බුදුන් උපන්නේ ඔස්ට්‍රේලියාවේ බටහිර මූදේ

Jul 5, 2012
1,773
265
0
බුදුන් උපන්නේ ඔස්ට්‍රේලියාවේ බටහිර මූදේ

මේ බව සොයාගෙන ඇත්තේ අන් කිසිවෙක් නොව, මාගේ ගම් පළාත වන මීවනපළානේ දී ඉපදී පසුකාලයේදී පැවිදි වූ, අප කරුවුරුත් දන්නා මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ විසිනුයි. උන්නාන්සේ වඩාත් කුප්‍රකට වූයේ "අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජන්බුද්දීපය" බව ප්‍රකාශ කිරීමත් සමගයි. පහත දැක්වෙන්නේ උන්නාන්සේ විසින් රචිත එහි දෙවන කොටස.

4.jpg


මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේගේ ඇබිත්තයෙක් වන, 2012 අගදී සිදුවන ලෝක විනාශය මුලදීම ලොවට හෙළි කළ, දොන් ජයසිංහයන් විසින් අන්තර්ජාලයේ එය තවත් හොඳින් පැහැදිළි කර තිබෙන්නේ මෙලෙසයි. [මූලාශ්‍රය
]

45.jpg



ඔබට මේ කතාව පැහැදිළි ඇති. තාමත් පැහැදිළි මදි අයට සරළව මෙලෙස විස්තර කරන්නම්.

මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ විස්තර කළ විදියට, බුදු කෙනෙක් පහළ වන්නේ දැන් ශ්‍රී ලංකාව විදියට හැඳින්වෙන අපේ හෙළබිමේය. එසේම ලෝකයේ යහපත් කෙළවර හෙළබිමේ තිබෙන අතර ඒකේ අනික් කෙළවර තියෙන්නේ බර්මියුඩා ත්‍රිකෝණයේය. බුදුරදුන් පිටදුන් හිරිවඩුන්න බෝධිය හෙවත් බුද්ධත්වයට පත් වූ තැනට ප්‍රතිවිරුද්ධ තැන බර්මියුඩා ත්‍රිකෝණයයි.

තවත් පැහැදිළිව කියනවනම් , "ලෝක ගෝලයේ බර්මියුඩා ත්‍රිකෝණය තිබෙන තැනට හරියටම අනික් පැත්තේ තමයි බුදුහාමුදුරුවො බුද්ධත්වයට පත් වුණේ"

කවුරුවත් වර්ගපූර්ණිකාවට විරුද්ධව අවි අමෝරා ගන්න එපා. මේ කතාව මම නෙමෙයි කියන්නෙ, මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ සහ උන්න්නාන්සේගේ ගෝල බාලයනුයි. මම ඉතින් ඒ ගැනත් සුපුරුදු පරිදි හෙළගවේශණය කරල ඉවර වෙලා හෙළුවෙන් වනන්නයි (හෙළුවෙන්=එළුවෙන්=සිංහලෙන් වර්ණනාකරන්නයි) මේ සූදානම.

අපි බර්මියුඩා ත්‍රිකෝණයට අනික් පැත්ත කුමක්ද කියා බලමු. වෙබ් අඩවි වලින් ඒ ගැන තොරතුරු සොයද්දී මෙවැනි දෙයක් දැනගැනීමට පුළුවන්.

When you visit the coastal region of Western Australia you are standing on the Antipode (opposite side) of the Bermuda Triangle!
If the earth were a glass ball and you were able to see through it to the other side what would you find directly beneath your feet? The Island of Bermuda is almost directly opposite Fremantle, Rottnest Island (Perth Metro Area). The Triangle includes the greater part of the West Australian coastline. When visiting this region of Western Australia you are literally on the 'Other Side' of the infamous Bermuda Triangle!
source: http://www.americandownunder.com/phantom/BermudaSouth/bsgeo.asp

ඊට අමතරව ඔබටම මේ ගැන පොඩි පර්යේෂණයක් කරන්න පුළුවන්. www.antipodemap.com/ යනුවෙන් හැඳින්වෙන්නේ ලෝකයේ අනික් පැත්ත කුමක්ද කියල විද්‍යාත්මකව ගණනය කරන එක්තරා වෙබ් අඩවියක්. (මේ වගේ වෙබ් අඩවි ඕනැ තරම් තිබෙනව). අපි බලමු එහි ප්‍රතිඵලය.


janbudvipaya.jpg


දැන් මෙතන පොඩි පරස්පරතාවයක් තිබෙනව කියල ඔබට හිතෙන්න ඇති. එනම්, හෙළ බිම හැර අන් කිසිම තැනක බුදු කෙනෙකුගේ බුද්ධත්වයට පත් වීම සිදු නොවන බව ඉහත පොතේ උදෘතයේ දැක්වෙනවානේ. නමුත් ඉහත ප්‍රතිඵල අනුව අපට පෙනෙන්නේ බුදුන් බුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ බටහිර මූදේදී බවයි.

කලබල වෙන්න කරි නෑ. මෙන්න මේ වෙලාවෙදි අපට දෙයියෙක් වගේ අරිසෙන් අහුබුදු වන් පිහිට වෙනව. අරිසෙන් අහුබුදුවන්ට අනුව මුළු ලෝකයම ශිෂ්ටාචාර කරලා තියෙන්නේ අපේ හෙළුවන් විසිනුයි. ඒ අනුව බුද්ධ කාලයේදී බටහිර ඕස්ට්‍රේලියාව අපගේ හෙළයේ කොටසකි. බොරුයි කියල හිතෙනවනම් එහෙම නෑ කීමට තිබෙන සෙල් ලිපි පෙන්වන්න. ඒ වගේම මූදෙ යට බෝ ගස් වැවුණද වැනි මෝඩ ප්‍රශ්න එහෙමනම් අහන්න එපා.

හෙළුවනි, අපට මෙය අගනා සොයාගැනීමක් නොවේද? ශ්‍රී රාවණයන් ගැන ආඩම්බර වීම මදකට නවතා දමා බටහිර ඕස්ට්‍රේලියාව අපේ හෙළයේ කොටසක් වීම ගැනත් අපි ආඩම්බර වෙමු. දැන් බුද්ධගයාව වන්දනා කරන්න කියල යනවනම්, අපේ මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ පවසන විදියට ඔය වන්දනා නඩ යන්න ඕනැ බටහිර ඕස්ට්‍රේලියාවටයි .


මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ ගේ ඉතිහාසය උඩු යටිකුරු කරන තවත් බොහෝ සොයාගැනීම්, හුදී ජනයාගේ පහන් සංවේගය තකා ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්. හා දැන් හැමෝම අපේ උන්නාන්සෙට සාදු කියන්න...

ප:ලි: සමහරු කියල තිබුණ උන්නාන්සේ තමන් බොරුවක් කිව්ව කියල පිළිගත්ත කියල. ඒ ගැන දැක්වෙන මූලාශ්‍රයකට තිබෙන්නේ මේ sorry.com පි‍ටුව පමණයි. නමුත් එහි කොමෙන්‍ටු අනුව උන්නාන්සේගේ ගෝල බාලයින් නම් උන්නාන්සේ බොරුවක් කිව්ව කියන එක ප්‍රතික්ෂේප කරල. ඒ මදිවට, බ්ලොග් අවකාශයේ කොමෙන්ට් දාන උදවිය නොදන්නව වුණාට ජන්බුද්වීපය ගැන තාමත් ක්‍රියාකාරී ෆේස්බුක් ගෲප් හැට හුටහමාරක් තිබෙනව. (නොමිලේ ප්‍රචාරයක් ලබා දුන්න කියල ඔවුන් ලැජ්ජාවට පත් වෙන නිසා ඒවයෙ ලින්ක් දාන්න මම කැමති නැහැ). ඉතින් ඔන්න ඔය කාරණා නිසා ජන්බුද්වීපය ගැන (ජම්බුද්වීපය ගැන නෙමෙයි) ඉදිරියේදීත් හෙළුවෙන් වනන්නයි මගේ සූදානම.
 
Jul 5, 2012
1,773
265
0
සිව් පිළිසිඹියා රහතුන් වහන්සේ නමක් යැයි කියාගන්නා මීවනපලාණේ හිමියන් බර්මියුඩා ත්‍රිකෝනය ගැන කියන්න ගොස් ස්නානය කලා නේද?:lol::lol:
 

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    බුදුන් වහන්සේ උපන්නේ ලංකාවේ යැයි කියාගන්නා පිරිස කරන්නේ බුදු දහම තුල සිටම බුදු දහම විනාස කිරීමක්. මේ මිනිස්සු බුදුන්ගේ උපත ගැන මිනිසුන්ගේ හිතේ දෙගිඩියාවක් ඇතිකරනවා. ඒ දෙගිඩියාව ඇති කරන්න කෙස් පැලන තර්ක, ඒවා ඔප්පු කිරීමට ඇති තරම් ක්‍රම හෝයා ගන්නවා. මේක ගැටලුවක් වෙන්නේ අදට නෙවෙයි. තව අව්රුදු ගානකින්.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බල්ලො බිරුව කියල තවලම නවතින්නෙ නෑ.සත්‍ය කවදා හෝ එලිදකිනව.ඒක වලක්වන්න කාටවත් බෑ.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    බල්ලො බිරුව කියල තවලම නවතින්නෙ නෑ.සත්‍ය කවදා හෝ එලිදකිනව.ඒක වලක්වන්න කාටවත් බෑ.

    බල්ලෝ නෙමෙයි මචං හරකානේ තවලම අදින්නෙ.:lol:

    ඒක නෙවෙයි, කෝමද බං අරිහතුන් වහන්සේ කෙනෙක් කියන මීවණපලානේ හිමිට බර්මියුඩා ත්‍රිකෝනෙ ගැන කියන්න ගිහිල්ලා කෙල වුනේ? අනේ කියහංකෝ බං. ප්ලීස්! ලැජ්ජයි වගේ නම් පී එම් එකක් දාපං.:P
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මීවනපලානෙ උන්නාන්සෙ ගම අනුභව කරන්නොය
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    බුදු දහම විනාශ කරන්න ngo කාක්කන්ගෙන් ලැබෙන සල්ලි වලට කහින උන්දලා ඉන්නවා.

    *සමහර ගිහියෝ බුදු දහම විනාශ කරීමේ අරමුනෙන් මේවට කඩේ යනවා.
    *සමහර ගිහියෝ නොදැනුවත්කමට කඩේ යනවා.
    *ලෝකේ ප්‍රසිද්ධ වෙලා තියෙන අයිෆෝන් සැම්සුන්ග් බිල්ගේට්ස් ස්ටීව් ජොබ්ස් etc ලංකාවේ දෙයක්/කෙනෙක් කියලා බෝඩ් කෑලි උස්සන්න උනත් ලෑස්ති කට්ටියක් ඉන්නවා. උන්ට ඉතින් මේවා රජ මගුල්.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    buduhamduruwo ipadenne indiawewath lankawewath newe earth eke middle continent eke kiyala thamai old text wala kiyanne.mae hariyata kiyanne "sumeru" kiyala.Mount sumeru kiyala continent ekaka.meka dan kale hetiyata mount kailash hariye thamai,e kiyanne himalaya kadu range eke.tibet,nepal,india okoma ahuwenawa ekata.

    oya mount range ekata udin thamai asura deva loka tiyenawa kiyala vishwasa karanne(mount kailash ekata udin).Tusitha deva lokayath ida udin tiyenne.Tusitha deva lokayen adishtana karagena thamai oya middle continent eke ipadenne.


     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඉපදුන තැන වැඩක් නැහැ ...
    බුදුන් වදාළ ධර්මය සහ ඒඅනුව පුළුවන් තරම් ජීවත් වීම තමයි වැදගත් ...
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මමත් ත්‍රෙඩ් කීපෙක මේක ගැන මුන් එක්ක කතා කරා. මුන් අමු බොරුව කරන්නෙ. මුන් කියන්නෙ කිසිම පදනමක් නැති දේවල්.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මමත් ත්‍රෙඩ් කීපෙක මේක ගැන මුන් එක්ක කතා කරා. මුන් අමු බොරුව කරන්නෙ. මුන් කියන්නෙ කිසිම පදනමක් නැති දේවල්.


    මූ හෙන හොර ගනයෙක්, ඌට පොර වෙන්න ඔනේ නිසා පට්ට බොරු කිය කිය බුද්ධාගමත් කනව. නූගත් මිනිස්සු- බර්මියුඩා ගැන අහලවත් නැති බයියොන්ට ඉතිං මෙවා මැජික් වෙලා මූ අරිහත් කියල හිතාගෙන ඌ අදහනවා.
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    මම ඒත් බැලුවා ඇයි මේ අපේ උන් බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවටම යන්නෙ කියලා ..:lol:
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ජිංතක ජිල්ලබකිට;20348752 said:
    වන්දනාවේ යමු පේ වීලා තිසරණ සරණේ...:lol::lol::lol:
    මචන් මේවගේ දේවල් වලින් වෙන්නෙත් අපිත් මුන් එක්කම එකතු වෙලා පවු පුරවගන්න එක.මොකද නොදැනුවත්ව හරි අපි හෑල්ලු කරන්නෙ බුදුහාමුදුරුවන්ව..මේ යක්කු උන් ඉන්න අදහස් වෙනස් කරන්නෙ නෑ.මීවනපලාන,පිටිදූව,කිරිබත්ගෙඩ, ගලබොඩවත්ත චීවර දාරීන් කරන්නෙ මිනිස්සුව නොමග යවන එක.අපේ ගොඩක් මිනිස්සු ඉතින් අහුවෙනව මොකද අපේ අය හිතන්නෙ බුද්දාගම කියන්නෙ පෝයට පංසල් යන එකයි, පන්සිල් ගන්නෙ එකයි විතරයි කියල.බහුතරේ එතනින් එහාට කිසිදෙයක් කරන්නෙ නෑ. ඔන්න ඕකයි බෞද්ධයගෙ තියන වැරැද්ද...හරියට බැලුවොත් උඹ හරි...ඕස්ට්‍රේලියාවට වන්දනාවෙ ආවට වැරැද්දක් නෑ... මොක්ද මෙහෙ ඉන්නව ලංකාවට වඩා සිල්වත් ගුණවත් අධිඝම ලාභී හාමුදුරුවරු