බුදුවරයෙකු_පහල_විය_හැක්කේ_පෘථිවියේ_පමණද?

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
දැන් එතකොට aliens කියන්නේ පිට සක්වල ජීවින් ඒ කියන්නේ තමන්ගේ ග්‍රහලෝකයට පිටින් සිටින ජීවින්. එතකොට දෙවිවරු වැටෙන්නෙත් aliens ගනයටම තමයි

විවිධ දෙවිවරු වර්ග ඉන්නව. සමහර කොටසක් පෘථිවි තලයේ වෙසෙනව. තව කොටසක් අහසෙ විමාන හදාගෙන ජීවත් වෙනව කියලනන් මම අහල තියෙනව. එහෙමනන් ඒ කට්ටිය පිට සක්වල වෙන්නෙ නෑ නේද?.

මමත් හරියටම දන්නෙ නෑ හැබැයි. මාත් කාලයක් හිතාගෙන හිටිය දිව්‍යලෝක කියන්නෙ වෙනම ග්‍රහ ලෝක වෙන්න ඇති කියල ඒත් එහෙම නෙවෙයි වගේ. හැබැයි එහෙම වෙන්නත් සම්භාවිතාවක් තියෙනව
 
James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
මචන් මම හිතන දේ මේකයි... අපේ පෘතුවිය අයිති වෙන මහා සහස්සී ලෝක දාතුවක් කියල එකක් තියෙනවා මම අහල තියෙන විදියට...මේක හරියටම මතක නැ මචං... එක තමයි බුදු වරයෙක්ගේ විෂය පථය ... ඒ කියන්නේ බුදු වරයාගේ දර්මය පැතිරෙන බුදු වරයෙක්ට බලපෑමක් කරන්න පුළුවන් ප්‍රදේශය ... ඉන් එහාට තියෙන ලෝක දාතු වල වෙනත් බුදුවරු පහල වෙලා ඉන්න පුළුවන් මේ දැනුත් ... නමුත් ඒ බුදු වරුන්ට අපේ ලෝක දතුවට බලපෑමක් කරන්න බැ...
ඉතින් මේ අපේ ලෝක දාතුව ඇතුලේ දැනට බුදුවරු 28 නමක් පහල වෙලා ඇති ...මේ thread එක බලන්න ..අවරුදු මිලියන ගණන් පැරණි ලෝහ නිපැයුම් ගැන එහෙම තියෙන්නේ ... මේ කල්පයේ බුදුවරු 5 නමක් පහල වෙනවා.. ඒ කියන්නේ කල්ප විනාසයක් වෙලා නැ තම කාශ්‍යප බුදු හාමුදුරුවන්ගෙන් පස්සේ ...ඉතින් මේ තියෙන්නේ ඒ කාලේ දේවල් වෙන්න පුළුවන් ...
බුදුවරයෙක් ඉන්දියාවේම පහල වෙනවද කියල නම් මම දන්නේ නැ .. එක ඇත්ත වෙන්න පුළුවන් ... මම අහල තියෙනවා දැනට පහල උන බුදුවරු 28 දෙනාම රුවන්වැලි සෑය තියෙන බූමියට වැඩිය කියල ... මේක ගැන නම් මම දන්නේ නැ
තව දෙයක් තමි මට හිතෙන විදියට අපි මේ හොයන දේවල් වලින් කිසිම වැඩක් නැ ....බුදු හාමුදුරුවෝ දැනගත්ත දෙයින් ප්‍රදාන වශයෙන් අපිට කිව්වේ නිර්වාන අවබෝදයට ඕනේ දේ විතරයි (කොළ මිටියේ කතාව අහල තියෙනව නේද )...තව වෙනත් ප්‍රශ්න වලට උත්තර දීල තියෙනවා මිනිස්සු හා හාමුදුරුවරු ඇහුවම ...විශ්වය ගැන , සත්වයින් ගැන වගේ ... අපිට වෙලා තියෙන දේ තමි විද්‍යාවත් එක්ක අපි හැම දේටම scientific proof එකක් හොයනවා ... එකෙන් වෙන්නේ අපි අතටම දැන ගන්න ඕනේ දේ වෙනුවට වැඩක් නැති දේවල් ගැන අපි උනන්දු වෙන එක විතරයි ... තව දෙයක් තමයි විද්‍යාව තාම බුදු දහමත් එක්ක බැලුවම අත දරුවෙක් වගෙයි...ඉතින් එකෙන් අපිට බුදු දහම විග්‍රහ කරන්න බැ...විද්‍යාවට බැ බුදු දහම වැරදි කියල ඔප්පු කරන්න...
මොකද විද්‍යාවෙන් හොයාගන්නෙත් බුදු හාමුදුරුවෝ අවබෝධ කරගත්ත ඒ දැනුම මයි...

මචන් මම හිතන දේ මේකයි... අපේ පෘතුවිය අයිති වෙන මහා සහස්සී ලෝක දාතුවක් කියල එකක් තියෙනවා මම අහල තියෙන විදියට...මේක හරියටම මතක නැ මචං... එක තමයි බුදු වරයෙක්ගේ විෂය පථය ... ඒ කියන්නේ බුදු වරයාගේ දර්මය පැතිරෙන බුදු වරයෙක්ට බලපෑමක් කරන්න පුළුවන් ප්‍රදේශය ... ඉන් එහාට තියෙන ලෝක දාතු වල වෙනත් බුදුවරු පහල වෙලා ඉන්න පුළුවන් මේ දැනුත් ... නමුත් ඒ බුදු වරුන්ට අපේ ලෝක දතුවට බලපෑමක් කරන්න බැ...

හරි මචන් මේ ඔය කියන මහා සහස්සී ලෝක ධාතුව ඇතුලෙ තියෙන්න ඕනෙනෙ ජීවීන් ඉන්න ලෝක(දියුණු මනස් ඇතී) ඉතින් මේ සහස්සී ලෝක ධාතුව ඇතුලෙ පෘථිවියට පිටින් බුදුවරයෙක් පහල වෙන්න පුළුවන්නෙ. අපි කතාකරන බුදුවරු 28 මේ සහස්සී ලෝක ධතුවේ ඉපදුණු අය වෙන්න පුළුවන්. ඒ ඉපදුණු බුදුවරුන්ගෙන් පෘථිවියේ පහල උනු බුදු හාමුදුරුවො තමයි ගෞතම බුදු හමුදුරුවො. එහෙම වෙන්න සම්භාවිතාවක් තියෙනව නේද?

මට දැනට එක්කෙනෙක් කිව්ව බුදුවරයෙක් පහල වෙන්නෙ පෘථිවියේ(ඉන්දියාවේ) විතරයි කියල. තව කෙනෙක් කිව්ව වෙනත් ග්‍රහ ලෝක වලත් බුදු වරු පහල වෙනව කියල. අනේ මන්ද:(

ඉතින් මේ අපේ ලෝක දාතුව ඇතුලේ දැනට බුදුවරු 28 නමක් පහල වෙලා ඇති ...මේ thread එක බලන්න ..අවරුදු මිලියන ගණන් පැරණි ලෝහ නිපැයුම් ගැන එහෙම තියෙන්නේ ... මේ කල්පයේ බුදුවරු 5 නමක් පහල වෙනවා.. ඒ කියන්නේ කල්ප විනාසයක් වෙලා නැ තම කාශ්‍යප බුදු හාමුදුරුවන්ගෙන් පස්සේ ...ඉතින් මේ තියෙන්නේ ඒ කාලේ දේවල් වෙන්න පුළුවන් ...

මහා කල්පයකට බුදුවරු 5ක් පහල වෙනව. මේ විදිහට ලෝක භෞතිකව දියුණු වේගන ගිහින්, දියුණු වේගන ගිහින් ඊ ළඟ බුදුහාමුදුරුවො පහල වෙද්දි ලෝකෙ ඉලෙක්ට්‍රෝනික යුගයත් පහු කරල තියෙන්න ඕනෙනෙ. ඒත් අපි අහල තියෙන බුදුවරු 28ම පහල උනේ භෞතික වශයෙන් නොදියුණු(ඒත් ආධ්‍යාත්මිකව දියුණු) යුගවල. එතන පොඩි පරස්පර ගතියක් නැද්ද?පොඩි ගැටළුවක් එනව නේ ද?

දැන් එහෙම කියද්දි උඹ කියයි, කල්ප විනාශ අතරෙ තව ලෝක විනාශ වර්ග තියෙනව කියල. ඒත් මචන් ඒ අතර සිදුවන විනාශ වලදි මිනිස් සංහතියම විනාශ වෙන්නෙ නෑනෙ. හොඳ මිනිස්සු ඉතිරි වෙනව. ඒත් අපි කොහෙවත් දැකල නෑනෙ මීට අවුරුදු මිලියන ගානකට කලින් මෙහෙම භෞතික අතින් දියුණු ලෝකයක් තිබුන කියල( කැනීම් වලින් හම්බෙන දේවල් වලවත්, ඉතිහාස පොත්වලවත්)

....බුදු හාමුදුරුවෝ දැනගත්ත දෙයින් ප්‍රදාන වශයෙන් අපිට කිව්වේ නිර්වාන අවබෝදයට ඕනේ දේ විතරයි (කොළ මිටියේ කතාව අහල තියෙනව නේද )...තව වෙනත් ප්‍රශ්න වලට උත්තර දීල තියෙනවා මිනිස්සු හා හාමුදුරුවරු ඇහුවම ...විශ්වය ගැන , සත්වයින් ගැන වගේ ...

එකඟයි. හැබැයි මෙතන දේශපලනේ, අර නිළියගෙ ඕපාදූප, මේ නළුවගෙ ඕපාදූප කතා කරනවට වඩා මේ වගේ දේකින් හරි බුදු දහම ගැන සාකච්ඡා වෙන එක වටිනව කියන එකයි මගේ අදහස.

අපිට වෙලා තියෙන දේ තමි විද්‍යාවත් එක්ක අපි හැම දේටම scientific proof එකක් හොයනවා ...

:no:මේක scientific දෙයක් නෙවෙයිනෙ. බුදුවරයෙක් පහල වීම ගැන අවබෝධයක් ගන්නයි මේ උත්සහය

තව දෙයක් තමයි විද්‍යාව තාම බුදු දහමත් එක්ක බැලුවම අත දරුවෙක් වගෙයි...ඉතින් එකෙන් අපිට බුදු දහම විග්‍රහ කරන්න බැ...විද්‍යාවට බැ බුදු දහම වැරදි කියල ඔප්පු කරන්න...මොකද විද්‍යාවෙන් හොයාගන්නෙත් බුදු හාමුදුරුවෝ අවබෝධ කරගත්ත ඒ දැනුම මයි...

එකඟයි
 
Last edited:

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
මම දන්නා විදියටනම් .,

* ඔය ප්‍රශ්නය ව්‍යාකූලයි , බුදුකෙනෙක් පහළවන්නේ පස මහා බැලුම් බැලීමෙන් අනතුරුවය, එසේනම් බුදුන් දෙසන දහම අවබෝධ කරගැනීම සමත් මහා පිරිසක් සිටින කාලයකය, බුදුදහම අනුව සුලභ වශයෙන් නිවන් පලය අවබෝධ කරගත හැක්කේ මනුෂ්‍ය කියන සත්වයන්ටය. එසේනම් බුදුකෙනෙක පහළවන්නේ මනුෂ්‍යන් අතරෙන් වියයුතුය් . බුදුදහමේ පවසන පරිදි බුදුකෙනෙක් ගේ විෂය පථය පැතිරිය හැකි වපසරිය මහාසහස්සි ලෝක ධාතුව ලෙස හදුන්වයි(මෙම වපසරිය නවීන විද්‍යාවෙන් සිතීමටවත් නොහැකි තරම් විශාලය) , එම වපසරිය තුල එක වර බුදුන් දෙදෙනෙකු පහලවන බවක් සදහන් වන්නේ නැත. එමනිසා අප දන්නා පරිදි වෙන ග්‍රහලොවක බුදුන් කෙනෙක් පහල වෙයය් සිතීම තේරුමක් නැත.

* 28 බුදුන් වහන්සේ ලෙස නම් කරන්නේ , ගෞතම බුදුන් , කාය වාග් ප්‍රනිදනය තුලදී විවරණ ලබාදුන් බුදුන් වහන්සේලා 27 නමත් ගෞතම බුදුන් වහන්සේ ත් ය. ඒ අරුණු කොට බුදුන් වහන්සේලා අනන්ත වත් පහල වී ඇත.

* අප දැනට ජිවත්වන පෘතුවිය පාදක කරගෙන බුදුන් වහන්සේලා 5 නමක් පහලවේ , 4 නමක් දැනට පහල වී ඇති අතර මෛත්‍රී බුදුන් මෙම කල්පයේ පහලවන අවසාන බුදුන් වේ, මෙම සියලුම බුදුන් වහන්සේලා පහල වන්නේ දැනට ඉන්දියා ව යය පවසන ප්‍රදේශයේය , ඒ අනුව මෙම කල්පයේ පහවන සියළුවම බුදුන්වහන්සේලා පහලවන්නේද වෙනත් ග්‍රහලොවක නොව පෘථිවියේමය. කල්පයක් අවසානයේ පෘථිවිය විනාශ වන අතර නැවතත් ඇතිවන්නේ පෘථිවිය ම යය කිව නොහැක , එය එසේ නොවේ යය ද කීමට නොහැක .

ඔය කරුණු නිසා ,

මහාසහස්සි ලෝක ධාතුව තුල බුදුවරයෙකු පහල වන්නේ නම් පහල වන්නේ පෘථිවිය පාදක කරගෙනම පමණක් විය යුතුය.

වෙනත් ග්‍රහලොවක , එනම් මහාසහස්සි ලෝක ධාතුවෙන් පිට වෙනත් ග්‍රහලොවක ,වෙනත් බුදුවරයෙකු පහල උවද නැතුවද අපට බලපෑමක් නැත, එසේ පහල වෙයය් කීමටද නොහැකිය , පහල නොවෙයය් කීමටද නොහැකිය.

ඉතින් මචන් මනුෂ්‍ය කියන ජීවී කොටස පෘථිවියේ ඉන්න අපි විතරක් කියල කියන්නෙ ඇයි. මනුෂ්‍යයා(මනසින් උසස්) කියන ජීවියා වෙන ග්‍රහ ලෝකෙක ඉන්නත් පුළුවන්නෙ. පෘථිවියේ ජීවය බිහි උනු ආකාරයට ජීවය බිහි උනු. ඒ හා සමාන ජීවීන් ඉන්න ග්‍රහ ලෝක තියෙන්න පුළුවන්නෙ.

මහා කල්පයකට බුදුවරු 5ක් පහල වෙනව. මේ විදිහට ලෝක භෞතිකව දියුණු වේගන ගිහින්, දියුණු වේගන ගිහින් ඊ ළඟ බුදුහාමුදුරුවො පහල වෙද්දි ලෝකෙ ඉලෙක්ට්‍රෝනික යුගයත් පහු කරල තියෙන්න ඕනෙනෙ. ඒත් අපි අහල තියෙන බුදුවරු 28ම පහල උනේ භෞතික වශයෙන් නොදියුණු(ඒ ආධ්‍යාත්මිකව දියුණු) යුගවල. එතන පොඩි පරස්පර ගතියක් නැද්ද?පොඩි ගැටළුවක් එනව නේ ද?

දැන් එහෙම කියද්දි උඹ කියයි, කල්ප විනාශ අතරෙ තව ලෝක විනාශ වර්ග තියෙනව කියල. ඒත් මචන් ඒ අතර සිදුවන විනාශ වලදි මිනිස් සංහතියම විනාශ වෙන්නෙ නෑනෙ. හොඳ මිනිස්සු ඉතිරි වෙනව. ඒත් අපි කොහෙවත් දැකල නෑනෙ මීට අවුරුදු මිලියන ගානකට කලින් මෙහෙම භෞතික අතින් දියුණු ලෝකයක් තිබුන කියල( කැනීම් වලින් හම්බෙන දේවල් වලවත්, ඉතිහාස පොත්වලවත්)
 
NJK4EVER

Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    mama hithanne ehema pahala wenna ba. mokada buduwarayek loketa enne pas maha balum balala. ethakota kalaya, kulaya, DEHSAYA, DWEEPAYA, mawa kiyana okkoma sadaka consider wenawa. ehema baluwama wenath 'wadak nathi' grahalowaka ipadenna tiyana awasthawa adui..
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    mama hithanne ehema pahala wenna ba. mokada buduwarayek loketa enne pas maha balum balala. ethakota kalaya, kulaya, DEHSAYA, DWEEPAYA, mawa kiyana okkoma sadaka consider wenawa. ehema baluwama wenath 'wadak nathi' grahalowaka ipadenna tiyana awasthawa adui..

    අනිත් හැම ග්‍රහ ලෝකෙකම ඉන්නෙ වැඩක් නැති(මනසින් බාල ජීවීන්) කියල කියන්න බෑනෙ බන්:rolleyes:
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    ඒ ගැන නම් මට හරියටම කියන්න බැහැ. කොහොමත් බුදුන් වහන්සේම දේශනා කරලා තියනවා උන් වහන්සේ දාන්න දේවල් වලින් ඉතාමත්ම සුළු කොටසයි දේශනා කරන්නේ කියල. ඒ කියන්නේ සත්වයාට නිවන් කරා යන මග පමණයි උන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ.

    දැන් හිතන්න ඒ කාලේ මිනිස්සුන්ට කියනව අනාගතේ TV කියල දෙයක් එනවා ඒවා ක්‍රියා කරන්නේ තරංග මගින් එවගෙන් ඒක ඒක ඒවා බලන්න පුළුවන්. මිනිස්සු ඒවා විශ්වාස කරයිද ?

    ඒ කාලේ මිනිසුන්ට කිව්වනම් අස්සයෝ ඕනේ නැහැ . තෙල් වලින් වාහන දුවන්න පුළුවන් කියල මිනිස්සු විශ්වාස කරයිද ?

    ඒ වගේම කොහොමද කිව්වා නම් මේ විශ්වයේ තව දියුණු ජීවින් සිටිනවා , ඔවුන් අපටත් වඩා දියුණු තාක්ෂණයක් භාවිතා කරනවා......etc කිව්වා නම් මිනිස්සු විශ්වාස කරයිද ?

    උඹ අහල ඇති සමහර දෙවිවරු රාත්‍රී කාලයට ආලෝකය විහිදුවාගෙන විත් බුදුන් වහන්සේගෙන් ධර්මය සම්බන්ද ගැටළු ඇහුව කියල. ටිකක් හිතන්න ඒ කතා කරන්නේ තවත් කිසියම් දියුණු ජීවින් කොට්ටාශයක් වෙන්න බැරිද ? ඒ කාලේ මිනිස්සුන්ට අහසේ ඉදන් එන ඕන කෙනෙක් දෙවිවරු නේ

    මම හිතන්නේ අපි කතා කරන්නේ මනුෂයන් ලෙස ඉපදී බුදු බව ලැබූ බුදුවරුන් ගැන විතරයි. මොකද ප්‍රතුවියේ මනුෂ්‍යන් අතර බුදුවරුන් ඉපදෙන නිසා වෙනත් චක්‍රාවාටයක බුදු කෙනෙක්ව අපි හොයාගෙන ගියා කියන ඒක ටිකක් හිතන්න අමාරු දෙයක්. එත් එක් වෙන්නත් පුළුවන්

    uba kohomada matho mechara withara danne?:P:P:P
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    machan,

    Budu haamuduruwo deshanaa kaley apita niwana sadha awashya danuma pamanai, namuth buduhaamuduruwo wishwaya gana siyalu karunu dhana sitiya, warak sariuth haamuduruwo wishwaya gana soyannata gos atharaman we sitinawita buduhaamuduruwo wisin pihita wanu labuwa.
    eeta amatharawa yam kisi suuthra deshana wala buduhaamuduruwo wishwaya gana yamak deshana karala thiyenwa.
    Buduhaamuduruwo deshanaa kala siyalu suuthra deshanaa adawana wita nathiwa gos athi nisa hariyatama yamak kiyanna baa ( ada apa athara aththey suthra deshanaa 18000 k pamanaya ).
    namuth maa dhanna widihata num pruthuwiya men minussu wasaya karana thawath grahaloka mey wishwayey ona tharam thiyena bawaya.

    sama wenna machan mage singlish pahadili nattham........... :-)
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    මම අපේ පංසලේ හාමුදුරැවන්ගෙන් අහල බැලුවා
    හාමුදුරැවො කිව්වා දෙවිවරැන්ට, brahmayanta, වගේ කිසිම ආත්මයකට බුදු වෙන්න බැ.. ඒ හැම ආත්මයනක්ම මනුශයන්‍ට වඩා බලයෙන් අඩුයි... ඒ වගේම සංසාරේදි පාරමිතා ධර්ම 30 ම සම්පුර්න කරන්න ඹන... දෙතිස් මහා පුරැශ ලක්ශන ඔක්කම තියෙන්න ඔන.. තමන්ගේ හැම දේම අනුන් වෙනුවෙන් කැප කරන්න පුලුවන් වෙන්න ඔන..
    :yes::yes::yes::yes:
     
    නැහැ නැහැ සහෝදරය ප්‍රශ්නෙ පටලවගෙන. මම කියන්නෙ දිව්‍ය, බ්‍රහ්ම කියන සත්වයො ගැන නෙවෙයි. මම කියන්නෙ පෘථිවිය වගේ ම මේ විශ්වයේ තියෙන අනෙක් ග්‍රහ ලෝක ගැන.

    මට දැන ගන්න ඕනෙ වෙනත් ග්‍රහ ලෝක, පෘථිවි මිනිස්සු වගේම දියුණු මනසවල් තියෙන, ලේ ඇට මස් නහර තියෙන ජීවියො ඉන්න ග්‍රහ ලෝක වල බුදුවරයෙක් පහල විය නොහැකිද?

    මෙන්න මේ ප්‍රශ්නය හාමුදුරුවන්ගෙන් අහල බැලුවොත් ලොකු උදව්වක්
     
    Last edited:

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    machan,

    Budu haamuduruwo deshanaa kaley apita niwana sadha awashya danuma pamanai, namuth buduhaamuduruwo wishwaya gana siyalu karunu dhana sitiya, warak sariuth haamuduruwo wishwaya gana soyannata gos atharaman we sitinawita buduhaamuduruwo wisin pihita wanu labuwa.
    eeta amatharawa yam kisi suuthra deshana wala buduhaamuduruwo wishwaya gana yamak deshana karala thiyenwa.
    Buduhaamuduruwo deshanaa kala siyalu suuthra deshanaa adawana wita nathiwa gos athi nisa hariyatama yamak kiyanna baa ( ada apa athara aththey suthra deshanaa 18000 k pamanaya ).
    namuth maa dhanna widihata num pruthuwiya men minussu wasaya karana thawath grahaloka mey wishwayey ona tharam thiyena bawaya.

    sama wenna machan mage singlish pahadili nattham........... :-)

    අදහස ගොඩක් වටිනව මචං. උඹටත් මේ ප්‍රශ්නෙම දැන් එන්නෙ නැද්ද?. උඹත් පිලිගන්නවනෙ මේ විශ්වයේ දියුණු මනසවල් තියෙන ජීවීන් සිටිය හැකියි කියල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,870
    113
    මම දන්න විදියට මේක තමයි මගුල් සක්වල(magul sakwala). මගුල් සක්වලේ තමයි බුදු වරුන් පහල වෙන්නේ.
    අනික බුදු හාමුදුරුවො මෙහෙමත් කියල තියෙනවා. " දුර්ලබො බුදොත්පාද ලොකසිම්0" (lookaye buduwarun palaweela athi dhurlabai - heethuwa sahenna kalayak paramitha puranna oona eekai)

    ඉතින් බුදු වරුන්ගේ පහල වීම ගන වෑඩ් බලාපොරොත්තු තියන් ඉන්න එපා. ඊලගට බුදු වන බූදුන් අපි ඔක්කොම දන්නවා. ඊට පස්සෙ එන්නේ කල්ප අසන්ඛ්‍ය ගානාක්, අබුද්දොත්පාද කාලයක්. කොරගන්න ඩෙයක් ඩන් කොරගනිල්ලා. නෑත් නම් ගොඩ ඒමක් නම් නෑ.

    සින්හල ටයිප් අව්ල් තමා, ඒකට සොරි වෙන්න ඔනා
     
    Last edited:

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මම අහලා තියෙන විදිහට මෙතක් බුදුවරු පන්දහස් ගණනක් පහළ වෙලා තියෙනවා. 28 බුදුවරු කියන්නේ යම් කාල පරාසයකට (මටක නෑ හරියට මහා බද්‍ර කල්පයද දන්නෑ) පහළ වූ බුදුවරුන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,870
    113
    මම අහලා තියෙන විදිහට මෙතක් බුදුවරු පන්දහස් ගණනක් පහළ වෙලා තියෙනවා. 28 බුදුවරු කියන්නේ යම් කාල පරාසයකට (මටක නෑ හරියට මහා බද්‍ර කල්පයද දන්නෑ) පහළ වූ බුදුවරුන්

    බුදු වරුන් අසන්ඛේය ගනන් පහල උනා මචන්, උබ ඔය කියන්නෙ අපෙ බුදුන් පමනක් ම සෑහෙන්න බුදුවරුන් සමීපයේ විවරන පෑතුම් ගත්තු එක ගෑන වෙන්න ඔනා.

    28 බුදුවරු පහල උනේ අසන්ඛේය ඒවා 4ක් අතුලත. මහා බද්‍ර කල්පය කියන්නේ බුදුවරුන් 5ක් පමනක් පහල වන නිසා.

    එම බුදුන් වහන්සේලා 5,
    kakusadha budun,koonagama budun,kayashapa budun,gauthama budun,maitree budun
     
    Last edited:

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    6536792_orig.png

    ලොව්තුරු බුදුවරු
    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

    අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ බුදුවීම ට ප්‍රථම ව නියත විවරණ ලද දීපංකර බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ වංශයේ සිට අප ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ වංශය දක්වා වන බුදුවරු විසිපස්නම පිළිබඳ තොරතුරු මේ අනුව සකස් කර ඇත. මේ ලිපිය ඒ පිළිබඳ පුර්විකාවකි.

    තුන්ලොව ට ම අතිශ්‍රේෂ්ඨ, අතිදුර්ලබ, උත්තරීතර පදවිය ලෙස ලොවුතුරු සම්මා සම්බුද්ධත්වය හැඳින්විය හැකි ය. බුදුවරයකු ගේ ශ්‍රේෂ්ඨත්වය නිවැරදි ව දේශනා කළ හැක්කේ තව ත් බුදුවරයකු ට ම පමණකි. බුදුගුණ අනන්ත ය. බුදු කෙනෙකුන් කල්පයක් තිස්සේ වෙනත් කිසි ම දෙයක් දේශනා නො කර බුදුගුණ පමණක් දේශනා කළ ත්, කල්පය නිමාවට පත් වනවා මිසක බුදුගුණ නිමාවට පත් නො වේ. එ මෙන් ම බුදුරජාණන් වහන්සේලා දෙනමක් අතර කාල පරතරය අවුරුදුවලින් මෙ පමණකැ යි දැක්විය නො හැකි තරම් ඉතා දීර්ඝ ය. සමහර කල්පවල බුදුවරු පහළ වන්නේ සිව් නමකි. එය “ සාරමණ්ඩ කල්පය" නමින් හඳුන්වනු ලැබේ. “වර” නමින් හඳුන්වන කල්පයෙහි බුදුවරු තුන් නමක් පහළ වෙති. “මණ්ඩ “කල්පයෙහි පහළ වන්නේ බුදුවරු දෙනමකි. එක බුදුකෙනෙක් පහළ වන කල්පය “සාර” නමින් හඳුන්වනු ලැබේ. තව ද, බොහෝ කල්පයන් බුදුවරු පහල නො වන "ශුන්‍ය කල්ප" බව ත්, බුදුවරු උපරිම ව පහල වන මහභාද්‍රකල්පයේ වුව ද, චතුරාර්ය සත්‍ය කතා කෙරෙන කාලය ඉතා අල්ප බව ත් දැක් වේ. මේ කරුණු කිහිපය සැලකිල්ල ට ගත කල ලොව උතුම් ම පදවිය ලෙස ලොවුතුරු සම්මා සම්බුද්ධත්වය හැඳින්විය හැකි ය.

    සම්මා සම්බුද්ධත්වය පතා පෙරුම් පුරන මේ සෑම බෝසත්වරයකු ම බුදු බව ලැබීමට නම් බුදුරජාණන් වහන්සේ ගෙන් නියත විවරණ ලැබිය යුතු ය. නියත විවරණය ලබාගැනීම ට පෙර සෑම බෝසත්වරයෙක් ම මනෝ ප්‍රණිධානය හා වාග් ප්‍රණිධානය සම්පූර්ණ කොට තිබිය යුතු ය. මනෝ ප්‍රණිධානය යනු පුණ්‍ය කර්ම කොට මේ පිනින් මට බුදුබව ලැබේ වා යි සිතින් සිතීම යි. මේ මනෝ ප්‍රණිධානය බෝසත්වරයකු විසින් සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කළ යුතු වේ. මෙ සේ මනෝ ප්‍රණිධානය සම්පූර්ණ කළ බෝසත්වරයා ඊළඟ ට වාග් ප්‍රණිධානය පුරන්න ට පටන් ගනියි. වාග් ප්‍රණිධානය යනු පින්කම් සිදුකොට “ මට මේ පිනෙන් බුදුබව ලැබේ වා!" යැ යි වචනයෙන් ම ප්‍රකාශ කිරීම යි. මෙ සේ වාග් ප්‍රණිධානය නව අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කළ යුතු ය.

    එක් කලෙක දී බ්‍රහ්ම ලෝකය හිස් ව යන්නට විය. සිටින බ්‍රහ්මයන් ගේ ආයුෂ ගෙවී බඹ ලොවින් චුතවෙයි. නැවත බඹ ලොව උපදින බ්‍රහ්මයෙක් ද නැත. එක්තරා බ්‍රහ්මයෙක් මෙය ට හේතුව කුමක් දැ යි විමසා බලන විට බුද්ධ ශූන්‍ය කල්ප බොහෝ ගණනක් ගත වී ඇති බව පෙනුණි. බුදු බව පතන බෝසත්වරයෙක් නැති දැ යි බැලී ය. අනන්ත අප්‍රමාණ සිටින බව ත් උන්වහන්සේලා තව ම පෙරුම් දම් සපුරන බව ත් දුටුවේ ය. එ සේ නමුත් තමා ත් කිසියම් පුද්ගලයෙක් බුදු බව පැතීමට යොමු කළ යුතු යැයි කල්පනා කළ බ්‍රහ්මයා ඒ සඳහා සුදුසු පුද්ගලයකු සෙවී ය.

    එ විට ගමන් කළ නැව කැඩී මුහුදු බත් ව මවත් කරපින්නාගෙන සත් දිනක් පිහිනන ගුණවත් වීර්යවන්ත පුරුෂයා දුටුවේ ය. මෙබඳු ශ්‍රේෂ්ඨ පුරුෂයකු ට යි බුදු බව ප්‍රාර්ථනා කරවිය යුත්තේ යැ යි සිතූ බ්‍රහ්මයා ඔවුන් ගොඩ බිම ට සේන්දු කොට මව ට ආරූඪ වී “ පුතේ නුඹ මතු දිනක බුදුවෙයන්” යි කියවීය . අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු බව පැතීමේ ආරම්භය එය යි.

    එ දින සිට මනෝප්‍රණිධානය සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කොට පුරාණ ගෞතම බුදුරදුන්ගෙන් අනියත විවරණය ලැබ වාග් ප්‍රණිධානය පිරීම ඇරඹී ය. අනියත විවරණය යනු බුද්ධ කාරක ධර්මයන් සම්පූර්ණ කළ හොත් බුදු බව ලබාගත හැකි යැ යි බුදුරජාණන් වහන්සේ නමක් අනියමාර්ථයෙන් ප්‍රකාශ කිරීමයි.

    මෙ සේ මනෝ ප්‍රණිධානය හා වාග් ප්‍රණිධානය සම්පූර්ණ කළ බෝසත්වරයා නියත විවරණය ලබා ගැනීමට සුදුසුකම් ලබයි. නියත විවරණය ලබා ගැනීම ට බුදුරජාණන් වහන්සේ නමක් වෙතට එළඹෙන බෝසත්වරයා කරුණු අටකින් සමන්විත විය යුතු ය.

    මනුස්සත්තං ලිංග සම්පත්ති
    හේතු සත්ථාර දස්සනං
    පබ්බජ්ජා ගුණ සම්පත්ති
    අධිකාරෝ ච ඡන්දතා
    අට්ඨ ධම්ම සමෝධානා
    අභිනීහාරෝ සමිජ්ඣති

    යනුවෙන් දක්වා ඇත්තේ එ ම කරුණූ අටයි. මනුෂ්‍යත්වය යනු මිනිසකු වී සිටීම යි. පළමු වන නියත විවරණයෙන් පසු ලබන නියත විවරණවල ට මේ අවශ්‍යතාව නැත. අප ගෞතම බුදුරජාණන් වහන්සේ සිව් වැනි වරට සුමන බුදුරදුන්ගෙන් විවරණ ලබා ගන්නේ අතුල නම් නාරජෙක් ව සිටියදී ය. සත් වෙනුව විවරණය ලබාගත්තේ අනොමදස්සී බුදුරදුන්ගෙනි. ඒ යක්ෂ සේනාධිපතියෙක් ව සිටිය දී ය. අට වන වර පදුම බුදුරදුන්ගෙන් විවරණ ලබාගන්නේ සිංහරාජයකුව සිටිය දී ය.

    ලිංග සම්පත්තිය යන්නෙන් ගණන් ගැනෙනුයේ පුරුෂයකු වීම යි. හේතු යනු නියත විවරණය ලබන ආත්මභාවයේම රහත් වී නිවන් දැකීමට හේතු සම්පත් තිබීමයි. අපේක්ෂාව පැතුම් බුද්ධත්වය බැවින් හේතු සම්පත් ඇතත් රහත් භාවයට පත් නොවේ. සත්ථාර දස්සනය නම් සම්බුදුවරයන් වහන්සේ නමක් දැකීම යි. ප්‍රථම නියත විවරණය චෛත්‍යයක් බෝධියක් ඉදිරියේ දී ලබාගත නොහැක. බුදුරදුන් පිරිනිවි කල්හි ශ්‍රාවකයකුගෙන් ද ලබාගත නො හැක. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරිපිට දීම ලබාගත යුතු ය. පබ්බජ්ජා වශයෙන් හඳුන්වන්නේ පැවිදි වී සිටිය යුතු බවයි. නියත විවරණය පළමුවෙන්ම ලබාගන්නා තැනැත්තා බුද්ධශාසනයෙහි හෝ කර්ම, කර්මඵල පිළිගන්නා තාපස කොටසක හෝ පැවිදි වී සිටිය යුතු ය. ගුණසම්පත්ති නම් පැවිදිව ධ්‍යානාදී ගුණයන් ලබා තිබීමයි. පැවිදිව සිටිය ද පඤ්ච අභිඥා අෂ්ට සමාපත්ති නොලබා සිටින කෙනකුට පළමු වැනි නියත විවරණය ලබා ගත නොහැක. අධිකාරය නම් ජීවිත පරිත්‍යාගය යි. එ දා අප ගෞතම බුදුරජාණන් වහන්සේ සුමේධ තාපසයන්ව දීපංකර බුදුරදුන්ගෙන් ප්‍රථම නියත විවරණය ලබන විට බුදුරදුන්ට සහ විසි දහසක් මහා සංඝරත්නයට තම පිට ඒදණ්ඩක් කොට මඩෙහි දිගා වි සිටියේ ජීවිත පරිත්‍යාගයෙනි. ඡන්දතා යනු බුදුවීම සඳහා ඇති බලවත් කැමැත්ත ය. බුදුවීම සඳහා ඕනෑ ම කැපවීමක් කිරීමට හැකියාවක් ඇති තැනැත්තාට ම නියත විවරණය ලැබේ.
    ගෞතම බෝසතාණන් වහන්සේට එදා දීපංකර පාදමූලයේ දී මෙ කී කරුණු සම්පූර්ණ වී තිබුණු හෙයින් ප්‍රථම නියත විවරණය ලබාගැනීමට හැකි විය.

    • පෙරුම් පිරීමේ අනුහස්

    නියත විවරණ ලත් බෝසත්හු, සසර සරන කල් හි, අවීචියෙ හි නො උපදිත්. ලෝකාන්තරික නිරයෙ හි නො උපදිත්. ප්‍රේත ව නො උපදිත්. පරෝපකාර පිණිස සිය කැමත්තෙන් ද තිරිසන් ව උපදිත හැකි වෙතත් ඇතකු ට වඩා ලොකු හෝ වටුවකු ට වඩා කුඩා සතෙක් ව නො උපදී. මිනිස් ව උපදනා කල ස්ත්‍රී ව, පණ්ඩක ව, නපුංසක ව උභතෝඛ්‍යංජනක ව, නො උපදිත්. අනාන්තරිය පව් නො කරත්, නියත මිසදිටු නො ගනිත්, අසංඥතලයෙ හි හෝ ශුද්ධාවාසයෙ හි නො උපදිත්. අන්තිම අත්බව් හි තුසිත දෙව් ලොවින් චුත ව මව් කුස පිළිසිඳ ගනු ලබයි. සිහි නුවණින් යුතු ව ම පිලිසිඳ ගනිත්. සිහිනුවණින් යෙදී ම මව් කුස වසත්. බිහි වනුවෝ ද සිහි නුවණින් යෙදී ම බිහි වෙත්. මේ ආදී අනුසස් රැසෙක් වෙති. ඒ හැම , පාරමී ධර්ම පිරීමෙන් ඇති වන අනුසස් ය. සමතිස් පාරමිතා පිරීමේ අග්‍රඵලය නම් උතුම් ලොව්තුරු බුදුබව යි.

    • පෙරුම් පුරන කාලය

    රහත්බව ලබන්නට අඩු ම ගණනේ කල්ප ලක්ෂයක් ද, පසේ බුදු බව සඳහා අසංඛ්‍ය දෙකකුත් මහා කල්ප ලක්ෂයක් ද, පෙරුම් පිරිය යුතු. ය ලොව්තුරා බුදු බව ලබන්න ට ප්‍රඥාධික බෝධිසත්ත්වයන් විසින් සතර අසංඛ්‍යයකුත් කල්ප ලක්ෂයක් පෙරුම් පිරිය යුතු ය. ශ්‍රද්ධාධික බෝසතුන් විසින් අට අසංඛ්‍යයකුත් කල්ප ලක්ෂයක් ද වීර්යාධිකයන් විසින් සොළොස් අසංඛ්‍යයකුත් කල්ප ලක්ෂයක් ද පෙරුම් පිරිය යුතු ය.

    • මෙතෙක් පහල වූ බුදුවරු.

    සම්මා සම්බුදුරාජණන් වහන්සේ හැර ලෝකයෙහි පහළ වූ කිසි ම ශාස්තෘවරයෙක් තමන් ගේ තත්ත්වය ට ශ්‍රාවකයන් ට ත් පත්විය හැකි යැ යි දේශනා කොට නැත. බුදුරජාණන් වහන්සේ බුද්ධ කාරක ධර්ම සම්පූර්ණ කරන ඕනෑ ම කෙනකු ට බුද්ධත්වය ලබාගත හැකි බව දේශනා කළ සේක. එහෙත් බුද්ධත්වය ලබා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නො වේ. ඒ සඳහා කාලාන්තරයක් නො පසුබට උත්සාහයෙන්, ධෛර්යයෙන් පාරමිතා උපපාරමිතා , පරමත්ථ පාරමිතා වශයෙන් දස පාරමිතාවන් සම්පූර්ණ කළ යුතු ය. එසේ පාරමිතාවන් සම්පූර්ණ කොට බුද්ධත්වය පත්වූවෝ ද අනන්ත අප්‍රමාණ බව (අප්පමාණෝ බුද්ධෝ ) ඛන්ද පරිත්තයෙහි සඳහන් වේ.

    මේ සඳහා අප ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ බෝධිසත්ව කාලසීමාවන් අධ්‍යනය වැදගත් ය යි සිතේ. බෝධිසත්ව අවධියේ දී උන්වහන්සේ ට හමු වී ඇති අතීත බුදුවරු ගණන පමණක් පන්ලක්ෂ දොළොස්දහස් විසිහතක් (512,027)බව දේශනා කර ඇත. මනෝ ප්‍රනිදානය තුළ සම්මා සම්බුදුවරු එක්ලක්ෂ විසිපන්දහසක් (125,000) ද, වාක්‍ ප්‍රනිදානය තුළ සම්මා සම්බුදුවරු තුන්ලක්ෂ අසූහත්දහසකුත් (387,000) කය වාක්‍ ප්‍රනිදානය තුළ දී හමු වූ සම්මා සම්බුදුවරු ගණන ව්සිහතකුත් (27) වශයෙනි.

    ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ට පත්වන්න ට පෙර පාරමිතා පිරු කාලය තුළ පමණක් බුදුවරු මෙ පමණ සංඛ්‍යාවක් පහල වී ඇතිනම් මෙ ලොව පහල වූ අතීත බුදුවරු ගණන මෙ පමණකැ යි කියා කිසිසේත් කිව නො හැකි ය. අසංඛ්‍ය ගණනක් බුදුවරු පහල වී ඇති බව බුද්ධවංශයන් හි දැක් වේ.

    • ප්‍රඥාධික , ශ්‍රද්ධාධික, වීර්යාධික බුදුවරු.

    ප්‍රඥාධික , ශ්‍රද්ධාධික ආදි බුදුවරුන් ලබන බුද්ධත්වයෙහි හා දේශනා කරන ධර්මයෙ හි කිසිදු වෙනසක් නැත. සමස්තයක් වශයෙන් ගතහොත් සෑම බුදුවරයෙක් ම දේශනා කරනුයේ අකුරු අටෙකි. වචන තුනෙකි. එ නම් අනිච්ච දුක්ඛ අනත්ත යන මේ අකුරු අට හා පද තුන යි. ශාරීරික වශයෙන් උස මහතින් වෙනස් වුණත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අසූ අනුවඤ්ජන එක සේ ම පවතී. ඓශ්චර්යයෙන් හා පුණ්‍ය මහිමයෙන් ද ප්‍රඥාධික බුදුරදුන් ට වඩා ශ්‍රද්ධාධික බුදුරදුන් වැඩිය. ශ්‍රද්ධාධික බුදුරදුන් ට වඩා විර්යාධික බුදුරදුන් වැඩි ය. හේතුව පෙරුම් දම් පුරණ කාලය දීර්ඝ බැවිනි.

    දීර්ඝායුෂ සහිත බුදුරජාණන් වහන්සේ ගේ ශාසනය උන්වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසු වැඩි කාලයක් නො පවතී. උන්වහන්සේ අනුශාසනා ප්‍රාතිමෝක්ෂය පමණක් දේශනා කරන හෙයිනි. අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේ අනුශාසනා ප්‍රාතිමෝක්ෂයත්, ආණා ප්‍රාතිමෝක්ෂයත් දේශනා කරන හෙයින් දීර්ඝ කාලයක් පවතී.

    • බුදුවරු කරුණු අටකින් අසමාන වෙති

    සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කරුණු අටකින් අසමාන වෙති. ආයුෂය, ශරීරප්‍රමාණය, කුලය, ප්‍රධන්වීර්යය කරන කාලපරිච්ඡේදය, බුද්ධ රශ්මිය, අභිනිෂ්ක්‍රමණය කරන යානය, බෝධි වෘක්ෂය සහ පර්යංක ප්‍රමාණය යන කරුණු අටෙන් බුදුවරු අසමාන වෙති.

    • බුදුවරු කරුණු සතරකින් සමාන වෙති

    බුදුවරු පිළිබඳ කරුණු සතරක් නො වෙනස් ව පවතී. සියලු බුදුවරුන් ගේ බෝධි පර්යංකය එක ම තැන වෙයි. දම්සක් පැවැත්ම ඉසිපතන මිගදායේ සිදු වේ. දෙවාරෝහනය සංකස්ස නගරද්වාරයෙ හි ද, ගන්ධකුටිය ජේතවනයෙ හි ද, වේ. මේ කරුණු සතරින් බුදුවරු සමාන වෙති.

    • බුදුවරුන් ට සාධාරණ ධර්මතා සමතිසකි

    සියලු බුදුවරුන් ට සාධාරණ ව එක ලෙස සිදුවන ධර්මතා තිහක් ඇත.
    01. පශ්චිමභවික බෝධිසත්වයන් සිහිනුවණින් යුතු ව මවුකුසින් බිහි වීම.
    02. මවුකුස පලක් බැඳ බලාසිටීම.
    03. බෝසත් මවු සිටිපියෙ හි සිට බෝසතුන් බිහි කිරීම.
    04. අරණෙ හි දී මවුකුසින් බිහි වීම.
    05. උපන් කෙනෙහි උතුරු දිග ට සත් පියවරක් ගොස් සීහනාද කිරීම.
    06. සතරපෙරනිමිති දැක පුත් කුමරු උපන් දා මහාභිනිෂ්ක්‍රමණය කිරීම.
    07. පැවිදි ව සත්දිනක් හෝ ප්‍රධන් වීර්යය කිරීම.
    08. බුදුවන දවස කිරිපිඬු වැළඳීම.
    09. තණ ඇතිරියෙ හි වැඩසිට සර්වඥතාඥානය ලැබීම.
    10. බුද්ධත්වය සඳහා ආනාපානසති කමටහන් වැඩීම.
    11. මාර පරාජය සිදු කිරීම.
    12. බෝධිපර්යංකයෙ හි ම ත්‍රිවිද්‍යාව ලැබීම.
    13. සත්සතිය ගතකිරීම.
    14. මහාබ්‍රහ්මයා ගේ අයැදීමෙන් දහම් දෙසීම.
    15. ඉසිපතන මිගදායෙ හි ම දම්සක් පැවැත්වීම.
    16. ප්‍රථම ප්‍රාතිමෝක්ෂ දේශනාව නවම් පුරපසළොස්වක් පොහෝ දිනයේ දී පැවැත්වීම.
    17. දෙව්රම් වෙහෙර තැන් හි ම නිබද්ධවාසය.
    18. සැවැත්පුරදොර යමාමහ පෙළහර දැක්වීම.
    19. තව්තිසාවේ අභිධර්ම දේශනාව.
    20. සංකස්සපුර ද්වාරයෙන් දෙව්ලොවින් බැසීම.
    21. නිරතුරු ඵලසමාපත්තිය ට සමවැදීම.
    22. ධ්‍යාන දෙක් හි වෛනෙයජනයා බැලීම.
    23. කරුණක් නැඟීකල් හි ම ශික්ෂා පැනවිම.
    24. අර්ථොත්පත්ති නිමිති කොට ජාතක දේශනාව.
    25. ඥාතිසමාගමයෙ හි බුද්ධ වංශ දේශනාව.
    26. ආගන්තුක භික්ෂුන් සමග පිළිසඳර කිරීම.
    27. ආරාධනයෙන් වස් එළඹ දායකයන් ට නො දන්වා නො යාම.
    28. දිනපතා පංචබුද්ධකෘත්‍යය නො කඩ කොට සිදු කිරීම.
    29. පරිනිර්වාණය ට පෙර සූකර මද්දවය වැළඳීම.
    30. සූවිසි කෙළසුවහස් සමවත් සමවැදී පිරිනිවීම.

    මෙ ම ලිපි පෙළ බුද්ධ වංශ පාළිය මූලික කරගනිමින් සම්පාදනය වන බව පෙර ද, සඳහන් කරන්නට යෙදුනි. මෙ ම බුදුවරු විසිපස්නම ට පෙර පහල වූ තව ත් බුදුවරු තුන්නමක් පිළිබඳ සඳහන් වේ. බුද්ධ වංශයෙන් පැහැදිලි වන්නේ දීපංකර බුදුරදුන් ගේ සිට ය. නමුත් ඒ හැර දීපංකර බුදුන් ගේ සාර මණ්ඩ කල්පයේ පෙර පහල වූ බුදුවරු පිළිබඳ එ හි සඳහනක් නැත. තණ්හංකර, මහාවීර, මේධංකර යන බුදුවරු එ ම කල්පයේ පෙර පහල විය. ඒ පිළිබඳ විස්තරයක් පූජාවලියේ දෙවන පරිච්චේදයේ දක්නට ඇත.

    තණ්හංකර බුදුරජාණන් වහන්සේ "සුනන්ද" පිය රජු හා "මනෝනඤ" මව් දේවිය මවු පදවිය ලබා උපන් තණ්හංකර බුදුරජාණන් වහන්සේ දින හතක් දුෂ්කර ක්‍රියා කොට "රුක්අත්තන" ගසක මුල බුදුබව ට පත්විය.

    මේධංකර බුදුරජාණන් වහන්සේ "සුදේව" රජු හා "යසෝධරා" දේවියට මවුපියන් වු මේධංකර බුදුන් සති දෙකක් දුෂ්කර ක්‍රියා කොට "කෑල" නැමති බෝධි මුලයේ දී බුදුබව ට පත් විය.

    සරණංකර බුදුරජාණන් වහන්සේ "සුමංගල" රජු හා "යසවතී" දේවිය මවුපියන් වු සරණංකර බුදුරජාණන් වහන්සේ "පුලිලබෝධි" මුලයේ දී මාසයක කාලයක් දුෂ්කර ක්‍රියා කොට බුදුබව ට පත්විය.

    බුද්ධ වංශ පිළිබඳ හොඳින් විමසා බැලූවිට පෙනෙන කරුණක් වන්නේ බුදුවරු පහල වන කල්ප ප්‍රමාණය ට වඩා බුදුවරු පහල නො වන කල්ප ප්‍රමාණය ඉතා විශාල බව යි. තව ත් කරුණක් වන්නේ බුදුවරු දෙනමක් අතර කාලසීමාව මෙතෙකැ යි ගණනින් දැක්විය නො හැකි තරම් ඉතා දීර්ඝ කාලයක් වීම යි. අතිශය දුර්ලභ බුද්ධොත්පාද කාලයක් අපි ලබා ඇත්තෙමු. එ සේ ම උතුම් මනුෂ්‍ය ආත්මයක් ද ලැබී ඇත. එයින් නිසි ප්‍රයෝජනය ලබාගැනීමට නම් බුදුන් දෙසු මග ඔස්සේ ගමන් කොට නිර්වාණ සම්පත්තිය ලබාගත යුතු ය. ඒ සඳහා සීල, සමාධි, ප්‍රඥා වැඩීම පිණිස අධිෂ්ඨාන කරගනිමු.

    තෙරුවන් සරණ යි!

    මේකේ අපේ ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු තියෙනවා
    උපුටා ගත්තේ:

    http://buddharashmi.buddhistculture...54035153540-3510354035033540352035153540.html
     
    • Like
    Reactions: chami_84

    සොරි මචන්. මම වැරදි:(
     
    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT

    Menna Machan Harima Pilithura Hambela Thiyanawa