බුදුදහම යනු දැනුම් පද්ධතියක් නොවේ..

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අන්න හොදයි , දැන් ඔබතුම කියනවනේ අවිද්‍යාව මුල්කරගත් දැනුමක් තමයි නලින්ද මහතා ගේ සංකල්ප ඔස්සේ ලබන්නේ. දැන් බලන්නකෝ මුල්ම ලිපියේ අන්තිමට තියෙන්නේ මොකක්ද ?
    මේ කතා කරන්නේ අවිද්‍යාව අතහැරීමක් ගැන.
    මේ කතාව පරස්පර විරෝදී දෙයක් නේ. නලින්ද සිල්වාගේ සංකල්ප ඔස්සේ ලබගණන් පුළුවන් වෙන්නේ අවිද්‍යාව මුල්කරගත් දැනුමක්. එතුමාම කියනව දැනුමෙන් මිදෙත්වා කියලත්.
    පැහැදිලිනේ , නලින්ද සිල්වා මහතා පවසන්නේ විලම්බීත කතා.(සමහරකට නම් ගැඹුරු අර්ථයක් තියෙන කතාවක් )

    නලින් මහතා "දැනුමෙන් මිදීම", "නැති මනස නැති මනසක් ලෙස වටහා ගැනීම", "දැනුම නිර්මාණය කිරීම නැවැත්වීම" ආදී වශයෙන් කියන්නේ නිවන් ලබා ගැනීමටම තමයි. නිවන් ලබා ගැනීම සෑම බෞද්ධයෙකුගේම ඉලක්කයක් නිසා දැනුමෙන් මිදෙත්වා කියන එක තමයි අප සියලු දෙනාගේ ප්‍රාර්ථනය.

    ඔබ පරස්පරයක් ලෙස දකින්නේ "අපි තවත් දැනුම හදමු" කියන ගමන් "හැකි ඉක්මනින් දැනුමෙන් මිදෙමු" කියන එකට. නමුත් පෘතග්ජන අපි ජීවත් වීම සඳහා දිගින් දිගටම දැනුම හදනවා තමයි. ඒක නවත්වන්න ක්‍රමයක් නෑ. පොඩි දරුවෙක් මවු කුසෙන් බිහිවූ දා පටන් මැරෙන මොහොත දක්වාම දැනුම සංස්කරණය කරනවා.

    "මම අද පටන් දැනුම හදන්නේ නෑ" කියල හිතල ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් වැඩේ හරි. නමුත් එහෙම කරන්න බෑ. මට ඉගෙන ගන්න පිපාසයක් තියනවා. මට හෙට අලුත් පුද්ගලයෙක් හම්බ උනොත් හෝ අලුත් දෙයක් දැක්කොත් ඒ ගැන මම දැනුමක් හදා ගන්නවා. නලින් මහතා කියන්නේ මේ දැනුම (සිංහල බෞද්ධ අපට) සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂව හදා ගන්න කියන එක. ඒ සමඟම තිබෙන දැනුම සිංහල බෞද්ධ සංස්කෘතියට අවසෝෂණය කර ගන්න කියලත් කියනවා.

    මේකේ ප්‍රයෝජනයක් තිබෙන්නෙත් සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂව තමයි. උදා - ඔබ හෙට දිනයේ දකිනවා අලුත් ගසක්. ඔබ ඒ ගස ගැන අලුත් දැනුමක් හදා ගන්නවා. දැන් හිතන්න ඔබ සුළු මොහොතක් මේ ගස ගැන හිතල ත්‍රිලක්ෂණ මෙනෙහි කලා කියල. ඔබ හිතනවා "මේ ගස අනිත්‍යයි, ඒ නිසා දුක පිණිස හේතු වෙනවා, ඒ වගේම මේ ගසේ නිත්‍ය වූ, නොවෙනස්වන සුළු වූ කිසිම ලක්ෂණයක්, කොටසක්, තත්වයක් නෑ" කියල. මේ සුළු මොහොතක ත්‍රිලක්ෂණ මෙනෙහි කිරීම බුදුන් ප්‍රමුඛ මහ සංඝරත්නයට දන් දුන්නාට වඩා දහස් ගුණයක් වැඩි කුසලකර්මයක් කියල බුදුන් වහන්සේ දේශනා කරල තියනවා. එතකොට ඔබ දැනුමක් නිර්මාණය කරන ගමන් සසරෙන් එතෙර වෙන්නත් වැඩක් කරගෙන.

    නමුත් බටහිර සංස්කෘතියට සාපේක්ෂව දැනුමක් හදනවා නම් ඒ දැනුමේ තියෙන්නේ නිත්‍යයි, සුඛයි, ආත්මයි කියල. මේ දෙකෙන් වඩා සුදුසු මොකක්ද?

    අපි කැමති උනත් නැතත් අනිවාර්යයෙන් නිර්මාණය කර ගන්න දැනුම සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂව හදා ගැනීමත්. දැනට තිබෙන දැනුම සිංහල බෞද්ධ සංස්කෘතියට අවසෝෂණය කර ගැනීමත් අපට (බෞද්ධයන්ට) වඩා සුදුසුයි නේද?
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0

    ඇත්ත. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් සංඝරතනය පෘතග්ජනයාට දේශනා කරන්නෙත් ඔය කියන දහමම තමයි. එක තමයි මම මුල් පිළිතුරක කක්කුට්ටෙක් වගේ බන දේශනා කරනවා කියල පැවසුවේ.
    බුදුදහම අනුව ජිවිතේ සකස් කරගන්න කියන එක නලින්ද සිල්වා මහතා පවසන්න ඕනිද? එහෙම පවසන්න සුදුසු , එම මාර්ගයේ ගමන් කරනවා යයි සමාජය පිළිගන්න මහා සංඝරතනයක් තවම ලංකාවේ සිටිනවා.

    අනිත් එක මොකද වෙන වෙන සංකල්ප ගෙන ඔය කියන බුදුදහම අනුගමනය කරන්න කියන දෙය අච්චාරුවක් කරලා තියෙන්නේ. එක එක අය ලෝකය දකින විදිය වෙනස් කියන දේ, ගුරුත්වාකර්ෂණය, ආදිය ඕනිද මිනිහෙකුට බුදුදහැම ජිවිතයට ලං කරගන්න කියන.

    තනිකර විකාරයක් කරලා තියෙන්නේ කියල දැන්වත් තේරෙනවද මන්ද.. ඔබම පවසනවා, සාමාන්‍ය විවහාරයේ පවතින නිවන් ලබා ගැනීම යන්න, නලින් ගොය්ය, " දැනුමෙන් මිදීම " යනුවෙන් අණ්ඩර දෙමළ ආකාරයට පවසන්නේ, ඔහොම දේවල් කියවන කොට සමහරුන්ට හිතෙනවා , මේකේ ලොකු ගැබුරු අර්ථයක් තියෙනවා කියල. :D:D හරියට ඔලුව වටේ ඇත දල නහය අල්ලනවා වගේ වැඩක් නේ කරලා තියෙන්නේ.
     
    Last edited:

    ඒ කතාව හරි. අපිට ගණිත මහාචාර්ය වරු අවශ්‍ය නෑ බුදු දහම කියල දෙන්න. අනික නලින් මහතා ඔබ කිව්ව වගේ බුදු දහමේ සමහර තැන් අවුල් කරනවා. උදා - ඔහු කාලකට පෙර 'මතකය හා තොරතුරු' ගැන අභිධර්මය ඇසුරින් අදහස් කීපයක් ප්‍රකාශ කලා. මේ වැඩේ එච්චර සාර්ථක උනේ නෑ. ලිපි 2-3 න් විතර නවත්තල දැම්ම.

    අනික නලින් මහතා වැඩක් කරගෙන යනකොට කවුරුහරි ගෝතයෙක් එක්ක වාදයක් හදා ගන්නවා. ඊට පස්සෙ අර කලින් කරපු මොනවත් මතක නෑ. අර වාදෙම එල්ලිලා යනවා. පැටලිච්ච එකත් කොටි වලිගය අල්ල ගත්ත වගේ මාස ගානක් කට්ට කනවා. මේ වගේ වැඩ වලින් කාලෙ නාස්ති වෙනවා විතරයි.

    දැන් අර දන්ත ශල්‍ය මහාචාර්ය තුමා එක්ක කෙළවරක් නොදකින වාදයක් යනවා. ඒ මනුස්සයට ලොකු private practice එකකුත් තියනවා. අපරාදෙ වෙලාවයි සල්ලියි. වෛද්‍යවරු මේ වගේ බොරු වැඩ වලට පැටලෙනවට වඩා ලෙඩෙක් ගැන බලාගන්නවනම් හොඳයි.
    :D
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මට මේක බලන්න අද පොඩි වෙලාවක් ලැබුන නිසා මතු කරපු ප්‍රශ්ණ වලට කෙටියෙන් පිළිතුරක් දෙන්න කැමතියි. මේ කරුණු ටික කියවල බලන්න...

    1. බටහිර විද්‍යාවේ දැනුම "භෞතික විද්‍යාව" "රසායන විද්‍යාව" "ජීව විද්‍යාව" ආදී වශයෙන් විශයයන් වලට වර්ගීකරණය කර ඇත.

    2. මේ අයුරින්ම "බටහිර විද්‍යාවේ දර්ශණය" (
    Philosophy of science) කියා විශයයක් ඇත. උදාහරණයක් ලෙස අපට පොඩි කාලයේ "පරීක්ෂණ නිරීක්ෂණ නිගමන" ගැන ඉගැන්වේ. මෙම දැනුම "භෞතික විද්‍යාව" "රසායන විද්‍යාව" හෝ "ජීව විද්‍යාව" ට අයත් නොවේ. එය "බටහිර විද්‍යාවේ දර්ශණය" නැමැති විශයයට අයත් වේ.

    3. නලින් මහතා නිතරම කතා කරන්නේ, ලියන්නේ, විවේචනය කරන්නේ "බටහිර විද්‍යාවේ දර්ශණය" නැමැති විශයයි. පළමුව එය තේරුම් ගැනීම අවශ්‍ය වේ.

    4. "බටහිර විද්‍යාවේ දර්ශණය" නැමැති විශය සම්බන්ධයෙන් දැනුම නිර්මාණය කරන අය "බටහිර විද්‍යාවේ දාර්ශනිකයන්"
    (philosophers of science) ලෙස හැඳින්වේ. උදා - කාල් ප්‍රොපර්, පෝල් ෆෙරාබන්ඩ්

    5. එම දාර්ශනිකයන් සියලු දෙනා එකහෙලාම කියන එක කරුණක් ඇත. එනම් "බටහිර විද්‍යාව වෙනත් දැනුම් පද්ධ්‍රති වලින් වෙනස් වේ" යන්නයි. (වෙනත් දැනුම් පද්ධ්‍රති = සිංහල වෙදකම, නිල වෙදකම, චීන සාම්ප්‍රදායික වෙදකම, කටු චිකිත්සාව, නැකැත් බැලීම ආදිය )

    6. බටහිර විද්‍යාව වෙනත් දැනුම් වලින් වෙනස් වීමට හේතු ලෙස ඔවුන් කියන කරුණු වල වෙනස්කම් ඇත. උදා - කාල් ප්‍රොපර් විසින් අසත්‍යකරණය (Falsifiability ) යන සංකල්පය සංවර්ධනය කළ අතර ඔහු කියන්නේ බටහිර විද්‍යාව වෙනත් දැනුම් වලින් වෙනස් වීමට හේතුව අසත්‍යකරණය බවයි. පෝල් ෆෙරාබන්ඩ් මෙය පිළි නොගන්නා අතර එයට විරුද්ධව පොතක්ම ලියා ඇත.

    7. නලින් මහතාද බටහිර විද්‍යාව වෙනත් දැනුම් වලින් වෙනස් වන බව පිළිගනී. බොහෝ කලක් ඔහු විවිධ කරුණු මේ සම්බන්ධයෙන් කියා ඇති අතර "පට්ටපල් බොරුව" යන සංකල්පය මෑතකදී ඉදිරිපත් කළ එකකි. මෙහිදී ඔහු "සියලු දැනුම මුසා වේ" යන්න බුදු දහමින් කෙළින්ම ලබා ගන්නා අතර බටහිර විද්‍යාව "සාමාන්‍ය මුසා" ඉකමවා යන්නක් ලෙස ගෙන "පට්ටපල් බොරු" යන (ඔහු සාදාගත්) වචනය භාවිතා කරයි. මෙයට හේතුව කලින් පැහැදිළි කර ඇත.

    දැන් අපි අදාළ ප්‍රශ්ණ වලට පිවිසෙමු--

    1. දැනුමට 'මුසාවක්' කියල කියන එකෙන් වැඩක් තියනවද? එතකොට දැනුම එපාද?

    මිනිස්සු දැනුම නිර්මාණය කරන්නේ යම් ප්‍රයෝජන වෙනුවෙනි. උදා- ජීවක වෙද මහතාගේ දැනුම බුදු දහමට සාපේක්ෂව 'මුසාවකි'. නමුත් එතුමා එම දැනුම යොදාගෙන ජීවිත දහස් ගණනින් ගලවා ගත් අතර බුදුන් වහන්සේටද ප්‍රතිකාර කළේය. දැනුම නිර්මාණය කිරීම අවශ්‍ය දෙයකි.

    2. නලින්ගේ "ඇත්තෙන්" ලෝකයට ඇති ප්‍රයෝජනය කුමක්ද?

    නලින් මහතා "මුසා/බොරු" වචනය භාවිතා කරන්නේ බුදු දහමට සාපේක්ෂව නිසා මෙහි නලින්ගේ "ඇත්ත" නම් බුදු දහමේ සත්‍යය ම වේ. එනම් අවිද්‍යාව දුරු වීමෙන් (නිවන් දැකීමෙන් පසු ) දකින සත්‍යයයි. එයින් ඇති ප්‍රයෝජනය ගැන ඇසීම "චතුරාර්ය සත්‍යයෙන් ඇති ප්‍රයෝජනය කුමක්දැයි" ඇසීමට සමානය. චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් නිවන් දකින බව අප (බෞද්ධයන්) පිළිගන්නේ හුදෙක් ශ්‍රද්ධාවෙනි. ඒ පිළිබඳ වාද කිරීම මෙම සාකච්ඡාවට අදාළ නොවන දෙයකි.

    3. නලින් බටහිර විද්‍යාව වෙන්කර එයට "පට්ටපල් බොරුවක්" යයි කියයි. මින් ඇති ප්‍රයොජනය කුමක්ද?

    මං හිතන්නේ මේක තමයි මෙතනට අදාළ වන ප්‍රශ්ණය.
    නලින් මහතා නිතරම කියන්නේ බටහිර විද්‍යාව අපේ සිංහල බෞද්ධ සංකෘතියට අවසෝෂණය කළයුතු බවයි. ඒ අතරම 'සිංහල බෞද්ධ දැනුමක්' ගොඩනැගිය යුතු බවද ඔහු කියයි. මේ කරුණු දෙක ඉටු කරගැනීමට ඉහත මතවාදය දායක වනු ඇත.

    උදා - 1. ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි විස්තර කිරීමට ඉන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත සංකල්ප යොදා ගැනීම වෙනුවට සංයුක්ත සංකල්ප යොදා ගැනීමට උත්සහ කිරීම.

    2. ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි විස්තර කිරීමට ඉන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත සංකල්ප යොදා ගත්තත් ඒවා 'ඔප්පු කිරීමට' නැවත ඉන්ද්‍රිය ගෝචර ලෝකයට යාම වෙනුවට ඉන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත සංසිද්ධි සඳහා පමණක් ඒවා යොදා ගැනීම වැනි පියවර මගින් අලුත් දැනුමක් නිර්මාණය කිරීම.

    ඊළඟට වැදගත් දේ තමයි බටහිර විද්‍යාව පතුරාගෙන සිටින ආධිපත්‍යය පාලනය කිරීම. බටහිර විද්‍යාව පතුරාගෙන සිටින ආධිපත්‍යයට ප්‍රධාන හේතුවක් වන්නේ බටහිර විද්‍යාවේ දර්ශණය මඟින් පතුරවා ඇති වැරදි ආකල්පයන්ය.
    උදා 1 - තාමත් බොහෝ දෙනා අසත්‍යකරණය
    (Falsifiability) හිස් මුදුනින් පිළිගනිති. අසත්‍යකරණය සත්‍යයක් නම් ගුරුත්වාකර්ෂණය ප්‍රතික්ශේප විය යුත්තේ අවුරුදු සිය ගණනකට පෙරය. නමුත් අවු. තුන්සිය ගණනක් එය ඉගැන්වෙන අතර එකම පුද්ගලයා ගුරුත්වාකර්ෂණයද අවකාශ-කාලයේ වක්‍රතාවයද එකම ආයතනයේ එකම ගුරුවරයාගෙන් ඉගෙන ගනී. ඉන්පසු දෙකම භාවිතා කරයි. අසත්‍යකරණය බල්ලාට ගිය බව පිළිගැනීමට තවත් උදාහරණ ඕනෑ නැත.

    උදා 2 - කලකට පෙර සමලිංගිකත්වය මානසික රෝගයක් බවට දැනුමක් තිබිණි. ඉන්පසු හදිසියේම එය "අසත්‍යකරණය" විය. මෙය කරන ලද්දේ දේශපාලන බලපෑම්, බිය වැද්දවීම, උද්ඝෝෂණ, තර්ජනාත්මක ලිපි ආදිය යොදා ගනිමිනි. අසත්‍යකරණය යනු මෙයද? තගරියෙන් ප්‍රවාද අසත්‍යකරණය වන්නේ නම් විද්‍යාවක් මොකටදැයි අසන්නට සිදුවේ. මේවා දැන දැනත් වෛද්‍ය ප්‍රීඨයේ අපේ ගුරුවරු අපට කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව ඊනියා සාක්ෂි මත පදනම් වන ( Evidence-based) වෛද්‍ය විද්‍යාවක් බවත් අනෙක් වෙදකම් සාක්ෂි මත පදනම් නොවන (Non Evidence-based) 'වෙදකම්' බවත්ය (මේ ගොන් තර්කය අනුව සමලිංගිකත්වය මානසික රෝගයක් බවට කලින් සාක්ෂි තිබී ඇති අතර හදිසියේම ඒවා වාශ්ප වී ඇත!)

    3. බටහිර විද්‍යාව පතුරාගෙන සිටින ආධිපත්‍යය පාලනය කිරීමෙන් බටහිර විද්‍යාවට වැඩක් තියනවද?

    ඔව්. බොහෝ දෙනා බටහිර විද්‍යාවේ පරම සත්‍යයක් නැතැයි සිතා සිටිති (මෙයද බටහිර විද්‍යාවේ දර්ශණය මඟින් කියන තවත් එක බේගලයකි ). බටහිර විද්‍යාව ගොඩනගා ඇත්තේ ඇරිස්ටෝටලියානු ද්විකෝටික තර්කන ක්‍රමය පරම සත්‍යයක් ලෙස ගැනීමෙනි. මෙලොව කිසිම බටහිර විද්වතෙකු කිසි දිනක ද්විකෝටික තර්කන ක්‍රමය සැකයට හෝ ප්‍රශ්ණ කිරීමට භාජනය කර නැත. ක්වොන්ටම් භෞතික විද්‍යාවේ ද්විත්ව සිදුරු පරීක්ෂණය (double-slit experiment) වැනි සංසිද්ධි කිසි දිනක ද්විකෝටික තර්කන ක්‍රමයෙන් පැහැදිළි කල නොහැක. නමුත් කිසිම බටහිර විද්වතෙකු අඩුම ගානේ "අපි වෙන තර්කන ක්‍රමයක් නිකමට හරි පාවිච්චි කරමුද?" කියා වත් අසා නැත. ත්‍රකෝටික තර්කනයක් හෝ චතුෂ්කෝටික තර්කනයක් ගැන හිතන්නේ වත් නැත. මෙහි ප්‍රතිඵලයක් ලෙස අවු ගණනාවක් ක්වොන්ටම් භෞතික විද්‍යාව එකතැන පල්වේ.

    4. හොඳයි ඕවා ඔක්කොම දාර්ශනික කරුණු නේද? සාමාන්‍ය මිනිස්සුන්ට ඇති වැඩේ මොකක්ද?

    අපි හමදෙනාටම බටහිර විද්‍යාවේ ආධිපත්‍යය හොඳටම දැනෙන උදාහරණයක් ලෙස බටහිර බෙහෙත් ගනිමු. බටහිර බෙහෙතක් නිර්මාණය වන්නේ කෙසේද?
    උදාහරණයක් ලෙස මෙහෙම ගන්න..
    කොතල හිඹුටු වලින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩුවේ. දැන් මෙය භාවිතා කර 'පෙත්තක්' හදනවා යයි සිතන්න...

    1. අපි හිතමු කොතල හිඹුටු වල අපට වැදගත්
    ක්‍රියාකාරී සංඝටක 30ක් තියනවා, ඉන් 10කින් සීනි අඩු වෙනවා, 10කින් සීනි වැඩි වෙනවා, ඉතුරු දහයෙන් අතුරු ආබාධ පාලනය වෙනවා. මේ තිහේම synergistic effect එක නිසා සමස්ථයක් ලෙස රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩුවෙනවා කියල හිතන්න...

    2. දැන් බටහිර විද්‍යාවට මේ තිහම සලකන්න බෑ (අධික වියදම සහ පරීක්ෂණ ක්‍රමයක් නැති වීම නිසා) ඒ නිසා පළමුව ඔවුන් synergistic effect එක ප්‍රතික්ෂේප කරනවා නැතහොත් අමතක කරනවා.
    3. කොතල හිඹුටු වල සමස්ත ක්‍රියාකාරීත්වය ක්‍රියාකාරී සංඝටක 2-3 කට ඌනනය කරනවා.
    4. ඉන් හොඳම එක තෝර ගන්නවා.
    5. ඒක පේටන්ට් කරනවා.
    6. ඊට පස්සේ සුපුරුදු විදිහට Pre-clinical trials, clinical trials නාඩගම නටල "විකුණගන්න පුළුවන් පෙත්තක්" හදනවා.
    7. බැරි වෙලාවත් ඔප්පු උනොත් ආර්ථික වශයෙන් ඵලදායී විදිහට පෙත්තක් හදන්න බෑ කියල - වැඩේ අල්ලල දාල අලුතෙන් පටන් ගන්නවා.
    8. බැරි වෙලාවත් Pre-clinical trials වලදී වැඩේ වාත උනොත්
    අල්ලල දාල අලුතෙන් පටන් ගන්නවා.
    9. අන්තිමට ලැබෙන ඒ පෙත්තේ අනිවාර්යයෙන් තියන දේ තමයි "අතුරු ආබාධ". හේතුව synergistic effect නොසලකා හැරීම (ඒක හැමෝම දන්නවා නමුත් පිළිගන්නේ නෑ.)
    10 ඊට පස්සේ පෙත්ත කොතල හිඹුටු වලට වැඩිය උසස් කියල අපිට උගන්නනවා. ඒ ඇයි කියල අහපුවහම "කොතල හිඹුටු dose එක කොහොමද හරියටම කියන්නේ?" වගේ ප්‍රශ්ණ අහනවා.

    දැන් පොඩ්ඩක් හිතල බලන්න අපි හැමදෙනාගෙන ජීවිත බටහිර විද්‍යාවෙන් පාලනය කරන්නේ මේ විදිහට නේද කියල? උන් හරි කියල කියන ක්‍රමවේදය අපි කැමති උනත් අකමැති උනත් පිළිගන්න ඕන. උන්ගේ ක්‍රමය කවදාවත් උන් වෙනස් කරන්නේ නෑ.

    ඔන්න ඕක තමයි බටහිර විද්‍යාව කියන්නේ. මේ ක්‍රියාදාමයට අභියෝග කරන්න නම් බටහිර විද්‍යාවේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරන මිනිස්සු ඕන.

    නලින් මහතා කියන දේවල් අන්ධ භක්තියෙන් ඇදහීමක් කිසිවිටකත් අවශ්‍ය නැත. නමුත් ඔහු කියන දේවලට අවධානයෙන් සවන් දීම මඟින් සමහර විට අනාගතයේ අලුත් ආකාරයේ දැනුමක් නිර්මාණය කිරීමේ හැකියාව සහිත මිනිසුන් බිහි කිරීමට හේතු වනු ඇත. ඉන් යහපතක් විනා අයහපතක් සිදු නොවේ..:)

    වටිනා අදහස් ටිකක්... නලින් ද සිල්වා කියන නමට බය සමහරක් මේ ලිපියේ අර්ථය අවබෝධ කරගන්න හිතනේවත් නැතුව බොරුවට වෙන වෙන වචන වල එල්ලිලා ලොකු තර්ක දානවා, තමන් හරි කියල පෙන්නන්න...
    ඒ වගේ හිස් මිනිස්සු දෙතුන් දෙනෙක් ඇරෙන්න , බහුතරයක් දෙනා මේ ලිපිය කියවලා හිතන්න යමක් එකතු කරගත්තා නම් එච්චරයි....
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    බුධු දහම කියන්නෙ සම්මුතියක් නෙවෙයි කිවුවනන් ඉවරනේ, බමුණු තර්ක දාන්නෙ නැතුව.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බුධු දහම කියන්නෙ සම්මුතියක් නෙවෙයි කිවුවනන් ඉවරනේ, බමුණු තර්ක දාන්නෙ නැතුව.

    උයාට එහෙම හොදයි නම් මට ඇයි?... :D
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මචං යක්ෂයෝ ඉන්නවනන් නාගයො කියලත් කොටසක් ඉන්න ඕනෙ නේද? එතකොට නාගයො හිටියෙ ලංකාවෙ නෙවෙයිද? ඇයි නාගයො ගැන කථා කරන්නෙ නැතුව යක්සයො ගැන විතරක් මෙච්චර පුරසාරං දොඩවන්නෙ?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචං යක්ෂයෝ ඉන්නවනන් නාගයො කියලත් කොටසක් ඉන්න ඕනෙ නේද? එතකොට නාගයො හිටියෙ ලංකාවෙ නෙවෙයිද? ඇයි නාගයො ගැන කථා කරන්නෙ නැතුව යක්සයො ගැන විතරක් මෙච්චර පුරසාරං දොඩවන්නෙ?

    :lol::lol: පවු අෆ්ෆා උයා...
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    අලුතෙන් දැනුමක් නිර්මාණය කරන්න ඕනේ කියල, හැම දැනුමක්ම පට්ටපල් බොරු කියල කියන එක පරස්පර විරෝදී බව ඇත්ත. හැබැයි බටහිර දැනුමට වඩා මිනිසුන්ට යහපත් දැනුමක් හරි සමාජ ක්‍රමයක් හරි බුද්ධාගමේ කියල තියන දේවල් උදව් කරගෙන හදාගන්න පුළුවන් නම් එක හොඳයි නේද? උදාහරණයක් විදියට කෘමිනාශක වෙනුවට පරිසරයට/මිනිසුන්ට හිතකර කෘමින් පලවාහැරීමේ ක්‍රම භාවිතා කිරීම වගේ එකක්. මේ උදාහරනේ සරල එකක් මීට වඩා ගොඩක් දුරට යන්න පුළුවන් මට හිතෙන්නේ.

    අන්න හොදයි , දැන් ඔබතුම කියනවනේ අවිද්‍යාව මුල්කරගත් දැනුමක් තමයි නලින්ද මහතා ගේ සංකල්ප ඔස්සේ ලබන්නේ. දැන් බලන්නකෝ මුල්ම ලිපියේ අන්තිමට තියෙන්නේ මොකක්ද ?

    මේ කතා කරන්නේ අවිද්‍යාව අතහැරීමක් ගැන.

    මේ කතාව පරස්පර විරෝදී දෙයක් නේ. නලින්ද සිල්වාගේ සංකල්ප ඔස්සේ ලබගණන් පුළුවන් වෙන්නේ අවිද්‍යාව මුල්කරගත් දැනුමක්. එතුමාම කියනව දැනුමෙන් මිදෙත්වා කියලත්.

    පැහැදිලිනේ , නලින්ද සිල්වා මහතා පවසන්නේ විලම්බීත කතා.(සමහරකට නම් ගැඹුරු අර්ථයක් තියෙන කතාවක් )
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අලුතෙන් දැනුමක් නිර්මාණය කරන්න ඕනේ කියල, හැම දැනුමක්ම පට්ටපල් බොරු කියල කියන එක පරස්පර විරෝදී බව ඇත්ත. හැබැයි බටහිර දැනුමට වඩා මිනිසුන්ට යහපත් දැනුමක් හරි සමාජ ක්‍රමයක් හරි බුද්ධාගමේ කියල තියන දේවල් උදව් කරගෙන හදාගන්න පුළුවන් නම් එක හොඳයි නේද? උදාහරණයක් විදියට කෘමිනාශක වෙනුවට පරිසරයට/මිනිසුන්ට හිතකර කෘමින් පලවාහැරීමේ ක්‍රම භාවිතා කිරීම වගේ එකක්. මේ උදාහරනේ සරල එකක් මීට වඩා ගොඩක් දුරට යන්න පුළුවන් මට හිතෙන්නේ.

    මචන්, ඔය කියල තියෙන දේ සරල අර්ථය ගන්න එපා.. මෙතන කියන්නේ, දැනුම කියන දේ පට්ටපල් බොරුවක් කියල, ඒ ප්‍රත්‍යක්ෂයට සාපේක්ෂව.. නමුත් යම් කිසි කෙනෙක්ට ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධකරගන්න තරම් හැකියාවක් නැති නම් එයාට කරන්න වෙන්නේ දැනුමෙන් දෙයක් අවබෝධ කරගන්න. මොකද අපි කවුරුත් රහත් වෙලා නෑ. එතකොට මේ ලෝකේ ස්වභාවය ගැන, රහත් නොවූ කිසිම කෙනෙක්ට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නෑ. එතකොට සිංහල බෞද්ධ අපිට සිද්ධ වෙන්නේ, ඒ රහතන්වහන්සේලා හෝ බුදුහාමුදුරුවන්, තමා ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධකරගෙන දේශනා කරපු "ධර්මය හෙවත් දැනුම" ලබා ගැනීම විතරයි. ඉතින් ප්‍රත්‍යක්ෂ දැනුමට සාපේක්ෂව, කෙනෙක් කියන ලද දෙයකින් ගොඩනැගුනු දැනුමක් බොරුවක් වෙන්නේ ඒකයි.

    ඒකට උදාහරණයක් කියන්නම්. බුදු දහමේ කියනවා "මම" කියල කෙනෙක් නෑ කියල. නමුත් අපි "මම" කියන පුද්ගලභාවය මත තමයි මේ ලෝකේ ජීවත් වෙන්නේ. "මම" කියල දෙයක් නෑ කියල මට බැහැ වෙන කෙනෙක්ගේ ගෙදරකට යන්න. නමුත් ගැබුරින් බැලුවම "මම" කියල දෙයක් නැහැ.
    අන්න ඒකම තමයි නලින් ද සිල්වා කියල තියෙන්නේ, දැනුම කියන්නේ පට්ටපල් බොරුවක්. නමුත් ඒ දැනුම බොරු කියල දැන දැන, අපි එදිනෙදා කටයුතු කරගන්න ඒ දැනුම පාවිච්චි කරනවා.
    නමුත් මෙතන නව දැනුම කියල ඔහු අදහස් කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් වූ දැනුමක් ගැන. මොකද මුළු ලෝකයම අද ක්‍රියාත්මක වෙන්නේ ක්‍රිස්තියානි චින්තනය මත පදනම් උන දැනුමක් මත. රහතන්වහන්සේලාගෙන් අපිට ලැබුණු දැනුම කියන්නේ ප්‍රත්‍යක්ෂයට සාපේක්ෂව බොරුවක් නම්, බටහිර දැනුම කියන්නේ පට්ටපල් බොරුවක් කියල කියන්නේ අන්න ඒකයි..

    නිවන් පසක් කිරීමට දැනුම ද අත්හැරිය යුතු ය. මේ දුටු වහාම බොහෝ උගත්, එනම් බටහිර පන්නයේ උගත්, බෞද්ධයන් කිපෙනු ඇත. එමගින් තව තවත් නිවනෙන් ඈත්වනු ඇත. එහෙත් මෙයින් අදහස් කරන්නේ අපේ එදිනෙදා පැවැත්මට දැනුම අවශ්‍ය නොවන බව නො වේ. ඒ දැනුම අප විසින් නිර්මාණය කරනු ලැබිය යුතු ය. ඒ දැනුම නිවන නිෂ්ඨාව ලෙස ගත යුතු ය. එයින් අදහස් කරන්නේ අප නිර්මාණය කරන දැනුම අනවශ්‍ය ප්‍රමාණයකට මා, මගේ් සහ පෞද්ගලිකත්වය ඉස්මතු නොකළ යුතු ය යන්න ය. අප අද මහත් අගයන බටහිර දැනුම පෞද්ගලිකත්වය වර්ධනය කරයි. බටහිර අධ්‍යාපනය විසින් වර්ධනය කෙරුණු පෞද්ගලිකත්වයක් මට ද වෙයි. අද අප රටේ ද ලෝකයේ ද සිදුවන බොහෝ අපරාධවලට මුල පෞද්ගලිකත්වය ය, මමත්වය ය, මමායනය ය.

    ආටිකල් එක කියවල බලන්න..
     
    • Like
    Reactions: බණ්ඩා

    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    :lol::lol: මනස සර්වසම කියල මම කියල තියෙනවාද? පොදුයි කියන එකයිසර්වසමයි කියන එකයි දෙකක්. සිංහල තේරුම් ගන්නත් බැරුවද මචන් සිංහලෙන් බන දේශනා කරන්නේ?:P:P (බස් මගියෙකුට ටිකට් පත පොදු දෙයක් , එම ටිකට් පත් සර්වසම ද? හි හි හි නලින්ද followers ලගේ කෙස් පැලෙන තර්ක..:lol:) .. බොරු තර්ක දන්නා එපා මචන්.. එකම සරල ප්‍රශ්නයය් ඇහුවේ, සුද්දෙක් සහ සිංහල බෞද්ධයෙක් පොල් ගස දකින ආකාරයේ වෙනස මොකක් ද කියලා... තවම වටේ යනවා මිසක් , කෙලින් උත්තරයක් දෙන්න බැරි උනානේ. ...

    සරලවම කිව්වොත්, කිසිවෙකුත් කිසිමදාක භාහිර පිහිටි පොල් ගසක් තම ඇසින් දැක නැත. කර ඇත්තේ, ඇසට පෙනෙන වර්ණ සටහනට, මේක පොල් ගසක්, මේක ගොඩක් උසයි, මේකෙ ගෙඩි ගොඩක් තියෙනවා, යනාදී වශයෙන් මනසින් තැනූ සංඥා බැඳීමයි. අපි එක් එක් කෙනා මේ දකින රූපයට මනසින් සංඥා, චේතනා ගැට ගහන විදිය වෙනස්. ඒ නිසයි මගේ ලෝකයේ පොල් ගහ වෙන කාගේ හරි ලෝකයක පොල් ගහෙන් වෙනස් වෙන්නේ. නමුත් අපේ අවිද්‍යාව කියන්නේ, අපිට හිතෙන්නේ භාහිර පොල් ගහක් තියෙනවා, මේ තියෙන එකයි අපි දකින්නේ කියලා. හැබැයි, අපිට කවම කවදාවත් තියෙන දේ පේනවත් නෙවෙයි, පේන දේ තියෙනවත් නෙවෙයි. මේක හොඳාකාරවම අවබෝධ වෙන්න නම්, පටිච්චසමුප්පාදය ධර්මය අවබෝධ විය යුතුයි.
     
    • Like
    Reactions: Sataninhell

    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    බම්ප්

    ටිකක් පරක්කු වෙලා හරි මේ thread එක දැකපු එක ගැන සන්තොසයි. බොහොම ස්තුතියි share කලාට. ලිපියේ මූලිකම හරය මගේ ලෝකයට අනුව උඩ තියෙන comment එකේ සාරංශ ගත කළා. :)
     
    • Like
    Reactions: funkyguy89

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සරලවම කිව්වොත්, කිසිවෙකුත් කිසිමදාක භාහිර පිහිටි පොල් ගසක් තම ඇසින් දැක නැත. කර ඇත්තේ, ඇසට පෙනෙන වර්ණ සටහනට, මේක පොල් ගසක්, මේක ගොඩක් උසයි, මේකෙ ගෙඩි ගොඩක් තියෙනවා, යනාදී වශයෙන් මනසින් තැනූ සංඥා බැඳීමයි. අපි එක් එක් කෙනා මේ දකින රූපයට මනසින් සංඥා, චේතනා ගැට ගහන විදිය වෙනස්. ඒ නිසයි මගේ ලෝකයේ පොල් ගහ වෙන කාගේ හරි ලෝකයක පොල් ගහෙන් වෙනස් වෙන්නේ. නමුත් අපේ අවිද්‍යාව කියන්නේ, අපිට හිතෙන්නේ භාහිර පොල් ගහක් තියෙනවා, මේ තියෙන එකයි අපි දකින්නේ කියලා. හැබැයි, අපිට කවම කවදාවත් තියෙන දේ පේනවත් නෙවෙයි, පේන දේ තියෙනවත් නෙවෙයි. මේක හොඳාකාරවම අවබෝධ වෙන්න නම්, පටිච්චසමුප්පාදය ධර්මය අවබෝධ විය යුතුයි.

    Thanks for your explanation machan.. සමහර අයට කොහොම කිව්වත් මේ දේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ නෑ. තව සම-හරක් ඉන්නවා මේක ලියල තියෙන්නේ නලින් ද සිල්වා නිසා ඒක කියවන්නේ වත් නැතුව වැරදි හොයන. ඒ අය ගැන කරදර වෙන්නේ නැතුව, දෙයක් අවබෝධ කරගන්න උත්සාහ කරන අයට විතරක් අපි පැහැදීලි කරමු.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    I have been reading his articles for a long time now.it is only recently I understood what he is trying to say.
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    Thanks for your explanation machan.. සමහර අයට කොහොම කිව්වත් මේ දේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ නෑ. තව සම-හරක් ඉන්නවා මේක ලියල තියෙන්නේ නලින් ද සිල්වා නිසා ඒක කියවන්නේ වත් නැතුව වැරදි හොයන. ඒ අය ගැන කරදර වෙන්නේ නැතුව, දෙයක් අවබෝධ කරගන්න උත්සාහ කරන අයට විතරක් අපි පැහැදීලි කරමු.

    ඇත්තටම ගත්තොත්, මේක ටිකක් තේරුම් ගන්න අමාරු කාරණයක්. වැඩිය ඕනේ නෑ, ඔයා ඔය දාලා තියෙන නලින් ද සිල්වා මහත්තයගේ ලිපිය ගන්න. මෙතන comment කරපු මම ඔයා අතුලු අපි හැමෝම අපේ ඇස් වලින් දැක්කේ එකම දෙයක් නැත්නම් එකම වර්ණ සටහනක්. නමුත් අපි එක් එක්කෙනා මේක තේරුම් ගත්තේ, අර්ථ දැක්වා ගත්තේ එක එක විදියට. මේකම සිංහල දන්නේ නැති කෙනෙක් බැලුවොත් ඔහු මේක ගන්නේ වෙනමම විදියකට. ඇත්තටම අපි භාහිර තියෙන යමක් දැක්කනම්, අපි හැමෝටම මේ තියෙන දේ එකම විදියට අර්ථ දක්වා ගන්න පුලුවන් වෙන්න ඕන. නමුත් එහෙම වෙන්නෙ නෑනේ.

    මේකෙන්ම තේරෙනවා, අපි භාහිර දෙයක් දකිනවා කියල හිතුවට ඇත්තටම වෙලා තියෙන්නේ ඇහැට පේන වර්ණ සටහනට අපේ සංඥා මනසින් ගැට ගැහීම කියලා.

    කෙනෙකුට මේ සත්‍යය යම් තාක් දුරට හරි තේරෙනවානම්, ඔහුගේ යුතුකම තමයි මේ දන්න දේ ජීවිතය තුළින් දැක ගන්න එක. ඒකට ඉතින් සතර සතිපට්ඨනය වඩන්න ඕනේ. :)