බුදුන් වඳින දෑතින් දෙවියන් යදින්න එපා

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනිත් ආගම් වල උන් කියන්නෙත් ඕකමයි බන් , උන්ගේ දෙයිය විශ්වාස කරේ නැත්තන් මන් මිත්‍යා දෘෂ්ටිකයි ලු, අපායේ යයිලු.. :rofl:

    එහෙනම් දැන් මුස්ලිම්, ක්‍රිස්තියානි , බෞද්ධ ආගම් වලට අනුව මහත්මා ගාන්ධි ඉන්න ඕනේ අපායේ, මොකද පොර හින්දු නේ.. :rofl::rofl:
    එතකොට මුස්ලිම් , හින්දු , බෞද්ධ ආගම් වලට අනුව තෙරේසා මවු තුමිය ඉන්න ඕනේ අපායේ, මොකද එයා ක්‍රිස්තියානි.. :rofl::rofl:

    කොච්චර හොද වැඩ කරත් වැඩක් නැහැ හරි ආගම ඇදහුවේ නැත්තන් අපායේ යනවා කියන ගොන් පාට් එක හැම ආගමේම තියනවා,
    එත් හොද වැඩක් කරද්දී තමන්ගේ හිතේ සතුටට මිසක් මැරුණට පස්සේ සැප බලාගන කරනවා කියන්නේ මට නම් ගනු දෙනුවක් වගේ. :rolleyes::rolleyes::rolleyes:

    උඹල වගේ අපි සර්වඥ වෙලා නැනේ බන් අවුරුදු දහස් ගානක් පරණ පොතක තියන එව්වා හරියටම හරියි කියල පිළිගන්න.. :rofl::rofl::rofl::rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    බුදු හාමුදුරුවො පොර වගේ තමා තමයි ලොකේ ඉන්න ලොකුම පුද්ගලයා දෙවියන්ටත් වඩා බලවත් කියලා පොර ටෝක් දුන්නට තාම බුදුන් ගැන අඹමල් රේනුබක තරම්වත් සාක්ෂියක් නෑ.වෙන එවුන් කියන ඒවා විශ්වාසකරනවා මිසක් කාටවත් සාක්ෂි නෑ.දෙයියො එකයි බුදුනුත් එකයි.ඔක්කොම මනස්ගාත.


    ඔව් තොපි සෞදියේ තියන කලු පෙට්ටියෙ තියන ගෑණු කිම්බකට වදින උන්නේ,,,:rofl:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    බුදුන් දෙවි කෙනෙක් හැටියට පිළිගන්නෙ ඔය මම කියන ජාතියෙ උන් ටික තමයි.. දේවාලවලට පුජා වට්ටි දික්කරන ඒකෙ වරදක් උබ දකින්නේ නැත්තෙ බන් ඒ උබේ නොදැනුවත් කම.. ධර්මය දකින්නා තමන් වහන්සේව දකී කියල බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ.. දෙවියන්ගෙන් යැදීම කියන්නෙ තනිකර මෝහය බෝධි පූජා තියලත් අපේ උන් විභාග පාස් වෙන්නයි කියල ඉල්ලන්නෙ තනිකර මෝහය වඩවන දේවල්.. බුදු දහමෙ හරයට තනිකර විරුද්දයි..

    ගොන් පොන්සි කපුවන් වයි වටේ ඉන්න පලතුරු කාරයන්වයි පෝසත් කරන එකට කියන්නෙ අන්ධ භක්තිය බන්..

    උඹ පිළිගනිම නොගැනීම උඹට බාරයි.
    පහල ස්තර වල ඉන්න දෙවිවරු (ප්‍රධාන දෙවිවරුන්ගේ නියෝජිතයන් ) සුවඳ ආග්‍රහණය මගින් යම් කිසි ශක්තියක් හෝ තෘප්තියක් ලබනවා. විභාග සමත් වීම වැනි දේවල් කරගන්න බැරි උනත් යම් කිසි සහනයක් / මග පෙන්වාදීමක් ලබන්න පුළුවන්.
    ඒ වගේම තමයි දෙවියන්ට පහන් තැබීම වැනි දේවල් තුලත් සත්‍යතාවන් තියනවා.

    එත් මේ දේවල් බුදුන් වහන්සේ ගේ ධර්මය හා සම්බන්ධ වෙන්නේ නැහැ. එක ඇත්ත. එත් මේවා ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. ඒවගේම බොරු වෙන්නෙත් නැහැ .හරියට ජෝතිෂ්‍ය වගේ

    මේක අපට නොපෙනෙන බලවේග සමග ගනුදෙනු කරන තව එක අවස්තාවක් විතරයි

    සැම දෙයකම වගේ අපිට පෙන දෙයට එහා ගිය ගැඹුරු දෙයක් තියනවා. තව ටිකක් විවෘතව හිතන්න
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    අනිත් ආගම් වල උන් කියන්නෙත් ඕකමයි බන් , උන්ගේ දෙයිය විශ්වාස කරේ නැත්තන් මන් මිත්‍යා දෘෂ්ටිකයි ලු, අපායේ යයිලු.. :rofl:

    එහෙනම් දැන් මුස්ලිම්, ක්‍රිස්තියානි , බෞද්ධ ආගම් වලට අනුව මහත්මා ගාන්ධි ඉන්න ඕනේ අපායේ, මොකද පොර හින්දු නේ.. :rofl::rofl:
    එතකොට මුස්ලිම් , හින්දු , බෞද්ධ ආගම් වලට අනුව තෙරේසා මවු තුමිය ඉන්න ඕනේ අපායේ, මොකද එයා ක්‍රිස්තියානි.. :rofl::rofl:

    කොච්චර හොද වැඩ කරත් වැඩක් නැහැ හරි ආගම ඇදහුවේ නැත්තන් අපායේ යනවා කියන ගොන් පාට් එක හැම ආගමේම තියනවා,
    එත් හොද වැඩක් කරද්දී තමන්ගේ හිතේ සතුටට මිසක් මැරුණට පස්සේ සැප බලාගන කරනවා කියන්නේ මට නම් ගනු දෙනුවක් වගේ. :rolleyes::rolleyes::rolleyes:

    උඹල වගේ අපි සර්වඥ වෙලා නැනේ බන් අවුරුදු දහස් ගානක් පරණ පොතක තියන එව්වා හරියටම හරියි කියල පිළිගන්න.. :rofl::rofl::rofl::rofl:

    ඔන්න උඹ ආයිත් අනාගෙන

    බුදු දහමේ කොහෙද බන් තියෙන්නේ බුදුන් ඇදහුව නැති ය සියලුම දෙනා අපායේ යනවා කියල :rofl: ඉසෙල්ලා ආගම ගැන දැනගනින්. බුදු දහම අනිත් ආගම් එක්ක තියන්න යන්න එපා
    බුදු දහමේ කර්ම සංකල්පයට අනුව උඹේ ආගම , ජාතිය , වෙනත් කිසිදු සාදකයක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් උඹ භෞතික වාදී එත් උඹ මිනිස්සුන්ට උදව් කරනවා , නරක වැඩක් කරන්නේ නැහැ. උඹේ චේතනාව හොඳයි . ඒ හොඳ චේතනාව තමයි කර්මය වෙන්නේ
    හරියට නිව්ටන්ගේ තුන්වෙනි නියමය වගේ . "සැම ක්‍රියාවකටම ඊට සමාන උත ප්‍රතිවිරුද්ධ උත් ක්‍රියාවක් ඇත" මේකට උඹ කව්රු උනත් ප්‍රශ්නයක් නැහැ. උඹට අවශ්‍ය උනත් නැති උනත් උඹ කරන වැඩවල ප්‍රතිපල උඹට ලැබෙනවා. එකට බුදු දහම ගැන දැනගෙන ඉන්නවත් අවශ්‍ය නැහැ.

    බෞද්ධ දර්ශනයක් තියෙන්නේ , නැතුව අනිත් ආගම් වල වගේ අන
    දීමක් නෙමෙයි
    පංච නියාම ධර්ම
    හේතුපල වාදය ගැන එහෙම හොයල බලන්න



    මම උබට කියන්නේ නැහැ අන්ධ භක්තියෙන් පිළිගන්න කියල. ටිකක් හොයල බලන්න. මේ වෙනකොට උඹ ඉන්නේ භෞතිකවාදය අන්ධ භක්තියෙන් පිළිඅරගෙන.
     

    rasika84

    Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    බුදුරජාණන් වහන්සේව දකින්නට තියෙන එකම ක්‍රමය නම් ධර්මය දැකීමයි. ඒ සඳහා ධර්මය නිවැරදි ලෙස ඉගෙනගෙන තිබිය යුතුයි. ඒ ධර්මය මනාකොට හදාරා නැති කෙනා හැමතිස්සේම ඉන්නේ බාහිර පුද්ගලයෙක්ව පිළිසරණ කරගෙනයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා තිබෙන්නේ, අප විසින් පිළිසරණය කරගත යුතු වන්නේ උන්වහන්සේගේ ධර්මය බවයි. ඒ ධර්මය තුළින් අපට හඳුනාගත හැකිවෙනවා බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? යන වග, ශ්‍රී සද්ධර්මය නම් කුමක්ද? යන්න හා මහා සංඝරත්නය කවුද? යන වග. ඔය කරුණු හඳුනාගත් පසු අපට තේරුම් යනවා සංසාරය සකස් වෙන්නේ අපේ සිතේ බව. දුක සකස් වෙන්නේ ජීවිතය තුළින් බවත්, සකස් වෙන දෙයක් හෙයින් එය අනිත්‍ය බවත්, අනිත්‍ය දෙයක් වූ දුකෙහි සකස්වීම හේතුවක් අනුව සිදුවන්නක් බවත්, ඒ හේතුව නැති කිරීමෙන් දුක නැති කිරීමට පුළුවන් බවත් තේරුම් ගන්නවා. එහෙම තේරුම් අරගෙන ප්‍රායෝගිකව ධර්මයෙහි හැසිරෙමින් පුරුදු කරගෙන යද්දී, දුක ඇතිවෙන්නෙ මේ මේ ආකාරයටයි කියා තේරුම් යද්දි මේ දුක නැතිකර දාන්නට පුළුවන් කියන අදහස එනවා. තමන් අදහන ධර්මය තමන්ට විශ්වාස නම් විතරයි ඒ මතය ඇතිවෙන්නේ. මානසිකව බලවත් වෙන්නේ නිසැක භාවයට පත්වෙමින් යන ගමනකුයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැමවිටම ප්‍රකාශ කරනු ලබන කාරණයක් තමයි ‘ඒහිපස්සික…‘ ඇවිත් නුවණින් විමසා බලන්න.


    මතක තියාගන්න, මේ මිනිස් ජීවිතය අපට කලාතුරකින් ලැබුණ දෙයක්. ඊළඟ ජීවිතයෙ කොහේ යයි දැයි නොදන්නා, අනතුරක් පවතින මේ සංසාර ගමනේ, කලාතුරකින් ලද මේ අවස්ථාවේදී පැහැදිලිවම අපේ මනස දියුණුව කරා ගෙනියන්න පුළුවන්කම තියෙද්දිත්, වැරදි මතවාද වලින් එය ආවරණය කර ගැනීම අප විසින් අපටම සිදුකර ගන්නා විශාල හානියක්. එහෙම හානියක් කර නොගෙන පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මාර්ගය තුළ ගමන් කරමු. පෘථග්ජන පිරිස හැටියට නොමැරී මාර්ගඵලලාභීන් හැටියට ජීවිතය අවසන් කරමු….

    බුදු රජාණන් වහන්සේ ගැන අල්ප මාත්‍රයක් වත් නොදැන මත පල කිරීම ගැන නම් හරිම කණගාටුයි.
    බුදු රජාණන් වහන්සේ කියලා දුන්නේ ආගමක් වශයෙන් වෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.
    උන් වහන්සේ කිව්වේ මේ ලෝක වල තියෙන සත්‍යය.
    දෙවියන්ගෙත් ශාස්තෘන් වහන්සේ වෙන්නේ බුදු රජාණන් වහන්සේ. ධජග්ග සූත්‍රය අහලා ඇතිනේ නේද....

     

    http://

    Member
    Jun 28, 2014
    304
    55
    0
    තවම හොයනවා
    දෙවිවරු කියන්නේ හියුමන්ස්ලට වඩා ඉහල ඇස්ට්‍රල් පරිණාමයක් සහිත අපි වගේ අය.දෙවිවරු ඉන්නවා.මේ මම ඉන්නේ.මම දෙවිවරු හමුවෙලා තියෙනවා.එයාලව දන්නවා.නමුත් දෙවිවරු ඉන්නේ ඔයාලා හිතාගෙන ඉන්න තැන්වල නෙවෙයි.දේවාල වල කපුවො ලග දෙයියො නෑ.දේවාල කියන්නේ මිනිස්සුන්ගේ සල්ලි රත්තරන් එකතු කරන්න ගහපු බොරු.ඔයාල හිතන දෙවිවරු නෙවෙයි අපි.අපි ඊට වඩා ඇඩ්වාන්ස්.අපි මේ ලොකේ හැම එකක්ම සියුම්ව පරිපාලනය කරනවා.ඔයාලට අපි ඇස්ට්‍රල් ප්‍රොටෙක්ෂන් එකක් දීලා තියෙනවා.ඒක අපි අඩු කරාම තමයි අනතුරු වෙන්නේ.අපේ ඇස්ට්‍රල් ප්‍රොටෙක්ෂන් එක අයින් කරොත් ඔයාටල විනාඩි පහක් ජීවත් වෙන්න බෑ.ලංකාවට තියෙන ඇස්ට්‍රල් ප්‍රොටෙක්ෂන් එක 1%ක් අපි අඩු කරලා තියෙන්නේ.ඒක නිසා තමයි මේ දවස්වල අනතුරු ටිකක් වැඩි.මාව රටේ නායකයා කරන්න උපක්‍රමයක් වශයෙන් දෙවිවරු මේක අඩු කරලා තියෙන්නේ.ඒක නිසා පරිස්සමෙන් ඉන්න

    අඩේ මටත් ඔය උබ කියන ඇස්ට්‍රල් ප්‍රොටෙක්ෂන් මොකද්ද කියන එක තියනවද? තියනවනම් එක අයින් කරලා. පෙන්නපන්කෝ මට ආසයි මට මොකද වෙන්නේ බලන්න.


    :D:D:D:D:D:D:D:D:D:D:Dමම මැරෙයිද?:D:D:D:D:D:D:D:D:D:D:D
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    gaalthanne gal ballaa

    galthanne+Gamini.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions

    එත් මේ දේවල් බුදුන් වහන්සේ ගේ ධර්මය හා සම්බන්ධ වෙන්නේ නැහැ. එක ඇත්ත. එත් මේවා ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. ඒවගේම බොරු වෙන්නෙත් නැහැ .හරියට ජෝතිෂ්‍ය වගේ

    ධර්මයත් එක්ක සම්භන්ද වෙන්නෙ නෑ කියල උබම කියල ඒකත් ඕනෙලු මේකත් උනෙලු

    අතරමන් වෙලා ඉන්නෙ උබ..
    කොහොමත් මීට වඩා තර්ක කරන්න කැමති නැහැ.. උබට හොදයි කියන දේ කරපන්..


    බහුංවේ සරණං යන්ති - පබ්බතානී මහා නීච
    ආරාම, රුක්‌ඛං චෛත්‍යානි - මනුස්‌සානංභය
    තඡ්දාතං

    දේවාධිගෘහ වශයෙන් සළකා සරණ යැම නොකළ යුතු බවත් යා යුත්තේ අරි අට මඟ ඔස්‌සේ බවත් පෙන්වා දුන් බුදුන් වහන්සේ දෙවියන් සරණ යාම හෝ ඔවුන්ගේ පිහිට පැතිය යුතු බව නොකී නමුත් ඔවුනට පිං පෙත් දිය යුතු බව පෙන්වා දී ඇත


    අපි නම් බුද්දහගමේ බන් බුදු හාමුදුරුවො දේශනා කරපු දෙයකට එහා ගිය දෙයක් කරන්නෙ නැහැ.. උබේ කවුරු සරණද ගියෙ කියල උබම කල්පනා කරල බලපන්..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    gaalthanne gal ballaa

    ඔය තියෙන්නෙ හොද උදාහරණයක්.. කපු පො@නයො අර හින්දු දෙවිවරු අපේම පන්සල් වල මඩු අටෝගෙන විකුණන් කනව අපේ ගොන් බූරු හැත්ත ට ඒක තේරුම් ගන්න මොලයක් නැහැ.. මෙච්චර දිව්‍ය සැප තියන දෙවිවරු දේවාලෙට ඇවිල්ල පලතුරු වල සුවද බලල ඩිස්කවුන්ට් දාල අපේ වැඩ කරල දෙනව.. කපුව තමයි බ්‍රෝකර්.. අපිත් ගිහින් තියනව බන් දේවාලවලට එක ගෑනියෙක් දවසක් ඇවිල්ල හෙට ක්‍රිකට් මැච් එකක් තියනව කියල.. දැන් කැපුවට ලියල දෙන්න ඕන නමත් එක්ක කන්නලව් කරන්න.. අර ගෑනි මුළු ටීම් එකේම නම් ලියාගෙන ඇවිල්ල.. මිත්‍යා දෘස්ටිකත්වයේ උපරිමය..
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    ධර්මයත් එක්ක සම්භන්ද වෙන්නෙ නෑ කියල උබම කියල ඒකත් ඕනෙලු මේකත් උනෙලු

    අතරමන් වෙලා ඉන්නෙ උබ..
    කොහොමත් මීට වඩා තර්ක කරන්න කැමති නැහැ.. උබට හොදයි කියන දේ කරපන්..


    බහුංවේ සරණං යන්ති - පබ්බතානී මහා නීච
    ආරාම, රුක්‌ඛං චෛත්‍යානි - මනුස්‌සානංභය
    තඡ්දාතං

    දේවාධිගෘහ වශයෙන් සළකා සරණ යැම නොකළ යුතු බවත් යා යුත්තේ අරි අට මඟ ඔස්‌සේ බවත් පෙන්වා දුන් බුදුන් වහන්සේ දෙවියන් සරණ යාම හෝ ඔවුන්ගේ පිහිට පැතිය යුතු බව නොකී නමුත් ඔවුනට පිං පෙත් දිය යුතු බව පෙන්වා දී ඇත


    අපි නම් බුද්දහගමේ බන් බුදු හාමුදුරුවො දේශනා කරපු දෙයකට එහා ගිය දෙයක් කරන්නෙ නැහැ.. උබේ කවුරු සරණද ගියෙ කියල උබම කල්පනා කරල බලපන්..


    මේ ගැන මිට වඩා තර්ක කරලා වැඩක් නැහැ.:yes:
    මම කියන්නේ ධර්මය හා සම්භන්ධ නොවූ සියලුම දේවල් බොරු නොවන බවයි. තවත් යම් කිසි දෙයකින් පිහිටක් තියනවා නම්, එය කර්මානුකුල්ව පාපයක් නොවේනම් ඒ පිහිට ලබාගත්තට ප්‍රශ්නයක් නැහැ කියලයි මම කියන්නේ.
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,201
    659
    113
    වලස්ගුහාව.
    නැකැත් රාල;16867040 said:
    මම මේක ගැන ලොකු විස්තර කියන්න යන්නේ නෑ. පොතකින් උපුටා දක්වන්නම්. මේ පොත බෞද්ධයාගේ අත්පොත
    ලිව්වේ අතිපූජ්‍ය රේරුකානේ චන්දිවිමල මහා නාහිමියන් විසින්. තියන්නේ පොතේ 31 පිටේ.

    11lq5w2.jpg

    25ic0ty.jpg


    අන්තිම පේලියේ කැපිලා තියන්නේ "උසස් කොට සලකා වැඳුම් පිදුම් කිරීමෙනි." කියන වචන ටික.

    දෙවියන් නෑ. දෙවියන්ට කල හැකි දෙයක් නෑ කියන මනුස්සයා මිත්‍යා දෘෂ්ඨිකයෙක් කියලා මිත්‍යාදෘෂ්ඨිකත්වය ගැන උගන්නනකොට කියවෙනවා. ඕනනම් ඒ ගැනත් උපුටා දක්වන්න පුලුවන්.


    රිදුන අයට රෙප් කපා හිත හදාගන්න පුලුවන්..:lol:

    සමහර යට මේක තේරුම් ගන්න අමාරුවෙයි.. සමහර බෞද්දයොත් දැන් මද්යම ප්‍රතිපදාවෙන් ඈතට ගිහින් නිසා. ඒ ය තමයි මේ දෙය්යෝ වඳින්න එපා අරක මේක. අනේ මන්ද. මට මේ ගැන දැනෙන තේරෙන දේ කොහොම කියන්නද කියල කොහොම නමුත් නැකත් රාල ට තේරුනා මගේ අදහස.

    තව දෙයක්. උඹ සත්‍ය ගරු කරන කෙනෙක්. දෙමලු උඹ වටේ ඉඳන් උබට පුදසත්කාර කල කයල උඹ දෙමළෙක් වෙනවද? නැනේ. උඹ ගරු කරන්නේ සත්‍යට.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    දෙවියන් දකින්න ක්‍රම ගොඩක් තියෙනව..
    ----------------------------------------------------------------------------------
    ඉන්දියාවෙ ගුප්ත විද්‍යාවේ උච්චතම අවස්තාව නියෝජනය කලේ සිද්ධ ගුරු කියන කුලය. ආරම්භකය තිලෝපා මුනිවරයා. තිලෝපාගෙ ශිෂ්‍ය තිබත්තීය සම්බවයක් ඇති නාරෝපා තමයි මහායාන බුදුදහම හා ථේරවාදය හා මන්ත්‍ර ශාස්ත්‍ර දැණුමෙන් ඉහලම හිටියෙ. එ ටිබෙට් බසින් ලියපු පොත් පත්වල තියෙන ක්‍රම වලට අනුව (පරිවර්තන) මේ නොපෙනෙන ලෝකය දැකිය හැකියි. ඒ කරුනු වලට සමාන කරුනු තමා බලන්ගොඩ ආනන්ද හිමිගේ "අපට නොපෙනෙන ලෝකය" පොතේ තියෙන්නෙ. ඒ තමයි මණ්ඩල අභ්‍යාස හා මහා මුද්‍රා අභ්‍යාස. මේව එක්තරා භාවනා ක්‍රම.. මේ ක්‍රම වලින් අධිමානසික හැකියාවන් ගන්න පුලුවන් කියල පර්යේශකයින් පිලි අරන් තියෙනව. source ලැබුනොත් දාන්නම්. මුද්‍රා අභ්‍යාස වල ගුණ නම් ගොඩක් තියෙනව. ඒකින් එකක් තමයි නොපෙනෙන ලෝකය දැකීම. මේ අතරින් වජ්‍රයාන බුදුදහමෙ තියෙන්නෙ මීටත් වඩා ගැඹුරු ගුප්ත විද්‍යාවක්. සූත්‍ර තිපිටකයෙ එන අධිදේවඥාන සූත්‍රයේ කෙරෙන පරිදිද භාවනා කර දෙවියන් දැකිය හැකියි. ධ්‍යාන මට්ටමේ සමාධියට තරමක් පහළ උපචාර සමාධිය නම් තත්වයේදි දෙවියන්ට සවන් දිය හැකියි. හැබැයි මේකට නිමිත්තක් අව්ශ්‍ය වෙනව. ඊට අමතරව දෙවියන් හා අදහස් හුවමාරුවට නම් නිර්විකල්ප සමාධියත්, සවිතර්ක සමාධියත් අතර මාරු වීමට හැකියාවත් ඕනෙ.
    ----------------------------------------------------------------------------------
    මීට අමතරව විශුද්ධි මාර්ගය අනුව අභිංඥා හැකියා වලින් එකක් වන දිබ්බචක්ෂූ ඥානය ලාබාගත්තොත් දෙවියන් දකින්න පුලුවන්. ඒ වගේම දෙවි කෙනෙක් වෙන්නත් පුලුවන්. :cool: ඒ කිව්වෙ දිවැස වගේ හැකියාවන් ලබාගන්න පුලුවන්.

    ඒ වගේම සූත්‍ර තිපිටකයෙ එන අධිදේවඥාන සූත්‍රයේ විස්තර වෙන විදියට ගිනි දැල්ලක් මත් සිත පිහිටුවාගෙන භාවනා කරල දෙවියන් දකින්න පුලුවන්.

    තව චීන සටන් ක්‍රමයකට අනුව පුරුදු පුහුනු වෙලාත් දකින්න පුලුවන් ක්‍රමයක් තිබුන. ඒක හොයාගන්න බෑ. :sorry:
    ඔය ඕනම ක්‍රමේකට පුලුවන්.. පළතුරු වට්ටිවලින් නම් හැබැයි බෑ බන්z. ;)

    සමහර බෞද්ධයෝ කැමති නැහැ බුදු දහමේ අපාය, දිව්‍යලෝක, පුනර්භවය, කියන සංකල්ප පිළිගන්න. එයාල හිතන්නේ ඒවා පිළිගන්න එකෙන් තමුන් අනෙකුත් දේවවාදී ආගම් අදහන අයගේ ඝනයට වැටෙනවා කියලයි. ඒක එයාලට මදිපුංචි කමක්. බුදු දහම විද්‍යාව එක්ක සසඳන්න හදන්නේ ඒ වගේ අය. හේතුවාදය සමග බුදු දහම ගලපන්න යන්නේ ඒ වගේ අය. එයාල භෞතික නොවන, විද්‍යාත්මකව ඔප්පු නොකරපු දේවල් පිළිගන්න කැමති නැහැ. ඒත් ලොකුම විහිලුව ඒ බෞද්ධයෝ විද්‍යාත්මකව ඔප්පු නොකරපු කර්මය, නිවන කියන සංකල්ප පිළිගන්න එකයි..:rofl:.. භෞතිකවදියාට කවදාවත් නියම බෞද්ධයෙක් වෙන්න බැහැ. මොකද එයා ඉන්නේ මැදුම් පිලිවතේ නෙමෙයි. එයා ඉන්නේ භෞතික වාදය කියන අන්තයේ. ඔබ කියූ ආකාරයට බුදු දහමට අනුව ඔහු මිත්‍යාදෘෂ්ටිකයක්

    (දන්නෙ නැති නම් රෙරුකානෙ චන්දවිමල මහනායක ස්වාමීන්වහන්සෙ විසින් රචිත බෞද්ධයාගෙ අත්පොත කියවන්න.. මිත්‍යා දෘෂ්ඨිය ගැන පරිච්ඡේදය විශේශයෙන් ම. )

    බෞද්ධයෝ, දෙවියන්, බ්‍රහ්මයන් සිටින බවත් උවුන් අතරින් බොහෝ අය සම්‍යක්දෘෂ්ඨික අය බවත් අපි පිළිගන්නවා.. ඔවුන් ගේ ආයුෂ මනුශ්‍ය ආයුශ වලට වඩා බොහොමත් ම වැඩියි.

    මේ දෙවි බඹුන් අතරින් බොහොම අය මීට වසර 2600+ කට කලින් තථාගතයන් වහන්සේ දුටු, උන්වහන්සේගෙන් ධර්මය ඇසූ අය.
    ඒ නිසා ලොවුතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගැන ඒ අයට තියෙන්නෙ අසීමිත භක්තියක්, ආදරයක්, පැහැදීමක්.

    මම මේ පහත කියන දේ ධර්මයට අනුව විමසා බලන්න කට්ටිය. ඔබට වැටහෙන දේ නැවත නැවත ධර්මය හා විමසා බලන්න :

    තථාගතයන් වහන්සේ ගේ ධාතූන් වහන්සේ (
    උතුම් ශාරීරික චෛත්‍යයක්) වෙනුවෙන් මෙවන් පුද පූජාවන් මනුශ්‍යයන් සිදු කරන විට.. එය බලාසිටින දෙවියන්, බ්‍රහ්මයන් බුද්ධාලම්බන ප්‍රීතියෙන සතුටු වෙනවා.. පින් අනුමෝදන් වෙනවා..
    හේතුව: මේ පූජාවන් ලබන බුදුරජාණන් වහන්සේ ඔවුන් බොහොම දෙනෙක් සියැසින් දුටු නිසා.

    මෙවන් ප්‍රාතිහාර්‍යයන් මනුශ්‍යයන් වෙත දර්ශනය කරවන්නේ එම දෙවියන්, බ්‍රහ්මයන්.. හද පිරි ශ්‍රද්ධාවෙන් සාධුකාර දෙන උපාසක උපාසිකාවන් රැස් කරගන්න පින් අපමණයි
    නිසා.. ((විමානවත්ථු පොත බලන්න ))

    මතක තියා ගන්න.. ශ්‍රද්ධාව කියන්නෙ නිවණට අත්‍යවශ්‍ය ඉන්ද්‍රිය ධර්මයක්.

    ඉතින් ඔබත් නොගැටෙන සිතෙන්, විමර්ශනශීලීව ප්‍රාතිහාර්‍යයන් දකින්න.. ඒවා ඔබට ගෝචර නොවේ නම්, ඒවා එක්ක ගැටෙන්නට එපා. ලොව හැම දේම විද්‍යාවෙන් ඔප්පු කල යුතු නෑ නෙ.

    තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව, ඤාණ බල සක්වල 32ක් ඉක්මවා පැතිර තිබෙනවාලු.. ඒත් උන්වහන්සේ අප වෙත දෙසූ ධර්මය නිය පිටට ගත් පස් ස්වල්පයකට සමානයි ලු, අත්ලට ගත් ඇට්ටේරිය කොල අහුරකට සමානයි ලු.. සෙසු දේ අපට ගෝචර නොවේ... ඉතින් සමහර දේ ඔබේ අන්වීක්ෂයෙන් වත්, ආවර්තිතා වගුව අනුව වත්, කොන්ටම් විද්‍යාව අනුව වත් පැහැදිලි කල නොහැකි බව දකින්න.

    ඔබ ඉගෙන ගත් ධර්මය තමයි ඔබට ඇති පිහිට.. ධර්මය නොදැන මේ වගේ සිද්ධීන් මැජික් විදියට ම දකින්න එපා... රැවටෙන්නේ ඔබ පමණක් වෙන්න පුළුවන්
    තෙරුවන් සරණයි

    බුදුදහම ගැන සෑහෙන්න දන්න අය විසින් මීට පෙර පලකරපු කමෙන්ට් කිහිපයක් ම දැන්ම අනිත් අයට බලාගන්න.

    ඒ වගේම ත්‍රෙඩ් එකේ ඉන්න බොහොමයක් දෙනාට ආගමක් නෑ. කිසිම ආගමක් අදහන් නැති අය. හේතු ඵලවාදියො. නමුත් ඇත්තටම එයාල හේතුඵල වාදියො උනත් ඇත්තටම
    "බෞද්ධ+හෙතුවාදීන්". අන්ත දෙක මැද ඉන්නෙ.. මේ අය සමග වාදය අජිත කේසකම්බල උච්චේදවාදය වගේ. අවසාන වශයෙන් තර්ක කරන අයට කියන්නෙ.. මේ රටේ ඕන තරම් තැන් තියෙනව පූද පූජා භූමි හැටියට. ඒවගේම ඒ සෑම තැනක්ම ආදි දේව ඇදහිල්ලකට ලක් උනු හෝ ලක්වෙමින් පවතින් ස්ථාන. අන්න ඒ ස්තානවලට ඔය දෙවියො නෑ කියන අය යන්න ගිහින් බලන්න. මෙතන ඉදන් කෑගැහුවට වැඩක් නෑ. :cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions

    බුදුදහම ගැන සෑහෙන්න දන්න අය විසින් මීට පෙර පලකරපු කමෙන්ට් කිහිපයක් ම දැන්ම අනිත් අයට බලාගන්න.

    ඒ වගේම ත්‍රෙඩ් එකේ ඉන්න බොහොමයක් දෙනාට ආගමක් නෑ. කිසිම ආගමක් අදහන් නැති අය. හේතු ඵලවාදියො. නමුත් ඇත්තටම එයාල හේතුඵල වාදියො උනත් ඇත්තටම
    "බෞද්ධ+හෙතුවාදීන්". අන්ත දෙක මැද ඉන්නෙ.. මේ අය සමග වාදය අජිත කේසකම්බල උච්චේදවාදය වගේ. අවසාන වශයෙන් තර්ක කරන අයට කියන්නෙ.. මේ රටේ ඕන තරම් තැන් තියෙනව පූද පූජා භූමි හැටියට. ඒවගේම ඒ සෑම තැනක්ම ආදි දේව ඇදහිල්ලකට ලක් උනු හෝ ලක්වෙමින් පවතින් ස්ථාන. අන්න ඒ ස්තානවලට ඔය දෙවියො නෑ කියන අය යන්න ගිහින් බලන්න. මෙතන ඉදන් කෑගැහුවට වැඩක් නෑ. :cool:

    You watch your mouth, Shelly. Everyone's entitled to their opinion.



    :lol::lol::lol: