අන්න හොදයි , දැන් ඔබතුම කියනවනේ අවිද්‍යාව මුල්කරගත් දැනුමක් තමයි නලින්ද මහතා ගේ සංකල්ප ඔස්සේ ලබන්නේ. දැන් බලන්නකෝ මුල්ම ලිපියේ අන්තිමට තියෙන්නේ මොකක්ද ?
මේ කතා කරන්නේ අවිද්‍යාව අතහැරීමක් ගැන.
මේ කතාව පරස්පර විරෝදී දෙයක් නේ. නලින්ද සිල්වාගේ සංකල්ප ඔස්සේ ලබගණන් පුළුවන් වෙන්නේ අවිද්‍යාව මුල්කරගත් දැනුමක්. එතුමාම කියනව දැනුමෙන් මිදෙත්වා කියලත්.
පැහැදිලිනේ , නලින්ද සිල්වා මහතා පවසන්නේ විලම්බීත කතා.(සමහරකට නම් ගැඹුරු අර්ථයක් තියෙන කතාවක් )
නලින් මහතා "දැනුමෙන් මිදීම", "නැති මනස නැති මනසක් ලෙස වටහා ගැනීම", "දැනුම නිර්මාණය කිරීම නැවැත්වීම" ආදී වශයෙන් කියන්නේ නිවන් ලබා ගැනීමටම තමයි. නිවන් ලබා ගැනීම සෑම බෞද්ධයෙකුගේම ඉලක්කයක් නිසා දැනුමෙන් මිදෙත්වා කියන එක තමයි අප සියලු දෙනාගේ ප්‍රාර්ථනය.
ඔබ පරස්පරයක් ලෙස දකින්නේ "අපි තවත් දැනුම හදමු" කියන ගමන් "හැකි ඉක්මනින් දැනුමෙන් මිදෙමු" කියන එකට. නමුත් පෘතග්ජන අපි ජීවත් වීම සඳහා දිගින් දිගටම දැනුම හදනවා තමයි. ඒක නවත්වන්න ක්‍රමයක් නෑ. පොඩි දරුවෙක් මවු කුසෙන් බිහිවූ දා පටන් මැරෙන මොහොත දක්වාම දැනුම සංස්කරණය කරනවා.
"මම අද පටන් දැනුම හදන්නේ නෑ" කියල හිතල ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් වැඩේ හරි. නමුත් එහෙම කරන්න බෑ. මට ඉගෙන ගන්න පිපාසයක් තියනවා. මට හෙට අලුත් පුද්ගලයෙක් හම්බ උනොත් හෝ අලුත් දෙයක් දැක්කොත් ඒ ගැන මම දැනුමක් හදා ගන්නවා. නලින් මහතා කියන්නේ මේ දැනුම (සිංහල බෞද්ධ අපට) සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂව හදා ගන්න කියන එක. ඒ සමඟම තිබෙන දැනුම සිංහල බෞද්ධ සංස්කෘතියට අවසෝෂණය කර ගන්න කියලත් කියනවා.
මේකේ ප්‍රයෝජනයක් තිබෙන්නෙත් සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂව තමයි. උදා - ඔබ හෙට දිනයේ දකිනවා අලුත් ගසක්. ඔබ ඒ ගස ගැන අලුත් දැනුමක් හදා ගන්නවා. දැන් හිතන්න ඔබ සුළු මොහොතක් මේ ගස ගැන හිතල ත්රිලක්ෂණ මෙනෙහි කලා කියල. ඔබ හිතනවා "මේ ගස අනිත්‍යයි, ඒ නිසා දුක පිණිස හේතු වෙනවා, ඒ වගේම මේ ගසේ නිත්‍ය වූ, නොවෙනස්වන සුළු වූ කිසිම ලක්ෂණයක්, කොටසක්, තත්වයක් නෑ" කියල. මේ සුළු මොහොතක ත්රිලක්ෂණ මෙනෙහි කිරීම බුදුන් ප්රමුඛ මහ සංඝරත්නයට දන් දුන්නාට වඩා දහස් ගුණයක් වැඩි කුසලකර්මයක් කියල බුදුන් වහන්සේ දේශනා කරල තියනවා. එතකොට ඔබ දැනුමක් නිර්මාණය කරන ගමන් සසරෙන් එතෙර වෙන්නත් වැඩක් කරගෙන.
නමුත් බටහිර සංස්කෘතියට සාපේක්ෂව දැනුමක් හදනවා නම් ඒ දැනුමේ තියෙන්නේ නිත්‍යයි, සුඛයි, ආත්මයි කියල. මේ දෙකෙන් වඩා සුදුසු මොකක්ද?
අපි කැමති උනත් නැතත් අනිවාර්යයෙන් නිර්මාණය කර ගන්න දැනුම සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂව හදා ගැනීමත්. දැනට තිබෙන දැනුම සිංහල බෞද්ධ සංස්කෘතියට අවසෝෂණය කර ගැනීමත් අපට (බෞද්ධයන්ට) වඩා සුදුසුයි නේද?



