මන් ඔය 2ටම තුලාවෙ උත්තර දැම්ම......
Quote:
11.1.53. සීතවලාහක සූත්‍රය
602. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, යම් හෙයෙකින් (
සිහිල් කාලයෙහි හෝ ග්‍රීෂ්ම කාලයෙහි වූ) එක් කලෙක සිහිලෙක් වේ නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්‍රත්‍යය දැ යි.
මහණ, ශීතවලාහක නම් දෙවියෝ ඇතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිහිල් කම්සුවෙන් කෙළනමෝ නම් මැනැව”යි මෙබඳු සිතෙක් වේ ද, ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනු ව සිහිල වෙයි. මහණ, යම් හෙයෙකින් එක් කලෙක සිහිලෙක් වේ නම් එයට මේ හේතුයි, මේ ප්‍රත්‍යය යි.
11.1.54. උණ්හවලාහක සූත්‍රය
603. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක් කලෙක (
නියමකල්හි වන උණුසුමට වෙනස්) උණුසුමෙක් වේ නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්‍රත්‍යය දැ”යි.
මහණ, උණ්හවලාහක නම් දෙවි කෙනක් අතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිය කම් සුවෙන් කෙළනමෝ නම් මැනැවැ යි මෙබඳු සිතක් වේ ද, ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනුව උණුසුම වේ. මහණ, යම් හෙයෙකින් එක් කලෙක උණුසුම වේ නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය”යි.
11.1.55. අබ්භවලාහක සූත්‍රය
604. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක්කලෙක (
අනියම් වසයෙන්) වලාකුළු වේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ”යි.
මහණ, අබ්භවලාහක නම් දෙවි කෙනෙක් ඇතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිය කම් සුවෙන් කෙළනමෝ නම් මැනවැ”යි මෙබඳු සිතෙක් වේ ද, ඔවුන්ගේ ඒ සිත් පිහිටුවීම අනුව වලාකුළු වෙයි. මහණ, යම් හෙයෙකින් (අනියම් වසයෙන්) වලාකුළු වේ නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය’යි.
11.1.56. වාතවලාහක සූත්‍රය
605. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක්කලෙක (
විකෘති වශයෙන්) දැඩි සුළඟ වේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ”යි.
මහණ, වාතවලාහක නම් දෙවි කෙනෙක් ඇතියහ. ඔවුනට යම් කලෙක “අපි සිය කම්සුවයෙන් කෙළනමෝ නම් මැනවැ”යි මෙබඳු සිතෙක් වෙයි, ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනුව දැඩි සුළං වේ. මහණ යම් හෙයෙකින් එක්කලෙක දැඩි සුළඟ වේ නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
11.1.57. වස්සවලාහක සූත්‍රය
606. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක්කලෙක (
නොකල්හි වන) වැසි වසී නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක් ”දැයි.
මහණ, වස්සවලාහක නම් දෙවි කෙනෙක් ඇතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිය කම්සුවෙන් කෙළනමෝ නම් මැනවැ”යි මෙබඳු සිතෙක් වෙයි. ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනු ව නොකල් වැසි වසී. මහණ, යම් හෙයෙකින් එක්කලෙක නොකල් වැසි වසී නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
ඔය ඔයා උපුටගෙන තියෙන වෙබ් සයිට් එකේ තියෙන සූත්‍ර වල මන් රතු පාටින් පෙන්නල තියෙන කොටස් අඩුයි...එතකොට අර්ථය විකෘති වෙලා පේන්නෙ....බුදු හාමුදුරුවෝ නූතන විද්‍යාවෙන් පිළිඅරන් තියෙන සම්මත වැස්ස වහින ක්‍රමේ වැරදියි කියල නෑ...ඊට අමතරව වැස්ස ඇතිවෙන ක්‍රමයක් විතරයි දේශනා කරල තියෙන්නෙ...මෙන්න මේ සයිට් එකේ සූත්‍ර ටික හරියට තියෙනව...එතනින් බලන්ඩ....http://www.thripitakaya.org/tipitaka...ex/463?s=10242
Quote:
චන්දිමසූරියාදිපාතුභාවො
121
‘‘අථ ඛො තෙ, වාසෙට්ඨ, සත්තා රසපථවිං හත්ථෙහි ආලුප්පකාරකං උපක්කමිංසු පරිභුඤ්ජිතුං. යතො ඛො තෙ (යතො ඛො (සී. ස්‍යා. පී.)), වාසෙට්ඨ, සත්තා රසපථවිං හත්ථෙහි ආලුප්පකාරකං උපක්කමිංසු පරිභුඤ්ජිතුං. අථ තෙසං සත්තානං සයංපභා අන්තරධායි. සයංපභාය අන්තරහිතාය චන්දිමසූරියා පාතුරහෙසුං.
චන්දිමසූරියෙසු පාතුභූතෙසු නක්ඛත්තානි තාරකරූපානි පාතුරහෙසුං. නක්ඛත්තෙසු තාරකරූපෙසු පාතුභූතෙසු රත්තින්දිවා පඤ්ඤායිංසු. රත්තින්දිවෙසු පඤ්ඤායමානෙසු මාසඩ්ඪමාසා පඤ්ඤායිංසු. මාසඩ්ඪමාසෙසු පඤ්ඤායමානෙසු උතුසංවච්ඡරා පඤ්ඤායිංසු. එත්තාවතා ඛො , වාසෙට්ඨ, අයං ලොකො පුන විවට්ටො හොති.
චන්දිමසූරියාදිපාතුභාවො
121
වාසෙට්ඨය, එවිට ඒ සත්වයෝ රස පොළොව අතින් ගුළිකොට පිඩු පිඩු වශයෙන් කඩා අනුභවකරන්ට පටන්ගත්හ. වාසෙට්ඨය, යම් කලෙක්හි සත්වයෝ රස පොළොව ගුළි කොට පිඩු පිඩු වසයෙන් කඩා අනුභවකරන්ට පටන් ගත්තාහුද, එකල්හි ඒ සත්වයන්ගේ ශරීරාලොකය නැතිවී ගියේය. ශරීරාලොකය නැතිවීගිය කල්හි
සඳ හිරු දෙදෙන පහළ වූහ. සඳ හිරු පහළවූ කල්හි ග්‍රහ තාරකාද
සෙසු තාරකාරූපයෝද පහළ වූහ. ග්‍රහ තාරකා හා සෙසු තාරකා පහළවූ කල රෑදාවල් පෙනුනාහුය. රෑ දාවල් ප්‍රකටවූ කල්හි මාස අර්ධ මාසයෝ ප්‍රකට වූහ. මාස අර්ධමාසයන් පෙනෙන කල්හි ඍතු අවුරුදු ප්‍රකට වූහ. වාසෙට්ඨය, මෙපමණෙකින් මේ ලොකය නැවත හට ගත්තේ වෙයි.
ඕක වැරදියි මෙන්න හරි එක...
Quote:
වාශිෂ්ඨයෙනි, එසේ කරන කල්හි ඒ සත්වයන්ගේ ස්වයම්ප්‍රභාව අතුරුදහන් විය. එය අතුරුදහන් වූ පසු
සඳ හිරුහු ප්‍රකට වූහ. සඳු හිරුන් ප්‍රකට වූ පසු නකත් තරුහු ප්‍රකට වූහ. රෑ දාවල් පැනුණහ. රෑ දාවල් පැනෙන කල්හි මාස පක්ෂයෝ පැනුණහ. මාසපක්ෂයන් පැනෙන කල්හි ඍතු සංවත්සරයෝ පහළ වූහ. වාශිෂ්ඨයෙනි, මෙ තෙකින් මෙ ලොව යලි දු පහළ වූයේ වෙයි.
ඔතනත් පරිවර්තනයේ අවුලක් තියෙන්නෙ...පාතුභූතේසු කියන එක පහළවීම කියන අර්ථයෙන් වගේම පෙනීම,මතුවීම කියන තේරුමෙනුත් යෙදෙනව,පාලි වල....ඔතන කියන්නේ ආහස්සර ජීවින්ගේ සිරුරෙන් නිකුත් වුණ ආලෝකය අතුරදහන් වෙනවත් එක්ක ඉර හඳ පේන්ඩ ගත්ත කියන එකයි....අර එලිය හුඟක් ප්‍රබල හින්ද ඉර හඳ පෙනිල නෑ එච්චර කාලයක්......පල්ලෙහ ලින්ක් එකෙන් ගිහින් බලන්ඩ එතන හරියට ඔය සූත්‍රෙ තියෙනව..බුද්ධ ජයන්ති පරිවර්තනයෙ....http://www.thripitakaya.org/tipitakaya/Index/76?s=32