බුද්ධ චරිතය ඇත්ත චරිතයක් ද ?

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    වැඩිපුර වැදගත් වෙන්නෙ බුදුන් වදාල ධර්මයයි.
    ඊතලයක් ඇනුනම වැඩිපුර වැදගත් වෙන්නෙ ඊතලය හදපු හෝ විදපු පුද්ගලයා නෙමෙයි, ඒක ඉවත් කරන ක්‍රමයයි කියල කියල තියෙනව :)
     
    Last edited:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඒක හරියටම එහෙමයි කියලා කියන්න බෑනේ මචන්. අපි ඉපදුන ආගමේ කියලා තියන දේ විශ්වාස කරගෙන ඉන්න එක තමයි ගොඩක්ම අපි කරන්නේ.. වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.
    සංසාර මන්දීර , බ්‍රයිඩ‍ේ මර්ෆි ගැන හ‍ොයලා බලන්න ..
     
    • Like
    Reactions: Champ HB and S_M_S

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    බුද්ධ චරිතය මනඃකල්පිතයි කියනවා නම් හා කියන්නම්. හැබැයි මට කියපන් උපන්දා ඉඳලා ඒ ඉගැන්වීම් අහගෙන ඔලුව වන වන ව්‍යාජව ජීවත්වෙන උබේ යි මගෙයි චරිතයට ගැලපෙන හොඳම නම ?
     
    • Like
    Reactions: D_Mad

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    Watch this... I got a rare chance to visit these relics of the Lord Buddha at Delhi museum.


    1600625269610.png
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මරණයෙන් පසු ජීවිතය ගැන හින්දු සහ තව ආගම් වල තියෙනවා ඇති.
    නමුත් සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් කියන මාර්ගඵල 4 (සහ එමගින් සංසාර ගමන නැවැත්වීම) තියෙන්නෙ බුදු දහමෙ විතරයි.
    ඒ ඒ ආගම්වලට ආවෙණික වෙච්ච මතවාද තියෙනව.
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    :o:o:o මම මේ කල්පනා කර කර හිටියේ. ඒත් පස්සේ හිතුන ඒ භාජනේ හැඩය හින්ද අලු වෙන්න ඇති කියල.තව දෙයක් මම බැලුවේ එහෙම අපේ විශ්වාස වලට අනුව ඔහොම ධාතුන් වහනේසේලා ගන්න පුලුවන් ද කියල සේෆ් එකකින්. මොකද අපි දන්නේ ඔහොම ආතල් එකේ එහෙට මෙහෙට කරන්න බෑ කියලනේ.
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴



    උබ මේ පොරට කැමති නැතුව ඇති..වෙලාවක් තියෙනවනම් බලපන් නැත්නම් බොරු බයිල කියල අතහැරල දාපන්.


    Later:
    අනේ මන්ද පරිණාමය ගැන කියනව..ඊට පස්සෙ වඩාත්ම සිත්ගත්ත කාරණය අහනව.

    සයන්ස්ටිස්ට්ල කියන පරිණාමයත් බොරු බුද්දාගමත් බොරු කියල නිකන් ඉන්නව ඊට වඩා හොඳයි.

    වීඩියෝව අතෑරල දුවන්නෙ නැතුව ඔය ජනනායක කියන මොන කාරණේටද චූන් උනේ කිව්ව නම් ඒකට උත්තර දෙන්නම්. නැත්නම් මම දැනගන්නෙ කොහොමද මොකටද ඕක දැම්මෙ කියල.
     
    • Like
    Reactions: Champ HB

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මහාවීර අනුගාමිකයෝ නිගන්ඨ නම් වූහ. මහාවීර සිය කාලය මිඩංගු කළේ එතුමාගේ පූර්වගාමිකයා වූ පාර්ශ්වනාථ ගොඩනගා තිබූ දහම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ය. පාර්ශ්වනාථ දේශනා කොට තිබූ සිව් වැදෑරුම් ධර්මයට මහාවීර පස්වැන්නක් එකතු කළ අතර එය බ්‍රහ්මචර්යා නම් විය.

    ජෛනාගමේ ප්‍රධාන අංගයක් වූයේ ආත්මය සහ කර්මය පිළිබඳ විශ්වාසය යි. සෑම මූල ධාතුවක් ම භූත සහ ආත්ම යන සාධක වල එකතුවක් බවත් එයින් පළමුවැන්න (භෞතික සාධක) විනාශ වන නමුත් දෙ වැන්න වූ ආත්මය එසේ නොවන බව එතුමා ප්‍රකාශ කළේ ය. ඕනෑම පුද්ගලයෙක් උපත් සහ මරණ විශාල සංඛ්‍යාවකට ගොදුරු වන බවත් එය කර්මය නිසා සිදු වන බවත් දේශනා කල මහාවීරතුමා ආත්මය සහ කර්මය අතර ඇති එම බැඳීමෙන් මිදීම සඳහා කර්මය විනාශ කල යුතු බව පෙන්වා දුන්නේ ය. එතුමාගේ දර්ශනය අනුව මේ තත්ත්වය ලඟා කර ගත හැකි වූයේ ශීල පහ, එනම් සත්‍යය, අවිහිංසාව, අපරිග්‍රහ, ආස්තේය සහ බ්‍රහ්මචර්යා ප්‍රගුණ කිරීමෙනි.

    සිද්ධ සීල හෙවත් පාරිශුද්ධ වූ ද සදාකාලික වූ ද විමුක්තිය උදාකර ගැනීම සඳහා නියම ජෛන භක්තිකයෙකු විසින් ශීල පහට අමතරව රත්න නමින් හැඳින්වූ නිවැරදි විශ්වාසය, නිවැරදි දැනුම සහ නිවැරදි පැවැත්ම යන තුන් වැදෑරුම් මාර්ග ද අනුගමනය කළ යුතු ය.

    අවිහිංසාව පිළිබඳ දර්ශනය ද ජෛන ආගමේ වැදගත් අංගයක් විය. මිනිසුන් සහ සතුන්ට පමණක් නොව ගස් වැල්, ලෝහ වර්ග, ජලය සහ දැව යනාදී සියළු අප්‍රාණික වස්තූන්ට ද ජීවයක් තිබෙන බවත් ඒ නිසා ඒ සියල්ල සම්බන්ධයෙන් අවිහිංසාවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවත් මහාවීරතුමා අවධාරණය කොට දැක්වී ය. ඕනෑ ම පුද්ගලයකු තම ඉන්ද්‍රියයන් පිනවීමේ ආශාව ජයගත යුතු අතර ඒ සඳහා සිය ශරීරයට දුක් දෙන අත්තකිලමථානුයෝගී වූ ජීවිතයක් ගත කළ යුතු ය. විශ්වය දෙවියන් විසින් මවන ලද බව විශ්වාස නොකළ මහාවීරතුමා දෙවි කෙනෙකු ගැන කිසිම සඳහනක් කර නැත. වෙනස්කම් ඇති වීම ස්වභාව ධර්මය අනුව සිදුවන බව ප්‍රකාශ කළ එතුමා උපත සහ මරණය සියළු මනුෂ්‍යයන්ට මෙන් ම ද්‍රව්‍ය වලට ද එක සේ අදාළ ස්වභාවයක් බව පැහැදිලි කළේ ය


    පැවිදි ජීවිතය සහ බමුණන්ට විපක්‍ෂ වීමේ හේතුව හැර, ජෛනාගමේ සහ බුදු දහමේ ඇති වෙන සමානත්වයක් නැත. එහෙත් අනෙක් නිර්වාණය සහ ආත්ම වාදය යන සංකල්ප වලින් ජෛනාගම, බුදු දහමට ඇති වෙනස අහසට පොළොව මෙනි.

    ‘නිඝන්ට නාථ පුත්‍ර’ කීවේ; සත්වයාගේ ශරීරය නැසේ, එහෙත් ආත්මය නොනැසේ යන්නය. ආත්මය ශරීරයෙන් ශරීරයට යමින් උග්‍රවූ තපසින් පාප වහනය කල පසු විමුක්තිය ලබන්නේය යන්න ඔහුගේ මතය විය. ඔහු පරම අවිහිංසාවාදියෙක් මෙන්ම උග්‍ර කර්මවාදියෙක්ද විය. මොහුගේ ධර්මය ජෛන ධර්මය නමින් ප්‍රකට විය.

    නිඝන්ට නාථ පුත්‍රයන්ගේ මතයට බුදු දහම සමීප බව එක වර බලන්නෙකුට පෙනී යනැ කරුණකි. එහෙත් බුදු දහමේ කියවෙන්නේ එය නොවන බව පැහැදිළිය. මෙහිදී ආත්මය යන්න නිර්වචනය කල යුතුය. ආත්මය වූ කලී කිසි විටෙක වෙනස් නොවන්නා වූ දෙයක් බව සාමාන්‍ය විග්‍රහය අනුව කිව හැක. එය එසේ නම්, මිනිසාගේ සෑම අවශ්‍යතාවයක්ම ආත්මයට අවශ්‍ය ආකාරයට සිදු විය යුතුය.


    කුඩා කල සෙල්ලම් කල සෙල්ලම් බඩු පසු කලෙක අමතක කරන්නේ නම්, පසු කලෙක අනවශ්‍ය දේ වන්නේ නම්, එම ආත්මය වෙනස් වී ඇත. මෙහිදී ආත්මයේ අර්ථ කථනයට හානියක් වී ඇත. එය ආත්මයේ ‘නියතිභාවයට’ පහරක් වේ. මෙහෙයින් ආත්මය යයි කියන ප්‍රපංචයද ශරීරය මෙන්ම වෙනස් වන දෙයක් බව පෙනී යන්නේය. එසේ හෙයින් බුදුන් වහන්සේ ආත්මවාදියෙක් නොවීය. එසේ හෙයින්ම බුදු දහමේ එන ප්‍රධාන ධර්මතාවයන් තුනක් වන, ‘අනිත්‍ය’, ‘දුක්ඛ’, ‘අනාත්ම’ යන කොටස් තුනේ ආත්මයේද පිහිටීම හෙවත් ආත්මයක් යන්නේ නොපැවතීම පෙන්වා දුන්හ.

    ජෛනයන් පංච සීලය ආරක්ෂා කරති.එහෙත් එය අන්තගාමී අවිහිංසාවාදයක් සේ පංච සීලය ආරක්‍ෂා කිරීමකි. උදාහරණයක් සේ, ආශ්වාසයේදී කුඩා සතුන් ගිලේ යයි සිතා ඔවුන් සුදු රෙදි කඩ මුව සහ නහය වැසෙන්නට තබා ගනිති. ඔවුන්ගේ පැවිදි ජීවිතය රූක්‍ෂ වේ. මත්පැන් බීම, මාංශ සහ අල වර්ග අනුභවය, මී පැණි බීම නොකරති.


    මෙය බෞද්ධ මතයේදී ප්‍රතික්ෂේප වන්නේ, එය එක් අන්තයකට වැටෙන අත්ථකිලමථානු යෝගයක් නිසා පමණක්ම නොවේ. එය ප්‍රායෝගික නොවන බැවිනි. අප පානය කරන වතුර වීදුරුවක සමහරවිට ක්‍ෂුද්‍ර බැක්ටීරියා වැනි සතුන් දහස් ගණනක් සිටින්නට හැක. ජීවිතය යනු භාරදූර කාර්යයකි. අපද ජීවත්ව සතුන්ද නොමරා සිටීමේ ක්‍රියාවලියේ යම් සීමාවක් ඇත්තේය.

    බෞද්ධ මතයේ හැටියට ඉපදීම ඇති කරන්නේ භව තෘෂ්ණාව හේතුවෙනි. එහෙත් ජෛන ධර්මය අනුව ඉපදීම සහ මරණය ඇති කරන පළමු හේතුව කර්මය බව ජෛන ඉගැන්වීම වේ. ජෛනාගමේ මතය අනුව ආත්මය ඉතා සැහැල්ලු, සැම විටම ඉහළට නගින්නට උත්සාහ කරන දෙයකි. එය පහළට ඇද බැඳ තබා ගන්නේ ශරීරය විසිණි. මේ ආත්මය බැඳ තබා ගන්නාවූ කර්ම යෝගය සිඳ දැමීමෙන් විමුක්තිය ලැබේ. ආත්මය ඉතා සැහැල්ලු හෙයින් එය අජටාකාශයේ සිද්ධ ශිලා තලය {?} තෙක් නගී. කර්මය බිඳ හෙළු නික්ලේශීහු මේ මෝක්ෂ රාජ්‍යයේ සදාකාලිකව වෙසෙති

    මේ සඳහා අවශ්‍ය වන කර්ම බීජයන් සිඳලිය හැක්කේ උග්‍ර වූ තපෝ වෘත කිරීමෙනි. මේ උග්‍ර වූ වෘත සහ ක්‍රියා වාදය බුදු දහමට පටහැණිය. භාවනාව තුලින් මනස සූසර කර ගැන්මෙන් භව තෘෂ්ණාව නැති කර ලබන පරම සුවය, ‘නිර්වාණය’ යයි බෞද්ධයන් විශ්වාස කරති. බුදු දහම වූ කලී, සත්වයා විසින් ශ්‍රද්ධාවෙන් ආරම්භ කර ප්‍රඥාව තෙක් අනුගමනය කල යුතු පටිපාටියක් බව බව බුදු දහමේ කියැවේ. [මූලාශ්‍ර:- -අපණ්නක සුත්‍රය – දීඝ නිකාය – සම්මා දිට්ටි සූත්‍රය.]


    විශ්වයේ සියළු ප්‍රපංචයන්ගේ යතාවිධ ස්වරූපය අවබෝධ කිරීම බුදුන් වහන්සේගේ ධර්මයේ අර්ථය වේ. කාලය හා අවකාශය මගින් පරිමිතව සිටින පුද්ගලයා, ව්‍යාප්තිය සහ ප්‍රවෘත්තිය මගින් අර්ථ දැක්වේ, එම පුද්ගලයා පවතින විශ්වයේ ලක්‍ෂණ වන අනිත්‍යතාවය දුක්ඛතාවය සහ අනාත්මතාවය නිර්දේශ කොට දේශනා කලේ සනාතන බාහිරතාවයකින් හෙවත්, සර්වබලධාරී දෙවි කෙනෙක් ගෙන් තොරවය.

    එසේ හෙයින් එකල පැවති ප්‍රාග් බෞද්ධ ලක්‍ෂණ හා සමාන සමකාලීන අදහස් මුළුමනින්ම උපුටා නොදමමින් ඒවායේ තිබුණු අන්ධ භක්තිය ඉවත් කිරීමට බුදුන් වහන්සේ ඉදිරිපත් වූහ. බෞද්ධ ධර්ශනයට පොදු වූ කර්මය, සංසාරය, භවය විමුක්තිය වැනි දේ වඩාත් ප්‍රඥාගෝචර ආකාරයෙන් විවරණය විය. මෙම දාර්ශනික අංශයන් නව අයුරකින් විවරණය කල හෙයින් බ්‍රාහ්මණ ධර්මයත්, ජෛන ධර්මය ඇතුළු ෂට් ශ්‍රාස්තෘ ධර්ම බුදුන් වහන්සේ විසින් නිෂ්ප්‍රභා විය.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මචං අපිට මෙහෙම හිතන්න බැරිද .
    පස්, ගල් අයින් කරමුකෝ .
    සත්ව සයිලෙකුයි ශාක සයිලෙකුයි ගොඩක් දුරට සමානයි
    ඒවගේම ගස්වලට ජිවය තියෙනවා .
    සතුන්ගෙයි ශාක වලයි අවසාන target එක තමන්ගේ වර්ගය බිහිකරන එක .
    අපිට උගන්නන්නේ මිනිස්සුන්ට සිදුවන දේවල් කර්මය මත පරමක් පදනම් වෙන්නේ නැහැ .
    නියාම දර්ම වලිනුත් තීරණය වෙනවා කියලනේ .
    ඒවගේම ගස්වලට වඩා basic සත්තු ඉන්නවා. විඤ්ඤාණයක් නැති පවතිනවා කියල විතරක් කියන්න පුළුවන් .
    එතකොට කම්ම නියාමය amoeba කෙනෙක්ට validනම් පොල්ගහකට valid නැත්තේ ඇයි කියල අහන්න පුළුවන් නේද ?
    Science වලින් තමයි කියන්නෙ ගස් වලට ජීවය තියෙනවා කියලා. (ශ්වසනය කිරීම, වර්ගයා බෝ කිරීම, ආහාර වගේ දේවල් අවශෝෂණය කර ගැනීම etc.) ඔය පදනමෙන් තමයිනෙ ඇමීබාත් ජීවියෙක් කියන්නෙ.

    නමුත් බුදු දහමෙදි සත්වයා කියන්නෙ ඒ ලක්ෂණ වලින් නෙමේ. සත්වයාට පංච උපාදානස්කන්ධය තියෙනවා.
    විද්‍යාඥයොත් ක්ෂුද්‍ර ජීවින්ට Animals කියන්නෑ. ක්ෂුද්‍ර ජීවීන් ශ්වසනය, ප්‍රජනනය, ආහාර ගැනීම දේවල් කරන නිසා Science වලදි ඒවා ජීවින් කියලා හඳුන්වනවා. නමුත් Micro organism කියලා වෙනම වර්ගයක් විදිහටයි විද්‍යාඥයොත් හඳුන්වන්නෙ.
    අපි දන්නෑ ඇමීබාට පංච උපාදනස්කන්ධයක් තියෙනවද කියලා. ඇමීබා කියන්නෙ සෛලයක්නෙ. වෛරස්, දිලීර, ඇල්ගී වගේ දේවල් වලටත් පංච උපාදනස්කන්ධයක් නැතුව ඇති.
    ගස් වලට නම් නෑ.

    බුදුන් වහන්ස‍ේ එ‍ෙතිහාසිකව ජීවත්උන පුද්ගලය‍ෙක් .. එයට අවශ්‍ය සාධක ඕන තරම් තිය‍ෙනවා . බ‍ෝධිසත්වයන් පස්මහ බැලුම් බලන්න‍ේ ඔය උඹ කියන කාරනා නිසා . උසස් කුලයක , ප‍ොහ‍ොසත් තැනක , යම් ප්‍රමානයකට හ‍ෝ ශීලය පුරන විචාරවශීලී මිනිසුන් සිටින ස්ථානයක් හා කාලයක් ( වැරදිලාවත් ඇමසන් කැල‍ේ ග‍්‍රාේත්‍රයක ඉපදුනානම් බුදු බනක් තිය‍ෙයිද ?) බලන්න‍ේ ව‍ෙනත් ගැටලු ඇති න‍ොවන්න .. අද වග‍ේ කාලයක උපන්නානම් සමහරවිට බුද්ධ ද‍ේශනාව‍ේ කිසිදු ප්‍රය‍ෝජනයක් නැතිව‍ෙයි . ම‍ොකද හැම ද‍ෙයක්ම විද්‍යාව‍ෙන් ඔප්පුවිය යුතුයි කියන පිරිසක් සිටින නිසා ... භ‍ෞතික රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා කරුණු ඔප්පුකරලා ප‍ෙන්වනවා වග‍ේ බුදු දහම ඔප්පුකරන්න බෑ. කියලා වත් න‍ොදන්න පුද්ගලයන් බහුතරයක් අතර බුදුවරු පහල උන‍ොත් ල‍ෝකයට වැඩකුත් නෑ . ඉන්න එවුන් අපාගතව‍ෙන එක විතරයි ව‍ෙන්න‍ේ...

    තුන්ව‍ෙනි ධර්ම සංඝායනාවට අශ‍ෝක රජුරුව‍ෝ බන කිව්වා කියලද අහලා තිය‍ෙන්න‍ේ .. අශ‍ෝක රජතුමා ක‍ෙරුව‍ේ ආරක්ෂාව හා ප්‍රත්‍ය පහසුකම් සැපයීම .... සියල්ලම කිරලා මැනලා නිවැරදි දහම සංඝායනා ක‍ෙරුව‍ේ රහතුන් වහන්ස‍ේලා ... රහතුන් වහන්ස‍ේලා බ‍ොරු කීමක් හ‍ෝ වැරදි අදහස් පැතිරවීමක් සිදු න‍ොකරයි ... එස‍ේ කිරීම‍ෙන් තමන්ට ලබාගතයුතු ද‍ෙයක් න‍ොමැති නිසා .. ඒනිසා තුන්වන ධර්ම සංඝායනවාට ජ‍ෛන මත ඇතුල්උන‍ේ නෑ. . හැබැයි පස්ස‍ෙකාල‍ේදී ආදි සංකරාචාර්ය නිසා බුදු දහම භාරතය‍ෙන් අතුගෑව‍ෙන තැනටම වැටුනා .... ඉන් පස්ස‍ේ නිර්මාංශිකවීම වග‍ේ කරුණු බුදුදහමට ඇතුලුව‍ෙන්න ඇති ...

    මහාවීර නම් ජෛන ආගමේ නිර්මාතෘ වරයාය. හෙතෙම තීර්ථංකර වරයෙකු ලෙස ජෛනයන් විසින් සළකනු ලබයි. සිද්ධාර්ථ කුමාරයා මෙන්ම මහාවීර වර්ධමානද රජ පවුලක උපත ලද කුමාරයෙකි. නමුත් ප්‍රබල ශ්‍රමණ සම්ප්‍රදාය වූ බුදුදහම හමුවේ මහාවීරගේ පරම අවිහිංසාවාදී තීර්ථක දර්ශනය බැස ගියේය. මහාවීරගේ ශ්‍රාවකයන් දහස් ගණනින් අවබෝධයෙන් බුදු සව්වන් වූහ. දස දහස් ගණනින් ප්‍රත්‍ය ලාභය හා රාජ්‍යානුග්‍රහය පතා බෞද්ධ ශ්‍රාවකයන් ලෙස පෙනී සිටියහ. මෙනිසා ඇතැම් විනය නීතිද පැණවීමට බුදු රජාණන් වහන්සේට සිදුවිය.

    මහාවීර නිගන්ඨ නාථ පුත්‍ර ජීවමාන කාලයේදීම තථාගතයෝද ජීවමාන වූහ. හින්දු ඉතිහාස ග්‍රන්ථ අනුව මහාවීර බුදුන්ට වඩා වසර කීපයක් වැඩුමහල්ය. ඔහු වයස 30 දී අභිනිෂ්ක්‍රමණය කළේය. බෞද්ධ ග්‍රන්ථ අනුව බුදුන් මහාවීරට වඩා වැඩුමහල් අතර බුදුන් වයස 29 දී අභිනිශ්ක්‍රමණය කළේය. නමුත් මේ දෙදෙනාම එකම කාල සීමාවකදී මධ්‍යම ඉන්දියාව පුරා ධර්ම ප්‍රචාරය කළ බවට බෞද්ධ , හින්දු හා ජෛන මූල ග්‍රන්ථ සියල්ල එකග වේ. ඒ බුදුන් බුද්ධත්වයට පත් වූයේ වයස 35 දීය. මේ ආසන්න කාලයකදීම මහාවීට තීර්ථංකරත්වයට පත් වූ බව ප්‍රකාශ කරන්නට ඇති බව සිතිය හැක. එහෙත් මේ දෙදෙනාගෙන් කවරෙක් පළමුව නිෂ්ටාවට පත් වීදැයි විනිශ්චය කිරීමට කරුණු නැත. ඒ කාලය බොහෝ විඔට මාස ගණනක් හෝ වසර ගණනක් විය හැක.මේ සිද්ධිය රසල් වොලස් ඩාවින් සිද්ධියට සමාන වන්නේ එනිසායි.රසල්; වොලස් හා ඩාවින් සමකාලයේදී පරිණාමවාදය සොයාගත් අතර බුදුන් හා ජෛන මහාවීර සමකාලයේදී සොයාගත්තේ එකිනෙකට සපුරා වෙනස් එහෙත් ශ්‍රමණ සම්ප්‍රදායන් දෙකකි.

    මහාවීර හා බුදුන් සමකාලීනය. නමුත් සත්‍ය ලෙසම ඔහු හොරකම් කළේවත් . බුදුන් හොරකම් කළේවත් නැත. ඒ දර්ශන දෙක සම්පූර්ණයෙන් වෙනස්ය. මහාවීරගේ අග්‍ර දායක වූ උපාලි සිටුවරයා බුදුන් හා වාදයට පැමිණ පැරදී බෞද්ධයෙක් වී බුදුන්ට නොයෙක් ආරාම , උයන් පූජා කළ අතර ඒවා අදටත් උපාලිගේ නමින්ම ඇත. මහාවීරගේ ඤාතීන් වූ ලිච්ඡවීන් තුන් බිය නැති වූ කළ බෞද්ධයන් වූ අතර . ඔවුන් ගේ රාජ ධානියේ බෞද්ද විහාරස්ථාන සියගනනින් සෑදූහ. මේ දුකට මහාවීර ලය පැළී මිය ගියේයමහාවීරගේ ශ්‍රාවකයන් රොතු පිටින් බුදුදහමට එන්නට පටන් ගත්තේ අශෝක අධිරාජයාගේ සමයේදීය. මෙනිසා තුන්වන ධර්ම සංගායනාවක් අවශ්‍ය විය.

    වර්ධමාන මහාවීරගේ දර්ශනය ප්‍රායෝගික නොවූවකි. එය සර්වබලධාරි දෙවියන් මැවුම් වාදය ප්‍රතික්ෂේප කරන දර්ශනයක් වුවද පරම මිථ්යාදෘෂ්ටියක් වේ. ඔවුන්ගේ මෝක්ෂය නම් කේවල ධ්‍යානයයි. කේවල ධ්‍යානය නම් බුද්දහමේ දැක්වෙන ප්‍රථම ධ්‍යානය වේ. බුදු දහමේ මෝක්ෂය හා සසදන කළ ප්‍රථම ධ්‍යානය කුහුඹුවෙකි. එය ඉක්මවා තව බොහෝ දුරක් නිර්වාණය පිණිස ඇත. මහාවීර මරණයට පෙර ලබා සිටි ප්‍රථමධ්‍යානයෙන්ද පිරිහුණි. සියලු පැනින් වැළැකීම , නිරුවත්ව හිදීම , මග යන විට මොණර පිල් කළඹකින් පිස දමමින් යාම හා උග්‍ර තපෝ ව්‍රත රැකීම මහාවීරගේ ජෛන දර්ශනයේ ප්‍රතිපත්තීන් වේ. මේ සියල්ල බුදු දහමේ ප්‍රතික්ෂේපිතය. එනිසා ජෛන ආගම හා බුදු දහම සම්පූර්ණයෙන්ම වෙනස් වූ දර්ශනයන් දෙකකි.ජෛන ආගම භාරතයේ ජනප්‍රිය නොවිණි. නමුත් බුදු දහම . බුදුන් ධරමාන කාලයේදි , අශෝක අධිරාජයාගේ කාලයේදි , හර්ෂවර්ධන රජුගේ සමය , ගෝපාල හා ධර්මපාල යන පාල අධිරාජයන් දවස , ඉන්දියාවේ රාජ්‍යාගම විය. ඉන්දියාවෙන් බුදු දහම අතු ගෑම සදහා සියවස් ගණනක කුමණ්ත්‍රණයක් දියත් කිරීමට බ්‍රාහ්මණයන්ට සිදු විය. බැරිම තැන බුදුන් ලොව මවා පාලනය කරන ධර්මාරක්ෂක පරමේෂ්වරයන්ගේ නවවන අවතාරය කොට අද දක්වාත් ඇදහීමට භාජනය කරති. ජෛන ආගම බ්‍රාහ්මණයන්ට කිසිදු අවහිරයක් නොවූ අතර . එය අතු ගෑමට අවශ්‍යතාවයක් හින්දූන්ට නොවීය.

    ජෛන ආගමේ කල්ප සූත්‍රය ලියැවුනේ ක්‍රි.ව 1400දී පමණය.එනම් මහාවීරගේ මරණයෙන් වසර 1000කට පමණ පසුය.ඊට පෙර කිසි තැනක ජෛන මහාවීරගෙ ජීවිතය පිළිබඳව ලිඛිත සාක්ෂි හමු නොවේ.

    බුදුන්වහන්සේගේ ධර්මය ලියැවී වසර හයසීකට පමණ පසුව කල්ප සූත්‍රය ලියැවී ඇත.තවද බුදුදහම තුල ජෛන නිගන්ඨ තීර්තකයින් විසින් ඔවුන්ගේ ආගමට බුදුදහම නිසා පහර වැදුණු හෙයින් බුදුදහම අනුකරණය කරන ලදී.හින්දු ආගමට විශ්ණු ගේ අවතාරයක් ලෙස බුදුන් වහන්සේ ඇතුලත් වූයේද එහි ප්‍රථිපලයක් ලෙස වේ.

    සරලවම කිවහොත් ජෛන ආගම බුදුදහමේ දේවල් බොහෝ උකහාගෙන තිබෙන බව සැබෑය.මන්ද යත් අතීත ජෛන ආගමේ තිබුණේ අවිහිංසාවාදි ප්‍රතිපත්තිය පමණි.කර්මය පුනර්භවය නිවන ආදී සංකල්ප පළමුව ජෛන ආගම තුල හමුවන්නෙ කල්ප සූත්‍රයෙනි.එයද ක්‍රි.ව 1400දි ලියැවුන ලද්දකි.
    https://en.wikipedia.org/wiki/Kalpa_Sūtra

    බුද්ධ පරිණිර්වානයෙන් වසර 1000කට පමණ පසු ලියැවූ කල්ප සූත්‍රය ජෛන මහාවීරගෙ දේශනයක් නොවේ.එය හුදෙක් ජෛන භක්තිකයන්ගේ ලියැවිල්ලකි.බුදුන් වහන්සේගේ චරිත කතාව උන්වහන්සේ විසින්ම අරියපරියසේන සූත්‍රය බෝධිරාජ සූත්‍ර ආදී සූත්‍ර වලින් දේශනා කොට ඇත.

    Best answer. (y)
    එන්න බලන්න @BruceWayne92
     
    • Like
    Reactions: Ultron and neo7x

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ



    උබ මේ පොරට කැමති නැතුව ඇති..වෙලාවක් තියෙනවනම් බලපන් නැත්නම් බොරු බයිල කියල අතහැරල දාපන්.

    Later:​

    අනේ මන්ද පරිණාමය ගැන කියනව..ඊට පස්සෙ වඩාත්ම සිත්ගත්ත කාරණය අහනව.

    සයන්ස්ටිස්ට්ල කියන පරිණාමයත් බොරු බුද්දාගමත් බොරු කියල නිකන් ඉන්නව ඊට වඩා හොඳයි.

    ඉතින් ඕක බලල අනිත් ආගම්/ඇදහීම/විශ්වාස/හිතන විදියට වඩා බුද්ධාගමේ විශ්වාසණීය චූන් එකක් තියෙනවද නැද්ද කියල හිතල බලපන්..උබ හරි කියල හිතන් ඉන්න චූන් එකේම උබ ඉඳපන් මට මොකෝ 😝

    "ඔය ආගම් ධර්ම හැම එකකටම ඉන්නව පරිණාමය නොතේරුණ කතෘවරයෙක්." කියල දාපු කොමෙන්ට් එක නිසා ඕක දැම්මෙ..
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් ඕක බලල අනිත් ආගම්/ඇදහීම/විශ්වාස/හිතන විදියට වඩා බුද්ධාගමේ විශ්වාසණීය චූන් එකක් තියෙනවද නැද්ද කියල හිතල බලපන්..උබ හරි කියල හිතන් ඉන්න චූන් එකේම උබ ඉඳපන් මට මොකෝ 😝
    හරයක් ඇති දෙයක් කියපන් බන්. අනුන්ගෙ වීඩියෝ උස්සන් ඇවිත් මෙන්න ඕනෙ නම් බලාගනින් කියන්නෙ නැතිව. අඩුගානෙ ඒක තමන්ගෙ මතයට අදාලවෙන්නෙ කොහොමද කියලවත් කියාගන්න බෑනෙ උඹට.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සරලව කිව්වොත්.... ඔයා බුදු දහම පිළිගන්නෑ.
    වැඩක් නෑ මේ topkollek එක්ක කතා කරල..කොමෙන්ට් එකට අදාලව වීඩියෝ එකක් දැම්මම වෙන දෙයක් කියවනව.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සරලව කිව්වොත්.... ඔයා බුදු දහම පිළිගන්නෑ.
    මාර්ගඵලයක් තියා ධ්‍යානයක්වත් ලබපු එකෙක් හරි පෙන්නුවොත් සලකල බලන්න පුලුවන්.

    බුද්ධාගම විශ්වාස කරන ගොඩක් අය මාර්ගඵල බලාපොරොත්තු වෙන්නෙ මැරිල ඊලඟ ජීවිතේකදි. කෙනෙක් කිව්වොත් මම රහත් කියල ඌටත් බනිනව. උබලත් එහෙමනෙ. හේතුව මොකක්ද?
     
    • Like
    Reactions: indika_sam

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මාර්ගඵලයක් තියා ධ්‍යානයක්වත් ලබපු එකෙක් හරි පෙන්නුවොත් සලකල බලන්න පුලුවන්.

    බුද්ධාගම විශ්වාස කරන ගොඩක් අය මාර්ගඵල බලාපොරොත්තු වෙන්නෙ මැරිල ඊලඟ ජීවිතේකදි. කෙනෙක් කිව්වොත් මම රහත් කියල ඌටත් බනිනව. උබලත් එහෙමනෙ. හේතුව මොකක්ද?
    එහෙම කවුරු හරි හිතන් ඉන්නවනන් ඒ හරියට නොදැනුවත්කම මිසක් ඒක බුද්ධ දර්ශනයේ අවුලක් නෙවෙයි මචන්.
    මාර්ග ඵල ලබපු අය මම ලැබුවා කියන්නේ නෑ. සාමාන්‍ය මිනිස්සු වගේම ඉන්නව. එකම දේ හැසිරීම , සිතුවිලි වෙනස්.
    ධ්‍යාන ලබපු අය නන් ඔය තැන් තැන් වල ඉන්නේ. 1 ඉදන් 10 වෙනකල් හිතාගන්න කියලා හිතන් ගිය කාරනෙත් කොලේ හරියටම ලියල පෙන්නන. ධ්‍යාන කියන්නේ බුදු දහමේ ඵලයක් නෙවෙයි මචන්. බුදුන් පහල වෙන්න කලිනුත් ධ්‍යාන තිබ්බ අය හිටිය කියල තමයි පොත් පත් වල තියෙන්නේ. එහෙම අය තමයි අලාර කාලාම , උද්දකරාම පුත්ත කියන අය. කිසිම තර්කයක් ඕනි නෑ බන් කියල තියෙන දේවල් හරියට කාලයක් ප්‍රගුන කරා නන් තමන්ටම වෙනස තේරෙනව. තව දෙයක් අපේ හිත ගැන තියෙන විග්‍රහයක් හරියට බැලුවොත් අපිටම තේරෙනවා මෙහෙම විග්‍රහයක් සාමාන‍ය කෙනෙක්ට කරන්න බැහැ කියල. සිත් 121 ගැන තියෙනවා මට පොතේ නම මතක නෑ අභිධර්මයේ වෙන්න ඕනි, රේරුකානේ චන්දවිමල හිමි ගේ. ඒකම ඇති ධර්මයේ ගැබුර ගැන අවබෝධ කරගන්න.



    The archaeologist has confirmed the authenticity of the relics. There’s no argument about that. The Piprahwa relics have been distributed to several places including Sri Lanka.
    View attachment 93800

    මේක නන් මට හෙන ප්‍රශ්නයක්. ඩොකියුමන්ට්‍රරි එක බලපු නැති හින්ද දන්නේ නෑ. ඇත්තටම ඇටකෝටු වගේ දෙයක් රෙලික් කියල පෙන්නවනන් බොරු. මොකද සදුන් දර සෑයේ ගිනි තියද්ද ධාතුන් වහන්සේලා ඇරන් තිබ්බේ රහතන් වහන්සේ නේ. ඔක්කොම අලු වෙන්න ඕනි. එහෙම තිබ්බත් ඒ ටිකත් එකතු කරගන්නවා මිසක් කවුරුත් ඕව වැලලිල යන්න දෙන්නේ නෑ.භාජනයේ තියෙන්නේ අලු නන් වෙන්න පුලුවන්
     
    Last edited:

    thilan007

    Active member
  • Mar 20, 2008
    451
    138
    43
    නිරාගමික බව නම් කෙසෙ වෙතත් බුද්ධාගම කියන්නෙත් තනිකර නිරාගමක් තමා.
    බුද්ධාගමෙ හික්මීම මිනිස්සුන්ගෙ ඇති කරාට අපෙ මිනිසුන්ගෙ කිසි දියුණුවක් ප්‍රියමනාප බවක් පෙන්නෙ නැහැ නෙ ? ඒ ඇයි ?
    බුද්ධාගමෙ හරය පටන්ගන්නෙම දුක්ඛ සංකල්පයෙන්.
    ජීවිතෙ දුකක් තෙරුමක් නැහැ ,ජරාවට යනවා අපි කවදාහරි මැරෙනවා
    සියල්ල අනිත්‍යයි නැසෙනසුලුයි වගෙ දෙවල් .
    මන් දන්නෙ නැහැ මේ දේ බුද්ධාගමෙම ඇති උනාත් පස්සෙ ඇඩ් උනාද කියලා
    නමුත් මේ හේතු නිසා තම ථෙරවාදි ආගම තියෙන රටවල් ලෝකෙ අසාර්ථකම රටවල් ගොන්නෙ තියෙන්නෙ
    ලයිෆ් එකට මීනින් එකක් නැහැ.

    දේවවාදි ආගම් වල එහෙම නැහැ. එකෙදි ලයිෆ් එකට මීනින් එකක් තියෙනවා.
    හැබැයි මීනින් එක වගෙම දර්ශනයත් තියෙන්න ඔනි.
    අපෙ රටෙ උනත් බිහි වෙච්ච ශ්‍රේෂ්ඨයි කියන රාජධානි සෙට් එක ගත්තොත් හින්දු ආගමික භක්තික රජවරු පිහිටවපුවා

    මිතිකල් ෆිගර් එකක් උනත් රාවණා කියන්නෙත් හින්දු භක්තිකයෙක්

    Thread එක දාපු කෙනා බුදු දහම ෆේල් කියලා පෙන්නන්න try සැහෙන්න කරනවා :D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේකට රීසන් එකක් තියෙනවා සහ අනික් ආගම් වලින් වෙනස් වෙන හේතුව කියන්නම්. මගේ තර්කයට අනුව.

    ගොඩක් ආගම් වල තියෙන්නේ මරනින් පස්සේ හම්බවෙන දෙයක් ගැන. බුදු දහමේ ඵලය ජීවත් වෙලා ඉද්දිම කරගන්න ඕනි දෙයක්. පොත් ලිව්වේ ඒ ඵලය ලබාගත් ස්වාමීන් වහන්සේලා හෝ ඒව පරිශීලනය කරල ඵලය ලබාගත් ස්වාමීන් වහන්සේලා. ඉතින් එහෙම වැරැද්දක් තිබ්බනන්, ඉස්සෙල්ලම ඵලය ලබාගන්න බෑ. ඇයි කරුනු වැරදි නේ . මාර්ග කිහිපයක් තියෙන හින්ද එහෙම ඵලයක් ලැබුවට පස්සේ නිවැරදි කරන්න පුලුවන්.

    බුදු දහමේ වෙනස ඒක. ත්‍රිපිටකය ග්‍රන්ඨාරූඩ කරල තියෙන්නේ අපේ වචනෙන් කියනවනන් certified හාමුදුරුවරු. මාර්ග ඵල ලබපු රහතන් වහන්සේලා. හැමදේම දන්නේ නෑ හැබැයි ඒ ඒ විශයන් ප්‍රගුන කරල ඵලය ලබාගත්ත හින්ද වරදින්න විදිහක් නෑ. දැන් ගොඩක් වෙලාවල වෙන්නේ පාලි දන්නේ නැති එක සහ ඒවාට වෙන වෙන නිර්වචන දෙන එක. ඒකයි කියන්නේ සැකයක් තියෙනවනන් ත්‍රිපිටකය බලන්න කියල. හැබැයි හැමෝටම තෙරෙන්නේත් නෑ. ගැඹුරු අර්ත දැක්වීම් තියෙන්නේ. හරියට ධර්මය පස්සේ යන හාමුදුරුවරු වුනත් ඔය ග්‍රන්ථ වල එක සූත්‍රයක් 10 පාරකට වැඩිය ජීවිතේ එක එක කාලවල් වල කියවනව. එකම හාමුදුරුවො වුනත් එකම සූත්‍රය වයසත් එක්ක අර්ථ විග්‍රහ කරන්නේ දෙවිදිහකට. හේතුව මුලදි තේරුනේ නැති දේවල් පස්සේ තේරුන් යනව සහ ගැබුරට අවබෝධ වෙන එක.
    එකම විශයක ඉන්න හින්ද ඒකට මනස සකස් වෙනවා. තව සූත්‍ර වල දේවල් ඔලුවට යනවා. විශ්වාසය අනුව සංසාරේ ප්‍රගුන කරල තියෙන්නත් ඕනි. ඒක හින්දම තමයි අර කතාවක් කියන්නේ බුදු දහම බුද්ධිමත් අයට අවබෝධ වෙනවා කියල. ඤාණය බුද්ධිය දෙකක්. බුද්ධි මට්ටම් එකිනෙකාට වෙනස්. ඒ ඒ මට්ටම් අනුව අවබෝධ කරගන්න ප්‍රමානවල් වෙනස්.

    මට තේරෙන හැගෙන දේ

    උබ ඔය කියන එක හැම ආගමකම තියෙනවා බන්...උන් ලියපුවාට උන් එහෙම තමයි කියාගන්නේ..අපහාසයක් කරනව නෙමෙයි..පොත ලියලා කියනව මන් මේක ලිව්වේ අහවල් අහවල් දේ ලබාගෙනයි...අහවල් බලයෙන්...උබල මේවා නිර්වචනය කරන්න එපා...මේකම බලපන් කියල...උබ ඔය කියන සර්ටිෆයිඩ් තත්වය පරික්ශා කරලද..නෑනෙ..

    ඔය කියන කාරනෙන් අනිත් ආගම් වලින් වෙනස් වෙන්නේ නෑ මොක්ද ඒවත් එහෙමයි බන්...දැන් කතොලික ආගම ග්ත්තම ඒවයෙ පොත් පත් ලියල තියෙන්නේ දේවානුභාවයෙන් ලු..එහෙම නැත්තම් ඒවයෙ නිර්වචන දෙන්නේ ඒවයෙ එක්ස්පර්ට්ස්ලා ලු ..හැමොටම ඒව බැරිලු...ඔහොම තමයි හැම එකෙම වෙන්නේ...මාර්ග ඵල ලැබුවා කියනව වගේ තමයි කතෝලික අය කියන්නේ පාප්තුමාට නොවරදිනසුලු බව කියල එකක් තියෙනවා කියලා...ඒව එයාලම කියාගන්න දේවල්...
     
    • Like
    Reactions: dilann

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මහාවිර සහ බුදුහාමුදුරුවෝ කියන්නේ සැහෙන සමාන කම් තියනවා ... මුචලින්ද සුත්‍රයේ නයා වැස්සෙන් ආරක්ෂාව දීමේ කතාව බුදුන්ට කලින් හිටපු ජෛන පර්ශවනතගේ කතාවක් ,ගහක් යට බුදුවීම අභිනිෂ්ක්‍රමණය ,දරුවා හැර යාම ..සුත්‍ර පවා සැහෙන සමාන ඒවා තියෙන්නේ