත් මිනිස්සු පිළිගන්න මට්ටමට ගෙනාවෙ කොහොමද ?
    මොකද අද වගෙම කොයි කාලෙත් මිනිස්සු ප්‍රශ්න කරනවා බොහො දෙවල් ගැන .
    නිකන් හිතපන් බුදුන්ගෙ කුලය අඩු එකක් උනානම් බුදුන් කිව්ව එව්ව ඇත්ත උනත් මිනිස්සු පිළිගනිවිද ?
    එතකොට මිනිස්සුන්ට පිලිගන්න හිතෙන සාධක තියෙන්න ඔනි බුද්ධාගමෙ.
    කියන කෙනා කොයි වගෙද එයා මොනවද කරලා තියෙන්නෙ වගෙ දෙවල් නෙ ඔනිම මිනිහෙක් හොයන්නෙ ?

    අනික තුන්වෙනි ධම්ම සංඝායනාවෙන් පස්සෙ බුද්ධාගම තමා අපිට ගෙනාවෙ.
    තුන්වෙනි ධම්ම සංඝායනාව කරවුයෙ අශොක රජතුමා.
    අශොක රජතුමාගෙ පියා ජෛන භක්තිකයෙක්,
    සීයා රජකමෙන් පස්සෙ ජෛන නිඝන්ඨයෙක් උනා.
    එතකොට එහෙම පසුබිමක් තියෙන අශොක තමා තුන්වෙනි ධම්ම සංඝායනාව බුද්ධාගම වෙනුවෙන් කරවලා
    ඒ බුද්ධාගම තමන්ගෙ පුතා මාර්ගෙන් අපිට ගෙනාවෙ.
    මෙව්වා ප්‍රශ්න කරන්න ඔනි තැන් මෙයා .

    මාත් බුදුන් වඳිනවා පන්සල් යනවා
    කිසි ගැටළුවක් නැහැ.
    එත් මට හිතිච්ච දෙයක් මන් මෙ කිව්වෙ.
     
    Arumbaya De Almeida

    Well-known member
  • Aug 27, 2020
    2,060
    10,899
    113
    මම උපතින් අන්‍යගමිකයෙක්. නමුත් බුදුන් වහන්සේගේ ධර්මය ගැන හෝ එතුමා ගැන මාගේ කිසිදු සැකයක් නෑ.මම එය ආසාවෙන් ගවේෂණය කරනවා. මොකද මට පෙනෙන්නේ එහි ඇත්තේ පරම සත්‍යයක් . මම එය ආගමක් ලෙස නොදකිමි.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මන් රැඩිකල් වෙන්න කියලා බුද්ධාගම බොරු කියනවා නෙමෙ.
    බුද්ධාගමෙ ඇත්ත උනත් මිනිස්සු පිළිගන්න මට්ටමට ගෙනාවෙ කොහොමද ?
    මොකද අද වගෙම කොයි කාලෙත් මිනිස්සු ප්‍රශ්න කරනවා බොහො දෙවල් ගැන .
    නිකන් හිතපන් බුදුන්ගෙ කුලය අඩු එකක් උනානම් බුදුන් කිව්ව එව්ව ඇත්ත උනත් මිනිස්සු පිළිගනිවිද ?
    එතකොට මිනිස්සුන්ට පිලිගන්න හිතෙන සාධක තියෙන්න ඔනි බුද්ධාගමෙ.
    කියන කෙනා කොයි වගෙද එයා මොනවද කරලා තියෙන්නෙ වගෙ දෙවල් නෙ ඔනිම මිනිහෙක් හොයන්නෙ ?

    අනික තුන්වෙනි ධම්ම සංඝායනාවෙන් පස්සෙ බුද්ධාගම තමා අපිට ගෙනාවෙ.
    තුන්වෙනි ධම්ම සංඝායනාව කරවුයෙ අශොක රජතුමා.
    අශොක රජතුමාගෙ පියා ජෛන භක්තිකයෙක්,
    සීයා රජකමෙන් පස්සෙ ජෛන නිඝන්ඨයෙක් උනා.
    එතකොට එහෙම පසුබිමක් තියෙන අශොක තමා තුන්වෙනි ධම්ම සංඝායනාව බුද්ධාගම වෙනුවෙන් කරවලා
    ඒ බුද්ධාගම තමන්ගෙ පුතා මාර්ගෙන් අපිට ගෙනාවෙ.
    මෙව්වා ප්‍රශ්න කරන්න ඔනි තැන් මෙයා .

    මාත් බුදුන් වඳිනවා පන්සල් යනවා
    කිසි ගැටළුවක් නැහැ.
    එත් මට හිතිච්ච දෙයක් මන් මෙ කිව්වෙ.
    ඔය හේතුව නිසාම තමයි බෝසතුන් ඉපදෙන්න කලින් පස් මහ බැලුම් බලන්නෙ. කාලය, දීපය, දේශය, කුලය, මව. සියලුම බෝධිසත්වයන් ඉපදෙන්නෙ සමාජයේ ඉහල කුලවල. ඒකට ඔයා කියලා තියෙන හේතුවත් බලපානවා. මොකද සමාජයේ ඉහල තලයක ඉන්න අයට බලය වැඩී අනිත් අයට සාපෙක්ෂව (රජවරු, සිටුවරු)

    එතකොට මිනිස්සුන්ට පිලිගන්න හිතෙන සාධක තියෙන්න ඔනි බුද්ධාගමෙ.
    කියන කෙනා කොයි වගෙද එයා මොනවද කරලා තියෙන්නෙ වගෙ දෙවල් නෙ ඔනිම මිනිහෙක් හොයන්නෙ ?

    මේක නම් පැහැදිලි මදි.

    මම ජයින ආගමේ ඉගැන්වීම ගැන නම් දන්නෙ නෑ, ඒ වගේම අශෝක රජතුමාගෙ ජාතකේ ගැන දන්නෙත් නෑ. මම අහලා තියෙන විදිහට අශෝක රජතුමා අනෙකුත් දේශයන් ආක්‍රමණය කරලා මිනිස්සුන්ව සමූල ඝාතනය කරනවා. පස්සෙ ඔය දේවල් ගැන කලකිරිලා තමයි වෙහෙර විහාර ඉදි කරලා බුදු දහම ලෝකය පුරා ව්‍යප්ත කරන්න වැඩ කරන්නෙ. ඒ කාලෙ වෙද්දිත් අශෝක රජතුමා අනුශාසනා ලබාගන්න රහතන් වහන්සේලා ඉදලා තියෙනවා. ඒ අනුව තමයි හැම වැඩක්ම කරලා තියෙන්නෙ.

    ප්‍රශ්නෙ මේකයි. ඔයා බුදු හාමුදුරුවො බොරු කියලා ඒ දේවල් ගැන සැක ඇතිකරගෙන තියෙන්නෙ ධර්මය අධ්‍යනය කරලා නෙමෙයි සහෝදරයා. අපිට වැඩක් නෑ බුදු හාමුදුරුවො කියන්නෙ ජේසු තුමාටද, ජයින ආගමෙ නායකයටද එහෙම නැත්තන් වෙනත් කෙනෙක්ටද කියලා. ඔය දේවල් පස්සෙ යන්නෙ නැතුව මේ සසර ගමනින් එතෙර වෙන විදිහ තෙරුම් ගන්න බලන්න. එහෙම නැතුව ඔයා ඔය හොයන දේවල් පස්සෙ ගියොත් ඔයා අවිද්‍යාවටමයි ඇදෙන්නෙ. මුගලන් මහ රහතන් වහන්සේ ලෝකෙ කෙලවර හොයන්න ගිහින් බුදු හාමුදුරුවො ඒක නතර කරපු එක මතක් කරගන්න. සමහර දේවල් තියෙනවා නිවන් මාර්ගයට අදාල නැති දේවල්. අපි ඒවා පස්සෙන් ගියොත් අපි දිගටම ඒවා පස්සෙන් යයි. හැබැයි කවදාවත් ඒවට උත්තර හොයාගන්නත් බැරිවෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,348
    166,714
    113
    එකමත් එක රටක
    මාත් ඔය ජෛන මාහවිර් ගේ කතාව ටිකක් හොයල තියනවා. enlightenment එක වෙනකන් කතා දෙකේ නම් විශ්වාස කරන්න අමාරු සමානකමක් තියෙන්නේ. හැබැයි උගන්නන දෙක දෙකක්. අවු සිය ගානක් කටපාඩමෙන් ආපු කතා වලට වෙන වෙන කතා එකතු වෙන්න පුලුවන්..
    තව එකක් තමයි අශෝක රජතුමාගේ ළමයි දෙන්න ලංකාවට එව්වා කියන එක. ඒක එහෙම ලියවිලා නෑ මුල් කතාවේ.
    කතාව perfect විදියට ලියලා නැති වෙන්න පුලුවන් හැබැයි දහම වෙනස්.. සමහර පස්සේ ආපු ඇදහීම තියන්නත් පුලුවන් බුදු දහමට , හැබැයි හරය තාමත් ඒ විදියට එනවා කියලා මම හිතනවා. ඕනවට වැඩිය අන්ද බක්තියෙන කිසි ආගමක් ගන්නේ නැතිව අවබෝදයෙන් හිටියනම් හරි වැරැද්ද තේරෙනවා.
    එහෙම නැතුව මේකමයි ඇත්ත, එතනින් එහා දේවල් බොරු වගේ දේක හිටියොත් ඔහේ අදහගෙන ඉන්න කෙනෙක් වෙනවා.
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    බුුදුන් වහන්සේ කවුද කියා හඳුනා ගැනීමට සිරි සමන්තබද්‍ර තෙරුණ්ගේ දේශනාවලට සවන් දෙන්න.
    https://www.youtube.com/c/sashramaya/videos
    පියුමි හන්සමාලිත් සමන්ත බඩ්ඩ ලග මහන වෙනවලු..
    උබලටත් හොද කලක්යාවි...
    ඔහොම අල්ලගෙනම හිටපල්ල..
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    @BruceWayne92
    තමුසෙ බීලද ඕයි ඉන්නෙ?

    බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඇත්ත බව දන්න කෙනාට නම් බුද්ධ චරිතය ඇත්ත චරිතයක්ද වගේ ළාමක ප්‍රශ්න ඇති වෙන්නෙ නෑ.
    .
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,591
    113
    පියුමි හන්සමාලිත් සමන්ත බඩ්ඩ ලග මහන වෙනවලු..
    උබලටත් හොද කලක්යාවි...
    ඔහොම අල්ලගෙනම හිටපල්ල..
    උඹලා බුද්ධ කාලයේ හිටියනං එහෙම බුදු හාමුදුරුවෝ ළඟ ගණිකාවොත් මහණ උනා කියලා උඹලා දේව දත්තත් එක්ක සෙට් වෙනව ශුවර්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුදුන් කියන්නෙ ඇත්තට ජීවත් වුණු කෙනෙක්ද ?
    නැතිනම් මනංකල්පිත චරිතයක්ද කියන ප්‍රශ්නය මගෙ හිතෙ තියෙනවා .

    මොකද බුදුන්ගෙ කතාව සමානයි ජෛන ආගමෙ මහාවීරතුමාගෙ කතාවට.
    ඒ මහාවීර තුමාගෙත් බුදුන්ගෙත් කතාවෙ ෆොමැට් එකම තියෙනවා තියෙනවා සමහරක් ඇමරිකන් සුපර්හීරො කතාවල් වලත් .

    ධනය බලය දෙකම ඇති පවුලක ඉපදෙනවා.
    එක්කො අම්මා නැතිවෙනවා නැත්තම් අම්මා තාත්තා දෙන්නම නැති වෙනවා.
    හොඳට ඉගෙන ගන්නවා
    තමන් ගෙවපු සැපවත් ජිවිතෙ ගැන ප්‍රශ්න මතු වෙනවා .
    සත්‍ය සොයාගෙන යනවා
    සත්‍ය අවබොධ කරගෙන ඇවිත් ඔන්න මිනිස්සුන්ට සෙවය කරනවා.

    මෙක නෙමෙයි ද ගොඩක් තැන වලදි වෙන්නෙ ?

    දෙන්නගෙ දර්ශන වල පැහැදිලි වෙනස්කම් තියෙනව.
    මහාවීර ආත්මවාදියෙක්, බුදුහාමුදුරුවො අනාත්මවාදියෙක්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බුදු හාමුදුරුවෝ කියලා චරිතයක් ඉන්න ඇති බන්...මනුස්සයෙක් නැතුව මේ තරම් දුරට චරිතයක් ගොඩනගන්න අමාරුයි...එත් ඇත්තටම ඔය කියන දේවල් බුදු හාමුදුරුවෝ කියපුවද, මේ කියන දේවල් එහෙමමද කියල තමයි හිතන්න ඕනේ...දැන් හිතපන් බුද්ධාගමේ වර්ග කීයක් තියෙනවද...අපේ රටේ එකක්, තව රටක තව එකක්...වෙනස්කම් තියෙනවනේ...අනික අපේ රටේ ත්‍රිපිටකය නේ අපි පිළිගන්නේ බුදුදහම කියල..ඕක ලිව්වේ කවුද...ලංකාවේ හාමුදුරුවරු..එයාල ඉගෙන ගත්තු දේ අනුව...එතකොට ඔකේ 100% බුදු හාමුදුරුවෝ කියපුව තියෙනවා කියල හිතන්න අමාරුයි..තව අයගේ අදහස් එකතු වෙලා එහෙම තමයි එන්නේ..ඕනේ ආගමක් එහෙමයි..ශාස්තෘවරයාගේ අදහස 100% එන්නේ නැහැ...පස්සේ පස්සේ ඕක අතට හම්බෙන උදවිය තමන්ට ඕනේ විදිහට ඕක පාවිච්චි කරනවා...

    කතෝලික ආගමේත් ඕක හොදටම තියෙනවා..මොකද ජේසු කියන මනුස්සය ආවේ නැහැ කතෝලික කියල ආගමක් දේශනා කරන්න..හැබැයි එයා කියපු ටික ලෝකේ වටේටම දේශනා කරන්න කියල ගියේ..මිනිස්සු ගැන බලයක් අතට ආපුවම ඕක හම්බෙන මනුස්සය කරන්නේ මුලින්ම මේකෙන් කොහොමද තමන්ට දෙයක් කරගන්නේ කියල...ඊට පස්සේ ජේසු මෙහෙම කිව්වා කියල පොත් ලියවුනා..මොකද ඕව ජේසු ලියපුවා නෙමෙයිනේ...මැරිලත් අවුරුදු තුන් හාරසියකට පස්සේ ලියපුවා...ඊට පස්සේ පාප් කියල පත් උනාම පොර නිකන් රජා වගේ,,,ඒ අයට ඕනේ ඕනේ විදිහට නීති රීති හදාගෙන, ඉගැන්වීම් හදාගෙන ඔහොමනෙ ආවේ...

    මම නම් ඔය ආගම් වල එල්ලිලා යන්නේ නැහැ..හැබැයි මගේ හිතට සැනසීමක් ලැබෙන්න මම එකක් තියාගෙන ඉන්නවා..එත් මන් දන්නවා මේවා ඇත්ත නෙමෙයි කියල..මොකද ඇත්තවල් ගොඩක් තියෙන්න බැහැනේ...එකයි තියෙන්න පුළුවන්..එතකොට තමන්ගේ එක තමයි හරිම එක කියන එක හෙනම මෝඩ කමක්...හැම ආගමකම පොදු දේවල තියෙනවා, ඒ තමයි හරය...පස්සේ පස්සේ ඒවා වෙනස් කරලා විකුර්ති කරලා..දැන් අපි දන්නේ නැහැ මොනවද අපිම මේ කරන්නේ කියල...ඔහේ කියල තියෙන ටික අහගෙන ඉන්නවා...

    හැම එකේම කියන්නේ මැරුණට පස්සේ වෙන දේ..නැතුව පරීක්ශා කරලා බලල කරගන්න පුළුවන් දේවල් නෙමෙයි...