බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒක ඔක්නෙම දේකට සිද්ද වෙනවා, ඒක අපි දන්න විද්‍යාවටත් සිද්ද වෙනවා. උදාහරනෙකට ගනින් අපේ දේශීය වෙදකම. ඕක පරම්පරාවෙන් එනකොට හැම එකාම ගුරු මුෂ්ටි තියාගෙන. තව එවුන් බාගෙට ඉගෙනගෙන. එතකොට ඒ දැනුම ලොස්. ඕකම තමයි ජෝතිෂ්‍යයටත් වෙලා තියෙන්නෙ. ඉන්දියාව කාලයක් ලෝකෙ සශ්‍රීකම දේශය. දැනුම උපන් ස්ථානය. මාර්කෝ පෝලෝ කිව්වෙත් එහෙමයි. මෝගල් ආක්‍රමනයයි සුද්දොන්ගෙ ආක්‍රමනයයි ආවට පස්සෙ බලපන් අද වෙලා තියෙන දේ. අද තියෙන බුදු දහම 100%ක් එදා තිබුන එක නෙවෙයි. හරි දේ තෝරගන්න එක අපි කරන්න ඕනෙ. බුදු දහමෙ කියන සත්‍යය සොයා යා යුත්තේ තමායි. නිවන් දකින්න මිසක් දක්කන්න බෑනෙ. ;)
    /SIZE]

    "හරි දේ තෝරගන්න එක අපි කරන්න ඕනෙ" :yes:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    කව්ද බන් ජිබ්‍රියල් කියන්නෙ? ගේබ්‍රියල් කියල කෙනෙක්නන් අහල තියනව ජිබ්‍රියල් කෙනෙක් ගැන ඇහුවමයි :rofl:

    ගේබ්‍රියල් කියන්නෙ කතෝලික උන්, ජිබ්‍රියල් කියන්නෙ මුස්ලිම් උන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එතකොට බුඩිස්ට් අය කොහොමද කියන්නෙ? :P

    ගබිරියෙල් කියල තමා කියන්න වෙන්නෙ :yes:
    නැත්තං ජබිරියෙල් :yes:
    ඇන්ඩෲස් වගේ ඒව නං අන්දිරිස් වෙනව
    චාර්ල්ස් වගේ ඒව චාර්ලිස් වෙනව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගබිරියෙල් කියල තමා කියන්න වෙන්නෙ :yes:
    නැත්තං ජබිරියෙල් :yes:
    ඇන්ඩෲස් වගේ ඒව නං අන්දිරිස් වෙනව
    චාර්ල්ස් වගේ ඒව චාර්ලිස් වෙනව

    ඒත් බං හැබැයි ඇලිස් ජොසලින් පීටර් වගේ ඒව අපේ උන් සිංහලකරණය කරන්නැතුව එහෙම් පිටිංම අරං තියෙනවනෙ :eek: ඒව කරන්න බැරුව ඇති නේ ? :confused:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගබිරියෙල් කියල තමා කියන්න වෙන්නෙ :yes:
    නැත්තං ජබිරියෙල් :yes:
    ඇන්ඩෲස් වගේ ඒව නං අන්දිරිස් වෙනව
    චාර්ල්ස් වගේ ඒව චාර්ලිස් වෙනව

    :rofl: :P

    අපිට ඔය දෙකම එකයි. :rolleyes:

    දෙකම එකනන් ගිහින් නිදාගනින්.. :dull:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    බුද්ධ දර්ශනයයි බුද්ධ ධර්මයයි 2ක් බන් උබ බුද්ධ දර්ශනය විශ්වාස කරපන් මමත් බුද්ධ දර්ශය අදහන කෙනෙක් , බුද්ධ දර්මය කියන්නේ වෙනම එකක් , බුද්ධ දර්ශනයට අනුව ජීවත් වෙන්න පට්ට අමාරුයි බන් බුද්ධ ධර්මයනන් ලේසි , මල් පහන් පූජ කරලා තේරුමවත් දන්නේ නැති ගාථා ටිකක් වරද්ද වරද්ද කියලා නිවන් දකින්න පුළුවන් කියන එක විශ්වාස කරන එක විතරයි කරන්න තියෙන්නේ , නැත්නම් දාගැබක් වටේ රෙද්දක් ඔතලා පලතුරු කදු පූජ කරලා මහා පුණ්‍ය කර්මයක් කරා කියලා හිතා ගන්න තියෙන්නේ සිංහලු කොහොමත් කැමති ලේසි දේවල් වලටනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කවුද බන් තේරුම් දන්නෙ නැති ඒව කියවන්නෙ උබ එහෙම කියනව ඇති ඒක ඉතින් කොරන්ඩ දෙයක් නැ..නොදන්න පුජා ගැන කියවන්ඩත් එපා බන්, පුජාවන් කරන්නෙ බුදු හාමුදුරුවන් අරමුනු කරගෙන.. ඔය වගේ සරල දෙයක්වත් නොතේරෙන දර්ශනය මොකක්ද කියන එකයි ප්‍රශ්නෙ..
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    කවුද බන් තේරුම් දන්නෙ නැති ඒව කියවන්නෙ උබ එහෙම කියනව ඇති ඒක ඉතින් කොරන්ඩ දෙයක් නැ..නොදන්න පුජා ගැන කියවන්ඩත් එපා බන්, පුජාවන් කරන්නෙ බුදු හාමුදුරුවන් අරමුනු කරගෙන.. ඔය වගේ සරල දෙයක්වත් නොතේරෙන දර්ශනය මොකක්ද කියන එකයි ප්‍රශ්නෙ..

    මේ ඉන්නේ :P:P, උබ පාලි දන්නවද ?? පාලි උබට තේරෙනවද ?? උබ පාලියෙන් කියන ඒවා හරියට දැනගෙනමද කියන්නේ ??? ඕක අපි සිංහලෙන් කිව්වොත් එහෙම නැත්නම් එහෙම හිතා ගත්තොත් ලේසි නැද්ද ?? උබ ඕවගේ තේරුම දන්නවා ඇති, උබ පන්සලට ගිහිල්ලා ගාථා කියන උන් 10 ක් අරන් උන්ගෙන් අහලා බලපං පහන් පූජා කරන ගතාවේ තේරුම කියක් හරියට කියයිද බලන්න , මන් මේවා ආවට ගියාට උබට කිව්වේ නෑ මන් දහම් පාසල් ගුරුවරයෙක් මන් මේවා හොඳට හොයලා බලල තේරුම් ගත්තේ මට කවුරුවත් කියපු දේවලුත් නෙමයි මට හම්බෙන හැම අවස්ථාවකම මන් මේවා ගැන තර්ක කරනවා එහෙම කරන්නේ මට ඇත්ත හොයා ගන්න ඕන නිසා බුදුරජාණන් වහන්සේට මල් පහන් පුජ කරන එක වැරදි කියලා මන් කියන්නේ නෑ ඒක කරන්නේ බුදුරජාණන් වහන්සේට අපි ගැන තියෙන ශ්‍රද්ධාව ගෞරවය පෙන්වන්න එහෙම කරා කියලා පිං බලාපොරොත්තු වෙන්න බෑ මන් කියන්නේ අමුලික ශ්‍රද්ධාව වැරදි කියලා උබලා ඇත්ත හිතන්න බයයි ඒකට කරන්න දෙයක් නෑ උබ නිකමට හිතපන් බුදුරජාණන් වහන්සේ අද මේ ලෝකේ තියෙන විදිය දැක්කොත් මොනවා දේශනා කරයිද ?? උන් වහන්සේගේ පිළිම හද හද පූජා තියන එකටයි , උන් වහ්සේගේ දන්ත ධාතුවක් තියාගෙන උදේ හවස පූජා පවත්වන එකටයි , අද කලේ හාමුදුරුවරු ගත කරන luxury life ගැනයි, යකෝ අපි බුදුහාමුදුරුවෝ වන්දනා කරනවට වඩා ප්‍රමුකතාවය දෙන්න ඕන උන්වහ්සේගේ ධර්මය වන්දනා කරන්න ධර්මයෙන් තමයි බුදුන් වන්දනා කරන්න පුළුවන් උන් වහන්සේ එක තමයි දේශනා කරේ ධර්මයෙන් තමයි බුදුන් දකින්න පුළුවන් කියලා
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මන් ඔය 2ටම තුලාවෙ උත්තර දැම්ම......
    Quote:
    11.1.53. සීතවලාහක සූත්‍රය

    602. සැවැත්නුවර:

    එකත්පස් ව හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, යම් හෙයෙකින් (සිහිල් කාලයෙහි හෝ ග්‍රීෂ්ම කාලයෙහි වූ) එක් කලෙක සිහිලෙක් වේ නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්‍රත්‍යය දැ යි.

    මහණ, ශීතවලාහක නම් දෙවියෝ ඇතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිහිල් කම්සුවෙන් කෙළනමෝ නම් මැනැව”යි මෙබඳු සිතෙක් වේ ද, ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනු ව සිහිල වෙයි. මහණ, යම් හෙයෙකින් එක් කලෙක සිහිලෙක් වේ නම් එයට මේ හේතුයි, මේ ප්‍රත්‍යය යි.

    11.1.54. උණ්‌හවලාහක සූත්‍රය

    603. සැවැත්නුවර:

    එකත්පස් ව හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක් කලෙක (නියමකල්හි වන උණුසුමට වෙනස්) උණුසුමෙක් වේ නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්‍රත්‍යය දැ”යි.

    මහණ, උණ්හවලාහක නම් දෙවි කෙනක් අතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිය කම් සුවෙන් කෙළනමෝ නම් මැනැවැ යි මෙබඳු සිතක් වේ ද, ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනුව උණුසුම වේ. මහණ, යම් හෙයෙකින් එක් කලෙක උණුසුම වේ නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය”යි.

    11.1.55. අබ්‌භවලාහක සූත්‍රය

    604. සැවැත්නුවර:

    එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක්කලෙක (අනියම් වසයෙන්) වලාකුළු වේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ”යි.

    මහණ, අබ්භවලාහක නම් දෙවි කෙනෙක් ඇතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිය කම් සුවෙන් කෙළනමෝ නම් මැනවැ”යි මෙබඳු සිතෙක් වේ ද, ඔවුන්ගේ ඒ සිත් පිහිටුවීම අනුව වලාකුළු වෙයි. මහණ, යම් හෙයෙකින් (අනියම් වසයෙන්) වලාකුළු වේ නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය’යි.

    11.1.56. වාතවලාහක සූත්‍රය

    605. සැවැත්නුවර:

    එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක්කලෙක (විකෘති වශයෙන්) දැඩි සුළඟ වේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ”යි.

    මහණ, වාතවලාහක නම් දෙවි කෙනෙක් ඇතියහ. ඔවුනට යම් කලෙක “අපි සිය කම්සුවයෙන් කෙළනමෝ නම් මැනවැ”යි මෙබඳු සිතෙක් වෙයි, ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනුව දැඩි සුළං වේ. මහණ යම් හෙයෙකින් එක්කලෙක දැඩි සුළඟ වේ නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.

    11.1.57. වස්‌සවලාහක සූත්‍රය

    606. සැවැත්නුවර:

    එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක්කලෙක (නොකල්හි වන) වැසි වසී නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක් ”දැයි.

    මහණ, වස්සවලාහක නම් දෙවි කෙනෙක් ඇතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිය කම්සුවෙන් කෙළනමෝ නම් මැනවැ”යි මෙබඳු සිතෙක් වෙයි. ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනු ව නොකල් වැසි වසී. මහණ, යම් හෙයෙකින් එක්කලෙක නොකල් වැසි වසී නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
    ඔය ඔයා උපුටගෙන තියෙන වෙබ් සයිට් එකේ තියෙන සූත්‍ර වල මන් රතු පාටින් පෙන්නල තියෙන කොටස් අඩුයි...එතකොට අර්ථය විකෘති වෙලා පේන්නෙ....බුදු හාමුදුරුවෝ නූතන විද්‍යාවෙන් පිළිඅරන් තියෙන සම්මත වැස්ස වහින ක්‍රමේ වැරදියි කියල නෑ...ඊට අමතරව වැස්ස ඇතිවෙන ක්‍රමයක් විතරයි දේශනා කරල තියෙන්නෙ...මෙන්න මේ සයිට් එකේ සූත්‍ර ටික හරියට තියෙනව...එතනින් බලන්ඩ....http://www.thripitakaya.org/tipitaka...ex/463?s=10242

    Quote:
    චන්දිමසූරියාදිපාතුභාවො
    121
    ‘‘අථ ඛො තෙ, වාසෙට්ඨ, සත්තා රසපථවිං හත්ථෙහි ආලුප්පකාරකං උපක්කමිංසු පරිභුඤ්ජිතුං. යතො ඛො තෙ (යතො ඛො (සී. ස්‍යා. පී.)), වාසෙට්ඨ, සත්තා රසපථවිං හත්ථෙහි ආලුප්පකාරකං උපක්කමිංසු පරිභුඤ්ජිතුං. අථ තෙසං සත්තානං සයංපභා අන්තරධායි. සයංපභාය අන්තරහිතාය චන්දිමසූරියා පාතුරහෙසුං. චන්දිමසූරියෙසු පාතුභූතෙසු නක්ඛත්තානි තාරකරූපානි පාතුරහෙසුං. නක්ඛත්තෙසු තාරකරූපෙසු පාතුභූතෙසු රත්තින්දිවා පඤ්ඤායිංසු. රත්තින්දිවෙසු පඤ්ඤායමානෙසු මාසඩ්ඪමාසා පඤ්ඤායිංසු. මාසඩ්ඪමාසෙසු පඤ්ඤායමානෙසු උතුසංවච්ඡරා පඤ්ඤායිංසු. එත්තාවතා ඛො , වාසෙට්ඨ, අයං ලොකො පුන විවට්ටො හොති.

    චන්දිමසූරියාදිපාතුභාවො
    121
    වාසෙට්ඨය, එවිට ඒ සත්වයෝ රස පොළොව අතින් ගුළිකොට පිඩු පිඩු වශයෙන් කඩා අනුභවකරන්ට පටන්ගත්හ. වාසෙට්ඨය, යම් කලෙක්හි සත්වයෝ රස පොළොව ගුළි කොට පිඩු පිඩු වසයෙන් කඩා අනුභවකරන්ට පටන් ගත්තාහුද, එකල්හි ඒ සත්වයන්ගේ ශරීරාලොකය නැතිවී ගියේය. ශරීරාලොකය නැතිවීගිය කල්හි සඳ හිරු දෙදෙන පහළ වූහ. සඳ හිරු පහළවූ කල්හි ග්‍රහ තාරකාද සෙසු තාරකාරූපයෝද පහළ වූහ. ග්‍රහ තාරකා හා සෙසු තාරකා පහළවූ කල රෑදාවල් පෙනුනාහුය. රෑ දාවල් ප්‍රකටවූ කල්හි මාස අර්ධ මාසයෝ ප්‍රකට වූහ. මාස අර්ධමාසයන් පෙනෙන කල්හි ඍතු අවුරුදු ප්‍රකට වූහ. වාසෙට්ඨය, මෙපමණෙකින් මේ ලොකය නැවත හට ගත්තේ වෙයි.
    ඕක වැරදියි මෙන්න හරි එක...

    Quote:
    වාශිෂ්ඨයෙනි, එසේ කරන කල්හි ඒ සත්වයන්ගේ ස්වයම්ප්‍රභාව අතුරුදහන් විය. එය අතුරුදහන් වූ පසු සඳ හිරුහු ප්‍රකට වූහ. සඳු හිරුන් ප්‍රකට වූ පසු නකත් තරුහු ප්‍රකට වූහ. රෑ දාවල් පැනුණහ. රෑ දාවල් පැනෙන කල්හි මාස පක්ෂයෝ පැනුණහ. මාසපක්ෂයන් පැනෙන කල්හි ඍතු සංවත්සරයෝ පහළ වූහ. වාශිෂ්ඨයෙනි, මෙ තෙකින් මෙ ලොව යලි දු පහළ වූයේ වෙයි.
    ඔතනත් පරිවර්තනයේ අවුලක් තියෙන්නෙ...පාතුභූතේසු කියන එක පහළවීම කියන අර්ථයෙන් වගේම පෙනීම,මතුවීම කියන තේරුමෙනුත් යෙදෙනව,පාලි වල....ඔතන කියන්නේ ආහස්සර ජීවින්ගේ සිරුරෙන් නිකුත් වුණ ආලෝකය අතුරදහන් වෙනවත් එක්ක ඉර හඳ පේන්ඩ ගත්ත කියන එකයි....අර එලිය හුඟක් ප්‍රබල හින්ද ඉර හඳ පෙනිල නෑ එච්චර කාලයක්......පල්ලෙහ ලින්ක් එකෙන් ගිහින් බලන්ඩ එතන හරියට ඔය සූත්‍රෙ තියෙනව..බුද්ධ ජයන්ති පරිවර්තනයෙ....http://www.thripitakaya.org/tipitakaya/Index/76?s=32

    කොටස් අඩුවුනොත් විකුර්ති වෙනවා. . පාලි සින්හලට පරිවර්තනය කරද්දි හරි තේරුම් අරන්ම පරිවර්තනය කරන්න ඕනා. . :yes:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්

    කොටස් අඩුවුනොත් විකුර්ති වෙනවා. . පාලි සින්හලට පරිවර්තනය කරද්දි හරි තේරුම් අරන්ම පරිවර්තනය කරන්න ඕනා. . :yes:

    ඔය ට්‍රිපිටක මගුල් තියාගෙන නටලා වැඩක් නෑ ඕව කියවලා ඕවගේ තියෙන අවුල් බලල බුදුරජාණන් වහන්සේ ගැන වැරදි මත ගොඩ නගා ගන්න එපා ඕවගේ තියෙන්න 100% නිවරදි දේවල් නෙමෙයි , නිර්මල බුද්ධ දර්ශනයේ දෙවියෝ කියලා විශේෂ දෙයක් නෑ , බුද්ධ දර්ශනය තමයි විද්‍යාවට අනුකුල වෙච්ච මේ ලෝකේ තියෙන එකම දර්ශනය පුලුවන් නම් මීට වඩා හොඳ එකක් ගෙනල්ලා පෙන්නන්න කියපන් ඕන එකෙක්ට
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    33664386_220967788634487_8555023435665768448_n.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඔය ට්‍රිපිටක මගුල් තියාගෙන නටලා වැඩක් නෑ ඕව කියවලා ඕවගේ තියෙන අවුල් බලල බුදුරජාණන් වහන්සේ ගැන වැරදි මත ගොඩ නගා ගන්න එපා ඕවගේ තියෙන්න 100% නිවරදි දේවල් නෙමෙයි , නිර්මල බුද්ධ දර්ශනයේ දෙවියෝ කියලා විශේෂ දෙයක් නෑ , බුද්ධ දර්ශනය තමයි විද්‍යාවට අනුකුල වෙච්ච මේ ලෝකේ තියෙන එකම දර්ශනය පුලුවන් නම් මීට වඩා හොඳ එකක් ගෙනල්ලා පෙන්නන්න කියපන් ඕන එකෙක්ට

    Islam agama...:yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    ඔය ට්‍රිපිටක මගුල් තියාගෙන නටලා වැඩක් නෑ ඕව කියවලා ඕවගේ තියෙන අවුල් බලල බුදුරජාණන් වහන්සේ ගැන වැරදි මත ගොඩ නගා ගන්න එපා ඕවගේ තියෙන්න 100% නිවරදි දේවල් නෙමෙයි , නිර්මල බුද්ධ දර්ශනයේ දෙවියෝ කියලා විශේෂ දෙයක් නෑ , බුද්ධ දර්ශනය තමයි විද්‍යාවට අනුකුල වෙච්ච මේ ලෝකේ තියෙන එකම දර්ශනය පුලුවන් නම් මීට වඩා හොඳ එකක් ගෙනල්ලා පෙන්නන්න කියපන් ඕන එකෙක්ට

    උබ බවුද්දද? ත්‍රිපිටකය විශ්වාස නෑ බවුද්ද? අනේ බන් මේ පිස්සු කෙලින් නැතුව ඉදපන්. .
    100% නිවැරදි නැති තැනක මොන දහමක්ද බන්. . ත්‍රිපිටකයේ වචනයක් හෝ බොරු වුනොත් මම බුදුදහම අතරිනවා. .
    නොදන්න මගුල් කියවන්න එපා බන්. .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේ ඉන්නේ :P:P, උබ පාලි දන්නවද ?? පාලි උබට තේරෙනවද ?? උබ පාලියෙන් කියන ඒවා හරියට දැනගෙනමද කියන්නේ ??? ඕක අපි සිංහලෙන් කිව්වොත් එහෙම නැත්නම් එහෙම හිතා ගත්තොත් ලේසි නැද්ද ?? උබ ඕවගේ තේරුම දන්නවා ඇති, උබ පන්සලට ගිහිල්ලා ගාථා කියන උන් 10 ක් අරන් උන්ගෙන් අහලා බලපං පහන් පූජා කරන ගතාවේ තේරුම කියක් හරියට කියයිද බලන්න , මන් මේවා ආවට ගියාට උබට කිව්වේ නෑ මන් දහම් පාසල් ගුරුවරයෙක් මන් මේවා හොඳට හොයලා බලල තේරුම් ගත්තේ මට කවුරුවත් කියපු දේවලුත් නෙමයි මට හම්බෙන හැම අවස්ථාවකම මන් මේවා ගැන තර්ක කරනවා එහෙම කරන්නේ මට ඇත්ත හොයා ගන්න ඕන නිසා බුදුරජාණන් වහන්සේට මල් පහන් පුජ කරන එක වැරදි කියලා මන් කියන්නේ නෑ ඒක කරන්නේ බුදුරජාණන් වහන්සේට අපි ගැන තියෙන ශ්‍රද්ධාව ගෞරවය පෙන්වන්න එහෙම කරා කියලා පිං බලාපොරොත්තු වෙන්න බෑ මන් කියන්නේ අමුලික ශ්‍රද්ධාව වැරදි කියලා උබලා ඇත්ත හිතන්න බයයි ඒකට කරන්න දෙයක් නෑ උබ නිකමට හිතපන් බුදුරජාණන් වහන්සේ අද මේ ලෝකේ තියෙන විදිය දැක්කොත් මොනවා දේශනා කරයිද ?? උන් වහන්සේගේ පිළිම හද හද පූජා තියන එකටයි , උන් වහ්සේගේ දන්ත ධාතුවක් තියාගෙන උදේ හවස පූජා පවත්වන එකටයි , අද කලේ හාමුදුරුවරු ගත කරන luxury life ගැනයි, යකෝ අපි බුදුහාමුදුරුවෝ වන්දනා කරනවට වඩා ප්‍රමුකතාවය දෙන්න ඕන උන්වහ්සේගේ ධර්මය වන්දනා කරන්න ධර්මයෙන් තමයි බුදුන් වන්දනා කරන්න පුළුවන් උන් වහන්සේ එක තමයි දේශනා කරේ ධර්මයෙන් තමයි බුදුන් දකින්න පුළුවන් කියලා

    කැමති කෙනෙක් බුදු හාමුදුරුවො වැදපුවාවෙ කැමති කෙනෙක් ධර්මය වැදපුවාවෙ...මොකක්ද තියෙන ප්‍රශ්නය...මොලේ තියෙන ප්‍රමානය අනුව තම තමන්ට ගැලපෙන විදිහට ආගම අනුගමනය කරයි...ඔයාලට තියෙන්නෙ කුහකකමක් ඉරිසියාවක් සහ හීනමානයක්...කවුරු හරි පුදපූජා කරනව කියල කුහකමක් හිතට ගන්ඩ ඔනෙ නැනෙ හාමුදුරුවො ලක්ශරි ලයිප් ගත කරනව කියල ඇයි ඉරිසියාව, ඔයල විතරයි ධර්මය දන්නෙ කියල ඇයි හීනමානය්ක් ????

    හැමෝටම ධර්මයෙන් බුදු හාමුදුරුවො දකින්ඩ පුලුවන් නම් හොදයි, එත් ඒක වෙන්නෙ නැති දෙයක්නෙ. ගිහියන්ට පුලුවන් මල් හදුන්කූරක් පහනක් දල්වල සද්ධාවෙන් බුදු හාමුදුරුවො දැක්කම මොකක්ද වරද, අඩුම ගානෙ පවින් හරි මිදෙයි...

    ඔයාල මේ තර්කයක් ඇති කරගන්ඩ ඔනෙ නිසා එක්කො කියෝනව, නැත්තන් මෝඩ කමට කියෝනව, නැත්තන් පඩිය කියල පෙන්නන්ඩ තර්ක කරනව..සමාන්ය මිනුස්සයට බුදු දහම මගේ තියරිය..ඔය මහා ලොකු ටෝක් බොදුනුවන්ට වඩා සාසනය රකින්නෙ සාමන්ය මිනිස්සු, ආන්න ඒක මතකතියා ගන්න..

    Last edited: