බුදුන්_වදාළ_උපමා

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
බුදුන්_වදාළ_උපමා

හේතුව හා ඵලය - ලජ්ජාව සහ බිය : බුදුන් වදාළ උපමා

කොහොඹ ඇටයක්, වැටකොළු ඇටයක්, තිත්ත ලබු ඇටයක් තෙත් බිමක පැල කළ විට පැලයෙන් ඇදී එන පොළොවේ රසධාතුවත් ජලය කොටසත් තිත්ත රස බවට පත් වේ.
මෙසේම මිථ්‍යාදෘෂ්ටි බීජය සහිත පුද්ගලයාගේ කි‍්‍රයාවන් ද කටුක වූ නරකම ප‍්‍රතිඵලම ගෙන එයි.

උක් පැලයක්, හැල් වී බීජයක්, මිදි පැලයක් පොළොවෙහි සිට වූ විට එම පැලය පොළොවේ රසධාතුවත් ජලය පැණි රසම බවට පත් කරයි.
මෙසේම සම්‍යක්දෘෂ්ටි බීජ ඇති පුද්ගලයා කරන සියලූ දෙයින් ම තමන්ටත් අනුන්ටත් හොඳ ප‍්‍රතිඵල ලැබෙයි.

සුදු පාට සේ ගණන් ගත හැකි ධර්ම දෙකක් ලෝකයෙහි තිබේ. ඒ දෙක නම් ලජ්ජාව හා බියයි. මේ ධර්ම දෙක ලෝකය පාලනය කරන නිසාය. මේ ධර්ම දෙක මිනිස් සමාජයෙන් ඈත් වූ දිනයට තමන් බිහි කළ මව, සුළු මව, නැන්දා, ගුරුවරයාගේ බිරිඳ, දැරියෝ ආදී වෙනසක් නො දනිති. ඔවුහූ හරකුන්, එළුවන්, කුකුළන් නරින් මෙන් මිනිසුන් විසින් පනවා ගෙන තිබෙන ආචාර ධර්ම බිඳිති.

(මීරිගම ගෝතම ස්ථවිරයන්ගේ ‘බුදුන් වදාළ උපමා’ නම් ග‍්‍රන්ථයෙනි.)
 
  • Like
Reactions: ~ Horizon ~

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    11.gif