ඕව නං සාහිත්‍ය කාරයො දාපු වර්ණනා මම නං හිතන්නෙ, තන්හා රති රගා කියන නම් තුන ගත්තත් මේ කියන්නේ ගෑනු තුන්දෙනෙක් ගැන නෙවේ වචන වලින් කියන අදහස කියල පේනව නෙ. මාර සේනාවත් එහෙම වෙන්න ඕනෙ.
ඕක තනිකරම තමන්ගේම හිත එක්ක කරන යුද්ධයක් නෙ, දැන් අපි උනත් විනාඩියක් භාවනා කරන්න කියල ඇස් පියාගත්තොත් කොච්චර අනං මනං මතක් වෙනවද, එක්කෝ ඇහැ කහනවා, නැත්තන් කන කහනවා, නැත්තන් දවල් කෑම එක මතක්වෙනව, කෙල්ලව මතක් වෙනව. බුදුහාමුදුරුවෝ උනත් තමන්ගේම හිත එක්ක කරපු යුද්ධයක් තමා ඔය කියන්නෙ. සංකේතාත්මකව තමා මාරයා , මාර සේනාව, මාර දුවරු වගේ කට්ටිය ගැන කියන්නෙ.
![]()
අන්න හරි නැත්තම් ඒ කාලේ සමාඡයේ බුද්ධි මට්ටමට ගැලපෙන්න කියන්න ඔනේ ඔක මහලොකු විදියට මනෝවිද්‍යාත්මකව කියන්න ගියා නම් එකාලේ සමාඡයට ගැලපෙන්නේ නෑ එක හින්දා ඒව උපමා වලට ආදේශ කරලා බෞද්ධ සාහිත්‍ය වලින් ඇවිල්ලා තියෙන්නේ.
රාග ද්වේශ මෝහ කියන කෙලෙස් එක්ක කරපු යුද්ධයට තමයි පස්සෙ කාල වල මේ වගේ උපමාවක් දාල තියෙන්නෙ.ධර්මය ආගමක් බවට පත්වුනාම ගැඹුරු දේවල් බහුතරයකට තේරුම් කරවීමට පසුකාලීනව මෙවැනි සාහිත්‍ය කතා එකතු වුනා.
