බුදුදහම සහ මිත්‍යාව

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    වැඩක් නැ :rolleyes:

    images

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,100
    113
    ඉපදීම දුකක් කියල බුද්ධාගමේ උගන්වන එක සම්බන්ධව මගේ කිසිම තර්කයක් නෑ.... මම බුදු දහමේ හිස් මුදුනින් පිළිගන්න කාරණා කීපයක එකක් ඒක... ජාති ජරා මරණ කියන තුන් ඈඳුතුව අනුව ඒක පැහැදිලියි... උඹ දැන් බුද්ධාගම ගැන, මිනිස් ජීවිතය ගැන සංසාරය ගැන හොඳාකාරව දන්නවා.... එහෙම තියෙද්දිත් උඹල ළමයි හදන එක සාධාරණද? ඒක බුදු දහම අනුව කොයි තරම් ප‍්‍රායෝගික ද? බුදු දහමේ ළමයින් හැදීම ගැන කියල තියෙන දේ මොකක්ද..?

    Understood. Thanks
    සුමනා-සෝමපාල කියලා බොදු යුවලක් සලකමු.
    බුදුදහමට අනුව තෘශ්නාව ප්‍රහීන නොකල විඥ්ඥානය සැලකුකල, සෝමපාල-සුමනා දරුවෝ නොහදා හිටියත් වෙන කොහෙහරි තැනක ඒවිඥ්ඥානය ඔක්කන්තිවෙනවා( සත්වයෙක් ලෙස උපදිනවා ).එයින් දුක හටගන්නවා.ජාති ජරා,ව්‍යාධිවශයෙන් එකලොස් ආකාරයේ.ඒනිසා දරුවෝ නොහදා හිටිය කියලා කෙනෙක්ව( උපදින්න ඉන්න ) දුකට වැටීම වලක්කවන්න බෑ.ඉතින් ඉපදීම දුකක් වීම යන්න සහ බවුද්ධයන් දරුවෝහැදීම අතරේ සම්බන්ධතාවක් නෑ.

    ඒනිසා දරුවෝ හැදීම ගැන විශේෂ විරෝධයක් බුදුදහම තුල නෑ.පුත්තා වත්තු මනුස්සානන් කියපු දෙයින්ම එය පැහැදිලිවෙනවා.මනුස්සයාගේ වස්තුව දරුවා.

    ඉතින් මේ මුලික ප්‍රතිවිරෝධයක් දහමින් නැතිනිසාත්, ලින්ගික ජීවිතයේ අතුරුඵලය වීම නිසාත්, පවුලේ පැවැත්ම ,සමජයේ පැවැත්ම,දෙමාපියන්ගේ මහලුවියේ රැකවරනයන එකී මෙකී නොකී කාරන නිසා දරුවෝ හදනවා වෙන්න ඔනේ.ඒ හෙතුන් පුද්ගලානුබද්ධයි.
     
    Last edited:

    කොහේ හරි තැනක ඉපදෙනවා කියන එක ඉපදීම දුකක් කියපු උඹ භාරගන්නේ ඇයි...?
    උඹ ඒ දේ භාර ගැනීම නිසා උඹ බුදුන්ගේ දේශනාවේ තියෙන භවයට බැදීමට හේතුවන කරුණු ප‍්‍රබල වෙනවනේ... රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං කියන කරුණ කියන්නේ ගිහිගෙහි හිටපු සිදුහත් කුමරු.. ඒ වෙන කොටත් ඔහු සත්‍ය අවබෝධ කරගෙන නෑ... එහෙම කෙනෙක් එහෙම කියල තියෙද්දී සැබෑ සත්‍ය අවබෝධ කරගත්ත බුදුන් වහන්සේ කියන දේ ගැන පෘථුල දැනුමක් තියෙන උඹලා දරුවෝ හදාගෙන ගේ දොරවල් හදාගෙන ආර්ථික ජීවියෙක් වෙලා තියෙන්නේ සංසාරය බියකරු නෑ කියල උඹල පැත්තකින් හිතන නිසා නේද...? සිවුරක් ඇඳගත්ත අතිශය බහුතර භික්ෂුන් (මහා නායක හිමිවරු ඇතුලු සියලුම) තව තවත් බුදුන්ගේ දහම එක පැත්තකින් උඩ දම දමා අනෙක් පැත්තෙන් අන්‍යාගමිකයෙක් වගේ සියලුම ලෞකික බැදීම් එක්ක කාලය ගත කරන්නේ සංසාරය බියකරුය කියල දැන දැනම නේද...? ඒ කියන්නේ කියන තරම් යකා කලු නෑ කියල උඹල හිතාගෙන ඉන්නවා කියන එකද...? ආගමක වැදගත්ම දේ තමයි උඹලට අමතක වෙලා තියෙන්නේ.... බුදු දහම ජාතියක නගා සිටුවීමත් එක්ක බද්ද කරගන්න බැරි වෙලා තියෙන්නේ ඒකයි....
     
    • Like
    Reactions: ForgottenSand

    පටලවගන්න එපා.
    මම නෙවෙයි ඉපදීම දුකක් කියලා කිව්වේ , බුදුරජානන් වහන්සේ.
    (සත්වයා කොහේහරි ඉපදෙනවා, ප්‍රතිසන්ධිය ලබනවා කියලා කිව්වෙත් උන්වහන්සේතමයි. )

    ඉපදීම දුකක් කියලා පිලිගත්ත මමමයි, කොහේහරි ඉපදෙනවා කියන එක පිලිගන්නේත්.

    එහෙම නැතුව මෙහෙම නෙවෙයි..... මම ඉපදීම දුකක් කිව්ව, ඒකියලා, සත්වයා කොහේහරි ඉපදෙනවා කියලා බුදුහාමුදුරුවෝ කිව්ව.
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,100
    113
    කොහේ හරි තැනක ඉපදෙනවා කියන එක ඉපදීම දුකක් කියපු උඹ භාරගන්නේ ඇයි...?
    උඹ ඒ දේ භාර ගැනීම නිසා උඹ බුදුන්ගේ දේශනාවේ තියෙන භවයට බැදීමට හේතුවන කරුණු ප‍්‍රබල වෙනවනේ... රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං කියන කරුණ කියන්නේ ගිහිගෙහි හිටපු සිදුහත් කුමරු.. ඒ වෙන කොටත් ඔහු සත්‍ය අවබෝධ කරගෙන නෑ... එහෙම කෙනෙක් එහෙම කියල තියෙද්දී සැබෑ සත්‍ය අවබෝධ කරගත්ත බුදුන් වහන්සේ කියන දේ ගැන පෘථුල දැනුමක් තියෙන උඹලා දරුවෝ හදාගෙන ගේ දොරවල් හදාගෙන ආර්ථික ජීවියෙක් වෙලා තියෙන්නේ සංසාරය බියකරු නෑ කියල උඹල පැත්තකින් හිතන නිසා නේද...? සිවුරක් ඇඳගත්ත අතිශය බහුතර භික්ෂුන් (මහා නායක හිමිවරු ඇතුලු සියලුම) තව තවත් බුදුන්ගේ දහම එක පැත්තකින් උඩ දම දමා අනෙක් පැත්තෙන් අන්‍යාගමිකයෙක් වගේ සියලුම ලෞකික බැදීම් එක්ක කාලය ගත කරන්නේ සංසාරය බියකරුය කියල දැන දැනම නේද...? ඒ කියන්නේ කියන තරම් යකා කලු නෑ කියල උඹල හිතාගෙන ඉන්නවා කියන එකද...? ආගමක වැදගත්ම දේ තමයි උඹලට අමතක වෙලා තියෙන්නේ.... බුදු දහම ජාතියක නගා සිටුවීමත් එක්ක බද්ද කරගන්න බැරි වෙලා තියෙන්නේ ඒකයි....

    uba ahannei kara dhukak kiyakadha?
    ipadhena kenaatada ? ipadhdhana kenaatadha?

    ඉපදෙන්න ඉන්න එකාට....

    මම උබෙන් ඇහුවා උබ ප්‍රශ්නය ඉලක්ක කරන්නේ ඉපදෙන කෙනාද , උපද්දවන කෙනා(යුවල ) ගැනද කියලා. එතනදී උබ කිව්ව කිව්ව , ඉපදෙන කෙනා ගැන කියල. ඒනිසා මගේ පිලිතුර (above ) තියෙන්නේ ඉපදෙන කෙනාගේ දුක ගැනයි.

    දැන් උබ ඔය කතාකරල තියෙන්නේ, උපද්දවන කෙනාගේ සන්සාරදුක , බවයට බැදීම ගැනයි.උබේ කතාව හරි.ඒකයි මේ සත්‍ය තේරුම් ගත්ත මිනිසුන් ගිහි බැදීම් ඇතිකර නොගෙන( බ්‍රහහ්මචාරීව සිටිමින් අබු- දරුවන් රැස්නොකරමින් ), ආරණ්‍යගතව , රුක්ඛමුලගතව සසරකෙටිකරගැනීමට වෙහෙසෙන්නේ.මේඅයගේ නිවන්මග වේගවත් බව බුදුන් වදාරල තියනවා.
    අනිත් අයට දසසීලයේ, නවාන්ග උපෝසතසීලයේ හික්වෙමින්, පොහෝය අටසීලයේ නිති-පන්සීලයේ හික්වෙවෙමින්, සමාධි පග්ඥ්ඥාවඩාමින්, මේමාර්ගයේ සෙමෙන්මුත් ඉදීයට යන්න උපදෙස් දී තිබෙන්නේ.
    තමුන්ට සුදුසු දිශාව තෝරාගැනීම තමතමුන්ගේ වැඩක්.

    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අනිච්ච දුක්ක අනත්ත අනිත්‍යයි දුකයි අනාත්මයි ලෙස පරිවර්තනය කලේ මීට පරම්පරා දෙක තුනකට කලින්.එතකොට ඒ පරිවර්තනය බුද්ධ වචනයක් වෙන්නෙ කොහොමද ? පරම්පරාවෙන් ආ පමනින් නිවැරදියැයි පිළිගැනීම බුද්ධ දේශනවට අනුකූලද?

    මෙවැනි පුද්ගලයින්ගේ නොමනා හැසිරීම් වැලැක්වීමට මවිසින් පියවර ගෙන ඇත:

    රැවටිලිකරුවෙකුගෙන් ධ්‍යාන ගැන දෙබිඩි කථා
    http://www.elakiri.com/forum/showthread.php?t=1826858

    Skylark
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    මම උබෙන් ඇහුවා උබ ප්‍රශ්නය ඉලක්ක කරන්නේ ඉපදෙන කෙනාද , උපද්දවන කෙනා(යුවල ) ගැනද කියලා. එතනදී උබ කිව්ව කිව්ව , ඉපදෙන කෙනා ගැන කියල. ඒනිසා මගේ පිලිතුර (above ) තියෙන්නේ ඉපදෙන කෙනාගේ දුක ගැනයි.

    දැන් උබ ඔය කතාකරල තියෙන්නේ, උපද්දවන කෙනාගේ සන්සාරදුක , බවයට බැදීම ගැනයි.උබේ කතාව හරි.ඒකයි මේ සත්‍ය තේරුම් ගත්ත මිනිසුන් ගිහි බැදීම් ඇතිකර නොගෙන( බ්‍රහහ්මචාරීව සිටිමින් අබු- දරුවන් රැස්නොකරමින් ), ආරණ්‍යගතව , රුක්ඛමුලගතව සසරකෙටිකරගැනීමට වෙහෙසෙන්නේ.මේඅයගේ නිවන්මග වේගවත් බව බුදුන් වදාරල තියනවා.
    අනිත් අයට දසසීලයේ, නවාන්ග උපෝසතසීලයේ හික්වෙමින්, පොහෝය අටසීලයේ නිති-පන්සීලයේ හික්වෙවෙමින්, සමාධි පග්ඥ්ඥාවඩාමින්, මේමාර්ගයේ සෙමෙන්මුත් ඉදීයට යන්න උපදෙස් දී තිබෙන්නේ.
    තමුන්ට සුදුසු දිශාව තෝරාගැනීම තමතමුන්ගේ වැඩක්.

    ඔව් ඒක මම දන්නවා... මම උඹට කියපු ඒ දේවල් ඒ ඉපදෙන එකාටත් අදාලයි...
    අවුල තියෙන්නේ උඹ දැන දැනම ඒ වගේ දේකේ පුරුකක් ගලවන්න තියෙන අවස්ථාව අත් නොහැර උඹත් ඒකෙම එල්ලිලා තවත් එකෙක් ට එල්ලෙන්න ආරාධනා කරන එකයි.... මේ තර්කය උඹලට අවුලක් වෙන්නේ බුද්ධාගම නූතන අර්ථක‍්‍රමයට ප‍්‍රැක්ටිකලිව උඹල ගලපගෙන නැති නිසයි.... අන්තිමට උඹත් මම යන බෝට්ටුවෙම හබලක් අරන් එකම ලෞකික අරමුණුවලට හබල් ගහනවා... හැබැයි උඹ හබල් ගාන ගමන් කියනවා බුද්ධාගම පරම සත්‍ය වේ කියල... මම කියනව නෑ කියල... එච්චරයි... :yes:
     
    නුතන අර්ත ක්‍රමයට ගලපගන්න විදිය පොඩ්ඩක් පැහැදිලි කරපන්.ඒක කාටත් ප්‍රවෝජනවත්වෙයි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    නුතන අර්ත ක්‍රමයට ගලපගන්න විදිය පොඩ්ඩක් පැහැදිලි කරපන්.ඒක කාටත් ප්‍රවෝජනවත්වෙයි.

    කට කහනවට - ආතල් එකක් ගන්න - බුද්ධාගමට අපහසා කරන්න නෙවෙයි මම මේවල කමෛන්ට්ස් දැම්මේ..... මම කියන ප‍්‍රැක්ටිකලි දේවල් මෙතන සරලව කියන්න බෑ... බයවෙන්න එපා... මම මග හැරල යන්නේ නෑ.... මම මේ වෙන කොට සිංහල බෞද්ධයා ප‍්‍රැක්ටිකලි වෙන්න ඕන කොහොම කියල ත්‍රෙඞ් ඕනතරම් දාල තියෙනවා....

    http://www.elakiri.com/forum/showthread.php?t=1746952

    http://www.elakiri.com/forum/showthread.php?t=1746385

    http://www.elakiri.com/forum/showthread.php?t=1769940

    http://www.elakiri.com/forum/showthread.php?t=1746731

    http://www.elakiri.com/forum/showthread.php?t=1803545

    http://www.elakiri.com/forum/showthread.php?t=1747426

    තව ඕන තරම්.... පොතේ තියෙන දේ, පොළවෙ තියෙනව ද කියන එකයි වැදගත්.... ප‍්‍රැක්ටිකලි කියන්නේ ඒකටනේ... දැන් ඉන්න භික්ෂුවයි බෞද්ධයයි සංසාරෙ කෙටිකරගන්නෙත් නෑ... කරන්නේ ඉබාගාතේ ගිහිල්ල ජාතියේ ගමන කෙටිි කරන එකයි.... සංසාරේ කෙටි කරගන්න අයට පුලූවන් සෝබන නැතිව කැලේ වැදිල හරි ඒ දේ කරගන්න... ජාතියට ආගමට රැුකවලෙක්, අර සංසාර ගමන යන්න ට‍්‍රයි කරන අයට පාරක් හදල තියන්නත් කට්ටිය ඕන නේද...? මොකද ඒක හම්බයවත්, කුරුසයවත්, ලිංගයවත් කරන්නේ නැති නිසා.... උඹලයි ඔය භික්ෂුවයි කරන්නේ ආපු පාර පෙන්නලා ඉස්සරහ පාර වහල වෙනම ම පාරක යන එක... ඒකයි ප‍්‍රැක්ටිකලි නෑ කියන්නේ.....

    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    uba hari sasara keti karaganna aya kaleka wadila hari e wade karagannawa.ehema aya adui :(
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    uba hari sasara keti karaganna aya kaleka wadila hari e wade karagannawa.ehema aya adui :(

    දැන හෝ නොදැන දුසිල්වත් භික්ෂුවක් උඩ දාගෙන., සිවුරෙනේ කියල උඹල කටවහගෙන ඉන්නවා කියන්නේ ඒක ආගමේ මළගම.... සිංහලයාගේ මළගම.... ඉස්සරහට එන පරම්පරාවල් මිට වඩා කැත විදියට මේව ප‍්‍රශ්න කරාවි... පළවෙනියෙන් ශාසනය කියන්නේ ලාබ ලබන්න පහසු මාර්ගයක් නොවන තැනට වැඩ කරන්න ඕන...එතකොටට ශාසනයට ඇතුල්වෙන්නේ සැබෑ අලෞකික පිරිසක්... ඒ පිරිස තමන් නිසිතැන ඉඳල අනෙක් අය නිසි තැනට ගනියි.... දැන් වෙලා තියෙන්නේ සිවුර කියන්නේ ලේසියෙන් සල්ල හම්බ කරන්න පුලූවන්, ලේසියෙන් සැප විඳින්න පුලූවන් තැනක් කියල සමාජගත වීමක්.... ඒකට උඹල සතුටුයි ද? :oo:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,100
    113
    කට කහනවට - ආතල් එකක් ගන්න - බුද්ධාගමට අපහසා කරන්න නෙවෙයි මම මේවල කමෛන්ට්ස් දැම්මේ..... මම කියන ප‍්‍රැක්ටිකලි දේවල් මෙතන සරලව කියන්න බෑ... බයවෙන්න එපා... මම මග හැරල යන්නේ නෑ.... මම මේ වෙන කොට සිංහල බෞද්ධයා ප‍්‍රැක්ටිකලි වෙන්න ඕන කොහොම කියල ත්‍රෙඞ් ඕනතරම් දාල තියෙනවා....

    http://www.elakiri.com/forum/showthread.php?t=1746952

    http://www.elakiri.com/forum/showthread.php?t=1746385

    http://www.elakiri.com/forum/showthread.php?t=1769940

    http://www.elakiri.com/forum/showthread.php?t=1746731

    http://www.elakiri.com/forum/showthread.php?t=1803545

    http://www.elakiri.com/forum/showthread.php?t=1747426

    තව ඕන තරම්.... පොතේ තියෙන දේ, පොළවෙ තියෙනව ද කියන එකයි වැදගත්.... ප‍්‍රැක්ටිකලි කියන්නේ ඒකටනේ... දැන් ඉන්න භික්ෂුවයි බෞද්ධයයි සංසාරෙ කෙටිකරගන්නෙත් නෑ... කරන්නේ ඉබාගාතේ ගිහිල්ල ජාතියේ ගමන කෙටිි කරන එකයි.... සංසාරේ කෙටි කරගන්න අයට පුලූවන් සෝබන නැතිව කැලේ වැදිල හරි ඒ දේ කරගන්න... ජාතියට ආගමට රැුකවලෙක්, අර සංසාර ගමන යන්න ට‍්‍රයි කරන අයට පාරක් හදල තියන්නත් කට්ටිය ඕන නේද...? මොකද ඒක හම්බයවත්, කුරුසයවත්, ලිංගයවත් කරන්නේ නැති නිසා.... උඹලයි ඔය භික්ෂුවයි කරන්නේ ආපු පාර පෙන්නලා ඉස්සරහ පාර වහල වෙනම ම පාරක යන එක... ඒකයි ප‍්‍රැක්ටිකලි නෑ කියන්නේ.....

    මොකක්ද බන් මේ. මම කිව්වේ පොඩ්ඩක් පැහැදිලි කරපන් කියලා.උබ මෙතන ලින්ක් ටිකක් දාල ලිස්සලා ගිහින්.
    මට තේරෙන්නැත්තේ මේකයි,මහාදාර්ශනිකයන් වගේ සමාජ අර්ත ක්‍රමගැනයි, ප්‍රායෝගිකත්වය අනිත් උන්ටලොකුවට ටෝක් දෙන උබගෙන් ප්‍රශ්නයක් ඇහුවාම මෙහෙම ලින්ක් එකක්දාල ලිස්සන්නේ ඇයි කියලා.බලගෙනයද්දී උබල දාන වචනවල තේරුමවත් හරියට නොදැන කරන වචන හරබයක් විතරයි කියල තමයි හිතෙන්නේ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මොකක්ද බන් මේ. මම කිව්වේ පොඩ්ඩක් පැහැදිලි කරපන් කියලා.උබ මෙතන ලින්ක් ටිකක් දාල ලිස්සලා ගිහින්.
    මට තේරෙන්නැත්තේ මේකයි,මහාදාර්ශනිකයන් වගේ සමාජ අර්ත ක්‍රමගැනයි, ප්‍රායෝගිකත්වය අනිත් උන්ටලොකුවට ටෝක් දෙන උබගෙන් ප්‍රශ්නයක් ඇහුවාම මෙහෙම ලින්ක් එකක්දාල ලිස්සන්නේ ඇයි කියලා.බලගෙනයද්දී උබල දාන වචනවල තේරුමවත් හරියට නොදැන කරන වචන හරබයක් විතරයි කියල තමයි හිතෙන්නේ.

    පව් බං උඹ... දැන් උඹ මේකේ සැරිසරන්නේ ලැජ්ජාවට මිසක වෙන රෙද්දක් නිසා නෙවෙයි... උඹ ඇහුවේ ප‍්‍රායෝගික බුදු දහම කියන්නේ මොකක්ද කියලයි... යමක් ප‍්‍රායෝගික වෙන්නේ ඒක කි‍්‍රයාවේ තියෙනවද කියන එක උඩයි... මම උඹ අහන්න ඉස්සරවෙලා ප‍්‍රායෝගික භික්ෂුවක, ප‍්‍රායෝගික බෞද්ධයා ගැන ලියල තියෙනවා එමට... මට ලිස්සල යන්න කිසිම හේතුවක් නෑ... මුල ඉඳන් බලාගෙන ආපුවම කොලේ ඉරාගෙන රෙද්දෙ හලාගෙන දගලන්නේ කවුද කියල පේනවා.... :D
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කොහොමද බුද්ධගෝශයයි අනිත් සෙට් එකයි දීල තියෙන ගේම. දැන්වත් බුද්ධගෝෂ උන්නැහැගේ පොත් සෙට් එක අපේ පිරිවෙන් වලින් ඉවත් කලානම්...

    සතර පෙරනිමිති ඇතුළු ගොඩක් දේවල් වලටත් ඔය වගේම ගේම තමයි දීල තියෙන්නේ.

    24174249_160477984699488_4847493744508077401_n.jpg
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,100
    113
    පව් බං උඹ... දැන් උඹ මේකේ සැරිසරන්නේ ලැජ්ජාවට මිසක වෙන රෙද්දක් නිසා නෙවෙයි... උඹ ඇහුවේ ප‍්‍රායෝගික බුදු දහම කියන්නේ මොකක්ද කියලයි... යමක් ප‍්‍රායෝගික වෙන්නේ ඒක කි‍්‍රයාවේ තියෙනවද කියන එක උඩයි... මම උඹ අහන්න ඉස්සරවෙලා ප‍්‍රායෝගික භික්ෂුවක, ප‍්‍රායෝගික බෞද්ධයා ගැන ලියල තියෙනවා එමට... මට ලිස්සල යන්න කිසිම හේතුවක් නෑ... මුල ඉඳන් බලාගෙන ආපුවම කොලේ ඉරාගෙන රෙද්දෙ හලාගෙන දගලන්නේ කවුද කියල පේනවා.... :D

    මම මේකේ සැරිසරක එක ප්‍රශ්නයක් කරගන්න එපා.
    සන්වාදයකදී යමක් හැහුවාම එතනම පිලිතුරක් දෙන එක සාමාන්‍ය සම්ප්‍රදාය.එහෙම නැතුව අරහෙ කිව්ව මෙහේ කිව්ව කියල ලින්ක් දැම්මාම අපිට ඒ කරුනු සන්වාදයට ගන්න බෑ. මම හිතන්නේ ඒවා නැවත ප්‍රශ්නකරයි කියන බයට උබ ලින්ක්දාල මාරු උනේ. සන්වාදයක සාමාන්ය සම්ප්‍රදායටවත් ගරුනොකරෞන උබලා එක්කනේ අපිත් සන්වාදවලට ඇවිත් තියෙන්නේ.
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මම මේකේ සැරිසරක එක ප්‍රශ්නයක් කරගන්න එපා.
    සන්වාදයකදී යමක් හැහුවාම එතනම පිලිතුරක් දෙන එක සාමාන්‍ය සම්ප්‍රදාය.එහෙම නැතුව අරහෙ කිව්ව මෙහේ කිව්ව කියල ලින්ක් දැම්මාම අපිට ඒ කරුනු සන්වාදයට ගන්න බෑ. මම හිතන්නේ ඒවා නැවත ප්‍රශ්නකරයි කියන බයට උබ ලින්ක්දාල මාරු උනේ. සන්වාදයක සාමාන්ය සම්ප්‍රදායටවත් ගරුනොකරෞන උබලා එක්කනේ අපිත් සන්වාදවලට ඇවිත් තියෙන්නේ.

    ඔයා මෝඩ තර්ක ගේන්න එපා... මම අනුන්ගේ ලින්ක් එකක් දාලා නෑ...
    ඔයා ආපු එකට වඩා හොඳ විස්තරාත්මක උත්තරයක් දීලා තියෙන්නේ....
    ඔයා කියවල ඒක තේරුම්ගත්ත ද නැත්තං වටේ යනවද කියන එක වැදගත් නෑ...
    මොකද ඒ ඔයා වගේ පටු විදියට අන්ධයෙකුට කවදාවත් ඒවා තේරෙන්නේ නෑ.. ඒවා තේරුම්ගත්ත අය ඒ තැන්වල අපූරුවට කමෙන්ට් කරල තියෙනවා... ඔයා කැමති නම් කිසිම අමාරුවක් නැතිව ලින්ක් එක උඩ ක්ලික් කරන්න විතරයි තියෙන්නේ.. නැත්තං නිකං ඉන්න... මට මොකද... මම යන ගමන මම යනවා... ඔයා යන ගමන ඔයා යනවා.... කිසිම ප‍්‍රශ්නයක් නෑ.... :)
     
    අනුන්ගේ ලින්ක් කතාවක් කිව්වේනෑ.
    උබ මුලින් කිව්ව නුතන අර්තක්‍රමයටදෝ මොඅකකටද අපි බුදුදහම ගලපගන නෑලු.එතකොට මම ඇදුවා ඒකපැහැදිලිකරපන් කියල.
    මෙතන යන්නේ සන්වාදයක්නම් ඒක උබ මෙතන පැහැදිලිකරලා ඒකේ වැඩිවිස්තර වගේ දේවල් රිෆර් කරන්න ලින්ක් එක දාන්න ඔනේ.එතකොටයි සන්වාදයක ගලාගන යාම තියෙන්නේ.උබකරපු වැඩෙන් වෙන්නේ සන්වාදය අතරමග නවත්තලා කාලයක් අරගෙන ත්‍රෙඩ් බලන්න්න. උබේ පිලිතුරත් එක්ක අපිට කරුනුදක්වන්න බෑ.උබ මොනව කියලතියනවද අපි දන්නෙත්නෑ.